නිර්මාල් රන්ජිත්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    https://www.facebook.com/nirmal.dewasiri.3

    මචන්ලා..මෙයා ගන මොනාද දන්න විස්තර..මෙයා පෙනී ඉන්න දේශපාලන මතය මොකක්ද..ආන්ඩුවට support කෙනෙක්ද
    ඉස්සර කෙසේ වෙතත් දැන් නං මිනිහගේ දේශපාලන මතය තමයි, මතයක් නැති එක.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    lol ube wayasa keeyada ?
    ලොකුවට දන්නෙ නහ් බන්..එකයි අහුවෙ

    ඉස්සර කෙසේ වෙතත් දැන් නං මිනිහගේ දේශපාලන මතය තමයි, මතයක් නැති එක.
    ඒකයි මටත් හිතා ගන්න බරි..ඉස්සර පට්ට ජෙප්පෙක් නේද
    ------ Post added on Jun 24, 2021 at 7:13 PM

    මන් හිතපු එකා නෙවෙයි වගේ
    🤔🤔
    ------ Post added on Jun 24, 2021 at 7:13 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    https://www.facebook.com/nirmal.dewasiri.3

    මචන්ලා..මෙයා ගන මොනාද දන්න විස්තර..මෙයා පෙනී ඉන්න දේශපාලන මතය මොකක්ද..ආන්ඩුවට support කෙනෙක්ද
    One of those radical guys right. They prefer to go against the majority and create some noise and get attention.

    They always want to criticize shit (probably comes from been a jeppa) and never see any good of anything. No one else knows as much as they know.
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    2020 ඝෝඨා ජනපති - Gota for 2020
    **************************************

    (ඝෝඨා ජනාධිපති වෙන බවට 2017/04/09 මාතලන් ලියූ අනාවැකිය.
    එම පින්තූරයද සමඟ....
    මේ දිනය වන විට පෝට්ටුව උන්නේ අපේක්ෂයෙක් නොමැතිවයි)

    මහින්ද රාජපක්ෂ ඉල්ලාගෙනම කෑ මැතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හාන්දුරුවෝ කැඳවාගෙන එන්නට මාර කට්ටක් කෑ "නිර්මාල් දේවසිරි", 2020 අපට කැන්දාගෙන එන්නේ ඝෝඨාභය රාජපක්ෂයි. ඒ වෙනුවෙන් "නිර්මාල්" ආරම්බ කර ඇති "2020 ඝෝඨා ජනපති" නොහොත් "Gota for 2020" ව්‍යාපාරය බුකියේ මහත් ආන්දෝලනයක් ඇති කර අවසානය. සෝභීත හාන්දුරුවෝ ගෙන ඒමට එක හෙලාම විරුද්ධ වූ මාතලන්, මේ අවස්ථාවේ නම් පෙනි සිටින්නේ, නිර්මාල්ගේ තේරිම වෙනුවෙනි.

    ඒ බව මාතලන්ගේ පෞද්ගලික මිතුරන් මෙන්ම, බ්ලොග් හිතවතුන්ද ඉතා හොඳින් දන්නවාය. මාතලන් ඒ කාළයේ සිටම කියන්නේ, මේ රට දියුණු කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය අකුලා පැත්තකින් තැබිය යුතු යැයි කියාය. (ඇත්තටම එහෙම එකක් කොහොමත් මෙහේ ඇත්තේත් නැතිය.) අප දන්නා කාළයේ පටන් මෙහි පවතින්නේ සුද්දා ඒමට පෙර පැවති වැඩවසම් ක්‍රමයක්ය. එහි කූටාප්පරාත්තිය සිඳු වූයේ, මහින්ද මහ රජානෝ වීමෙන්ය. පට්ට ජෝක් එක කියන්නේ, එතුමා රජෙක් කියා අපිට කීවේ, පොදු අපේක්ෂකයා ලෙස මහින්දට එදිරිව ආප්පයක් කා දොට්ට බැස ගිය, සිරා ටෝක්ස් වලට ලෝක ප්‍රසිද්ද, පොලොන්නරුවේ සිරාම වීමය.

    ඉදින් එහෙව් රටක, මානුෂික අයිතිවාසිකම්, කන්කරු අයිතිවාසිකම්, අර අයිතිවාසිකම් මේ අයිතිවාසිකම් කියා ලෝකයේ දියුණු රාජ්ජයන් තුල පවත්නා දර්ශකයන් බල්ලාට දමා මුලින්ම කළ යුත්තේ, මේ රට සහ ජනතාව ආර්ථික වශයෙන් දියුණු කරනා එකය. ආර්ථික වශයෙන් ශක්තිමත් වන ජනතාවක්, දැණුමෙන් මෙන්ම, කළාව හා සාහිත්‍යයෙන්ද, මිනිසත් බවින්ද, ඉදිරියට එන්නේ බලාගෙන සිටිද්දීය. ලොව පිලිගන්නා දියුණු රටවල් කියනා සියළුම රටවල් පාහේ, ආර්ථික වශයෙන්ද මානුෂික වශයෙන්ද ඒ තත්වයන්ට පත්ව තිබෙන්නේ, ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොර අති දරුණු නීතී රීති සහිත දරදඬු ඒකාධිපති පාලනයන් යටතේය.

    මෑතදී ආර්ථික වශයෙන් ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවත්නා නැගෙනහිර ආසියානු රටවල් මෙන්ම, දියුණු වූ ආසියානු රටවල්ද ඒ තත්වයන් උදාකරගෙන තිබෙන්නේ, අදහස් ප්‍රකාෂ කිරිමේ නිදහස පවා උල්ලංගනය වන සේ පැවති හා පවත්නා දැඩි පාලනයන් යටතේය. ගෝත්‍රිකයන්ට මාද්දිය නිදහස් දීලා මේ ආන්ඩුව ඉල්ලාගෙන කෑම ඊට ඇති හොඳම උදාහරණයය. දැන් එහෙව් නිදහසක් දීලා, එවා දුන්න උන්ට වෙලා තියෙන්නේm ගලේ පැහරූ පූසාට අත් වූ ඉරණමමය.

    ඉදින් ලංකාවටද අවශ්‍ය වන්නේ එවන් පාලකයෙක්ය. මහින්ද රාජපක්ෂට නැවත රජෙක් වීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, ඝෝඨා වෙනුවට මහින්ද බලයට ඒමට නම්, මේ වියවස්ථාව අනිවාර්යයෙන් වෙනස් විය යුතුය. (පලාත් පාලන ඡන්දය තියා ගන්නට බය ආන්ඩුවක් කිසිදා වියවස්ථා ගෙන එන්නේ නැත.) එසේ උවහොත්, මහින්ද රාජපක්ෂ බලයට ඒම කිසිවකුටත් නැවැත්විය නොහැකි වන අතර, එසේ නොවීමට නම්, මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුය. එවන් දෙයක් කිරීමට මේ හාල්පාරු නායකයන් සහිත, මෙලෝ රහක් නැති ආන්ඩුවට කොන්දක් නැති බව ඕන ගොනෙකුට තේරෙනා කරුණක්ය.

    නිර්මාල්ගේ "2020 ඝෝඨා ජනපති" ව්‍යාපාරයට එදිරිව දක්වන කරුණු කිසිවක්, නිරපේක්ෂ කරුණු නොවනාතර, සියල්ලම සාපේක්ෂ කරුණුම වන්නේය. අප දැන් ඔවුන් මතු කරනා කරුණු එකිනෙක සලකා බලමු..

    ඝෝඨා මිනීමරුවෙකි

    මෙහෙම චෝදනා කරනා උන්ම අනෙක් අතට ඝෝඨා යුද්ධයට බයේ පලාගිය එකෙක්ය යන කාරනාව පසෙක තබා බැලුවද, ඝෝඨාභයද ප්‍රධාන කොටස් කරුවකු වෙමින් නිමා කලේ වසර 30 ක් තිස්සේ ඇදුනු ලොව බලවත්ම ත්‍රස්තවාදි සංවිධානයට එරෙහි යුද්ධයයි. එසේම මාධ්‍යකරුවන් ඝාතනය කිරීමේ චෝදනාද එකිනෙකාට දෝලනය වෙමින් පට්ට ආතල් එකක් ගන්නාතර, මේ චෝදනාවන්ම එල්ලවූ විශ්‍රාමික හමුදාපති ෆොන්සේකාට ජනපතිවරනයට ඉදිරිපත් විය හැකි නම්, ඝෝඨාට ඉදිරිපත් වීමට නොහැක්කේ ඇයි? එපමනක් නොව, සිරිමා ආන්ඩුවේ සිට, සියළුම නායකයන්ට (වමේ පක්ෂවල නායකයන්ද ඇතුලුව) මෙම චෝදනාව නොඅඩුවම ඇති බවත් කිසි සේත්ම අමතක කළ යුතු නොවේ..

    ඝෝඨා හොරෙකි

    ඝෝඨා හොරෙක් ලෙස ඔප්පු කිරීමට ඇවන් ගාඩ් හා මිග් ගණුදෙණු සීන් පටලවා ඇෆ් සී අයි ඩීය වසර දෙකහමාරක් තිස්සේ පුක විකාගෙන දඟලනාතර, මෙතක් ඝෝඨා හොරෙක් බව කිසිවකු උසාවිය ඉදිරිපිට ඔප්පු කොට නැත්තේය..

    ඝෝඨා දරුණු පාලකයෙකි

    එය මාතලන්ට අනුව නම් ප්ලස් මාක් එකකි. බුද්ධිමතුන්ගේ අති දරුණ් හිඟයක් පවතිනා අම්මට සිරි ලංකාවේ, උගතුන්ද පට්ට ගෝත්‍රිකයන් වනාතර, එවන් ගෝත්‍රිකයින් පිරිසකට නායකත්වය දිය යුත්තේ පාන්කිරිත්තෙක් නොව, අති දරුණු නායකයෙක්මය.. පවත්නා ආන්ඩුවට කිසිවක් කර ගැන්මට නොදෙනා කාළකන්නි බලවේගයන් වන මහා සංඝරත්නය හා වෛද්‍යවරුන් පමණක් නොව හැම එකාම එදා ඝෝඨා ලඟ නැට්ට පුකේ ගසා ගත් බලු කුක්කන්ම විය.

    ඝෝඨා මෙරට ලේ විලක් කරනු ඇත..

    අමු කෙප්පයකි... ඝෝඨා ලේ විලක්ව පැවති මේ රටට සාමයේ සිසිල් පැන් ඉසූ කන්ඩායමේ ප්‍රභල සමාජිකයෙකි.

    ඝෝඨා අමු ජාතිවාදියෙකි, ආගම්වාදියෙකි

    මේවා මාර ලොල් සහගත චෝදනාය. අවංකවම ජාතිවාදින් නොවන දේශපාලුවන් ලෙස අම්මට සිරි ලංකාවේදි මාතලන් නම් දැක ඇත්තේ, චන්ද්‍රකා සහ භාහු පමණි. මේ රටේ ජීවත්ව සිට මිය ගියා වූද, දැනට ජිවත් වන්නා වූද අනෙක් ඔක්කෝම දේශපාලුවෝ ජාතිබේදයකින් තොරව අමු ජාතිවාදින්මය. සහජීවන, අර ජීවන මේ ජීවන බයිලා ගසන, ව්‍යවස්තාවකින් රට බෙදා විනාස කිරීමට යන, එහෙත් එසේ නොකරන, සිරිසේනද අමුම අමු ජාතිවාදියෙක් මෙන්ම ආගම්වාදියෙකි.

    තමන්ගේ රටට ජාතියට ආදරය නොකර, අනෙක් ජාතියකට ආදරය කරන්නේ, එක්කෝ යම් කිසි වාසියකයටය. එසේ නැත්නම් ද්‍රෝහීන්ය. එනයින් බැලූ කල, ඝෝඨා එවන් පුදගලයකු වීමද ප්ලස් මාක් එකකි. ජාතිවාදින් නොවේ යැයි කියනා උන්, අවසාන මොහොතේ, පන්සල් පාලුවෝ වනවා අපේ දෑසින්ම අනන්තවත් දැක ඇත්තෙමු.

    ඝෝඨාට සුළු ජන ඡන්ද නොලැබි යන බව

    මෙහි ඇත්තේ අර්ධ සත්‍යයකි. කරුණා හා සම්බන්ධ නැගෙනහිර ප්‍රදේශයේ අඩු කුළවල ද්‍රවිඩ ජනතාව ඝෝඨාට තම මනාපය දෙන අතර, ඕනෑම පැත්තකට හැරෙනා මුස්ලිම් ඡන්ද, මුස්ලිම් පක්ෂවල නායකයන්ට ලබා දෙන දොල පිදේනී අනුව ලබා ගැනීමද ඉතා සුළු කරුනක්ම වන්නේය. සිරි ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද සියල්ලම ලැබෙනාතර. අවුරුදු 23 තිස්සේ කිසිම දෙයක් නොලද එජාපයේ ක්‍රියාකාරින් සියල්ලම ඝෝඨා හා එක් වීම ඉර හඳ සේ විශ්වාසය.

    එමෙන්ම ඝෝඨාභයද කළ මෝඩකම් වලින් පාඩම් ඉගෙනගෙන ඇති බවටද සැකයක් නැත්තේය. ඝෝඨා නායකයකු සතු ගුණාංගයන්ගෙන් අති බහුතරයක් සතු නායකයකු බව ඔප්පු කොට අවසානය. මහින්ද රාජපක්ෂද ඝෝඨාට බය බව කීවේ වෙනින් කවුරුවත් නොව මේ යහපාලන පාන්ඩුවේ ඝෝඨාට බයේ හිටපු උන්මය.. නිර්මාල් ඝෝඨාභය ඉදිරියට ගෙන ඒමට බොහෝ කළකට පෙර මාතලන් මේ කරුණු සියල්ලම මෙලෙසම කියා ඇති අතර. නිර්මාල් වැනි කෙනෙකුන් කුමන චේතනවාක් යටතේ වුවද ගත් මෙම තීරණය වෙනුවෙන් මාතලන්ද පෙනී සිටිනවා ඇත.

    එමෙන්ම, නිර්මාල් සඳන් කරනා // රාජපක්ෂ ත්‍රිත්වය (මහින්ද-බැසිල්-ගෝටා) යනු අන් කිසිවක් නොව සිංහල-බෞද්ධ දේශපාලන මනසේ විකාශයේ පරිසමාප්තියයි. එම පරිසමාප්තියේ තාර්කික අවසානයට එළඹීමට පෙර 2015 ජනවාරි වල රාජපක්ෂ පාලනය අවසන් වීම පිළිබදව මම දැන් කණගාටු වෙමි. මේ ඓතිහාසික වරද නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය. // කරුණට, මාතලන් කිසිසේත්ම එකඟ නොවනාතර, ඒ ගැන වෙනම බ්ලොග් පෝස්ටුවකින් කරුණු ගෙන හැර දැක් වීමට බලාපොරොත්තු වෙමි..

    කෙසේ වෙතත් 2020 ට බොහෝ කල් තිබියදි මෙම මාතෘකාව කරලියට ගැනීම ගැන මාතලන්ගේ එතරම් කැමත්තක් ඇත්තේම නොමැති අතර, අවසාන මොහොතේ මේ බව ප්‍රකාෂ කොලේ නම් වඩා හොඳ බව මාතලන්ගේ මතයය.

    .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිහගෙ මුල x කණ්ඩායම (දීප්ති කුමාර ගුණරත්නගෙ )
    දැන් තනියම වාමංශික අදහස් ගැන කතාකරන්නෙ (සියලු වම JVP නොවේ)
    මිනිහගෙ sarcasm වැඩි නිසා කියන දේවල් ගැන හිතල වැඩක් නෑ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මෙයාට මතයක් ඇති.හැබැයි දේශපාලන මතය නම් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.කොහොමත් හිටියේ වාමාංශික මතයක තමා.වෙලාවකට ජේවීපී එකටත් සපෝට්. හැබැයි දැන් දැන් කියන කතා වමාංශිකයින්ටම දිරවගන්න බැරි වෙලා තියෙන්නේ.සමහරවිට මෙයාගෙ මතය මට තේරෙන් නැද්ද දන්නෙත් නෑ
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    වර්තමානයේ ඉන්න බුද්ධිමත් කෙනෙක්.එලකිරියෙ ඉන්න හැලපයින්ගෙන් අහන්නෙ නැතිව,මිනිහගෙ ඉන්ටර්විව් යූ ටියුබ් තියෙනවා .බලපන්.මිනිහ එයා ගෙ කුලය,ජේවීපී විරෝධය ඔක්කොම කියනව.