ඔය එක තැනක්නේ. එක තැනකින් conclusion වලට එන්නැතුව ත්‍රිපිටකය තව අධ්‍යනය කරන්න. ඔය ඔක්කොම කතන්දර තමයි, හේතුවක් නිසා දේශනා කරපු, හේතුවක් නිසා පවත්වගෙන ආපු. කතන්දරෙන් කරන්නේ කතන්දර ඔක්කොගෙම බොරුව පෙන්නන එක. එහෙම වෙන්නනම් කතන්දරේ හරි pov එකෙන් බලන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට.
බුද්ධාගමේ කියවෙන හැම දෙයක්ම ඇත්තද බොරුද කියල විමසන්න බැහැ.මම එහෙම ඇහුවේ යක්කු නෑ කියන්න නෙවේ ...
සූත්‍ර පිටකය සමහර තැන්වල අර්ථකථනය කරපු විදි අවුල් ...
ඔය මුචලින්ද කියන්නේ ප්‍රාදේශීය පාලකයෙක් වෙන්න පුළුවන් !
ආලවක කියන්නෙත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන් !
මහියංගනයෙන් එලෙව්වේ නාග ගෝත්‍රිකයෝ වෙන්න පුළුවන් !
නැත්තං ... තිරිසන් මනුෂ්‍ය තලයේ ඉන්න පුද්ගලයෙක්ට ( සාමාන්‍ය පුද්ගලයෙකු ට) වෙනත් තලයක ඉන්න ජීවියකු පේන්න විදියක් නෑ,
යක්කු පේනවා නම්, දෙවියොත් පේන්න ඕනේ !
ඒක නිසා තමයි, මේ තල දෙක අතර සම්බන්ධතාව ඇතිකර ගැනීමට යන්ත්‍ර මන්ත්‍ර ශ්ලෝක භාවිතා කරන්නේ සාමාන්‍ය මිනිසුන් විසින්,
එහෙත් ධ්‍යානාදිය උපදවපු පුද්ගලයන්ට මෙම විවිධ තල සමග විඤ්ඤාණය ඔස්සේ සම්බන්ධතා පවත්වන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා !
හැබැයි එහෙම විමසන්න පුළුවන් දේවල් වලින් එකක් තමයි මම ඔය කියපු යක්ෂ කතාව. ආලවක සුත්‍රය කියල එකකුත් ත්‍රිපිටකයේ තියෙනවනෙ.
මගේ අදහස මේ ආගම් හැම එකක්ම රැඳිලා තියෙන්නෙ අපිට ඒ කියල තියෙන දේවල් හරිද වැරදිද බලන්න බැරි නිසා කියල. එහෙම පුළුවන් වුනා නම් ලෝකෙ තියෙන්න ඕන එක ආගමයි.