නිවන් දකින්නේ කොහොමද?
නිවන යනු කුමක්ද? නිවන යනු නිවීමයි. ඒ කියන්නේ සිතේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් ඇතිවන දැවීම නිවාදැමීමයි. නිවන් දැකීමට කළ යුත්තේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින් හදාගන්නා ආස්වාදය නැති කිරීමයි. අපි ඇසින් රූප බලන විට, කනින් ශබ්ද අහන විට, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා වේදනා ලෙස වෙන් කරගන්නවා, පැරණි මතකයන් උපයෝගී කරගෙන. මේ වේදනාවේ ඉන්පසු රාග, ද්වේශ හෝ මෝහ ලෙස අවිද්‍යාවෙන් ඇලෙනවා. ආස්වාදය හටගන්නේ මේ අවිද්‍යාවෙන් වේදනාවට ඇලීමෙන් තමයි. මේ ආස්වාදය තමයි ආර්ය සාසනයේ දුක්ඛය ලෙස හඳුන්වන්නේ. නිවන් දැකීමට කළ යුත්තේ මේ ආස්වාදය නැති කිරීමයි. ඒ සඳහා අවිද්‍යාව ප්‍රහානය කරනවා. අවිද්‍යාව කියන්නේ ලෝකය සාරයි, කැමැත්ත ඉෂ්ඨ කරනවා වගේ දෘෂ්ඨීන්. මේ අවිද්‍යාව නැතිකිරීමට ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකිය යුතුයි. මේ විදියට විදර්ශනා කරන විට ටිකින් ටික මාර්ගඵල ලබල නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
නිවන් දැකීමට අවශ්‍ය යැයි ඔබට හිතෙන සියළු දෑ, ප්‍රශ්න, සැඟවුණු කරුණු ආදිය මෙහි පළකරන්න.

Last edited: