නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    ඕන්න මිත්‍රවරුනෙ... කල්ප කාලාන්තරයකට පස්සෙ ඕඩර් කරපු වාහනේ සැපත් වුනා...
    මේක නිසාන් මැග්නයිට් ටෙක්න + එකක්...


    ලොකුවට ෆොටෝ ගහන්න හම්බවුනේ නෑ... දබ වැස්ස...

    මේකෙ මෝල ගැන කියනවනං, 1L නැචුරල් ඇස්පරේටඩ් පෙට්‍රල් එන්ජිමක් එක්ක, AMT 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් එන්නෙ. ඒ කියන්නෙ මැනුවල්, ඔටෝ දෙවිදිහටම ඩ්‍රයිවු කරන්න පුලුවන්...


    මේකෙ ගියර් සිස්ටම් එකනං මට එච්චර දිරවන්නෙ නෑ... ඔටෝ ගියර් ශිෆ්ට් වෙනකොට ලොකු ඩිලේ එකක් තියෙනව. සාමාන්‍යයෙන් ස්ලෝ වෙන අවස්ථාවක 4 ඉඳන් 3ට ඩවුන් ශිෆ්ට් වෙනකොට එකෙක් පිටිපස්සෙ ඉඳන් පස්සට පයින් ගහනව වගේ නොක් එකක් දැනෙනව... කම්පැණි එකෙන්නං කියන්නෙ, ඒව දුවනකොට තව ස්මූත් වෙනව කියල... තත්වෙ බලල ඒ ගැන අප්ඩේට් එකක් දෙන්නං... දැනටනං අවුල්...
    මැනුවල් එලවනකොට මේක මගහැරගන්න පුලුවන්. ඒත් ගියර් ශිෆ්ටින් ඩිලේ එක තියෙනව, අපිට අර්ලි ශිෆ්ට් කරල ඒක ශේප් කරගන්න පුලුවන්...

    මේකෙ මැනුවල් මෝඩ් එකේ ඩ්‍රයිවු කරත්, අපිට වැරදි ගියර් එකකට ශිෆ්ට් කරන්න බෑ, ඒ වගේම ශිෆ්ට් නොකර හිටියොත් එයා ඔටෝමැටිකලි ශිෆ්ට් කරගන්නව... මේක හොඳ ඔප්ශන් එකක්...

    මේකෙ තව අවුලක් තියෙනව, ලෝ ගියර් වල පාගල ගන්නකොට මාර නොයිසි... කැත සද්දයක් එනව ඇතුලට... 1000kmපැන්නට පස්සෙ වෙනස් වෙන්න ඉඩ තියෙනව...
    සිටි එකේ ඇවරේජ් ෆියොල් 10 kmpl තමයි කරල තිබුණෙ...

    මේ වාහනේ බරසාරයි, හැබැයි එන්ජිම හෙන පොඩියි... හුඩ් එක ඇරියම, බර කරත්තෙකට කකුල් තුනේ වල් බල්ලෙක් බැඳල වගේ හැඟීමක් එනව... උඩ තියෙන ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඕක තමයි ඉතිං..




    පිකප් එක ගැන කියනවනං, එන්ජිමේ හැටියට හොඳ පිකප් එකක් තියෙනව... මැනුවල් මෝඩ් එකේනං, ලඟ පිකප් කරල ගන්න පුලුවන්.
    බ්‍රේක්, හැන්ඩ්ලින් එහෙම හිතුවට වඩා හොඳ මට්ටමකට තියෙනව, බොඩි රෝලින් ගොඩක් අඩුයි...
    ශීට් පොසිශන් විට්ස් එකට සමානයි, හැබැයි, හැන්ඩ්ලින් විට්ස් එකට වඩා හොඳයි.. සෙඩාන් කාර් එකක් වගේ ෆීල් වෙනව..

    ඉන්ටීරියර් ගැන කියනවනං, ඩෑශ්බෝඩ්, ශීට්, අප්හෝල්ස්ටරි ලෙදර් රිච් ලුක් එකක් දීල තියෙනව, භාරත් නිමාව අමතක කරල ඉන්ටීරියර් ඩිසයින් කරල තියෙනව...
    කැබින් හෝල් එකේනං චීප් ප්ලාස්ටික් ගතියක් තියෙන්නෙ, අරින වහනකොට උනත් ස්මූත් නෑ..
    බටින් වල තියෙන්නෙ තද ගතියක්, පුශ් ස්ටාට් බට්න් එක පවා එහෙමයි. "ටොකොස්" ගාල එබෙන ෆීලින් එකක් තියෙන්නෙ...
    බට්න් වල තියෙන හාඩ්නස් එක එච්චර ලොකු අවුලක් විදිහට දකින්නෙ නෑ මම...
    මොකද ඕෆ්රෝඩ් වාහන ගත්තත්, ස්විචස් ටිකක් ලොකුවට අතට අහුවෙන්න හදල තියෙනව... ඒ නිසා මම ඒකෙ ලොකු අඩුවක් දකින්නෙ නෑ..




    මල්ටිෆන්ශන් එකෙත් එහෙමයි, බට්න් හාඩ්, දකුණු පැත්තෙ බට්න් වලින් ඩිස්ප්ලේ සෙටිං කන්ට්‍රෝල් දීල තියෙනව, වම් පැත්තට ප්ලේයර් එකේ කන්ට්‍රෝල් තියෙනව... මෙතන තියෙන අඩුව,
    AC කන්ට්‍රෝල් වලට ස්ටියරින් එකේ බට්න් එන්නෙ නෑ.. ඒකත් ලොකුවට දැනෙන අවුලක් නෙමෙයි..

    මේකෙ ඉන්ටීරියර් ඩිසයින් වල තදට දැනෙන අඩුපාඩු කිවුවොත්,

    ෆුට් රෙස්ට් එක තියෙන පොසිශන් එක හරි නෑ. ඒක තිබුණට වඩා හොඳයි නොතිබුණානං... ලේලන්ඩ් බස් වල වගේ පත ෆුට්රෙස්ට් එකක් තියෙනව. ඒත් අවශ්‍ය තැන නෙමෙයි තියෙන්නෙ..
    අනික ස්ටියරින් කොලම් එක මහා කැත විදිහට පේනව එතන...


    vietnamese phim online
    සෙන්ටර් කැබින් එකට ඉස්සරහින් එන කප් හෝල්ඩර් එකට උස වතුර බෝතල් දැම්මොත් මැනුවල් ඩ්‍රයිවු කරද්දි අමාරුයි...



    පස්ස ශීට් දෙක ජපන් වාහන වල වගේ ෆුල් ෆ්ලැට් ස්පේස් එකක් එන විදිහට ෆෝල්ඩ් කරන්න බෑ... ඇන්ද සම්පූර්ණ ඉස්සරහට නමල මොනවහරි බඩු දානවනං දාන්න පුලුවන්...

    වාහනේ ටූල් ටික දාගන්න වෙනම ස්පේස් එකක් නෑ... හැබැයි හොඳ මල්ලක් දීල තියෙනව, මල්ලෙ දාල මුල්ලකට කරල තියන්න තමයි තියෙන්නෙ... රෙපෙයාර් කිට් වෙනුවට ලොකු සයිස් ස්පෙයා වීල් එකකුත් දීල තියෙනව...




    ආයෙ ඉතිං, අලුත් වාහන වලට එන අනෙක් ඔප්ශන් ටික තියෙනව...
    360 කැමරා, පාකින් සෙන්සර්, usb, type c, රියර් ac වෙන්ට්, self lock unlock, ටයර් ප්‍රෙශර් ඉන්ඩිකේටර් වගේ දේවල් තියෙනව...





    ඊට අමතරව කලර් වෙනස් කරන්න පුලුවන් ඉන්ටීරියර් ලයිට් එකක් තියෙනව...






    ඔයටික තමයි ඉතිං කියන්නනං තියෙන්නෙ, සමස්ථයක් විදිහට ගත්තම මටනං මේ වාහනේ, ඔය ප්‍රයිස් එකට අවුලක් නෑ...
    තව මොනවහරි අලුත් සීන් එකක් තිබුණොත් හරි, මග හිටින්න වැඩක් සෙට් වුනොත් හරි අප්ඩේට් එකක් දෙන්නං...
    හොද රිවීව් එකක් බන් මාරු
    mjr inspire ඔකේ රිවීව් එකේ ස්ටියරින් කෝලම් එක පෙන්නපු දවසේ මටනම් අඩුනා
    හැබැයි මග්නයිට්වරු උට හේනට බාන්න
    uba jdm use karapu ekekda?
    parana jdm oyata wada godak udin neda thiyenne?
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,856
    113
    Gampaha
    congratulations!
    තෑන්ක්ස් මචෝ..
    බර කරත්තෙකට කකුල් තුනේ වල් බල්ලෙක් බැඳල වගේ හැඟීමක් එනව.

    guu giyah
    හෙහ් හේ...
    Congratulations
    tfs mcho
    congratulations!
    තෑන්ක්ස් මචංස්...
    TFS anthima images tika penne na
    ඒක හදන්න බෑනෙ. ආයෙ දැම්ම හරිගියේ නෑ... බලමු...
    Elakiri bro
    Congratulations Mis...
    තෑන්ක්ස් මචංස්...
    Umba kawadda order kale..

    @PHBhagya gear box eka thama parissam kara ganna ona.. hena jarawak oke thiyenne.. rest nam good.. only issue is gearbox. Welawata oil maru karala thiyaganna..
    ඔවු... ඔවු... ඒක හරි. මටත් ගියර් බොක්ස් එක තමයි ප්‍රශ්නෙ.
    Congratulations ❤️❤️
    Congratz mchn
    තෑන්ක්ස් මචංස්..
    නන්දේකීයක් වුණා ද?

    එහෙනම්. ජය වේවා
    89 යි...
    Congratulation! Good & balance review.
    ස්තූතියි මිතුරනි..
    magnite nisa anaata wuna tawat buwekge andonaawak. tawa maasa 2 3k hityanm fronx ekak ganna tibba AMW cariyot supiri atal ekak dunne
    වරදවා වටහගන්න එපා.. අඳෝනාවක් නෙමෙයි, දැණුවත් කිරීමක්..

    අනාත වෙලා නෙමෙයි..,
    මේක එකක් විතරයි...

    Fronx එකකුත් ගනියි මේබී... ගත්තොත් රිවීවු එකක් දාන්නංකො...
    monwa unath lassana wahanayak
    තෑන්ක්ස් මිතුරනි.
    හොද රිවීව් එකක් බන් මාරු
    mjr inspire ඔකේ රිවීව් එකේ ස්ටියරින් කෝලම් එක පෙන්නපු දවසේ මටනම් අඩුනා
    හැබැයි මග්නයිට්වරු උට හේනට බාන්න
    uba jdm use karapu ekekda?
    parana jdm oyata wada godak udin neda thiyenne?
    ඔවු මචං.. මගෙ දැනටත් jdm නිසාන් එකක් තියෙනව. ඒකටනං කිට්ටු කරන්නවත් බෑ...

    ඒ වගේම මම යූස් කරල තියෙනව, ඇලියන්, වැගන්ආර්, විට්ස්, තව ගොඩක් ඒව එක්ස්පීරියන්ස් කරලත් තියෙනව. .

    ඒවයින් මේක ටිකක් සමකරන්න පුලුවන් විට්ස් එකටයි, වැගන්ආර් එකටයි..
    හැබැයි බොඩි රෝලින්, හැන්ඩ්ලින් පැත්ත ගත්තම ඇලියන් එකේ කිට්ටුවටම තියෙනව..

    දොරවල් වැහෙන විදිහ, ෆිනිශින් වගේ ඒව ගත්තම මේක පස්සෙන් තියෙන්නෙ, හැබැයි මුල් කාලීන ඉන්දියන් වලට වඩා ලොකු දියුණුවක් තියෙනව.. .
    අඩෝ.... කොන්ගැඩුලේසොන්..... පට්ට ආ.... කවද්ද පාටිය.... 🎉🎉🎉:rofl:
    පාටිත් ඕනෙද ඉතිං... බැන්ද දවසට... බැන්ද දවසට.. හරිද...
    බොන උං පිටින් එකතු කරල බෝතල් ගෙනෙවු...

    jayaweewaaaa
    Congratulations bro!!
    ස්තූතියි මිතුරනි..
    wgonr walata wada oka godak hondai . indian model kenek wage .
    යා..යා..
    වැගන් ආර් එකට වඩා හැන්ඩ්ලින් හොඳයි.
    Good luck bump
    තෑන්ක්ස් මචෝ...
    ------ Post added on Nov 27, 2025 at 8:22 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,856
    113
    Gampaha
    TFS anthima images tika penne na
    මචං දැන් හරි. මගේ ස්පේස් ලිමිට් වෙලා..
    @Kalegana ලොක්ක පින්තූර ටික ඉල්ලගෙන වැඩේ ගොඩදාල දුන්න..
    තෑන්ක්ස් කලේ..

    මට ඉමේජ් කේස් එකක් එනවම තමයි නූලක් දාන්න ගියොත්... මීට කලින් ඔහොම වෙලා ගොඩදාල දුන්නෙ @windows_ubuntu කොලුව...
    Congratulations Miss :love2:
    Good review 👍
    ‎‎‎රෝසපාට තිබුනෙ නැද්ද :lol: ‎‎‎
    නෑ...නෑ..😅
    Congratulations bro 👏 🎉
    තෑන්ක්ස් මචෝ...

    මට suzuki celerio amt එක මතක් වෙනවා... බුදු පුතේ පරිස්සමෙන් පැදපන්....
    තව අවුරුදු තුන හතරයිනෙ..
    ------ Post added on Nov 27, 2025 at 8:46 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,856
    113
    Gampaha
    මම බැලුවෙ, මේක මැග්නයිට් ගෘප් එකේ ලවල එන්න..
    උං මාව ගෘප් එකෙන් පන්නයිද දන්නෑ හැබැයි..
    Nice 👍. TFS
    තෑන්ක්ස් මචං...
     
    • Like
    Reactions: KDH and NRTG