නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

Oct 13, 2016
2,675
276
0
ඒත් උඹ ඔය කතාව කිව්වෙ මාව බයිටට ගන්නනෙ. ඒත් අන්තිමට පජාත උනේ උඹමනෙ.

ඉතින් බන් අපි දෙන්නම කියන්නේ එකම දේනේ. උඹ කියන්නෙත් පිටරට සුද්දියෝ කිව්වා නම් ඒක හරියටම හරි කියලා. මම කියන්නෙත් පිටරට සුද්දියෝ කිව්වා නම් ඒක හරියටම හරි කියලා. අපි අතර කිසිම විසංවාදයක් නෑනේ බන්. ඉතින් මොකක්ද ප්‍රශ්නේ?

පොඩ්ඩක් ආයෙත් මම කලින් දාපු reply ටික කියවලා බලපන්කො. අපි දෙන්නම ඉන්නේ එකම මතයේ.
:yes::yes::yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අයියෝ සිම්පල් කේස් වගයක්නෙ.. ඔය දෙකම තාවකාලික දේවල්. මටත් වෙලා තියෙනව :lol:
    ඇවිදිද්දී හරහට යනවා වගේ වෙලා තියෙනවද නැගිට්ට ගමන් :oo: මැරෙන්න ලංවෙලාද කොහෙද :baffled:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බලං යනකොට එළකිරියෙ උං මැරෙන්ඩ හරි ආසයිනෙ :eek:
    ඒ වුණාට ජාති ජරා මරණ කියල නිවන තමයි පාර්ථනා කරන්නෙ :lol:

    ජීවත් වෙන එකයි දුක බන්, මැරෙන එක නෙමේ.
    අපි කිසිම දේකින් සෑහීමකට පත් වෙන්නේ නෑ, අලුත් අලුත් ආසාවල් පස්සේ දුවනව අනිතිමේ ඒ හැමදේකින්ම ලැබෙන්නේ දුක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    නැවත ඉපදෙනවා කියමු
    දැන් මිනිස්සු පව් කාරයෝ කියල නේ කියන්නේ. මිනිස් ආත්මයක් ලැබීම හෙනම අමාරු දෙයක් ලු ආයේ මිනිහෙක් වෙන්නේ නැති තරම් ලු. පිනක් කරන්නත් පුළුවන් වෙන්නේ මිනිස් ආත්මයක් ලැබුණාම ලු.

    ඕව ඇත්ත නං මිනිස්සු ජනගහනය වැඩි වෙන්නේ කොහොමද? :P
     
    • Like
    Reactions: Troop

    ඇයි බන් දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල පින් ඉවර වෙලා මෙහෙට බහින එවුන් ඉන්නවා නේ. :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඇයි බන් දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල පින් ඉවර වෙලා මෙහෙට බහින එවුන් ඉන්නවා නේ. :yes::yes:

    දිව්‍ය ලෝකෙ හැමදාම ඉන්ඩ පුලුවන් වගේ කතාවක් මම කියන්නෙ...
     
    AnuradhaRa

    Well-known member

  • මේ විශ්වයෙ ආත්මනං කොච්චර ඇතිද බං
    පෘතුවිය වගේ ග්‍රහලෝක 100ක ඉන්න මිනිස්සු ගත්තත්, විශ්වයේ තියෙන අච්චර ආත්ම ගාණක් එක්ක බැලුවම කෙස් ගහක් වගේ ඇති..
     
    AnuradhaRa

    Well-known member
  • නින්ජ90 කියල එකෙක් මේ වෙනකොට එළකිරියෙ හරිනං ඉන්ඩ තිබුණ..
    බිග් බැන්ග් එකේදි එහෙම ආත්මයක් බිහි වුණේ නෑනෙ :lol:
    හිටියනං අද ඌ අපිත් එක්ක චැට් කරනව

    මේ වෙනකොට හැම ආත්මයක්ම නිර්මාණය වෙලා ඉවරද :rofl:
     
    Oct 13, 2016
    2,675
    276
    0

    දිව්‍ය ලෝකෙ හැමදාම ඉන්ඩ පුලුවන් වගේ කතාවක් මම කියන්නෙ...

    දිව්‍ය ලෝකවලවත් බ්‍රහ්ම ලෝකවලවත් හැමදාම ඉන්න බෑ බන්. කල්ප ගානක් සැපේ ඉන්න පුළුවන්. ඒත් කවදාහරි දවසක ඒකෙන් චුත වෙන්න වෙනවා මයි. බුදුන් වහන්සේගේ කාලේ හිටපු ඍෂිවරුන් තාපසයෝ (අසිත, ආලාර කාලාම වගේ අය) පරම පරම විමුක්තිය කියලා හිතලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන එක. එතනින් සියලු දුක් කෙලවර වෙනවා කියලා තමයි විශ්වාස කරලා තියෙන්නේ.

    නමුත් බුදුන් වහන්සේ තේරුම් අරන් තියෙනවා ඒකත් පරම විමුක්තිය නෙමෙයි කියලා. ඒකයි ඔවුන්ගේ ඉගැන්වීම් ඉගෙනගෙන ඔවුන් අත් ඇරලා ආවේ. බුද්ධත්වය ලැබුවට පස්සේ ඒ ගැන කියන්න අසිත තවුසා ආලාර කාලාම උද්දකරාම පුත්ත කට්ටියව හොයනකොට ඒ අය මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා. ඉපදිලා තියෙන්නේ සිත මිස කය නැති බ්‍රහ්ම ලෝකයේ. (නෙව සඤ්ඤා යතන)

    ඉතින් ඔවුන්ට සිත මිස කය නැති නිසා ශ්‍රවණ ඉන්ද්‍රිය නැහැ බණ අහන්න. ඒ නිසා තමයි පස්වග තවුසෝ ගාවට ගියේ මුල්ම ධර්ම දේශනාව කරන්න.
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ විශ්වයෙ ආත්මනං කොච්චර ඇතිද බං
    පෘතුවිය වගේ ග්‍රහලෝක 100ක ඉන්න මිනිස්සු ගත්තත්, විශ්වයේ තියෙන අච්චර ආත්ම ගාණක් එක්ක බැලුවම කෙස් ගහක් වගේ ඇති..

    බුදු දහමට අනුව ආත්මයක් කියලා දෙයක් නෑ මචන්. :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දිව්‍ය ලෝකවලවත් බ්‍රහ්ම ලෝකවලවත් හැමදාම ඉන්න බෑ බන්. කල්ප ගානක් සැපේ ඉන්න පුළුවන්. ඒත් කවදාහරි දවසක ඒකෙන් චුත වෙන්න වෙනවා මයි. බුදුන් වහන්සේගේ කාලේ හිටපු ඍෂිවරුන් තාපසයෝ (අසිත, ආලාර කාලාම වගේ අය) පරම පරම විමුක්තිය කියලා හිතලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන එක. එතනින් සියලු දුක් කෙලවර වෙනවා කියලා තමයි විශ්වාස කරලා තියෙන්නේ.

    නමුත් බුදුන් වහන්සේ තේරුම් අරන් තියෙනවා ඒකත් පරම විමුක්තිය නෙමෙයි කියලා. ඒකයි ඔවුන්ගේ ඉගැන්වීම් ඉගෙනගෙන ඔවුන් අත් ඇරලා ආවේ. බුද්ධත්වය ලැබුවට පස්සේ ඒ ගැන කියන්න අසිත තවුසා ආලාර කාලාම උද්දකරාම පුත්ත කට්ටියව හොයනකොට ඒ අය මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා. ඉපදිලා තියෙන්නේ සිත මිස කය නැති බ්‍රහ්ම ලෝකයේ. (නෙව සඤ්ඤා යතන)

    ඉතින් ඔවුන්ට සිත මිස කය නැති නිසා ශ්‍රවණ ඉන්ද්‍රිය නැහැ බණ අහන්න. ඒ නිසා තමයි පස්වග තවුසෝ ගාවට ගියේ මුල්ම ධර්ම දේශනාව කරන්න.
    නවීන විද්‍යාවට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කිසිවක් පවතින්නේ නැත. තියනවනම් ඒව තියනවයි කියල ඔප්පු කරන එක ඒව පිළිගන්න අයගේම වගකීමකි. එහෙම නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    නවීන විද්‍යාවට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කිසිවක් පවතින්නේ නැත. තියනවනම් ඒව තියනවයි කියල ඔප්පු කරන එක ඒව පිළිගන්න අයගේම වගකීමකි. එහෙම නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව.

    :yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    නැවත ඉපදෙනවා කියමු
    දැන් මිනිස්සු පව් කාරයෝ කියල නේ කියන්නේ. මිනිස් ආත්මයක් ලැබීම හෙනම අමාරු දෙයක් ලු ආයේ මිනිහෙක් වෙන්නේ නැති තරම් ලු. පිනක් කරන්නත් පුළුවන් වෙන්නේ මිනිස් ආත්මයක් ලැබුණාම ලු.

    ඕව ඇත්ත නං මිනිස්සු ජනගහනය වැඩි වෙන්නේ කොහොමද? :P

    ගෙදර ඉන්න වෙලාවක යන්න වත්තෙ ඇවිදින්න. ඇවිදින ගමන් බලන්න කූඹි ගුලක් දිහා එහෙමත් නැත්නම් වේ හුඹහක් දිහා. අති විශාල ප්‍රමාණයෙන් ඉන්නවා නේද. එතකොට වර්තමාන පෘථිවියේ ජනගහණයට ප්‍රමාණාත්මක සමාන වෙන්න අක්කර කීපයක තියන කූඹිගුල් වල ඉන්න කූඹියි, වේයොයි ඇති. ඔය කූඹි, වේයෝ විතරයි. තව පණුවො ඉන්නව ඇහැට පේන නොපෙනන තරම් කෝටි ගණන් ඉන්නෙ ටොයිලට් වලවල් වල. ඒ විදිහට ගත්තාම තිරිසන් ලෝකෙ ඉන්නවා තිරිසන් සත්තුම මිනිස් ජනගහණයට වඩා හෙනම හෙන ලොකු ප්‍රමාණයක්.

    දැන් අපි නිරය අරගන බලපුවාම සූත්‍ර දේශනා දිහා බලද්දි අපිට තේරෙනවා නිරයෙ ඉන්න නිරි සත්තු ප්‍රමාණය තිරිසන් සතුන් ඉන්න ප්‍රමාණයටත් වඩා අති විශාලයි කියලා. තව ප්‍රේත ලෝක, අසුර ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගත්තාම කෙල කෝටි ගාණක් සත්තු ඉන්නවා.

    මිනිස් භවයක් ලැබීම අතිශය දුර්ලභයි කියනවා. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ අඩු සම්භාවිතාවයක් තියන දෙයක් කියනවා. හැබැයි පුතා ඔය සම්භාවිතාව පට්ට කුඩා උනත් ඉන්න පිරිස හිතාගන්න බැරි තරම් අතිවිශාල උනාම ප්‍රතිශතය කුඩා උනත් ප්‍රමාණාත්මකව ගණන වැඩියි නේද ?

    0.000000000001 % ට කියන එකට අහුවෙන ප්‍රමාණය 10*10 බල බරගාණක් උනාම ප්‍රමාණාත්මකව ගාණ වැඩියි.

    අන්න ඒකයි මිනිස් ලෝකෙ ජනගහණය ඉහල යන්නේ. නිරයට යන පිරිස වැඩි උනාම, අමනුස්ස ලෝක වලට යන පිරිස වැඩි උනාම, ඒ ලෝක වල ඉන්න පිරිස වැඩි උනාම ඒවයින් චුතවෙලා මිනිස් ලෝකෙට එන පිරිසත් එන්න එන්න වැඩි වෙනවා ප්‍රතිශයතය කොච්චර කුඩා උනත් ප්‍රමාණය වැඩි නිසා.

    ඒ හින්දා එච්චර හිතන්න එපා ඒක. සරල ගණිතය ;)
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    නවීන විද්‍යාවට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කිසිවක් පවතින්නේ නැත. තියනවනම් ඒව තියනවයි කියල ඔප්පු කරන එක ඒව පිළිගන්න අයගේම වගකීමකි. එහෙම නැත්තන් ඒව බංකොලොත් තර්ක වෙනව.

    ඒවා තියනවා කියන අය ඒවා තියනවා කියලා කිසි කෙනෙකුට බලෙන් ඔබ්බවන්න යන්නෙ නැත්නම් ඒවා නෑ කියන අයයි ඔප්පු කරන්න ඕන ඒවා නෑ කියලා. මොකද එයාලනේ චැලෙන්ජ් කරන්නේ නෑ කියලා.

    ඔවදන : මීට පස්සෙ බංකොලොත් තර්ක වීඩියෝ සීරීස් එක බලද්දි හරියට බලන්න.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    බුදු දහමට අනුව ආත්මයක් කියලා දෙයක් නෑ මචන්. :yes::yes:

    හරියට හරි. බුදුදහම අනාත්මයි. ආත්මයි කියලා ගත්තොත් අනිත්‍ය කියන එක නැතිව යනවා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    දිව්‍ය ලෝකවලවත් බ්‍රහ්ම ලෝකවලවත් හැමදාම ඉන්න බෑ බන්. කල්ප ගානක් සැපේ ඉන්න පුළුවන්. ඒත් කවදාහරි දවසක ඒකෙන් චුත වෙන්න වෙනවා මයි. බුදුන් වහන්සේගේ කාලේ හිටපු ඍෂිවරුන් තාපසයෝ (අසිත, ආලාර කාලාම වගේ අය) පරම පරම විමුක්තිය කියලා හිතලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන එක. එතනින් සියලු දුක් කෙලවර වෙනවා කියලා තමයි විශ්වාස කරලා තියෙන්නේ.

    නමුත් බුදුන් වහන්සේ තේරුම් අරන් තියෙනවා ඒකත් පරම විමුක්තිය නෙමෙයි කියලා. ඒකයි ඔවුන්ගේ ඉගැන්වීම් ඉගෙනගෙන ඔවුන් අත් ඇරලා ආවේ. බුද්ධත්වය ලැබුවට පස්සේ ඒ ගැන කියන්න අසිත තවුසා ආලාර කාලාම උද්දකරාම පුත්ත කට්ටියව හොයනකොට ඒ අය මැරිලා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා. ඉපදිලා තියෙන්නේ සිත මිස කය නැති බ්‍රහ්ම ලෝකයේ. (නෙව සඤ්ඤා යතන)

    ඉතින් ඔවුන්ට සිත මිස කය නැති නිසා ශ්‍රවණ ඉන්ද්‍රිය නැහැ බණ අහන්න. ඒ නිසා තමයි පස්වග තවුසෝ ගාවට ගියේ මුල්ම ධර්ම දේශනාව කරන්න.

    ආභස්සර බ්‍රහ්මලෝක වල ඉපදිලා තියෙන්නේ ආලාර කාලාම සහ උද්දක රාම පුත්ත යන තවුසෝ දෙදෙනා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒවා තියනවා කියන අය ඒවා තියනවා කියලා කිසි කෙනෙකුට බලෙන් ඔබ්බවන්න යන්නෙ නැත්නම් ඒවා නෑ කියන අයයි ඔප්පු කරන්න ඕන ඒවා නෑ කියලා. මොකද එයාලනේ චැලෙන්ජ් කරන්නේ නෑ කියලා.

    ඔවදන : මීට පස්සෙ බංකොලොත් තර්ක වීඩියෝ සීරීස් එක බලද්දි හරියට බලන්න.
    බටහිර විද්‍යාවෙන් දෙයක් පිළිගන්නෙ ඒක දෙයක් තියනවයි කියල සාක්ෂි ඇතුව ඔප්පු කරාට පස්සෙ. ඒක හින්ද තමා අපි කියන්නෙ බටහිර විද්‍යාව ප්‍රායෝගිකයි කියල. ඒත් පෙරදිග විද්‍යාව (මටනම් විද්‍යාව කියන්න බැරි තරම් ප්‍රාථමිකයි ) කිසිම දෙයක් ඔප්පු කරන්නෙ නැතුව පෙරේතයො, භූතයො දෙවිවරු ඔක්කොම පිළිගන්නව. මේව තනිකර විහිළු. පහළ ලින්ක් එක බලන්න.
    https://youtu.be/5Jdkf5Saa7g?t=1697