වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ.
උන්වහන්සේ කියන්නේ,
1 උප්පාද වට්ඨේන අනිච්චා,
උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා.
2 අනිච්චන් අද්දුව0,
3 ඛේනට්ඨේන අනිච්චා කියලා.
කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්‍යවාදීවෙයන්.
මේත්‍රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා.
නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී.
වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්‍රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ.
කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය
'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්.
මහත්තයෝ වහරක තමයි අනිච්ච කියන්නේ අන්-ඉච්ච කියන මුලාව සමාජගත කරපු සද්ධර්ම ප්‍රතිරූපකයා. අනිච්ච කියන්නේ අනිත්‍ය-ස්තිර ලෙස පිහිටුවන්න බැරි - කියන අරුත ට එකඟ නොවී අද්ධුවන් කියන්නේ අනිත්‍ය නම්, අනිච්ච කියන්නේ අනිත්‍ය වන්නේ කෙසේද වගේ ගොන් ප්‍රශ්න අහලා මිනිස්සු මුලා කරපු, භාෂාවක එකම තේරුම දෙන වචන කීපයක් තියෙනවා කියන එක වත් නොදන්න (හෝ එසේ නොදන්න වා යැයි පෙන්වා තම මතය තහවුරු කරන්න හදපු ) අමු හොරෙක්.

