නිදහස් සටනේ පළමු වෙඩිමුරය තැබූ පුරන් අප්
පී. විල්මට් පීරිස් මහතා විසින් ඓතිහාසික ලිපි ලේඛන ඇසුරු කර ගනිමින් වර්ෂ 1969 පෙබරවාරි මස රසවාහිනී සඟරාව සඳහා රචනා කරන ලද මෙම මාහැඟි ලිපිය පසුගිය පෙබරවාරි මස 04 වන දිනට යෙදුනු 62 වෙනි නිදහස් සමරුව නිමිත්තෙනි. මෙම ලිපිය බදාදා අතිරේකය වෙත එවන ලදදේ මහදිසාවේ බණ්ඩාර ඇටිපොල විසිනි.
සෙංකඩගල නුවර ඉංග්‍රීසීන්ට අයත් වීමෙන් ලක් මාතාවගේ සෞභාග්‍යයත්, සමෘද්ධියත් පිරිහීමේ ප්‍රපාතයට ඇද වැටී තිබියදී, පරගැති බවේ දැඩි රිවි තාපයෙන් මිදී, නිදහස් සිසිල් පවනින් ආශ්වාදයක් ලබාගැනීමටත්, උඩරට රදළවරුන්ගේ බල තල නැවත ලබා ගැනීමටත්, ක්‍රි. ව. 1818 දී ඉංග්‍රීසීන්ගේ දිසාපති කෙනෙක්ව සිටි වීර සිංහල සෙනෙවි කැප්පෙට්ටිපොළ විසින් ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇරඹූ ඌව කැරැල්ල ව්‍යාර්තවීමෙන් පසු නැවත වරක් ඉංග්‍රීසීන් මෙරටින් සහමුලින් තුරන් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙළකින් යුත් කැරැල්ලක් ක්‍රි. ව. 1848 දී භික්ෂූන් වහන්සේලාගේද, රදළවරුන්ගේද සහයෝගය ඇතිව සාමාන්‍ය ජනයා විසින් මෙහෙයවන ලදී. මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ පහත රට රණකාමී ගෝත්‍රයකට අයත් ධෛර්ය සම්පන්න වූ, නිර්භීත වූ පුරන් අප්පු නමැත්තෙකි. වර්ෂ 1848 ටේ ජුලි මස 28 වැනි දින මහනුවර වාසීන් විසින් ඔවුන්ගේ රජු වශයෙන් පිළිගන්නා ලද්දේද මේ පුරන් අප්පුය.
ජාතිය උදෙසා දිවිපිදූ පුරන් අප්පු හෙවත් ප්රැන්සිස්කු ක. ප්‍රනාන්දු ශ්‍රී මහා බෝධි ශාඛාව සමග පැමිණිය වුන්ගේ පරපුරකින් පැවත ආ උඩරට වෙළෙ¹මේ නියුක්තව සිටි වතු හිමියකු වූ වීරබල ජයසූරිය කුරුඋතුම්පාල අත්ථදේව ගුණරත්න පටබැඳිගේ කලිස්තෝරු ප්‍රනාන්දු සහ ශ්‍රී ලක් විජය සිංකිත් වර්ණ මාණ්ණ දිසානායක සපරමාදු නානායක්කාර ලක්ෂපති මහා විදානලාගේ හෙලේනා නෝනිස් යන දම්පතින්ගේ එකම දරුවා විය. ඔහු හොඳින් ඇතිදැඩි කිරීමට මව්පිය දෙදෙනා හැම උත්සහයක්ම දැරූහ. කුඩා කල සිටම ඒ දරුවාගේ උදාර නිර්භීත ගති පැවැතුම් පෙනෙන්නට විය.
සමුදාසන්න ප්‍රදේශයක් වන මොරටු පෙදෙසට අයත් උයන නම් ග්‍රාමයෙහි ක්‍රි. ව. 1812 නොවැම්බර් මස 7 වැනි දින හේ මෙලොව එළිය දුටුවේය.
පුරන් අප්පු සුදුසු වයස එළඹි කල ඉගෙනීමේ යෙදිණි. පුරන් අප්පුගේ පියා ඔහු මොරටුවේ ඉඩමේ පිහිටි වැස්ලියන් පාඨශාලාවේ මුල් ගුරුතුමාට සිංහල චාරිත්‍රානුකූලව භාර දිණි. එතුමන් විසින් ළමයාට තල්කොළ සිංහල හෝඩියේ අකුරු කියවා ඔහු උප ගුරුතුමා වෙත යවන ලදී. පංතියට ඇතුළත් වූ නොබෝ දිනකින් පන්ති ගුරුවරයාගේ සිත් දිනා ගත් පුරන් අප්පු ක්‍රමයෙන් ඉහළ පන්ති කරා පිවිසියේ ය.
දස හැවිරිදි පුරන් අප්පු පාසලෙන් අස්වී තම මවගේ ග්‍රාමය වන ලක්ෂපතියේ නැවතී සිටියේය. ඒ අතරතුරදී ඔහුගේ උපක්‍රම ශක්තියෙන් හේ සුද්දන් සමග ආශ්‍රයට වැටිණ. ක්‍රි. ව. 1824 දී ලංකා ආණ්ඩුකාරයාවී සිටි ලෙප්ටිනන්ට් ජෙනරාල් එඩ්වර්ඩ් බාන්ස්තුමා සමග, ගල්කිස්ස කැකුණලන්ද (අද මෝල්පෙ) සහ බොල්ගොඩ ප්‍රදේශවල දඩයමෙහි යන්නට පුරුදුවී සිටියේය. එයින් සුද්දන්ගේ යුතු අයුතුකම්, ගතිපැවතුම් මැනවින් දැනගන්නට අවස්ථාවක් ඇති විය. ක්‍රි. ව. 1825 දී ලක්ෂපතියේ සිටි පොලිස් විදානේ විසින් තමාට සෑහෙන කරුණු නැතිව නිකරුණේ පහරදීමෙන් කෝපයට පත් දහතුන් හැවිරිදි පුරන් අප්පු ඔහුට ප්‍රතිප්‍රහාර දී බදුල්ලට පැනගොස් සිය මාමා කෙනෙකුගේ නිවසෙහි නැවතී සිටියේය.
විශේෂයෙන්ම සුදු මිනිසුන්ගේ අණසක පැවති සමයේදී ඔවුන්ගේ බල පුළුවන්කාරකම් නිසා සාමාන්‍ය ජනතාවට මුහුණපාන්නට වූ හිරිහැර අපමණය. මේ දුක් කරදර සියෑසින් දුටු පුරන් අප්පු කෙසේ හෝ සිංහළ ජාතියේ උද්දීප්තිය සඳහා මුළු ජීවිතයම පූජා කර තමාගේ ජාතිය බේරා ගැනීම සඳහා බලවත් සටනක් ගෙන යන්නට ඉටා ගත්තේය. සිංහල ජාතියේ අපරාජිත ස්වෛරී බලයත්, මාතෘ භූමියේ ලේ උරුමයත්, ජනතාවගේ අභිමානයත්, තම යකඩ සපත්තුවට පාගා හිරකර ගෙන සිටි ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ ආපසු ලබා ගත යුතු යෑයි ඔහු තීරණය කළේය.
එකළ පුරන් අප්පුට සුද්දන්ගෙන් මංකොල්ල කෑමෙන් හා වෙනත් ක්‍රම වලින් විශාල ධනයක් ඇදී එන්නට පටන් ගත්තේය. ඔහු ලැබූ ධනයෙන් තමාගේ මව්පියන්ට ශතයකවත් ප්‍රයෝජනයක් නොවීය. ඒ විශාල ධන සම්භාරය දුප්පතුන්ට බෙදා දුන්නේය. මෙකල රටේ ඇතිවූ හැම සත් ව්‍යාපාරයකම පුරන් අප්පු පෙරමුණ ගෙන ක්‍රියා කළේය. මොරටු ප්‍රදේශයට වඩා ඔහු සිත් ඇදී ගියේ උඩරට, ඌව යන පළාත් වලටය. එහි වැසියන් සමග සතුටු සාමීචි කතා කිරීමද මිල මුදලින් උපකාර කිරීමද ආණ්ඩුව සමග මහජනයා කරන රාජකාරී වලදී ඔවුන්ට උදව් දීමද ඔහුට ප්‍රීතියක් විය. පුරන් අප්පු ගම් වැසියන්ට පියකු හා සමාන විය. ඔවුනගේ නැතිබැරි කම් මගහැර වීමට පුරන් අප්පු කප්රුකක් විය.
සුද්දන්ට එරෙහිව සටන ගෙනයැමට තමාට පමණක් නොහැකි හෙයින් දුගී මහ ජනයාගෙන් හිතවත් පිරිසක් ඔහු රැස් කර ගත්තේය.
ප්‍රථමයෙන් ඔහු විසින් දුප්පතුන්ගේ සුබසිද්ධිය සඳහා ගෙන යන ලද ව්‍යාපාරය සඵල නොවූයේ සුදු ජනයාගේ නොහික්මුණු, නොදැමුණු ගති නිසාය. තමන්ගේ සටන අතරමගදී කඩාකප්පල් වනු දුටු ඔහුගේ හද ශෝකයෙන් දැවෙන්නටත් අනුකම්පාවෙන් සැලෙන්නටත් විය. අන්තිමේදී දුප්පතකුගේ උවමනාවක් ඉටුකර ගැනීම පිණිස එකල බදුල්ලේ පොලිස් මහෙස්ත්‍රාත් වරයා වූ ඩෝසන් මහතා වෙත ඉදිරිපත් කළ කරුණු ගැන යුක්තිය ඉටු නොවූයෙන් පුරන් අප්පු ඔහු කෙරෙහි තදින්ම උරණ විය. ඒ අතර පුරන් අප්පු බොරු චෝදනාවකට අසුකොට මේජර් රොඡ්ර්ස් විසින් උසාවියට ගෙනයන ලදී. හෙතෙම එහිදී මේජර් රොජර්ස්ට ශාප කළේය.
පුරන් අප්පු තුළ පලිගැනීමේ ෙච්තනාව කෙමෙන් ලියලන්නට වූ හෙයින් ඩෝසන් පොලිස් නඩුකාර මහතාගේ මැදුර බිඳීමට අන්තිමේදී හේ තීරණය කළේය. ඒ මැදුර කොල්ලකෑම නිසා ඉංග්රීසින්ගේ නීති දණ්ඩනය යටතේ පුරන් අප්පු ඳඟ ගෙට යවනු ලැබීය. ඳඟ ගෙයිදී අනෙක් හිරකරුවන් සමග එකතු වූ හෙතෙම ඳඟ ගෙය කඩා එයින් පැන ගියේය. මේ සිද්ධියෙන් පසු කෙසේ හෝ තම මාතෘ භූමිය ඉංග්‍රීසීන්ගෙන් කෙසේ හෝ මුදා ගන්නා බව ස්ථීරව අධිෂ්ඨාන කරගත් ඔහු ඔවුන්ට විරුද්ධව නොයෙක ව්‍යාපාර ඇතිකිරීමට ප්රයත්න දැරීය. කලකට පසු පුරන් අප්පු යළිත් ඳඟගෙට යවනු ලැබීය. එහිදී දෙවැනි වරටත් හේ ඳඟගෙය කඩා පැන ගියේය. පුරන් අප්පු එතැන් සිට "හිරගේ කඩන්නා" "හිරෙන් පැන යන්නා" මං පහරන්නා, කොල්ල කන්නා යන උප නාමයන්ගෙන් ප්‍රසිද්ධ වූයෙන් වැඩි කල් නොගොස් දාමරිකයෙක් විය.
පුරන් අප්පු නොයෙක් සටන් ව්‍යාපාර ඇති කිරීමට යන බව දැනගත් ඉංග්‍රීසීහු කෙසේ හෝ ඒවා නැති කිරීමට සූක්ෂම වැඩපිළිවෙළක් යෙදූහ. නිලතල දීමෙන් හෝ නම්බුනාම දීමෙන් හෝ පුරන් අප්පුගේ සටන ඇන හිටින්නේ නැති බව ඉංග්‍රීසීහු හොඳින්ම දැන සිටියහ. ඔවුන්ගේ සටන මොට්ට කිරීමට ඇති එකම මාර්ගය ඔහු අල්ලා ඳඟ ගෙයි දැමීම බව ඔවුන්ට කල්පනා විය. ඒ තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් කිසිම වරදක් නොමැතිව මේජර් රොජර්ස් තුමා විසින් පුරන් අප්පුව බදුල්ලේ උසාවියට පමුණුවන ලදී. එහිදී මෙසේ නිකරුණේ චෝදනා කිරීම නිසා උසාවියේදී ඩෝසන් පොලිස් නඩුකාරතුමා අමතා හේ මෙසේ කීවේය.
"මොහු මට නිකරුණේ කළ වරදට ශාප වේවාෘ" පිටරැටියන් විසින් ස්වකීය සහෝදර රට වැසියාට කරන අසාධාරණ, නීච ක්‍රියා ගැන විරෝධත්වය දැක්වීමට යන අවස්ථාවකදී කිසිම වරදක් නොමැතිව උසාවිය ඉදිරියට ගෙනයැම ඉතා නින්දිත ක්‍රියාවක් හැටියට සැලකූ පුරන් අප්පු මේ සිද්ධියෙන් පසු උග්රලෙස දේශවාත් සල්යයෙන් සටන් ව්‍යාපාරවල යෙදීමට තරයේම ඉටා ගත්තේය.
මේ අතර ඉතා වැදගත් සිදුවීමක් විය. ක්‍රි. ව. 1845 ජුනි මස 7 වැනි දින මේජර් රොජර්ස්තුමාට නුවර එළිය අසලදී හෙණයක් වැදිණි. රොජර්ස් තුමාට මේ විපත සිදුවූයේ පුරන් අප්පු විසින් කරන ලද ශාපය නිසායෑයි මහජනයා අතර කසු කුසු පැතිර ගියේය. මේ අවස්ථාවේදී පුරන් අප්පු උතුම් පුද්ගලයෙක් වශයෙන් මහජනයා විසින් පිළිගනු ලැබීය. ඔහුගේ ස්වරූපය ඉතා ආකර්ෂණීය විය. උතුම් පුද්ගලයකු තුළ පැවතිය යුතු විශිෂ්ඨ ගුණාංගයන්ගෙන්ද හේ පොහොසත් විය. රජකුට උරුම උසස් ගුණ ධර්ම ඔහු තුළ නිසගයෙන්ම විද්‍යමාන විය. ධීරවීර ගති ඇතිව ඔහු පෙරමුණටම ගියේ අනෙකක් නිසා නොව නිසැකයෙන්ම ඔහු තූළ පැවති ආත්ම ශක්තිය නිසාය. ඔහුට සංඝරත්නයේ ආධාර අනුබලද නොඅඩුව ලැබෙන්නට විය.
මේ අතර 35 හැවිරිදි පුරන් අප්පු 1847 ජනවාරියේදී හාරිස්පත්තුවේ ගුණ්නෑපාන ආරච්චිගේ දියණියක් වන බණ්ඩාර මැණිකේ නම් කාන්තාව හා විවාහ විය. වර්ෂ 1847 ඔක්තෝම්බර් 1 වෙනිදා ලෙනදොරදී බණ්ඩාර මැණිකෙටද පුත් රුවනක් ලැබුණෙන් ඕ "සිරිබ මැණිකා" යි නම් ලැබුවාය.
ක්‍රි. ව. 1848 දී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වල විප්ලව ඇරඹිණි. මේ අවස්ථාවේම මාතලේද කැරැල්ලක් ඇති විය. එහි පරමාර්ථය වූයේ ඉංග්‍රීසීන් මෙරටින් පළවා හැරීමත්, සිංහල ජනයාගේ ඓතිහාසික නිදහස් උරුමය රැක ගැනීම සහ සිංහල නරපතියකු පත්කර ගැනීමත්ය.
ආණ්ඩුව මුලදී දුප්පත් ගොවියාගේ බඩ රැකෙන ගොවි කර්මාන්තයත්, වාරි මාර්ගත් දියුණු කිරීම සඳහා බොහෝ වෙහෙස දැරීය. එහෙත් පසු කාලයක දී ආණ්ඩුවේ මුදල් වැඩි වශයෙන් වැවිලි කර්මාන්ත දියුණු කිරීම් සඳහා යෙදවිණි. සිවිල් නිලධාරීන්ගෙන් වැඩි දෙනෙක් ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් ගත කළේ වැවිලි කර්මාන්තය සඳහාය. මේ හේතුකොට ගෙන දුප්පත් ජනයාගේ වුවමනාවන් ගැන වග විභාග කරලීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබිණි. ඔවුන්ට වුවමනාවක් ද නොවීය.
ඉංග්‍රීසීන් විසින් මේ රටේ වැඩවසම් ක්‍රමය අවලංගු කොට ඔවුන්ගේ නව පාලන ක්‍රම මේ රටේ යෙදවූ අතර විශේෂයෙන් ම උඩරට සිංහල ජනයා කිපුණහ. පාතරැටියකු වූ පුරන් අප්පුගේ මන දොල පුරවා ගැනීමට මෙය කදිම අවස්ථාවක් විය. අධිරාජ්‍යට යටත් වීමෙන්a පසු කොයි රටවලත් රදළ ආණ්ඩු ක්‍රමය වෙනස් වීමත් සමගම අලුත් ධනවාදී ආර්ථික මාර්ගය ගොඩ නැගෙන්නේය. පුරන් අප්පුගේ කැරැල්ල පටන් ගැනීමට වර්ෂ කීපයකට පෙර එනම් වර්ෂ 1843 දී පමණ ලංකාවේ වැඩවසම් ක්‍රමය ඒ සමගම මේ අවධියේ දී ඇතිවුණු යුරෝපයේ කලබල වලින් ලංකාවේ කෝපි වෙළ¹මට පහරක් වැදුණේය. වැඩවසම් ක්‍රමය අවලංගු කිරීමෙන් ආණ්ඩුවේ ආදායම පහත වැටීමත් නිසා අලුත් අයබදු ක්රමයක පිහිට සොයන්නට ද විය.
සර් කොලින් කැමල් තුමාගෙන් පසු ක්‍රි.ව 1847 දී ටොරින්ටන් සාමිවරයා ලංකාවේ ආණ්ඩුකාර ධුරයට පත් වූයේය. මේ නවක ආණ්ඩුකාරතුමාට දේශපාලන කටයුතු පිළිබඳ පළපුරුද්දක් නොතිබුණේය. ක්‍රි.ව. 1835 හේ සිට 1845 දක්වා අතර කාලයෙහි ඇතිවූ ප්‍රතිසංස්කරණයන් ගැනත් උඩරැටියෝ කලකිරී සිටියහ. ස්වකීය බලය අඩුවූ නිසා රදළවරු වඩාත්ම කිපී ආණ්ඩුවට විරුද්ධව නැගී සිටියහ. රටවලින් පැමිණි ඉන්දීය කුලී කරුවන්ගේ වැඩිවීම් ගැනද,බොහෝ දෙනෙක් විරුද්ධ වූහ. බුද්ධාගම හා බුද්ධාගමේ කටයුතු ගැන උඩරට ගිවිසුමට ඇතුළත් කළ වගන්ති කල් යැමේදී ඉවත් කළ නිසා වැසියෝ තව තවත් නොසන්සුන් වූහ.
වර්ෂ 1848 දී ටොරිංටන් සාමි විසින් තුවක්කු බදු, බලු බදු, පාර බදු, ඔරු බදු, කඩ බදු, කරත්ත බදු පනාදී ඉන් පෙර ලාංකිකයන් අසා නුපුරුදු බදු බනවන ලදී. තවත් නොයෙක් විකාර බදු ගැන කටකතා පැතිරෙන්නට වීම නිසා වැසියා තුළ සංවේගයත්, කෝපයත් ලියලන්නට විය. පාර බද්ද ගැන වැසියෝ වඩාත්ම කිපුණහ. ආණ්ඩුවේ උසස් නිලධාරීන් හැර අවුරුදු 18 ත් 60 ටත් අතරෙහි වූ පිරිමින්ට දවස් 06 ක් පාරේ වැඩ කිරීමට නියම විය. එහෙත් අවුරුද්දකට සිලිම් 3 ක් බදු වශයෙන් ගෙවා ඔවුන්ට එයින් නිදහස් විය හැකි විය. උඩරැටියන්ට පුදුමයක් වූ පාර බද්ද ක්‍රි. ව 1832 දී නැතිකර දමන ලද රාජකාරියේ නෂ්ටාව ශේෂයක් යෑයි උඩරැටියෝ සිතූහ. මේ නොයෙක් විකාර බදු ගැන එවකට ලංකාවේ පදිංචිව සිටි යුරෝපියෝ ද විරුද්ධ වූහ. යුරෝපියෝ ඔවුන්ගේ විරුද්ධත්වය පළමුව ආණ්ඩුකාරතුමාට දන්වා සිටියහ. එයින් සහනයක් නොලැබුණු නිසා ඔවුහු එංගලන්තයේ උසස් නිලධාරීන්ට ද ඒ ගැන පැමිණිලි කළහ. ක්‍රි. ව. 1848 මුල් කාලයේදී අලුත් බදු පැනවීම ගැන අප්‍රසාදය දැක්වීම පිණිස ලංකාවේ නොයෙක් පලාත් වල රැස්වීම් කීපයක්ම පවත්වන ලද නමුත් කිසිදු ඵලයක් නොවීය. මේ රැස්වීම් බොහෝමයක් සංවිධානය කොට විරුද්ධත්වය පෑවෝ පුරන් අප්පුත් ගොංගාලේගොඩ බණ්ඩාත් ය.
මෙයින් කලබලයවූ ටොරිංටන් සාමි මදුරාසියෙන් යුද්ධ භටයන් ගෙන්වා කුරුණෑගල, දඹුලු යන ප්‍රදේශවල යුද්ධ නීතිය පනවා රට දෙවනත් කළේය. පුරන් අප්පුව රදළයන්ගේ අනු බලය ලැබේදොaයි බිය පත් වූ නිලධාරීහු පුරන් අප්පු රජවීමට උත්සහ කරන බව පතුරුවා හැරියේය. එහෙත් ඒ වන විට රදළ බලය පිරිහී තිබිණි.
මේ අතර අය බදු වැඩි කිරීමට විරුද්ධව අප්‍රසාදය පළ කිරීමටත් මෙයට ගන්නා පියවර කුමක්ද යන්න තීරණය කර ගැනීමටත් විශාල රහස් සාකච්ඡාවක් පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේ කර ගත් තීරණය කච්ෙච්රියට ගොස් තේරුම් කර දීම සඳහාත්, එවකට ප්‍රසිද්ධව සිටි පුරන් අප්පු තෝරා පත්කරගන්නා ලදී. වර්ෂ 1848 ජූලි 6 වැනි දින පුරන්අප්පු තවත් බලවත් පිරිසක් හා සමග මේ දුක් ගැනවිලි මහනුවර කච්ෙච්රියේ එවකට ඒජන්ත තුමාව සිටි සී. ආර්. බුලර් මහතාට පැවසීමට ගියේය. එහෙත් ඒ ගමනින් කිසිම ප්‍රතිඵලයක් නොලැබිණි.
පළමු සාකච්ඡාවෙන් ප්‍රතිඵලයක් නෙලැබුණු හෙයින් ජූලි මස 8 වැනි දින මහනුවර මගුල් මඩුවේදී සාකච්ඡා සභාවක් පවත්වන ලදී. මේ සාකච්ඡා සභාවේදී රටවැසියා වෙනුවෙන් පුරන් අප්පුගේ භාර්යාවගේ ඥති සහෝදරයක වන ගුන්නෑපාන ආරච්චි කරුණු සැලකර සිටියේය. මේ කරන ලද සාකච්ඡාවෙන් ද කිසිම ප්‍රතිඵලයක් නොලද හෙයින් ජනයාගේ හැඟීම් ක්‍රමයෙන් උත්සන්න විය. දෙවරක් ම මෙසේ කරුණු සැලකර සිටියදී අධිරාජ්‍යවාදී උසස් නිලධාරීහු ඒ ගැන කිසිම තැකීමක් නොකළහ. මහා ජනකායගේ එකම බලාපොරොත්තුවක් වත් ඉටු නොකළ මෙම බ්‍රිතාන්‍ය පාලකයන්ට මහජනයා තදින්ම විරුද්ධ වූහ. එපමණක් නොව ජනයාගේ කුපිතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් රටේ තද නොසන්සුන් භාවයක් ඇති වූයෙන් විදේශික පාලන යන්ත්‍රය සහමුලින් මුලිනුපුටා දැමීම සඳහා කැරැල්ලක් ඇති කිරීමට විධි විධාන යොදන ලදී. අනාගතයේදී ජීවිත පවා පරිත්‍යාග කිරීම සඳහා දැඩි ධෛර්යයෙන් යුක්තව ජාත්‍යාලයෙන් උදම්වී ජාතික අනුරාගයෙන් ඔද වැඩි මේ කැරැල්ල සර්ව සම්පූර්ණයෙන් සාර්ථක කර ඉන් නියම ඵල නෙලා ගැනීමට සිංහලයෝ ඉටා ගත්හ.
මේ කැරැල්ල තමාට පමණක් තනිව කළ හැකි හෙයින් මුළු ජනතාවගේ ආධාර - උපකාර අවශ්‍ය බවත් ඔහුට ප්රත්යකAෂ විය. මේ නිසා පුරන් අප්පු සංචාර ගමනක යෙදුනේ විශේෂයෙන්ම ගම්මානවල සිටි මුලාදෑනින්ගේ සහ නායකයන්ගේ උදව් මේ කැරැල්ල සඳහා ඉල්ලා සිටියේය. ඔහුට ඒ සඳහා භික්ෂූන් වහන්සේලාගේ සහ උඩරට ජනතාවගේද සහයෝගය ද නොමසුරුව ලැබිණි.
පුරන් අප්පු සංඝයා වහන්සේගේ සහය පතා හැම ආරාමයක් කරාම ගියේය. විශේෂයෙන් කුරුණෑගල, දඹුල්ල,අනුරාධපුරය, මාතලේ වැනි එවකට ප්‍රසිද්ධව තිබූ ඉපැරණි යටගියාවක් ඇති මේ නගර හරහා ඔහුගේa දෙපා වෙහෙසුණේය.
බෞද්ධ ශාසනයේ නියම සංවර්ධනයක් මේ කාලය තුළ නොතිබුණු හෙයින් සිංහල ජාතියට, උරුමයට කැක්කුමක්, ලැදියාවක් ඇති මහා සංඝයා වහන්සේ තම සහාය පුරන් අප්පුවට දෙන බව ගිවිසුම් දුන්හ. සංඝයා වහන්සේගේ ඇට මස් රුහිරු ඔස්සේ ශාසනය හා සිංහල භාෂාව ආරක්ෂා කිරීමේ පරම අධිෂ්ඨාන ඇතිව කුමන දේශපාලන විප්ලවයකට හෝ ආධාර උපකාර දීමටත් මහජනයාගේ ජාතික හැඟීම් වලට පුනර්ජීවනයක් දීමටත් ක්‍රියා කළහ.
ගම්මුලාදෑනින්ගේත් රදළවරුන්ගෙත් මහා සංඝයා වහන්සේගෙත්a, අවශේෂ ජනයාගේත් නොමසුරු උපකාරය ලැබූණු හෙයින් මේ කැරැල්ල දියුණු තියුණු අඩියකට ගෙන ඒමට පුරන් අප්පුට හැකි විය. ඔහුගේ ජාතික කැක්කුම පුළුල් වීමට හේතුව වූයේද මහජනයාගේ උද්‍යාaගය සහ උනන්දුව ඔහු කරා ගලා ඒම නිසාය.