"නිර්භීත හදවතක්"

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,029
    3,707
    113
    "නිර්භීත හදවතක්"

    එතකොට එයාට වයස අවුරුදු දාහතයි..
    එදා හැන්දෑවෙ එයා හිටියෙ
    යූ ටියුබ් එකේ
    මියුසික් වීඩියෝ හොය හොයා ..
    එක පාරටම එයා දැක්කා වීඩියෝවක්..
    “ලෝකයේ කැතම කාන්තාව“ කියලා ..
    ඒ වීඩියෝවේ තිබ්බේ එයාගෙ මූණ..
    එයා මොහොතකට ගල් වුණා වගේ..
    “ලෝකෙ කැතම කාන්තාව..“!
    මේක කවුරු හරි දැක්කොත්..
    එයාට හිතුණා..
    ඇත්තටම ඒක ගොඩක් අය දැකලා තිබුණා..
    ගොඩක් අය ඒක බලලා තිබුණා..
    බලලා එ් ගැන කොමෙන්ට් කරලාත් තිබුණා..
    “මිනිස්සු මගේ ගැන මොනව කියනව ඇතිද..?“
    එයා හිතුවා.
    හිතේ උතුරලා යන දුකත් එක්ක
    එයා තමන් ගැන මිනිස්සු ලියලා තිබුණ කොමෙන්ටු කියෙව්වා.
    “මේකිව දැක්කට වැඩිය හොදයි ඇස් අන්ධ වුණා නං..“
    “අපෝ මගේ ළමයෙක් නං මම මේ කෙල්ලව ඉපදුන ගමන්ම මරලා දානවා..“
    “චී.. මේ හොල්මන ගින්නට දාලා පුච්චන්නයි තිබ්බේ..“
    හැමෝම ලියලා තිබුණේ ඒ වගේ අදහස්..
    පිහියෙන් අනිනවා වගේ නපුරු දුෂ්ඨ අදහස්..
    එකම එක්කෙනෙක් හරි
    හිත හැදෙන වචනයක් ලියලා තියෙයිද කියලා බලන්න
    එයා සේරම කොමෙන්ටු කියෙව්වා..
    එකක්වත් නෑ..
    හිත හැදෙන්න එක වචනයක් කියන්න කවුරුවත්ම නෑ..
    එයා කොම්පියුටරය ඕෆ් කරලා ගිහින් ඇදට වෙලා හොදටෝම ඇඩුවා..
    මේ වීඩියෝව අම්ම හරි තාත්තා හරි දැක්කා නම්
    එයාලට කොච්චර දුක හිතෙයිද..
    එයාට හිතුණේ එහෙම..
    ඊට පහුවදා ඉදන්
    පාරෙ යනකොටත්
    මිනිස්සු එයාට විහිලු කළා..
    අපහාස කළා.. නින්දා කළා..
    එයාට දුක හිතුණා තමයි..
    ඒත් එයාට හිතුණේ වෙන දෙයක්..
    “අනේ මම වගේ තවත් අය ඇති නේද..? එයාලාටත් මේ නපුරු මිනිස්සු මේ විදිහටම නින්දා කරනවා ඇති නේද..? එයාලාට කොච්චර දුක හිතෙනවා ඇතිද..?“ කියලා.
    ඉතින් එයා
    තනියම පටන් ගත්තා සටනක්..
    මේ විදිහේ හිරිහැර වලට ලක් වෙන අය වෙනුවෙන් සටනක්..
    එයා..
    යූ ටියුබ් එකේ වීඩියෝ හෙව්වා..
    මිනිස්සුන්ට කතා කරන, මිනිස්සුන්ව දැනුවත් කරන
    මහජන දේශකයන් ගේ වීඩියෝ හෙව්වා..
    ඒ වීඩියෝ බලලා..
    එයා තනියම කාමරේට වෙලා
    මිනිස්සුන්ට කතා කරන්න පුරුදු වුණා..
    ඊට පස්සේ..
    එයා යූ ටියුබ් එකට වීඩියෝ අප්ලොඩ් කළා..
    තමන් වගේම හිරිහැර වලට ලක් වෙන මිනිස්සු වෙනුවෙන් කතා කළා..
    ඒ හිරිහැර වලට නොබියව මූණ දෙන්නේ කොහොමද කියලා
    ඒ අයව දැනුවත් කළා..
    ඊට පස්සෙ
    එයා TEDx talk කියන වැඩසටහනට ඉදිරිපත් වුණා..
    ඒ වැඩසටහන මිලියන ගානක් මිනිස්සු බැලුවා..
    ලිසී වෙලස්ක්වෙස් එක රැයකින් ජනප්‍රිය වුණා..
    ලිසී මේ තරම් දුර ආපු ගමන ගැන
    එයා විදපු අපහාස, දුක් ගැන ලෝකයම දැනගත්තා.
    ලිසී මේ තරම් අවලස්සන වුනේ
    එයාට උපතින්ම උරුම වෙලා තිබුණ දුර්ලභ රෝගයක් හින්දා..
    එයාගෙ ඇගේ මේදය ප්‍රතිශතය බින්දුවයි. එයා කවදාවත් මහත් වෙන්නේ නෑ.. ඇටසැකිල්ලක්ම විතරයි.. ඒ මදිවාට එක ඇහැකුත් අන්ධයි..
    ඉතින් මිනිස්සු මේ බව නොදැන ලිසීට කොයි තරම් නින්දා අපහාස කළාද..
    ඒත් ලිසී ඒ නින්දා අපහාස වලින්
    එක බින්දුවක් සැලුනේ නැහැ..
    එයා සටන් කරන්න පටන් ගත්තා..
    තමන් වෙනුවෙන් නෙවෙයි
    අනුන් වෙනුවෙන්..
    තාමත් ලිසී සටන් කරනවා..
    මේ වගේ හිරිහැර වලට ලක් වෙන අය වෙනුවෙන්..
    ලිසී අද හරි ජනප්‍රියයි..
    ලිසීගෙ ජීවිත කතාව කියන
    චිත්‍රපටියක් පවා හැදිලා..
    ඒ චිත්‍රපටියේ නම “A Brave Heart“
    “නිර්භීත හදවතක්..“
    ඇත්ත..
    ලිසීට තියෙන්නෙ නිර්භීත හදවතක්..
    ඒ වගේම තමන්ගේ දුක ගැන නොහිතා අනුන්ගේ දුක ගැන හිතන කරුණාවන්ත හදවතක්..
    අනුන් වෙනුවෙන් සටන් කරන්න හිතෙන තරම් ලස්සන හදවතක්..
    ඒ හින්දා
    පෙනුමින් ලෝකෙ කැතම කාන්තාව වුණත්
    හදවතින් ලිසී හරි ලස්සන කෙල්ලක්..
    ලස්සන වෙන්න හිතන
    අපේ නංගිලා අක්කලා
    දහස් ගනන් වියදම් කරලා ෆේෂල් කරන වෙලාවෙ
    තවත් අයගෙ දුක ගැන හිතන, දුක් විදින අයට පිහිට වෙන
    හදවතින් ලස්සන කෙනෙක් වෙන්න බලන්න..
    ඒ ලස්සන කවදාවත් මැකිලා යන්නෙ නෑ.(උපුටා ගැනීමකි)


    15965578_394214904262610_6694441676683675777_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Ammo ban.boru kiyanna ona naha.mama phone eken meka dan bala bala pahalata yanakota eka paratama e kellage photo eka dakka.mama baya una yako..paw ban.apita monawada adu eka athakata.api monatharam lucky da.