නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නවීන විද්‍යාවට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කිසිවක් පවතින්නේ නැත. තියනවනම් ඒව තියනවයි කියල ඔප්පු කරන එක ඒව පිළිගන්න අයගේම වගකීමකි. එහෙම නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව.

    1660 ගණන් වලට කලින් මිනිස්සු හිතුවේ ක්ෂුද්‍ර ජීවින් කියල කට්ටියක් නෑ කියල: එත් පසුව එය සොයා ගත්තා. අද නොයෙකුත් පරීක්ෂණ කරනවා Psychology පරීක්ෂණ මනසේ ක්‍රියාකාරිත් වය ඉහල දැමීමට, තවත් අද තව වෙනකන් කරන Para-Psychological experiment ඕන තරම් මේ ලෝකේ තියනවා එවන් වැඩ අරන් තියනවා. මම මේ මනස කියන එක අදාල ගත්තේ බුදුන් වහන්සේ මේ සියලුම දේ හොයාගත්තේ මනස දියුණු කරලා, මිසක් කන්දක් උඩට ගිහින් හෝ ඒවගේ දෙකින් නෙමෙයි. මුලින් මටත් ප්‍රශ්න තිබ්බා ගහක් යට ඉඩට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්ද කියල.
    ඔබ කියපු "නවීන විද්‍යාවට අනුව" කියන එක තර්කෙකට ගන්න බෑ මොකද දැන් තියන Theories Solid නෑ. ඒක දවස ගැනේ වෙනස් වෙනවා. අපේම විද්‍යාඥයෙක් හොයාගෙන තියනවා SOLID FORM HYDROGEN. එක තව දියුණු කරොත් මෙතෙක් කරපු Rocket Science ගණනයන් වෙනස් වෙනවා. Theories වෙනස් වෙනවා. මටත් බුදු ධහමේ ප්‍රශ්න තියනවා ඇයි ඔච්චර මනස දියුණු කරපු කෙනා විශ්වය ගැන අල්ප වශයෙන් ප්‍රකාශ කරේ කියල. සමහර විට ඒ කලේ කල යුතුම දේ එක නෙමෙයි වෙන්න ඇති.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    බටහිර විද්‍යාවෙන් දෙයක් පිළිගන්නෙ ඒක දෙයක් තියනවයි කියල සාක්ෂි ඇතුව ඔප්පු කරාට පස්සෙ. ඒක හින්ද තමා අපි කියන්නෙ බටහිර විද්‍යාව ප්‍රායෝගිකයි කියල. ඒත් පෙරදිග විද්‍යාව (මටනම් විද්‍යාව කියන්න බැරි තරම් ප්‍රාථමිකයි ) කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නැතුව පෙරේතයො, භූතයො දෙවිවරු ඔක්කොම පිළිගන්නව. මේව තනිකර විහිළු. පහළ ලින්ක් එක බලන්න.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1697

    බටහිර විද්‍යාව අනුමාන ඔස්සෙ බේස්ලයින් එකක් හදාගන්නෙ නැද්ද ? ඒ බේස්ලයින් එකට කෙල උනොත් ඔක්කොම හබක්.
    පෙරදිග විද්‍යාවක් ගැන මම කතාකරන්නෙ නෑ. හැබැයි බුුදු දහම කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු දෙයක්. ඔබතුමාට මම මුලින්ම ආරාධනා කරනවා සූත්‍ර දේශනා ටිකක් කියවන්න කියලා. ඊට පස්සේ අපි කතාකරමු. මොකද ඈතගමක වනචාරියෙකුට අපි ගිහිං ලිෆ්ට් එකක් ගැන කිව්වොත් ඌ කියයි “පුහ් එහෙම ඒවා තියෙන්නේ කෝමද “ කියලා. ඌට ඒක ගැන තේරුම්කරන්න බෑ එතන ඌ ඉන්න තත්වෙ සහ උගෙ මයින්ඩ් සෙට් එකත් එක්ක. එක්කො ඌව අරං ගිහිං පෙන්වන්න ඕන නැත්නම් බේසික් ෆිසික්ස් ටිකක් උට කියල දෙන්න ඕන. වැඩේ කියන්නේ බුද්ධ දර්ශනේ කෙනෙකුට එක්ක ගිහිං පෙන්වන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක තමාම තේරුම් ගන්න ඕන එකක්. ඒකයි ඔබතුමාට සූත්‍ර දේශනා ටිකක් කියවන්න කිව්වේ.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඔච්චර වෙලත් ඇයි බන් හෙම්බිරිසාවක් වගේ හැදුනම අපි ඇන්ටිබයෝටික් බොන්නේ :D
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඔච්චර වෙලත් ඇයි බන් හෙම්බිරිසාවක් වගේ හැදුනම අපි ඇන්ටිබයෝටික් බොන්නේ :D

    මොකද්ද ඔබතුමා ඒකෙන් අදහස් කරන්නේ ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බටහිර විද්‍යාව අනුමාන ඔස්සෙ බේස්ලයින් එකක් හදාගන්නෙ නැද්ද ? ඒ බේස්ලයින් එකට කෙල උනොත් ඔක්කොම හබක්.
    පෙරදිග විද්‍යාවක් ගැන මම කතාකරන්නෙ නෑ. හැබැයි බුුදු දහම කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු දෙයක්. ඔබතුමාට මම මුලින්ම ආරාධනා කරනවා සූත්‍ර දේශනා ටිකක් කියවන්න කියලා. ඊට පස්සේ අපි කතාකරමු. මොකද ඈතගමක වනචාරියෙකුට අපි ගිහිං ලිෆ්ට් එකක් ගැන කිව්වොත් ඌ කියයි “පුහ් එහෙම ඒවා තියෙන්නේ කෝමද “ කියලා. ඌට ඒක ගැන තේරුම්කරන්න බෑ එතන ඌ ඉන්න තත්වෙ සහ උගෙ මයින්ඩ් සෙට් එකත් එක්ක. එක්කො ඌව අරං ගිහිං පෙන්වන්න ඕන නැත්නම් බේසික් ෆිසික්ස් ටිකක් උට කියල දෙන්න ඕන. වැඩේ කියන්නේ බුද්ධ දර්ශනේ කෙනෙකුට එක්ක ගිහිං පෙන්වන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක තමාම තේරුම් ගන්න ඕන එකක්. ඒකයි ඔබතුමාට සූත්‍ර දේශනා ටිකක් කියවන්න කිව්වේ.
    මෙන්න මෙතන තමා උඹලට කෙලවෙන තැන. බටහිර විද්‍යාවෙන් ඔප්පු කරල තියන ඕන දෙයක් සාක්ෂි එක්ක ඔප්පු කරන්න පුලුවන්. උඹ කියන ලිෆ්ට් එකක් දැකපු නැති එකාට වරෙන් යන්න කියල ඇදගෙන ගිහින් හරි ලිෆ්ට් එකක් පෙන්නුවොත් ඌට ඒක පිළිගන්න වෙනව. මොකද බටහිර විද්‍යාවෙන් ඒක ඔප්පු කරල තියනව. ඒත් අපි උඹලට කිව්වොත් දෙවියෙක් පෙන්නන්න භූතයෙක් පෙන්නන්න නැත්තන් දිව්‍යලෝකයක් පෙන්නන කියල උඹල කියන්නෙ සූත්‍ර දේශනා කියවන්න කියල. උඹලම ඇනගන්න තැන උඹලටම තේරෙන්නෙ නෑ. උඹල අවුරුදු ගානක් තිස්සෙ ඔප්පු කරනන්න දගලනව දෙවියො ඉන්නව භූතයො ඉන්නව කියල. උඹලට මුකුත් ඔප්පු කරගන්න බෑ. ඉතින් මට කියන්න තියෙන්නෙ බටහිර විද්‍යාවට ගහන්න විද්‍යාවක් මේ ලෝකෙ නෑ කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    බටහිර විද්‍යාව අනුමාන ඔස්සෙ බේස්ලයින් එකක් හදාගන්නෙ නැද්ද ? ඒ බේස්ලයින් එකට කෙල උනොත් ඔක්කොම හබක්.
    පෙරදිග විද්‍යාවක් ගැන මම කතාකරන්නෙ නෑ. හැබැයි බුුදු දහම කියන්නෙ තම තම නැන පමණින් දැනගත යුතු දෙයක්. ඔබතුමාට මම මුලින්ම ආරාධනා කරනවා සූත්‍ර දේශනා ටිකක් කියවන්න කියලා. ඊට පස්සේ අපි කතාකරමු. මොකද ඈතගමක වනචාරියෙකුට අපි ගිහිං ලිෆ්ට් එකක් ගැන කිව්වොත් ඌ කියයි “පුහ් එහෙම ඒවා තියෙන්නේ කෝමද “ කියලා. ඌට ඒක ගැන තේරුම්කරන්න බෑ එතන ඌ ඉන්න තත්වෙ සහ උගෙ මයින්ඩ් සෙට් එකත් එක්ක. එක්කො ඌව අරං ගිහිං පෙන්වන්න ඕන නැත්නම් බේසික් ෆිසික්ස් ටිකක් උට කියල දෙන්න ඕන. වැඩේ කියන්නේ බුද්ධ දර්ශනේ කෙනෙකුට එක්ක ගිහිං පෙන්වන්න පුලුවන් එකක් නෙවෙයි. ඒක තමාම තේරුම් ගන්න ඕන එකක්. ඒකයි ඔබතුමාට සූත්‍ර දේශනා ටිකක් කියවන්න කිව්වේ.

    ඉස්සර මිනිහෙක්ට චන්දිරිකාවක් කියන දේ ගැන කිව්වොත් උ කියයි පිස්සුද එහෙම වෙන්නේ කොහොමද කියල. ඒ කාලේ ආතර් සි ක්ලාක් කිව්වේ මෙන්න මෙහෙමයි එක කරන්නේ කියල. ඒ මුලික සිද්දාන්ත කිහිපයක් මත තර්ක කරලා. එතකොට ඒ කාලේ උනත් දැනුමක් තීන මිනිහෙක්ට තේරෙනවා මේක කරන්න පුළුවන්, වෙන්න පුළුවන් දෙයක් කියල

    දැන් ඔය නැවත ඉපදීම, වෙන ලෝක (දිවිය ලෝක) මේ විදිහට පැහැදිලි කරද්දී අපිට ලොකු ගැටළුවක් එනවනේ මේක කොහොමද වෙන්නේ කියල.

    ඔන්න ඕකයි වෙනස.

    දැන් මෙතන ගොඩක් අය කියන්නේ මේවා විදියාවෙන් පැහැදිලි කරන්න බෑ, අපේ මාන වලට අදාළ නෑ අපේ ඉන්ද්‍රියන් වලට අහු වෙන්නේ නෑ

    එහෙනං අපි එහෙමය කියමුකෝ
    එත් එහෙම උනා කියල මේවා අපි පිලි ගන්න ඔනාද ?

    නැවත ඉපදීමක් තියේ නං ඔප්පු කරන්න, ඒකට කොහෙවත් තියෙන සුත්තර කියෝලා වැඩක් නෑ. ඕවා බුදුහාමුදුරුවෝ කියපු දේවල්මය කියල කව්ද කොහොමද කියන්නේ ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඔය අරව තීනවා මේවා තීනවා දෙය්යෝ ඉන්නව යක්කු ඉන්නව හොද වැඩකාරයෝ ඉන්නව කියපු එකෙක්ටවත් තාමත් කාලොගේ අභියෝග එකක්වත් කරලා පෙන්නුවේ නෑ නේ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය අරව තීනවා මේවා තීනවා දෙය්යෝ ඉන්නව යක්කු ඉන්නව හොද වැඩකාරයෝ ඉන්නව කියපු එකෙක්ටවත් තාමත් කාලොගේ අභියෝග එකක්වත් කරලා පෙන්නුවේ නෑ නේ.

    දෙවියන් මවපු දේවල් ගැන පුරාජේරුවට කියනවා... ඉතිහාසයේ දවසක මෙන්න මේ වගේ ප‍්‍රාතිහාර්යයක් පෑවා කියල කියනවා.... ඒ වුණත් බලපු හැම තැනකම තියෙන්නේ මිනිසුන්ගේ නිර්මාණ මිසක් දෙවියන්ගේ නිර්මාණ නෙවෙයි.... මම කියන්නේ ආගම කියන්නේ මිනිසා මරණයට බයෙන් හදාගත්ත නිර්වින්දකයක් කියලා... මොකද හැම ආගමකම මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියන එකට උත්තර දෙන්න මාර කට්ටක් කාලා තියෙන්නේ....
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඔය දොස්තරුන් ට නම් ඉපදීමක් නැ තමයි..ආයිත් මනුෂ්‍ය ආත්මෙක...ඕකුන්ට උරුම තිරිසන් අත්මතමයි ,,හැමෝම නෙවේ ..දොස්තරු කියාගත්ත අවලං බල්ලෝ ටිකක් ඉන්නවා මේ රටේ ...

    TRUE
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ

    මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ. :)

    Best statement
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බටහිර විද්‍යාවෙන් දෙයක් පිළිගන්නෙ ඒක දෙයක් තියනවයි කියල සාක්ෂි ඇතුව ඔප්පු කරාට පස්සෙ. ඒක හින්ද තමා අපි කියන්නෙ බටහිර විද්‍යාව ප්‍රායෝගිකයි කියල. ඒත් පෙරදිග විද්‍යාව (මටනම් විද්‍යාව කියන්න බැරි තරම් ප්‍රාථමිකයි ) කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නැතුව පෙරේතයො, භූතයො දෙවිවරු ඔක්කොම පිළිගන්නව. මේව තනිකර විහිළු. පහළ ලින්ක් එක බලන්න.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1697

    ගුරුත්වාකර්ශණය තියෙනවයි කියල නිව්ටන් සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඇති නේ ? :lol: :lol:
    උඹට ගුරුත්වාකර්ශණය පේනවද ? :lol: :lol:
    ඒව අවුලක් නෑ දිව්‍ය ලෝක තමා අවුල :rolleyes: :rolleyes:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඒවා තියනවා කියන අය ඒවා තියනවා කියලා කිසි කෙනෙකුට බලෙන් ඔබ්බවන්න යන්නෙ නැත්නම් ඒවා නෑ කියන අයයි ඔප්පු කරන්න ඕන ඒවා නෑ කියලා. මොකද එයාලනේ චැලෙන්ජ් කරන්නේ නෑ කියලා.

    ඔවදන : මීට පස්සෙ බංකොලොත් තර්ක වීඩියෝ සීරීස් එක බලද්දි හරියට බලන්න.

    hamoma na kiyanne na. thiyenawanam oppu karala pennana kiyana kattiyakuth innawa (minissu wunama ahena ahena hema dema nikanma piliganna bane. naththam ahasa kadan watenawa kiwwa hawata wuna wade thamai wenne :lol:). oya deyak prasidye apita kiyanawanam eka athathada boruda kiyala prashna karanna apita aithiyak thiyenawa. oya deviya loka thiyenawa kiyala kiwwata passe api oyagen thiyenawanam oppu karala pennanna kiyala ahuwahama, oya apen na kiyala oppu karanna ahana eka waradi. oya kiyana deyak oyata oppu karala pennan ba kiyanne oyawath nodanna deyak gana oya katha karala thiyenne.

    kawruhari ubata kiwoth wena Galaxy ekaka ice walin hadichcha lokayak thiyenawa eke hima kumariyek innawa eya thamai me lokaya wena dewal palanaya karanne kiwwoth oya eka nikanma piligannawada ? naththam oya eyagen ahanawada ehema kenek innawanam oppu karala pennana kiyala ? oya oppu karala pennanna kiwwata passe eya oyata kiwwoth mama mokatada oppu karanne, oya na kiyala kiyanawanam oya na kiyala oppu karanna kiyala, eka harida ? oya kohomada aththatama nathi deyak na kiyala oppu karanne ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1660 ගණන් වලට කලින් මිනිස්සු හිතුවේ ක්ෂුද්‍ර ජීවින් කියල කට්ටියක් නෑ කියල: එත් පසුව එය සොයා ගත්තා. අද නොයෙකුත් පරීක්ෂණ කරනවා Psychology පරීක්ෂණ මනසේ ක්‍රියාකාරිත් වය ඉහල දැමීමට, තවත් අද තව වෙනකන් කරන Para-Psychological experiment ඕන තරම් මේ ලෝකේ තියනවා එවන් වැඩ අරන් තියනවා. මම මේ මනස කියන එක අදාල ගත්තේ බුදුන් වහන්සේ මේ සියලුම දේ හොයාගත්තේ මනස දියුණු කරලා, මිසක් කන්දක් උඩට ගිහින් හෝ ඒවගේ දෙකින් නෙමෙයි. මුලින් මටත් ප්‍රශ්න තිබ්බා ගහක් යට ඉඩට ඔක්කොම ඉගෙන ගන්න පුලුවන්ද කියල.
    ඔබ කියපු "නවීන විද්‍යාවට අනුව" කියන එක තර්කෙකට ගන්න බෑ මොකද දැන් තියන Theories Solid නෑ. ඒක දවස ගැනේ වෙනස් වෙනවා. අපේම විද්‍යාඥයෙක් හොයාගෙන තියනවා SOLID FORM HYDROGEN. එක තව දියුණු කරොත් මෙතෙක් කරපු Rocket Science ගණනයන් වෙනස් වෙනවා. Theories වෙනස් වෙනවා. මටත් බුදු ධහමේ ප්‍රශ්න තියනවා ඇයි ඔච්චර මනස දියුණු කරපු කෙනා විශ්වය ගැන අල්ප වශයෙන් ප්‍රකාශ කරේ කියල. සමහර විට ඒ කලේ කල යුතුම දේ එක නෙමෙයි වෙන්න ඇති.
    ඉස්සර නෑ කියල හිතපු ක්ෂුද්‍ර ජීවියෝ දැන් විද්‍යාවෙන් හොයාගන්නව, ඒ හින්ද මේවත් අනාගතේ හොයාගනිවී කියන එක සාධාරණ තර්කයක් නෙවෙයි :no:

    අනාගතේ අල්ලාහ්ගේ ස්වර්ගයෙ කන්යාවොත් හොයාගන්න බැරිකමක් නෑ එහෙනං විද්‍යාවෙන්. එහෙමයි කියල ඒවටත් ඔය කතාවලට දෙන වටිනාකම ඔයාල දෙනවද ? මිටිය අරන් පියාඹන තෝර් පවා ඇත්ත වෙන්න පුළුවන් ඔහොම බැලුවොත්. අනාගතේ ඇස්ගාර්ඩ් කියල වෙනම ලෝකයක් හොයාගන්න බැරි නෑ නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    දෙවියන් මවපු දේවල් ගැන පුරාජේරුවට කියනවා... ඉතිහාසයේ දවසක මෙන්න මේ වගේ ප‍්‍රාතිහාර්යයක් පෑවා කියල කියනවා.... ඒ වුණත් බලපු හැම තැනකම තියෙන්නේ මිනිසුන්ගේ නිර්මාණ මිසක් දෙවියන්ගේ නිර්මාණ නෙවෙයි.... මම කියන්නේ ආගම කියන්නේ මිනිසා මරණයට බයෙන් හදාගත්ත නිර්වින්දකයක් කියලා... මොකද හැම ආගමකම මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියන එකට උත්තර දෙන්න මාර කට්ටක් කාලා තියෙන්නේ....

    හරියට හරි. අපේ හොඳ නරක සියල්ල මිනිස්සු හදපු දේවල්. බාගෙට බාගයක් හොද නරක තියෙනවා. ආගම් කියන්නේ ඒ ඒ කාලවල ඒ ඒ රටවල ජිවන තත්ත්ව වලට අනුව හැදුන දෙයක්.

    ඉන්දියාවේ ඒ කාලේ හැටියට බුද්ධාගමත් (ඒ කාලේ කුශිකර්මය මුලික විය, ඉතිං මස් කන්න එපා etc

    ඒ කාලේ ඉස්ලාම් ඇති උනේ අරාබි රටවල මස් කන්න එපා කිව්වා නං අද එක මුස්ලිම් එකෙක් වත් නෑ උන් බඩගින්නේ මැරිලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland

    ගුරුත්වාකර්ශණය තියෙනවයි කියල නිව්ටන් සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඇති නේ ? :lol: :lol:
    උඹට ගුරුත්වාකර්ශණය පේනවද ? :lol: :lol:
    ඒව අවුලක් නෑ දිව්‍ය ලෝක තමා අවුල :rolleyes: :rolleyes:

    ගුරුත්වකර්ශනයක් හෝ වෙනත් කිසියම් මගුලක් තියේ කියල නිව්ටන් කිව්වා පොරගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනම

    දැන් අපිට කියන්න පුළුවන් පොල් ගෙඩියක් වැටෙනවා, ගලක් උඩ දැම්මම වැටෙනවා ඒ ගුරුත්වාකර්ෂණය හෝ වෙනත් මගුලක් නිසා. ස්පේස් එකට ගියාම එහෙම නෑ පාවෙනවා.

    දිවිය ලෝකේ ඉඳන් ආව එකෙක් හෝ ගිය එකෙක් එහෙ ඉඳන් බොට කෝල් කරලා වත් තියේද ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ගුරුත්වාකර්ශණය තියෙනවයි කියල නිව්ටන් සාක්ශි ඇතුව ඔප්පු කරන්න ඇති නේ ? :lol: :lol:
    උඹට ගුරුත්වාකර්ශණය පේනවද ? :lol: :lol:
    ඒව අවුලක් නෑ දිව්‍ය ලෝක තමා අවුල :rolleyes: :rolleyes:
    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් තියනව කියල ඔප්පු වෙලා තියෙන්නෙ. ඒක පිළිගන්න බැරිනම් උස ගහකට නැගල පැනපන්. උඹට හොදටම තේරෙයි ගුරුත්වාකර්ෂණයක් තියනව කියල.
     
    • Like
    Reactions: Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් තියනව කියල ඔප්පු වෙලා තියෙන්නෙ. ඒක පිළිගන්න බැරිනම් උස ගහකට නැගල පැනපන්. උඹට හොදටම තේරෙයි ගුරුත්වාකර්ෂණයක් තියනව කියල.

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වකර්ශනයක් හෝ වෙනත් කිසියම් මගුලක් තියේ කියල නිව්ටන් කිව්වා පොරගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනම

    දැන් අපිට කියන්න පුළුවන් පොල් ගෙඩියක් වැටෙනවා, ගලක් උඩ දැම්මම වැටෙනවා ඒ ගුරුත්වාකර්ෂණය හෝ වෙනත් මගුලක් නිසා. ස්පේස් එකට ගියාම එහෙම නෑ පාවෙනවා.

    දිවිය ලෝකේ ඉඳන් ආව එකෙක් හෝ ගිය එකෙක් එහෙ ඉඳන් බොට කෝල් කරලා වත් තියේද ?

    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් තියනව කියල ඔප්පු වෙලා තියෙන්නෙ. ඒක පිළිගන්න බැරිනම් උස ගහකට නැගල පැනපන්. උඹට හොදටම තේරෙයි ගුරුත්වාකර්ෂණයක් තියනව කියල.

    උඹලට පේන්නෙ පොල් ගෙඩිය වැටෙනව විතරයි. මං අහන්නෙ එහෙම වැටෙන ක්ශේත්‍රයක් ස්කන්ධයක් වටේ තියෙනව කියල කොහෙදිද විද්‍යාවෙන් සාක්ශි ඇතුව ඔප්පු කල්ල තියෙන්නෙ ? එක ග්‍රහලෝකයක් විතරක් තියෙන universe එකක ඒක වටේ ගුරුත්වාකර්ශණ ක්ශේත්‍රයක් තියෙනව කියල පේනවද ? විද්‍යාව කියන්නෙත් පේන දේවල් විස්තර කරන්න හදාගත්ත කතන්දර ටිකක් විතරයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරියට හරි. අපේ හොඳ නරක සියල්ල මිනිස්සු හදපු දේවල්. බාගෙට බාගයක් හොද නරක තියෙනවා. ආගම් කියන්නේ ඒ ඒ කාලවල ඒ ඒ රටවල ජිවන තත්ත්ව වලට අනුව හැදුන දෙයක්.

    ඉන්දියාවේ ඒ කාලේ හැටියට බුද්ධාගමත් (ඒ කාලේ කුශිකර්මය මුලික විය, ඉතිං මස් කන්න එපා etc

    ඒ කාලේ ඉස්ලාම් ඇති උනේ අරාබි රටවල මස් කන්න එපා කිව්වා නං අද එක මුස්ලිම් එකෙක් වත් නෑ උන් බඩගින්නේ මැරිලා

    මම මේ ආගම්වලට ගරහනවා නෙවෙයි.... හැම ආගමකම ආරම්භයට හේතුවෙලා තියෙන්නේ ඒ ඒ කලාපවල භූවවිෂමතාවය හා දේශගුණය.... තමන්ට පාලනය කළ නොහැකි නියගය, වර්ෂාව, ඉර හඳ තාරුකා භූමිකම්පා ආදිය ගැන මිනිසුන්ට විචාර බුද්ධියක් තිබුණේ නෑ.... ඒ හින්ද තමන්ට සිදුවන මෙම පාලනය කළ නොහැකි දේවල් යම්කිසි අදෘශ්‍යමාන හස්තයකින් සිදුවෙනවා කියලා හිතුවා... ඉතිං ඒ ඔස්සේ ආගම නැමති සංකල්පය බිහිවෙනවා... උදාහරණයක් විදියට මුහුදුකරයේ බොහෝ අය කිතුණුවෝ.... නමුත් ඔවුන් ඊට කලින් බෞද්ධයෝ.... ඒ වුණත් බුද්ධාගමේ සත්ව ඝාතනය පැහැදිලිව ප‍්‍රතික්‍ෂේප කරනවා... ඒ හින්ද ධීවරයන්ට යම් කිසි අපහසුවක් දැනෙනවා... ඒ වුණත් කිතුණු ඉගැන්වීම්වල එවැන්නක් නැති නිසා මුහුදුකරයේ වේගයෙන් කිතුණු ආගම ව්‍යාප්ත වෙනවා...

    අන්තිමට ප‍්‍රාදේශිය වශයෙන් බිහි වුණු ආගම් සර්වබලධාරි වෙලා තමයි නැවතුණේ... :yes:
     
    Last edited: