නිවන් දකින්නේ කොහොමද?

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
නිවන් දකින්නේ කොහොමද?

නිවන යනු කුමක්ද? නිවන යනු නිවීමයි. ඒ කියන්නේ සිතේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ඇතිවන දැවීම නිවාදැමීමයි. නිවන් දැකීමට කළ යුත්තේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් හදාගන්නා ආස්වාදය නැති කිරීමයි. අපි ඇසින් රූප බලන විට, කනින් ශබ්ද අහන විට, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා වේදනා ලෙස වෙන් කරගන්නවා, පැරණි මතකයන් උපයෝගී කරගෙන. මේ වේදනාවේ ඉන්පසු රාග, ද්වේශ හෝ මෝහ ලෙස අවිද්‍යාවෙන් ඇලෙනවා. ආස්වාදය හටගන්නේ මේ අවිද්‍යාවෙන් වේදනාවට ඇලීමෙන් තමයි. මේ ආස්වාදය තමයි ආර්ය සාසනයේ දුක්ඛය ලෙස හඳුන්වන්නේ. නිවන් දැකීමට කළ යුත්තේ මේ ආස්වාදය නැති කිරීමයි. ඒ සඳහා අවිද්‍යාව ප්‍රහානය කරනවා. අවිද්‍යාව කියන්නේ ලෝකය සාරයි, කැමැත්ත ඉෂ්ඨ කරනවා වගේ දෘෂ්ඨීන්. මේ අවිද්‍යාව නැතිකිරීමට ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකිය යුතුයි. මේ විදියට විදර්ශනා කරන විට ටිකින් ටික මාර්ගඵල ලබල නිවන් අවබෝධ කරගන්න පුළුවන්.

4.jpg


නිවන් දැකීමට අවශ්‍ය යැයි ඔබට හිතෙන සියළු දෑ, ප්‍රශ්න, සැඟවුණු කරුණු ආදිය මෙහි පළකරන්න.
 
Last edited:

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
නිවන් දැකීමට අවශ්‍ය යැයි ඔබට හිතෙන සියළු ප්‍රශ්න, සැඟවුණු කරුණු ආදිය මෙහි පළකරන්න.
 

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
'චේතනාහං භිඛ්ඛවේ කම්මං වදාමි'

මේක ටිකක් පහදපන්..
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මුලින් දස්සනෙන පහාතබ්බ කියලා කොටසක් තියනවනේ පස්සේ සන්වරෙන පහාතබ්බ කියලා කොටසක් තියනවා ..ඊට පස්සේ තියන කොටස් කියා දෙන්න පුලුවන්ද ?බඩගින්න ,සිතල ආදිය ඉවසන්න පුරුදු වෙන්නේ කොයි වගේ කාලෙකද :baffled:
     

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    මුලින් දස්සනෙන පහාතබ්බ කියලා කොටසක් තියනවනේ පස්සේ සන්වරෙන පහාතබ්බ කියලා කොටසක් තියනවා ..ඊට පස්සේ තියන කොටස් කියා දෙන්න පුලුවන්ද ?බඩගින්න ,සිතල ආදිය ඉවසන්න පුරුදු වෙන්නේ කොයි වගේ කාලෙකද :baffled:

    බඩගින්න සීතල වගේ මේ දේවල් වැටෙන්නේ කාම රාගයට. ඔතන පළවෙනියට දස්සනේන පහාතබ්බ සෝතාපන්න වෙන්න. ඉට පස්සේ භාවනේන පහාතබ්බ. අනාගාමී වුනාට පස්සේ ප්‍රඥානේන පහාතබ්බ.

    සංවරේන පහාතබ්බත් වැදගත්. ඔතන වැදගත් වෙන්නේ සිතේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි ඇතිවීම පාලනය කරගෙන එයින් සංවර වන ආකාරයයි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව එකක් මාර්ග පලයක් ලැබුනා කියලා හරියටම දන ගන්නේ කොහොමද ??
    චිත්තජ ස්වභාවයේ ක්‍රමික වෙනස් කමක්නේ වෙන්නේ .ඕකෙන් මාර්ග පල තත්ත්ව වෙනස් වීමේදී විශේෂ දැනීමක් සිදු වෙනවාද :baffled:

    මාර්ග පල නැති කෙනෙක් සෝතාපන්න වෙද්දී ..සෝතාපන්න කෙනෙක් ස්කුර්දාගාමි වෙද්දී කොහොමද ඒක නිශ්චිතවම දැනෙන්නේ :baffled:
     

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    තව එකක් මාර්ග පලයක් ලැබුනා කියලා හරියටම දන ගන්නේ කොහොමද ??
    චිත්තජ ස්වභාවයේ ක්‍රමික වෙනස් කමක්නේ වෙන්නේ .ඕකෙන් මාර්ග පල තත්ත්ව වෙනස් වීමේදී විශේෂ දැනීමක් සිදු වෙනවාද :baffled:

    මාර්ග පල නැති කෙනෙක් සෝතාපන්න වෙද්දී ..සෝතාපන්න කෙනෙක් ස්කුර්දාගාමි වෙද්දී කොහොමද ඒක නිශ්චිතවම දැනෙන්නේ :baffled:

    එහෙම විශේෂ වෙනස් වීමක් හැමෝටම දැන්නෙනේ නෑ. සමහරු තමන්ට මාර්ග ඵල තියෙනවා කියලා දන්නෙත් නැති වෙන්න පුළුවන්. හැබැයි සෝතාපන්න වුනා කියලා දැනගන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ආර්ය දැහැනක් වඩලා බලන්න ඕනේ. එතකොට සෝතාපන්න කෙනෙකුට තරමක් පහසුවෙන් ධ්‍යාන වැඩෙනවා. නමුත් සෝතාපන්න කෙනෙක්ට වුනත් ධ්‍යාන නැතිවෙන්නත් පුළුවන්.
     

    Chanux Bro

    Member
    Oct 31, 2017
    71
    5
    0
    සකෘදාගාමී වූවෙක් ඉපදෙන්නේ කොහේද? සකෘදාගාමී වූවෙක් ඉතා කලාතුරකින් හැර බොහෝවිට දිව්‍ය තලයේ හෝ ඊට ඉහළ තලයක උප්පතිය ලබයි.
     

    minoblue

    Junior member
  • Sep 16, 2015
    42
    4
    8
    සියලු කෙලෙස් අවුල ලිහන්නේ කෙසේද - Ven. Balangoda Ananda Maitreya Thero