නිසාන් සෙරීනා කියන්නෙ සුපිරි වන්ඩියක්.

trossss

Junior member
  • Oct 13, 2010
    19
    39
    13
    නිසාන් සෙරීනා කියන්නෙ සුපිරි වන්ඩියක්.

    නිසාන් සෙරීනා කියන්න ලන්කාවෙ සෑහෙන්න කතා බහට ලක් උන වාහනයක්. මොකද කියනවනම් අනූව දශකයෙ මුල් කාලයෙ ඉදලා ලන්කාවට ගොඩබැහැපු මෙ වාහනය, එවකට කන්කවෙ දුවපු වාහන වලට සාපෙක්ශව ලස්සන පෙනුමක් , ඉඩකඩ, සැප, ඉන්දන කාර්යශමතාවය ඉතාම ඉහල තත්වයක තිබුන නිසාවෙනි. එම නිසා එකාලයෙ සෙල් වල මෙ වාහනය විකිනුනෙ උනු කැවුම් වගෙ.

    90 දශකය ලබද්දි ලන්කාවට ආපු මෙ වාහනෙ,2000 දශකය වෙද්දි අයිතිකරුවන්ට සාමාන්ය වාහන වල එන ලෙඩ රෙපෙයාර් එන්න ගන්නවා, ඔන්න වාහනයට කෙල උන තැන. එ වෙන කොට ලන්කාවෙ දුවපු සිම්පල් වාහන වලට සාපෙක්ශව මෙ වාහනයෙ මිකැනිසම් එක ඉතා සන්කීර්න උනා, කොටින්ම කිව්වොත් අපෙ මක බාස් අයියලාට මෙ වාහනය මැජික් එකක් උනා. උන්ට මෙ වාහනයෙ රෙපෙයාර් එකක් කියන්නෙ මහා ඉසෙ රුදාවක් උනා, ලන්කාව සාමාන්ය මනුස්සයෙක් වාහනයක් ගනිද්දි වාහනය බාසෙක් ලවා පරික්ශාවක් කරගන්න පුරුදුව හිටියා, එහෙම වෙලාවට මනුස්සයෙක් සෙරීනා එක ගැන අහනකොටම උන් කරන්නෙ ඔලුවෙ අතගහගන්න එක, අව්ල වාහනයෙ නෙවෙයි,, වාහනයක් හරියට හදාගන්න බැරි මජන් නාන බාස්ලගෙ. උන්ට වාහනී හදාගන්න බැරි උනාම උන් කවදත් කරෙ වාහනෙ නොන්ඩි කරපු එක.

    ඔන්න දැන් ආයෙත් මෙ වාහනෙට හොද කලක් ලැබිලා,, දැන් ගොඩක් ලන්කාවෙ ස්ටෑඩඩ් එකට වැඩකරන මිකැනික් ල ගොඩක් ඉන්නවා, ඉතින් ඉස්සර මෙ වාහනයෙ ආපු ලෙඩ වලට ස්තීර විසදුම් මෙ අය ගව තිනවා, තව දුරටත් සෙරීනා වලට බය වෙන්න අවශ නෑ,, මොකද සෙරීනා කියන්නෙ අද කාලයෙ එන වාහන සමග උවත් කරට කර තරග කරන්න පුලුවන් ඉතා හොද වාහනයක්. එම නිසාම මෙ වාහනයට ලන්කාව තුල ඉහල ඉල්ලුමක් තීනවා.
     

    Gaash

    Active member
  • Jan 15, 2015
    266
    235
    43
    මාත් හොයන වාහනය . විකුනන කෙනෙක් දන්නවද මචන් ?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    7,891
    2,467
    113
    Mahanuwara
    ඔකට ඉස්සර කිව්වෙ සදාකල් ඔබ මගේ මොඩ්ල් එකක් කියල.........විකුණගන්න අමාරු සහ මාර්කට් නැ කියල........බාස්ලා ගැන නම් කතා කරල වැඩක් නැ...දවසක් බාස් කෙනෙකුට ශිෆ්ට් ෆොර්ක් එක හයි කරගන්න බැරුව,එක කපල පාස්සගන එන්න කිව්ව,අපි ඉට පස්සෙ එ මනුස්සයව යවල යස අගෙට දාගත්තා,කම්මැලි ඩොප් බාස්ලා එක්ක මොන වාහන හැදිල්ලක්ද......

    Dura yaddi heat wenawa wadi kyanna aththada
    ow oke heat case ekak thiyanawa kiyala nam kiyanawa
    ------ Post added on Feb 19, 2021 at 12:59 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    41,379
    3,450
    113
    Lakwan
    සෙරින විතරක් නෙවි ඔය ඇන්ජිම ආව SB14, SU14 මාර්කට් නැත්තේ ඇයි බං
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    12,956
    10,947
    113
    තාම ලන්කාවේ
    ඔකට ඉස්සර කිව්වෙ සදාකල් ඔබ මගේ මොඩ්ල් එකක් කියල.........විකුණගන්න අමාරු සහ මාර්කට් නැ කියල........බාස්ලා ගැන නම් කතා කරල වැඩක් නැ...දවසක් බාස් කෙනෙකුට ශිෆ්ට් ෆොර්ක් එක හයි කරගන්න බැරුව,එක කපල පාස්සගන එන්න කිව්ව,අපි ඉට පස්සෙ එ මනුස්සයව යවල යස අගෙට දාගත්තා,කම්මැලි ඩොප් බාස්ලා එක්ක මොන වාහන හැදිල්ලක්ද......


    ow oke heat case ekak thiyanawa kiyala nam kiyanawa
    ------ Post added on Feb 19, 2021 at 12:59 PM
    හීට් කේස් එක තමා ලොකුවටම ආවේ. ඒත් දෑන්නම් කට්ටිය ඒවාට බෙහෙත් හොයා ගෙන තියෙන්නේ මම හිතන්නේ
     
    • Love
    Reactions: 001flyD

    trossss

    Junior member
  • Oct 13, 2010
    19
    39
    13
    Nissan Serena
    සෙරිනා කිව්වම හැමෝටම මතක් වෙන්නෙ එන්ජින් හීට් එක ඉහල යාම , ගෑස්කට් ප්‍රශ්න වගේ දේවල්. ඒ මොකද මෙම වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවධියේ මෙම වාහනයේ එම ගැටලු ඇත්තවශයෙන්ම පැන නැගුනු නිසාවෙනි . එය සත්‍යයකි .
    නමුත් වර්තමානය වන විට එම ගැටලුව දැක ගැනීමට නොමැත , ඒ ඇයි ? ඒ ගැනයි මේ ලිපිය.............

    ඇත්තටම මොකක්ද මේ සෙරීනා ???
    සෙරීනා c23 කියන්නේ 1991 නිශ්පාදනය ආරම්භ වුනු වාහනයක් . නිසාන් සමාගම විසින් පවුලේ වාහනයක් ලෙස වෙලඳපොලට ඉදිරිපත් කල මෙය එම අවධියේ පැවති ඉහලම තාක්ෂණය යොදාගෙන නිපදවන ලද්දකි .. මීට පෙර නිපදවූ c22 ( අපි දන්න දුනු වැනට් ) එකෙහි පැවති දුර්වලතා අඩුකරමින් මගීන්ට උපරිම සැපපහසුව , රියදුරුගේ පහසුව , ආරක්ෂාව (3 STAR SAFETY RATINGS) වැනි බොහෝ දේ මෙහිදී ඔප්නැංවුනා .. මෙහිදී ඔවුන් සෙරීනා කාන්ඩ 4ක් යටතේ නිපදවනු ලැබුවා.... ඒ LX , VX , FX , FX 2 ලෙසය ( ඒ පිලිබඳව සවිස්තර දැනුවත් කිරීමක් පහතින් පලකරන්නෙමු ) . වර්තමානයේ දී Electric , Hybrid තාක්ෂණයන් සමග c27 දක්වා මාදිලි එලිදක්වා ඇත . මෙය ලොවපුරා බෙහෙවින් ප්‍රචලිත විය .එම නිසාවෙන් මෙය ශ්‍රී ලංකාවට ද ආගමනය විය.....

    ඇත්තටම මොකද උනේ ???

    නිසාන් සෙරීනා ලංකාවට මුලින්ම පැමිනියේ 1994 95 කාලයේදීය. ඒ වකවානුවේදී මෙය අප රටේ කාර්මිකයන්ට අලුත් අත්දැකීමක් විය නමුත් මේ පිලිබඳ නිසි දැනුම නොමැති වීම නිසාවෙන් ඇත්තටම මෙය ඔවුන් හිසරදයක් වූ බව එකල සිටි බොහෝ කාර්මිකයන් හා වාහන හිමියන් වර්තමානයේ දීද කියා සිටී . එම නිසාවෙන් මෙයට එක් එක් දෝශාරෝපන එල්ලවිය
    උදා :- *ගෑස්කට් ගැටලු නිතර ඇතිවන බව
    * එන්ජින් එකහි තහඩුව තුනී බව , ඇලුමිනියම් නිසා ගෙවීයන බව හා පැලීමට (crack) වන බව
    *රේඩියේටරය පොඩි බව , රේඩියේටරයක් නොමැති බව
    * එන්ජින් එක කුඩා බව
    * රේඩියේටරයේ සිට එන්ජින් එකට දුර වැඩිබව (බස් එකක යා යුතු බව )
    * සීතල රටවල් වලට පමනක් යෝග්‍ය බව

    වැනි කාරනා ඒ අතර විය . නමුත් ඇත්තටම මේ ගැටලුවට හේතුව කුමක්ද ?

    පසු කාලීනව කාර්මික මහතුන් විසින් සොයාගත් පරිදි මෙයට හේතු වී ඇත්තේ එකල කාර්මික මහතුන්ට සොයාගැනීමට නොහැකි වූ 10mm ඇනයකි .. රේඩියේටරයට ජලය , කූලන්ට් පිරවීමේ දී රේඩියේටරයේ සිට එන්ජින් එකට පැමිනෙන නලයේ කෙලවර ඇති මෙම ඇනය බුරුල් කිරීමෙන් පද්ධතිය තුල ඇති වායු බුබුලු ඉවත් වේ. එසේ නොකල හොත් එන්ජින් උශ්නත්වය ඉහල යන අතර (මෙය ඕනෑම කාර්මිකයෙකු වර්තමානයේ දන්නා දෙයකි) එලෙස උශ්නත්වය ඉහල ගියවිට ගෑස්කට් ගැටලු ඇතිවේ ....

    ඇත්තටම සිදුවූයේ මෙයයි. නමුත් වැඩ බැරි බාස්ල සහ බ්‍රෝකර්වරුන්ගේ මත නිසාවෙන් මෙය මෙම වාහනයේ දෝශයක් ලෙස සමාජගත් උනි. නමුත් වර්තමානයේ මෙම ගැටලු නිරාකරණය වීමත් සමග මෙම වාහනය පිලිබඳ බොහෝ දෙනාගේ අවධානය ලැබී ඇත කිමද අතේ ඇති මුදලකට පවුලේ සැමට ඉතාමත් සැපපහසු ආරක්ෂිත ගමනක් යැමට සුදුසුම වාහනයක් වීම නිසාවෙනි .

    ගෲපයේ මෙම වාහනය පිලිබඳ පොස්ට් රාශියක් දැකීම නිසා මෙය පලකිරීමට සිතුවෙමි ...

    මෙතැන් සිට serena⁩ model සහ එකිනෙකට වෙනස් වු වෙනස් කම් ගැන කතා කරමු

    පලමුවෙන්ම
    (01) Nissan serena⁩ LX

    Lx කියන්නේ c23 series එකේ මුල්ම කෙනා. බොඩ් ඩිසයින් එක නම් c23 කාන්ඩයේ සියලුම වාහනවල එක සමානවේ..
    Lx පාවිච්චි කරනු ලබන්නේ භාන්ඩ ප්‍රවාහනය සදහායි.මෙහි power steering, power mirror සහ power shutter (driving side එකේ පමනක්) option වශයෙන් පැමිණ තිබේ . මෙහි full aposting නොමැති වීම සහ side door එකෙහි glass එක පහත් කීරීමට නොහැකි වීම fuel tank door යතුරෙන් ඇරීමට තීබීම මෙහි අනෙක් model අතරින් වෙනස් වන ලක්ශණයි.

    (02)Nissan serena⁩ VX

    VX කියන්නේ c23 series එකේ මගී ප්‍රවාහනයට ආව මුල්ම කෙනා. මෙහි Front AC / Dual AC, Power Steering, Power Shutters, Power mirror, Auto Door, සහ Center Lock Options වශයෙන් පැමිණ තිබේ .

    Fuel tank door එක විවෘත කිරීමට ඇත්තේ යතුරින් නොවන අතර එය රියදුරු අසුනේ සිටම විවෘත කිරීමේ පහසුකම ලබා දී ඇත. බාහිර පෙනුමෙන් VX model එකක් හදුනාගැනීමට පහසුම ක්‍රමය තමයි LX Model එකේ වගේ Key hole එකක් fuel tank door එකේ නොමැති වීම සහ පිටුපස දොරේ Full Lights, Mirror, heater Wiper යන options තිබීම. ඒ වගෙම VX එකේ Full Upholstery සහ Velvet Carpets එනවා. තව VX එකේ ඉස්සරහා Gas shocks සහ පිටුපස දුනු එක්ක Gas shocks එනවා. ඒක හින්දා මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ඕනෙම දේකට VX එක භාවිතා කරන්න පුලුවන්.

    (03)Nissan serena⁩ FX

    FX කියන්නේ KVC series එකේ මුල්ම කෙනා. මෙහි CD20ET ( electronically controlled and
    turbo ) අශ්වබල 96 ක එන්ජිමක් ඇත (computer box එකකින් පාලනය වේ)

    වායුසමීකරණ පද්ධතිය Dual AC වන අතර Climate control පහසුකම , පිටුපස මගීන්ට Foot blower සහ පිටුපස Ac එක රිමෝට් එකකින් පාලනය කලහැකි පරිදි කුඩා තිරයක් සහිතව නිශ්පාදිනය කර ඇත.
    ඉදිරිපස වායුසමීකරණයද කුඩා තිරයකින් යුක්තය එය touch ac ලෙස ඇතැමුන් හදුන්වයි

    මෙය මගී ප්‍රවාහන වෑන් රථයක් බැවින්(passenger vehicle) මගීන්ට වැඩි පහසුවක්
    ලබාදීමට පිටුපස දුනු ඉවත් කර(leaf springs) ලින්ක්ස් සහ ෆයිබර් තනි දුන්නකින් සමන්විත පැද්දුම් (suspension)පද්ධතියක්
    ලබා දී ඇත
    තවද සුවපහසුව සදහා adjustable රේලින් ආසන (එකිනෙකට සීට්ස් බෙල්ට් ඇති)ඇත .මැද සීට් පෙල කුඩා මේසයක් ආකරයට වෙනස් කල
    හැක,,

    Safety features ලෙස
    ABS බ්‍රේක් පද්ධතියක් සහ air bag
    ලබාදී ඇත

    පිටුපස cigarette ලයිටර් සොකට් එකක් සහ sliding door එක සදහා magnetic door, power shutter ,central
    Locking යන සියලුම අංග fx මාදිලියට එක්කර ඇත

    හෙඩ්ලයිට් වලද වෙනස්කමක් fx මාදිලියේ ඇත එනම් ෆොග්ලයිට් රවුම් ආකාරයට ඇත

    (04) FX - 2

    Fx-2 මාදිලියෙ ද ඉහත අපි කතා කරපු Fx model එකෙහි ඇති සියලු options පැමිණ ඇති බැවින් ඉන් වෙනස්වන විශේෂ කරුණ වනුයේ මෙහි Dual sunroof පැමිණ තීබීමයි.

    ***තවද මෙම සෑම model එකක් සදහාම petrol Engine පැමිණ ඇති අතර ඒවා GA 16 හෝ SR20 Engine සහිතව පැමිණ ඇත.***

    වැදගත් :- LX හා VX යන මාදිලි වලට FX හෝ FX 2 උපාංග පහසුවෙන් (කිසිදු වෙනස් කිරීමකින් තොරව) සවිකල හැකිවන ලෙස නිෂ්පාදනය කර ඇති අතර ඕනෑම අමතර කොටසක් දිවයින පුරා පහසුවෙන් සොයා ගත හැකිය ....

    ස්තූතියි

    සැකැස්ම :- Pumudith Chamalka Senarathna, Dulara Damsara ,Hiran Chandrasekara , Gayana Jayasanka Thilina Bogahawatte
    චායාරූප :- Menaka Sarathchandra, Savindu Amallka
     

    aquaman2020

    Junior member
  • Dec 23, 2020
    47
    35
    18
    Bangkok
    Nissan Serena කියන්නෙ underpowered / overweight vehicle එකක්නෙ බන්. ඔය engine එක ආපු ගොඩක් අනිත් වාහන Serena එකට වඩා බර අඩුයි. එහෙම උනාම ඔයවගේ overheating case එනව තමයි.
    Cooling system mods වලින් වැඩේ ගොඩදාන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් thermostat hack එකක් කරන්න වෙයි. (අඩු temp එකකදි thermostat එක open කරන්න). 90s ECU එකක් නිසා remap කරන්න බැරුවඇති. හැබැයි Piggyback ECU එකකකින් සමහරවිට පුළුවන් වෙයි
     
    • Like
    Reactions: asylum

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    1,771
    5,500
    113
    වාහනේට වඩා බාස් ලගෙ, බ්‍රොකර් ලගෙ මතේට තමා 1990-2000 වාහන මාක්ට් වෙන්නෙ
    දැන් මෙහෙ 4wd වෑන් මාකට් නෑ, දොර 5 වෑන් මාකට් නෑ

    පරන ජපන් වාහන්යක් ගන්න කලින් බලන්නෙ ඕනෙ, හරි දැනුමක් තියන work shop/ mechanic කලින් හොයාගන්න එක
     
    Last edited:
    • Like
    Reactions: PHBhagya

    aquaman2020

    Junior member
  • Dec 23, 2020
    47
    35
    18
    Bangkok
    Nissan Serena
    සෙරිනා කිව්වම හැමෝටම මතක් වෙන්නෙ එන්ජින් හීට් එක ඉහල යාම , ගෑස්කට් ප්‍රශ්න වගේ දේවල්. ඒ මොකද මෙම වාහනය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවධියේ මෙම වාහනයේ එම ගැටලු ඇත්තවශයෙන්ම පැන නැගුනු නිසාවෙනි . එය සත්‍යයකි .
    නමුත් වර්තමානය වන විට එම ගැටලුව දැක ගැනීමට නොමැත , ඒ ඇයි ? ඒ ගැනයි මේ ලිපිය.............

    ඇත්තටම මොකක්ද මේ සෙරීනා ???
    සෙරීනා c23 කියන්නේ 1991 නිශ්පාදනය ආරම්භ වුනු වාහනයක් . නිසාන් සමාගම විසින් පවුලේ වාහනයක් ලෙස වෙලඳපොලට ඉදිරිපත් කල මෙය එම අවධියේ පැවති ඉහලම තාක්ෂණය යොදාගෙන නිපදවන ලද්දකි .. මීට පෙර නිපදවූ c22 ( අපි දන්න දුනු වැනට් ) එකෙහි පැවති දුර්වලතා අඩුකරමින් මගීන්ට උපරිම සැපපහසුව , රියදුරුගේ පහසුව , ආරක්ෂාව (3 STAR SAFETY RATINGS) වැනි බොහෝ දේ මෙහිදී ඔප්නැංවුනා .. මෙහිදී ඔවුන් සෙරීනා කාන්ඩ 4ක් යටතේ නිපදවනු ලැබුවා.... ඒ LX , VX , FX , FX 2 ලෙසය ( ඒ පිලිබඳව සවිස්තර දැනුවත් කිරීමක් පහතින් පලකරන්නෙමු ) . වර්තමානයේ දී Electric , Hybrid තාක්ෂණයන් සමග c27 දක්වා මාදිලි එලිදක්වා ඇත . මෙය ලොවපුරා බෙහෙවින් ප්‍රචලිත විය .එම නිසාවෙන් මෙය ශ්‍රී ලංකාවට ද ආගමනය විය.....

    ඇත්තටම මොකද උනේ ???

    නිසාන් සෙරීනා ලංකාවට මුලින්ම පැමිනියේ 1994 95 කාලයේදීය. ඒ වකවානුවේදී මෙය අප රටේ කාර්මිකයන්ට අලුත් අත්දැකීමක් විය නමුත් මේ පිලිබඳ නිසි දැනුම නොමැති වීම නිසාවෙන් ඇත්තටම මෙය ඔවුන් හිසරදයක් වූ බව එකල සිටි බොහෝ කාර්මිකයන් හා වාහන හිමියන් වර්තමානයේ දීද කියා සිටී . එම නිසාවෙන් මෙයට එක් එක් දෝශාරෝපන එල්ලවිය
    උදා :- *ගෑස්කට් ගැටලු නිතර ඇතිවන බව
    * එන්ජින් එකහි තහඩුව තුනී බව , ඇලුමිනියම් නිසා ගෙවීයන බව හා පැලීමට (crack) වන බව
    *රේඩියේටරය පොඩි බව , රේඩියේටරයක් නොමැති බව
    * එන්ජින් එක කුඩා බව
    * රේඩියේටරයේ සිට එන්ජින් එකට දුර වැඩිබව (බස් එකක යා යුතු බව )
    * සීතල රටවල් වලට පමනක් යෝග්‍ය බව

    වැනි කාරනා ඒ අතර විය . නමුත් ඇත්තටම මේ ගැටලුවට හේතුව කුමක්ද ?

    පසු කාලීනව කාර්මික මහතුන් විසින් සොයාගත් පරිදි මෙයට හේතු වී ඇත්තේ එකල කාර්මික මහතුන්ට සොයාගැනීමට නොහැකි වූ 10mm ඇනයකි .. රේඩියේටරයට ජලය , කූලන්ට් පිරවීමේ දී රේඩියේටරයේ සිට එන්ජින් එකට පැමිනෙන නලයේ කෙලවර ඇති මෙම ඇනය බුරුල් කිරීමෙන් පද්ධතිය තුල ඇති වායු බුබුලු ඉවත් වේ. එසේ නොකල හොත් එන්ජින් උශ්නත්වය ඉහල යන අතර (මෙය ඕනෑම කාර්මිකයෙකු වර්තමානයේ දන්නා දෙයකි) එලෙස උශ්නත්වය ඉහල ගියවිට ගෑස්කට් ගැටලු ඇතිවේ ....

    ඇත්තටම සිදුවූයේ මෙයයි. නමුත් වැඩ බැරි බාස්ල සහ බ්‍රෝකර්වරුන්ගේ මත නිසාවෙන් මෙය මෙම වාහනයේ දෝශයක් ලෙස සමාජගත් උනි. නමුත් වර්තමානයේ මෙම ගැටලු නිරාකරණය වීමත් සමග මෙම වාහනය පිලිබඳ බොහෝ දෙනාගේ අවධානය ලැබී ඇත කිමද අතේ ඇති මුදලකට පවුලේ සැමට ඉතාමත් සැපපහසු ආරක්ෂිත ගමනක් යැමට සුදුසුම වාහනයක් වීම නිසාවෙනි .

    ගෲපයේ මෙම වාහනය පිලිබඳ පොස්ට් රාශියක් දැකීම නිසා මෙය පලකිරීමට සිතුවෙමි ...

    මෙතැන් සිට serena⁩ model සහ එකිනෙකට වෙනස් වු වෙනස් කම් ගැන කතා කරමු

    පලමුවෙන්ම
    (01) Nissan serena⁩ LX

    Lx කියන්නේ c23 series එකේ මුල්ම කෙනා. බොඩ් ඩිසයින් එක නම් c23 කාන්ඩයේ සියලුම වාහනවල එක සමානවේ..
    Lx පාවිච්චි කරනු ලබන්නේ භාන්ඩ ප්‍රවාහනය සදහායි.මෙහි power steering, power mirror සහ power shutter (driving side එකේ පමනක්) option වශයෙන් පැමිණ තිබේ . මෙහි full aposting නොමැති වීම සහ side door එකෙහි glass එක පහත් කීරීමට නොහැකි වීම fuel tank door යතුරෙන් ඇරීමට තීබීම මෙහි අනෙක් model අතරින් වෙනස් වන ලක්ශණයි.

    (02)Nissan serena⁩ VX

    VX කියන්නේ c23 series එකේ මගී ප්‍රවාහනයට ආව මුල්ම කෙනා. මෙහි Front AC / Dual AC, Power Steering, Power Shutters, Power mirror, Auto Door, සහ Center Lock Options වශයෙන් පැමිණ තිබේ .

    Fuel tank door එක විවෘත කිරීමට ඇත්තේ යතුරින් නොවන අතර එය රියදුරු අසුනේ සිටම විවෘත කිරීමේ පහසුකම ලබා දී ඇත. බාහිර පෙනුමෙන් VX model එකක් හදුනාගැනීමට පහසුම ක්‍රමය තමයි LX Model එකේ වගේ Key hole එකක් fuel tank door එකේ නොමැති වීම සහ පිටුපස දොරේ Full Lights, Mirror, heater Wiper යන options තිබීම. ඒ වගෙම VX එකේ Full Upholstery සහ Velvet Carpets එනවා. තව VX එකේ ඉස්සරහා Gas shocks සහ පිටුපස දුනු එක්ක Gas shocks එනවා. ඒක හින්දා මගී ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ඕනෙම දේකට VX එක භාවිතා කරන්න පුලුවන්.

    (03)Nissan serena⁩ FX

    FX කියන්නේ KVC series එකේ මුල්ම කෙනා. මෙහි CD20ET ( electronically controlled and
    turbo ) අශ්වබල 96 ක එන්ජිමක් ඇත (computer box එකකින් පාලනය වේ)

    වායුසමීකරණ පද්ධතිය Dual AC වන අතර Climate control පහසුකම , පිටුපස මගීන්ට Foot blower සහ පිටුපස Ac එක රිමෝට් එකකින් පාලනය කලහැකි පරිදි කුඩා තිරයක් සහිතව නිශ්පාදිනය කර ඇත.
    ඉදිරිපස වායුසමීකරණයද කුඩා තිරයකින් යුක්තය එය touch ac ලෙස ඇතැමුන් හදුන්වයි

    මෙය මගී ප්‍රවාහන වෑන් රථයක් බැවින්(passenger vehicle) මගීන්ට වැඩි පහසුවක්
    ලබාදීමට පිටුපස දුනු ඉවත් කර(leaf springs) ලින්ක්ස් සහ ෆයිබර් තනි දුන්නකින් සමන්විත පැද්දුම් (suspension)පද්ධතියක්
    ලබා දී ඇත
    තවද සුවපහසුව සදහා adjustable රේලින් ආසන (එකිනෙකට සීට්ස් බෙල්ට් ඇති)ඇත .මැද සීට් පෙල කුඩා මේසයක් ආකරයට වෙනස් කල
    හැක,,

    Safety features ලෙස
    ABS බ්‍රේක් පද්ධතියක් සහ air bag
    ලබාදී ඇත

    පිටුපස cigarette ලයිටර් සොකට් එකක් සහ sliding door එක සදහා magnetic door, power shutter ,central
    Locking යන සියලුම අංග fx මාදිලියට එක්කර ඇත

    හෙඩ්ලයිට් වලද වෙනස්කමක් fx මාදිලියේ ඇත එනම් ෆොග්ලයිට් රවුම් ආකාරයට ඇත

    (04) FX - 2

    Fx-2 මාදිලියෙ ද ඉහත අපි කතා කරපු Fx model එකෙහි ඇති සියලු options පැමිණ ඇති බැවින් ඉන් වෙනස්වන විශේෂ කරුණ වනුයේ මෙහි Dual sunroof පැමිණ තීබීමයි.

    ***තවද මෙම සෑම model එකක් සදහාම petrol Engine පැමිණ ඇති අතර ඒවා GA 16 හෝ SR20 Engine සහිතව පැමිණ ඇත.***

    වැදගත් :- LX හා VX යන මාදිලි වලට FX හෝ FX 2 උපාංග පහසුවෙන් (කිසිදු වෙනස් කිරීමකින් තොරව) සවිකල හැකිවන ලෙස නිෂ්පාදනය කර ඇති අතර ඕනෑම අමතර කොටසක් දිවයින පුරා පහසුවෙන් සොයා ගත හැකිය ....

    ස්තූතියි

    සැකැස්ම :- Pumudith Chamalka Senarathna, Dulara Damsara ,Hiran Chandrasekara , Gayana Jayasanka Thilina Bogahawatte
    චායාරූප :- Menaka Sarathchandra, Savindu Amallka

    මචන් sure ද ලංකාවෙ 90s මිකැනික්ල radiator එක bleed කරන්න දන්නැහැ කියල ?

    80s වල ආපු වාහනවල උනත් radiators bleed කරන්න ඕනනෙ බන්. ඒකනිසා මම නම් හිතන්නෙ නැහැ අපේ මිකැනික්ල ඕක දැනන් හිටියෙ නැහැ කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    9,284
    1
    11,833
    113
    28
    Kalutara
    මෙහෙ එක්කෙනෙක් සෙරීනා එකක් පදිනවා දැන් අවුරුදු 20කට වැඩියි. සල්ලි නැතුවත් නෙමෙයි. ඉන්ටර්ලොක් ගල් ගහන බිස්නස් එකක් තියෙනවා, රෙස්ටුරන්ට් දෙකක් තියෙනවා. තාමත් පදින්නේ අර පරණ සෙරීනා එක. කවදාවත් වාහනේ වෙනස් කරලා නෑ.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    2,401
    601
    113
    in Helll
    Oke SR20 engine eka Apu model ekak enawa supiriyak. SR20 kiyanne pattama hayya Oni tharam abuse karanna puluwan engine ekak. Adatath patta popular