.
දේශපාලනේ කරපන්.. මතවාදීව..
හැප්පියන් ප්‍රතිපත්ති වලින්..
ගහගනින් තර්ක වලින්...
.
ඒත් කවදාවත් මනුස්සකම නැති වෙන දේවල් කරන්නෙපා බං..
මේ 21 වෙනි සියවස..
අපි ගෝත්‍රිකයොවත් තිරිසන්නුවත් නෙමෙයි...
.
Source



කොහොමහරි සිංහල මිනිස්සු ටික ලස්සනට බෙදල වෙන් කරා දේශපාලකයෝ ටික.. එහෙම කලේ නැත්නම් උන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න බෑනේ.. අන්තිමට හතුරෙක්ට කරදරයක් උනත් උදව් කරන සිංහල බෞද්ධ අයගෙන් සමහරක් කාටහරි කෙලවුනාම සතුටු වෙන ගානට වැටිලා.. තමන්ගේ විරුද්ධ මතධාරියාව පරාද කරන්න අමාරුයි නම් ඌ මැරිලා හරි යනවා නම් සතුටුයි.. දේශපාලනේ කියන්නේ වෙන දෙයක්.. මනුස්සකම තව දෙයක්.. අපිත් දේශපාලනය කරනවා තමයි.. එක එක කාලෙට එක එක අයට, එක එක පක්ෂ වලට චන්දෙ දෙනවා.. එත් අපි දිනුවම අනිත් එකාව පාගන්නෙත් නෑ අපි එක්ක ඉන්න මිනිස්සු උන් දිනුවම අපිව පාගන්න එන්නෙත් නෑ.. මොකද ගොඩක් අයට තේරෙනවා දේශපාලන මතය කියන්නේ තමන්ගේ හැමදේම නෙවෙයි කියලා.. මහින්ද ගෙදර යද්දී අපිත් ඒ මනුස්සයා ගැන දුක් වුනා.. මයිත්‍රී හිතපු විදියට වැඩ කරන්නේ නැති උනාම ඒවාට අපිත් දුක් උනා.. බැන්න.. මනුස්සයෙක් උනාම සාධාරණ වෙයල්ලා.. තමන් වැරදි නම් ඒක පිළිගන්න තරම් මනුස්සයෙක් වෙයල්ලා.. දැන් ලෝකේ හැමදේම නැතිවේගෙන එන කාලේ තමයි.. එත් පුළුවන් තරම් කාලයක් අනුන්ට උදව් කරගෙන, මනුස්සකම් තියාගෙන ඉන්න බලපල්ලා.. තමන්ගේ ego එක වෙනුවෙන් පහත් මිනිහෙක් වෙන්න එපා.. කොහෙවත් ඉන්න වැරදි තියන මිනිස්සු කරන වැඩ වලට අපවත් උන සෝභිත හාමුදුරුවන්ට අපහාස කරන්න එපා.. මොකද උබලත් දන්නවා හාමුදුරුවෝ කාගේත් වැරදි වලට බැන්න.. හැමෝගෙම හොඳ දේවල් අගය කරා.. ගරු කරන්න ඕනි අයට ගරු කරා.. එකේ නම්බුව තියපල්ලා.. අවංකව දුක් වෙන්න බැරි නම් අඩුම ගානේ සක්කිලි වැඩ නොකර ඉදපල්ලා.. ලොකු පිනක්.. ඇමතිකම්, ජනාධිපතිකම් වෙනුවෙන් පොරකන උන් වෙනුවෙන් සෝභිත හාමුදුරුවන්ට බනින්න අපහාස කරන්න එපා..![]()


මාත් කතෝලික භක්තියෙක්. එත් උන්වහන්සේ ගැන තියෙන්නේ ලොකු භක්තියක්.
ඒවගේම උන්වහන්සේගේ අපවත් වීම ලොකු දුකක්.
මටනම්
"සෝභිත හාමුදුරුවො සැබෑ දේශප්‍රේමියෙක්."
රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන්
තමන්ගේ හෘර්ද සාකෂියේ හඩ අව්‍යාජව ඉදිරිපත් කළා..
ඒ වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියා.
උන්වහන්සේගේ මතයේ ජය පරාජය කුමක් උනත් රට වෙනුවෙන් උන්වහන්සේගේ වගකීම යුතුකම ඉෂ්ට කළා.
උන්වහන්සේ,
දේශපාලනේ කළේ.. මතවාදීව..
හැප්පුනේ ප්‍රතිපත්ති වලින්..
ගහගත්තේ තර්ක වලින්...
හොදම උදාහරණය මහින්දට දක්වපු ගෞරවය. නමුත් රටවෙනුවෙන් මතවාදීව, ප්‍රතිපත්මය වශයෙන් ඔහුට විරුද උනා. ඔහුව පරාජය කළා.
ඒත් උන්වහන්සේගේ මනුස්සකම නැති කරගත්තේ නැ.
--------------------------------------------------------
සසර කෙලවරේ
අමා මහන් නිවන් දකින්නට
බෝමළුවේ සක්මන් කළ
අපේ හාමුදුරුවනේ...
බෝමළුවේන් මහපොළවට
වැඩියේ ඔබ මිනිසා නිසයි...
"අපේ හාමුදුරුවනේ ඔබට නිවන් සුවම අත් වේවා..!!!"
මොන ආගම මොන ජාතිය ඇදහුවත් බයියෙක් උනත් ටොයියෙක් උනත් ජෙප්පෙක් උනත් ස්වාධීන උනත් මනුස්සකම නැති කරන්නෙපා බන්..
ඒක නැතුව ඔය කිසි මගුලක් කරන්න බෑ..
