මේක ලොකු ප්රවණතාවයක් වෙන්නේ නැත්තේ ඇයිද දන්නවද? ඔන්න වාහන ඇක්සිඩන්ට් නඩුවක්.
සිද්ධිය රතු පැහැති ත්රීවීල් රථයක් කහ ඉර මතදී තිදෙනෙකු හප්පා මාරන්තික තුවාල සිදු කිරිම.
විත්තිකරු විත්ති කූඩුවේ සිටියදී තෝලක මුදලි තමා වෙනුවෙන් නීතිඥයෙකු ඉදිරිපත් වෙනවාදැයි ප්රශ්න කළේය. "නැතැයි" නිතිවේදියෙකුගේ සහය ලබා ගැනීමට තමාට ඇති නොහැකියාව කුමක්දැයි නැවත ඇසූ විට සියලු දෙනා බලාපොරොත්තු වූයේ ආර්ථික නොහැකියාව නිසා නීතිඥයෙකුගේ සහය ලබා නොගත් බවදැයි අනුමාන කළ නමුත්, විත්තිකරු තම නඩුව වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාවක් ඇතැයි පැවසූවේ....
ප්රතිවිරුද්ධ අතට ත්රීවීල් රථයක් ධාවනය කොට කහ ඉර මතදී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදුකිරීමේ වරදට පැමිණිල්ල මෙහෙයවූ පොලිස් නිලධාරියා අදාළ පොලිස් ස්ථානයේ පැමිණිල්ල වෙනුවෙන් කටයුතු කරන පොලිස් නිලධාරියාගෙන් ප්රශ්න කරන ලදී. සිදුවීම සැකෙවින් ඉදිරිපත් වූ අතර, සාක්කිකරුගෙන් ප්රශ්න කිරීමට විත්තිකරුට අවශ්තාව ලබා දෙන ලදී.
ඉතා කෘතහස්ත නීතීඥයෙකුගේ භාෂා විලාශයෙන් විත්තිකරු පොලිස් නිලධාරියාගෙන් ප්රශ්න කරන ලද අතර, එහිදී ඔහුගේ වරද ඉතා පැහැදිලිව ඔප්පු වූ අතර පොලිස් නිලධාරියාගේ උදාසීන ස්වභාවය නිසා විත්තිකරු අවසානයේ ඔහු පොලිස් නිලධාරියාට යෝජනා කළේ මෙම අනතුරට විත්තිකූඩුවේ සිටින තමා නිවැදරි කරු බවටයි. එහිදී තෝල්ක මුදලි තැන ප්රශ්න කරනවා වෙනුවට වෙනත් කරුණු ඉදිරිපත් කිරිම ගැන අවවාද කළේය.
එලෙසම තුවාලකරුන් තිදෙනාගෙන්ද පැහැදිලි සාක්කි සහිතව ඔප්පු වූ නමුත් පොලිස් නිලධාරීන්ගේ කූසිත බව නිසා විත්තිකරු නඩුවේ කථාව අගක් කොනක් නොමැති පැටලුනු නූල් බෝලයක් තරමට අනා දැම්මේය. අවසානයේ මහෙස්ත්රාත්වරයා නඩුව කල් තැබුවේය......