මම සමන්තගේ බණ නම් වැඩිය අහන්නේ නැහැ, හැබැයි කිරිබතාට වැඩිය නම් සෑහෙන්න හොඳයි. දාර්ශනිකයි. නිවන තමයි නැත්තේ. කිරිබත්ගේ නිවනත් නැහැ, දිව්‍ය ලෝකත් නැහැ. නිකන් වැස්සකටවත් පන්සල් නොගිය බෞද්ධයෝ ටිකක් අල්ලාගෙන පුද පූජා කරගෙන බිස්නස් එක කරගෙන යනවා.
මෙතැනදී මම සමන්ත බද්‍රගේ පෝස්ට් ෂෙයාර් කරන්නේ හිත නිවා ගත්තේ නැති දෙන්නා ගැටෙන එකේ ආතල් එක ගන්න. නැතුව මම කොහෙවත් උන්වහන්සේගේ බණ නම් ෂෙයාර් කරලා නැහැ. හැබැයි අසපුවට ගිහින් ඇහුවත් කමක් නැහැ. මොකද උන්වහන්සේ කියන්නේ නැහැ මගේ එක විතරක් පාවිච්චි කරන්න අනිත් අයගේ ඒවා එපා කියල.
කිරිබත්ගොඩ අනිත් අයගේ බණ අහන්න එපා කියන එකේම තමයි එතන තියෙන හොරේ අහු වෙන්නේ. මොකද තමන් කියන බොරු අහු වෙනවා වෙන බණ අහල මිනිස්සු සත්‍ය තේරුම් ගත්තොත්.
තමන් අවුරුදු ගානක් අම්මා තාත්තා කියපු කෙනා තමන්ගෙ ඇත්ත අම්මා තාත්තා නෙවෙයි කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් ලව් කරපු කෙල්ල තමන්ගෙ ආදරේ නෑ කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් ආදරේ හැදුව දරුවා තමන්ගෙ නෙවේ කියලා දැනගත්තම දැනෙන දුක. තමන් අවුරුදු ගානක් නිතර දෙවේලේ අහපු බන, ඒවා කියපු අයම අවලංගුයි කියලා කිව්වම දැනෙන දුක. මේවා දැනගත්තම හිතට එන දුකත් වේදනාවත් ලැජ්ජාවත් දන්නෙ ඒවට මුහුණදුන්න කෙනෙක් විතරයි. මම ඔය එහෙකටවත් ජිවිතේ තරම මුහුණදුන්න නැති නිසා උබ පත්වෙලා ඉන්න තත්වෙ මට හරියට අවබෝධ කරගන්න බෑ. ඒත් උබේ හැසිරීමෙන් උබේ දුකයි වේදනාවයි ලැජ්ජාවෙයි තරම ගැන හිතා ගන්න පුළුවන්





