මම අහපු එකට ඩිරෙක්ට් උත්තරයක් නැහැ ඔය රිප්ලයි එකේ..
mirror එක ගැන explanation එකට තැන්ක්ස්. ඒත් ඒක ඇත නැත කියන අන්ත ගැන කියන්න පාවිච්චි කරන උදාහරණයක්. (mirrors 10 කතාවනම් අදාලම නැහැ.)
මට හිතෙන්නේ උඹ ඕන නැති විදියට මේක පටලවාගෙන ඉන්නේ. ඒකයි ඔය consensus ප්රශ්නෙදි උඹ හිරවෙන්නේ.
බාහිර රූපය ගැන කතාකරන්න බය වෙන්න ඕන නැහැ බුද්ධ ධර්මයේ. එකම දේ, ඒ බාහිර රූපය තුල පෑන් වත්, ගහ කොළ වත් මිනිස්සු වත් නැහැ කියල තේරුම් ගන්න එක. ඒ බාහිර රූපය උපකාරයෙන් ප්රසාදයේ හටගන්නා ප්රසාද රූපය, වේදනාව සහ සංඥාව ඇතුලේ තමයි ඔය පෑන්, ගහ කොළ හැමදේම තියෙන්නේ.
එතකොට මොකද එලකිරිය කාටත් නිල් පාටට පේන්නේ? මිනිස්සුන්ගේ ඇහේ ප්රසාද රූපය ගොඩක් දුරට එක වගේ. එකම බාහිර රූපයකට එක වගේ ප්රසාද රූපවල හැදෙන රූපය ගොඩක් දුරට සමාන ඇති. එතකොට එලකිරිය ඇත්තටම නිල් පාටද? I don't know. I don't think anyone knows!