නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Traffic eke karanawada 10k?
    තාම හෙවි ට්‍රැෆික් ගියේ නෑ.. පොඩි ට්‍රැෆික් වල
    ඔවු. 9, 10 වගේ කරනව.
    ඇවරේජ් 14 කරල තිබුණ...

    Congratulations 🎉

    පට්ට. 😍 (y)

    Congratulations 👏👏👏

    congratulations

    congratulations 🥳
    තෑන්ක්ස් මිතුරනි...
     
    • Like
    • Love
    Reactions: hrm and supun_sg

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඔච්චර වාහන අරං මොකද කරන්නෙ උබ.

    any way congratulations bea ;-)
     
    • Love
    Reactions: PHBhagya

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ape ekak thibba. rush hour eke 6-7 thama max kale. comfortable wahane habay.
    aaa mageth habai last year tune up ekak kala bn plug maru karala ita passe thama tikak wadi une :baffled:
    ow bn driving pleasure ek maru hodat bara danenaw athat wangu ehem ai ganna puluwan supiriyat :love:
     
    • Like
    Reactions: PHBhagya and hrm

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    ඕන්න මිත්‍රවරුනෙ... කල්ප කාලාන්තරයකට පස්සෙ ඕඩර් කරපු වාහනේ සැපත් වුනා...
    මේක නිසාන් මැග්නයිට් ටෙක්න + එකක්...


    ලොකුවට ෆොටෝ ගහන්න හම්බවුනේ නෑ... දබ වැස්ස...

    මේකෙ මෝල ගැන කියනවනං, 1L නැචුරල් ඇස්පරේටඩ් පෙට්‍රල් එන්ජිමක් එක්ක, AMT 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් එන්නෙ. ඒ කියන්නෙ මැනුවල්, ඔටෝ දෙවිදිහටම ඩ්‍රයිවු කරන්න පුලුවන්...


    මේකෙ ගියර් සිස්ටම් එකනං මට එච්චර දිරවන්නෙ නෑ... ඔටෝ ගියර් ශිෆ්ට් වෙනකොට ලොකු ඩිලේ එකක් තියෙනව. සාමාන්‍යයෙන් ස්ලෝ වෙන අවස්ථාවක 4 ඉඳන් 3ට ඩවුන් ශිෆ්ට් වෙනකොට එකෙක් පිටිපස්සෙ ඉඳන් පස්සට පයින් ගහනව වගේ නොක් එකක් දැනෙනව... කම්පැණි එකෙන්නං කියන්නෙ, ඒව දුවනකොට තව ස්මූත් වෙනව කියල... තත්වෙ බලල ඒ ගැන අප්ඩේට් එකක් දෙන්නං... දැනටනං අවුල්...
    මැනුවල් එලවනකොට මේක මගහැරගන්න පුලුවන්. ඒත් ගියර් ශිෆ්ටින් ඩිලේ එක තියෙනව, අපිට අර්ලි ශිෆ්ට් කරල ඒක ශේප් කරගන්න පුලුවන්...

    මේකෙ මැනුවල් මෝඩ් එකේ ඩ්‍රයිවු කරත්, අපිට වැරදි ගියර් එකකට ශිෆ්ට් කරන්න බෑ, ඒ වගේම ශිෆ්ට් නොකර හිටියොත් එයා ඔටෝමැටිකලි ශිෆ්ට් කරගන්නව... මේක හොඳ ඔප්ශන් එකක්...

    මේකෙ තව අවුලක් තියෙනව, ලෝ ගියර් වල පාගල ගන්නකොට මාර නොයිසි... කැත සද්දයක් එනව ඇතුලට... 1000kmපැන්නට පස්සෙ වෙනස් වෙන්න ඉඩ තියෙනව...
    සිටි එකේ ඇවරේජ් ෆියොල් 10 kmpl තමයි කරල තිබුණෙ...

    මේ වාහනේ බරසාරයි, හැබැයි එන්ජිම හෙන පොඩියි... හුඩ් එක ඇරියම, බර කරත්තෙකට කකුල් තුනේ වල් බල්ලෙක් බැඳල වගේ හැඟීමක් එනව... උඩ තියෙන ප්‍රශ්න වලට ප්‍රධානම හේතුව ඕක තමයි ඉතිං..




    පිකප් එක ගැන කියනවනං, එන්ජිමේ හැටියට හොඳ පිකප් එකක් තියෙනව... මැනුවල් මෝඩ් එකේනං, ලඟ පිකප් කරල ගන්න පුලුවන්.
    බ්‍රේක්, හැන්ඩ්ලින් එහෙම හිතුවට වඩා හොඳ මට්ටමකට තියෙනව, බොඩි රෝලින් ගොඩක් අඩුයි...
    ශීට් පොසිශන් විට්ස් එකට සමානයි, හැබැයි, හැන්ඩ්ලින් විට්ස් එකට වඩා හොඳයි.. සෙඩාන් කාර් එකක් වගේ ෆීල් වෙනව..

    ඉන්ටීරියර් ගැන කියනවනං, ඩෑශ්බෝඩ්, ශීට්, අප්හෝල්ස්ටරි ලෙදර් රිච් ලුක් එකක් දීල තියෙනව, භාරත් නිමාව අමතක කරල ඉන්ටීරියර් ඩිසයින් කරල තියෙනව...
    කැබින් හෝල් එකේනං චීප් ප්ලාස්ටික් ගතියක් තියෙන්නෙ, අරින වහනකොට උනත් ස්මූත් නෑ..
    බටින් වල තියෙන්නෙ තද ගතියක්, පුශ් ස්ටාට් බට්න් එක පවා එහෙමයි. "ටොකොස්" ගාල එබෙන ෆීලින් එකක් තියෙන්නෙ...
    බට්න් වල තියෙන හාඩ්නස් එක එච්චර ලොකු අවුලක් විදිහට දකින්නෙ නෑ මම...
    මොකද ඕෆ්රෝඩ් වාහන ගත්තත්, ස්විචස් ටිකක් ලොකුවට අතට අහුවෙන්න හදල තියෙනව... ඒ නිසා මම ඒකෙ ලොකු අඩුවක් දකින්නෙ නෑ..




    මල්ටිෆන්ශන් එකෙත් එහෙමයි, බට්න් හාඩ්, දකුණු පැත්තෙ බට්න් වලින් ඩිස්ප්ලේ සෙටිං කන්ට්‍රෝල් දීල තියෙනව, වම් පැත්තට ප්ලේයර් එකේ කන්ට්‍රෝල් තියෙනව... මෙතන තියෙන අඩුව,
    AC කන්ට්‍රෝල් වලට ස්ටියරින් එකේ බට්න් එන්නෙ නෑ.. ඒකත් ලොකුවට දැනෙන අවුලක් නෙමෙයි..

    මේකෙ ඉන්ටීරියර් ඩිසයින් වල තදට දැනෙන අඩුපාඩු කිවුවොත්,

    ෆුට් රෙස්ට් එක තියෙන පොසිශන් එක හරි නෑ. ඒක තිබුණට වඩා හොඳයි නොතිබුණානං... ලේලන්ඩ් බස් වල වගේ පත ෆුට්රෙස්ට් එකක් තියෙනව. ඒත් අවශ්‍ය තැන නෙමෙයි තියෙන්නෙ..
    අනික ස්ටියරින් කොලම් එක මහා කැත විදිහට පේනව එතන...


    vietnamese phim online
    සෙන්ටර් කැබින් එකට ඉස්සරහින් එන කප් හෝල්ඩර් එකට උස වතුර බෝතල් දැම්මොත් මැනුවල් ඩ්‍රයිවු කරද්දි අමාරුයි...



    පස්ස ශීට් දෙක ජපන් වාහන වල වගේ ෆුල් ෆ්ලැට් ස්පේස් එකක් එන විදිහට ෆෝල්ඩ් කරන්න බෑ... ඇන්ද සම්පූර්ණ ඉස්සරහට නමල මොනවහරි බඩු දානවනං දාන්න පුලුවන්...

    වාහනේ ටූල් ටික දාගන්න වෙනම ස්පේස් එකක් නෑ... හැබැයි හොඳ මල්ලක් දීල තියෙනව, මල්ලෙ දාල මුල්ලකට කරල තියන්න තමයි තියෙන්නෙ... රෙපෙයාර් කිට් වෙනුවට ලොකු සයිස් ස්පෙයා වීල් එකකුත් දීල තියෙනව...




    ආයෙ ඉතිං, අලුත් වාහන වලට එන අනෙක් ඔප්ශන් ටික තියෙනව...
    360 කැමරා, පාකින් සෙන්සර්, usb, type c, රියර් ac වෙන්ට්, self lock unlock, ටයර් ප්‍රෙශර් ඉන්ඩිකේටර් වගේ දේවල් තියෙනව...





    ඊට අමතරව කලර් වෙනස් කරන්න පුලුවන් ඉන්ටීරියර් ලයිට් එකක් තියෙනව...





    ඔයටික තමයි ඉතිං කියන්නනං තියෙන්නෙ, සමස්ථයක් විදිහට ගත්තම මටනං මේ වාහනේ, ඔය ප්‍රයිස් එකට අවුලක් නෑ...
    තව මොනවහරි අලුත් සීන් එකක් තිබුණොත් හරි, මග හිටින්න වැඩක් සෙට් වුනොත් හරි අප්ඩේට් එකක් දෙන්නං...
    Congratulations :yes::love:
     
    • Love
    Reactions: PHBhagya