නිවන් දකින්න ලේසිම ක්‍රමය-part II

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මේකේ අර මුලින්ම කරන්න ඕන පොඩි බාවන 4 ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ???
    (මම බෞද්දයෙක් නෙමෙයි ...එකයි ...පොඩ්ඩක් උදව් කරන්න )
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මේකේ අර මුලින්ම කරන්න ඕන පොඩි බාවන 4 ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද ???
    (මම බෞද්දයෙක් නෙමෙයි ...එකයි ...පොඩ්ඩක් උදව් කරන්න )
    listen this

    2.භාවනා පූර්වකෘති

    I.https://archive.org/download/VenDank...rvakurthi1.mp3
    II.https://archive.org/download/VenDank...rvakurthi2.mp3
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Tb5Zt.gif
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අර පිටිදූවේ සිරිදම්ම හාම්දුරුවොන්ට පිස්සුද බන්..
    මේකයි කතාව,, ඉස්සර හොඳට බණ කිව්වා, අපිත් ඇහුවා..ප්‍රසිද්ධ උනා.. ඊට පස්සෙ මොලේ අමාරුවක් හරි,මාර බලපෑමක් හරි සිද්දවෙන්නැති, දැන් නිකන් දේශපාලකයෙක් ඡන්දෙ ගන්න කෑ ගහනව වගෙ මම රහත් මම රහත් වාද කරන්න වරෙව්, කිය කියා කෑ ගහනවා. පස්සෙන් දුවන මිනිස්සු තමා පව්..
     

    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    ශූන්‍යතාවය ගැන සදහන් කිරීමේදී එය කරා යන ගමනේදී රූපයේ නිවීම සහිත, නමුත් පසුව නාමයේ නිවීමක් මේ හිමියන් පවසනවා. සද්ධර්මයේ සදහන් වන්නේ නාම/රූප යන යුගලයේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය ලෙස, අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින බව. එසේම එකක් නැතිවුවොත් අනික පවතින්නේ නැතැයි පවසා තිබෙනවා. ඉතින් මේ හිමියන්ගේ රූපයේ නිවීම පළමුව කර පසුව නාමයේ නිවීම කරගැනීම සද්ධර්මය සමග ගැලපෙන්නේ නැහැ.

    පිංවත් Skylark

    මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි.

    පැහැදිලි කර දෙන්නෙ නම් බොහොම පින්.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පිංවත් Skylark

    මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි.

    පැහැදිලි කර දෙන්නෙ නම් බොහොම පින්.

    පින්වත් Lord Voldermort,

    අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් යැයි සිතීමේ අපහසු බවක් මට පෙනෙනවා. මට වැටහෙන්නේ එසේ සිතුවොත් අපි කන බොන කෑම පවා අසංඥ සත්වයින් ලෙස පනවන්න වෙන බවයි.

    අරූප ස්වභාවයේදීනම් මට මතක හැටියට බුදුරජානන් වහන්සේ පවසා ඇත්තේ එහි සර්වප්‍රකාරයෙන්ම රූපයක් නැහැයි කියලා.

    මම මේ ත්‍රෙඩ් එක නැවත කියවා බලා, අදාල හිමියන්ගේ පොතත් නැවත බලා ත්‍රිපිටකයේ සූත්‍රත් බලා වැඩි විස්තර සහිතව පිළිතුරක් දෙන්නම්. මම එහිදී පවසා ඇති "ශූන්‍යතාවය ගැන සදහන් කිරීමේදී එය කරා යන ගමනේදී රූපයේ නිවීම සහිත, නමුත් පසුව නාමයේ නිවීමක් මේ හිමියන් පවසනවා." යන කරුණු සමහරක් විට මගේ වැරදි වැටහීමක් නිසාම මම පැවසුවා වෙන්න පුළුවන්. මම ලියා ඇත්තේ රූපයේ හා නාමයේ නිවීමක් ගැන. සමහරක් විට ඒ හිමියන් පවසා ඇත්තේ රූප සංඥාවේ නිවීමක් ආදිය ගැන වෙන්න පුළුවන්. රූපයේ නිවීම හා රූප සංඥාවේ නිවීම වෙනස් කාරණා දෙකක්. ඒ නිසා ඒ හිමියන් නිවැරදිව කියා ඇති දෙයක් මම වරදවා වටහා ගෙනදැයි විමසා බලා වැරදීමක් සිදුව ඇත්නම් නිවැරදි කරගැනීම වටිනවා.

    "සද්ධර්මයේ සදහන් වන්නේ නාම/රූප යන යුගලයේ නාම සහ රූප එකිනෙකට ප්‍රත්‍ය ලෙස, අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින බව. එසේම එකක් නැතිවුවොත් අනික පවතින්නේ නැතැයි පවසා තිබෙනවා." යන මා විසින් ලියන ලද කරුණ සහ ඔබ පවසා ඇති පරිදි රූපයෙන් තොර සත්ව ස්වරූපය ගැන ත්‍රිපිටකයේ එම කරුණු ඇති තැන්ද සමගින් මට හැකි පමනින් කල හැකි පැහැදිලි කිරීමක් ටික දිනකින් දන්වන්නම්.

    සියුම් කාරණාවන්නේ. මේ වාගේ තැන් ගැන වැඩි වැඩියෙන් මහන්සි වෙන්න ඕනෑ නිවැරදි අර්ථය අල්ලා ගන්න. ඒ මහන්සිය අවබෝධය පිණිසමයි පවතින්නේ.

    Skylark
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පිංවත් Skylark

    මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි.

    පැහැදිලි කර දෙන්නෙ නම් බොහොම පින්.


    පින්වත් Lord Voldermort,

    මම ඉහත සැක ඇතිව ලියූ "අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් යැයි සිතීමේ අපහසු බවක් මට පෙනෙනවා. මට වැටහෙන්නේ එසේ සිතුවොත් අපි කන බොන කෑම පවා අසංඥ සත්වයින් ලෙස පනවන්න වෙන බවයි." ගැන සහ ඔබ ලියන ලද "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ගැන තව ටිකක් හිතා බැලුවා. එහිදී අසංඥ සත්වයින්ට ඇත්තේ රූප ස්කන්ධය පමණක් වීමට ඇති හැකියාවක් ගැනත් කන බොන දෑ ආදිය අසංඥ සත්වයින් ලෙස පනවන්න බැරි වෙන ආකාරයක් ගැනත් යම් අදහසක් පහත පරිදි දැක්විය හැකියී.

    බුදු දහමේ දැක්වෙන සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තිය විස්තර වන්නේ සංඥා රහිත ස්වභාවයක් ලෙස. යම් පුද්ගලයෙක් මෙම සමාපත්තියට සමවැදුනොත් එහිදී එම පුද්ගලාගේ කය මැරෙන්නේ නැහැ. නමුත් තාවකාලිකව එම සමාපත්තියෙන් නික්මෙන තෙක් සංඥා රහිත වෙනවා. මේ සමාප්තියට සමවැදුණු පුද්ගලයෙකුගේ ලක්ෂණයන් මජ්ඣිම නිකායේ මූල පන්නාසකයේ චූල යමක වග්ගයේ මහාවේදල්ල සූත්‍රයේ [ මහාවේදල්ල සූත්‍රය - http://thripitaka.org/view/sp/sp4/704 ] දැකිය හැකියී. මේ සමාප්තියේදී හුස්ම ගැනීමක් හෝ පිට කිරීමක් (කායසංස්කාර) නැහැ, කල්පනා කිරීමක් හෝ පරික්ෂා කිරීමක් (විතර්කවිචාර - වාක්සංස්කාර) නැහැ, වේදනාවන් සහ සංඥාවනුත් (චිත්තසංස්කාර) නැහැ. නමුත් ආයුෂ අවසන් නැහැ, ඇඟ උණුසුම පවතිනවා, ඉන්ද්‍රීයන් ඉතා ප්‍රසන්නව පවතිනවා. ඉතින් මේ කියවෙන්නේ සංඥා රහිතව සත්වයෙකුගේ රූපය පවතින ආකාරයක්.

    මහාවේදල්ල සූත්‍රයේම සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ සහ මැරුණු අයෙකුගේ වෙනස විස්තර වෙනවා. මැරුණු අයෙකුගේත් හුස්ම ගැනීමක් හෝ පිට කිරීමක් (කායසංස්කාර) නැහැ, කල්පනා කිරීමක් හෝ පරික්ෂා කිරීමක් (විතර්කවිචාර - වාක්සංස්කාර) නැහැ, වේදනාවන් සහ සංඥාවනුත් (චිත්තසංස්කාර) නැහැ. ඊට අමතරව ආයුෂ අවසන්, ඇඟ උණුසම නැහැ, ඉන්ද්‍රීයන් මැරිලා. ඉතින් මේ විස්තරය සහ ඉහත විස්තරයට අනුව කන බොන දෑ ආදියේ රූපමය ස්වරූපයෙන් සංඥා රහිත සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ රූපය වෙනස් වන්නේ කෙසේදැයි යම් අදහසක් ඇති කර ගන්න පුළුවන්.

    ඉතින් මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ආකාරය අනුව සලකා අසංඥ තලවල සත්වයින්ට ඇත්තේ ඒ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා පුද්ගලයාගේ රූප ස්කන්ධයට සම්පූර්ණයෙන්ම හෝ යම් පමණකින් සමාන වන රූපයක් පමණක් විය හැකි ලෙස හිතන්න පුළුවන්.

    හැබැයි මම තවම අහලා හෝ කියවලාවත් ඇති බවක් සිහි නොවන කාරණාවක් වන්නේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියේ ඉන්නා අයෙකුගේ සහ අසංඥ තලයක ඉන්නා සත්ත්වයෙකුගේ සමානකම් හා අසමානකම් මොනවාද කියන එක. වෙනසක් ඇතැයි කියලා බෙහෙවින්ම අනුමාන කරනවා. මොකද මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියට සමවැදීම රහතන් වහන්සේ නමකට පමණක් කල හැකි දෙයක්දැයි මම සැක කරන නිසා. සංඥාවේ හටගැනීම සහ වැනසී යාම යන කාරණා තමන්ටම දකින්න, දැනෙන්න රහත් බව ලබන්නම උවමනා නැහැ. ධම්මානුසාරී පුද්ගලයෙකුට උවත් යම් අවස්ථාවකදී සංඥාවේ හටගැනීම සහ වැනසීයාම සමාධියෙන් තමන්ටම දකින්න, දැනෙන්න හැකි බවක් පවතිනවා.

    සංඥාවට අදාල සීමිත කරුණු ප්‍රමාණයක් මමත් අත්දැක තිබෙනවා. නමුත් මට ඒ සමහරක් කරුණුවල ලක්ෂණ වඩාත් පැහැදිලිව නොදැකීම සහ නොදැනීම නිසා ත්‍රිපිටක ධර්මයේ දැක්වෙන වචන සමඟ තවමත් හරිහැටි ගලපාගන්න හැකිවී නැහැ. ඒ සමහර අත්දැකීම් ධර්මයේ විස්තර වන මේකත් වාගේ, අරකත් වාගේ වැනි අදහස් නිසා පැහැදිලි යමක් කියන්න තවම අපහසුයි. අත්දැකීම් සහ කියවීමෙන් හෝ ඇසීමෙන් ලද ධර්ම අවබෝධය මට තවම ප්‍රමාණවත් නැහැ. තව වෙහෙසෙන්න බොහෝ දේ තිබෙනවා.

    මතු සම්බන්ධයි...

    Skylark
     
    Last edited:

    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    පිංවත් Skylark

    පිලිතුරට බොහොම පින්. මා පෙර කල "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ප්‍රකාශයට පදනම් වූයේ රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ කෘතියක සදහන් වූ කරුණක්. කෘතියේ නම හරියටම මතකයේ නැතත් මම වැඩිදුරටත් සොයා බලා එක්කල හැකි කරුණක් වෙත් නම් මෙම ත්‍රෙඩ් එකට එක් කරන්නම්.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පිංවත් Skylark

    පිලිතුරට බොහොම පින්. මා පෙර කල "මා අසා ඇත්තේ අරූප, අසඥ තලවල සත්වයින්ට ඇත්තේ පිලිවෙලින් නාම ස්කන්ධය හෝ රූප ස්කන්ධය පමණක් බවයි." ප්‍රකාශයට පදනම් වූයේ රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ කෘතියක සදහන් වූ කරුණක්. කෘතියේ නම හරියටම මතකයේ නැතත් මම වැඩිදුරටත් සොයා බලා එක්කල හැකි කරුණක් වෙත් නම් මෙම ත්‍රෙඩ් එකට එක් කරන්නම්.

    පින්වත් Lord Voldermort,

    එය සුදුසුයි. රේරුකානේ චන්දවිමල හිමියන්ගේ පොතේ එක්කල හැකි කරුණක් වෙත් නම් මෙම ත්‍රෙඩ් එකට එක් කරන්න.

    පෙර පෝස්ට් [ http://www.elakiri.com/forum/showthread.php?p=20243848 ] එකේදී මම "මොකද මේ සඤ්ඤාවේදයිතනිරෝධ සමාප්තියට සමවැදීම රහතන් වහන්සේ නමකට පමණක් කල හැකි දෙයක්දැයි මම සැක කරන නිසා." ලෙස ලියුවා. මට ඒ ගැන විස්තරයක් ඇති සූත්‍රයක් හමුවුනා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ පඤ්චක නිපාතයේ ආඝාත වර්ගයේ නිරොධ සූත්‍රයට [ නිරොධ සූත්‍රය - http://thripitaka.org/view/sp/sp14/334 ] අනුව සඤ්ඤාවේදයිතනිරෝධ සමාපත්තියට සමවැදීමේ හැකියාව රහතන් වහන්සේලාට පමණක්ම සීමා වූ දෙයක් නොවෙයි.

    මතු සම්බන්ධයි...

    Skylark
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සාදු!සාදු!සාදු!

    බුදු දහම ලොවෙහි බැබලේවා!