නීතිය දන්න කෙනෙක් උදව්වක් කරන්න
මගෙ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට කරදරයක් වෙලා. නීතිය ගැන දන්න කෙනෙක් ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
මේකයි සිද්දිය. මීට අවුරුදු 10කට විතර ඉස්සර ඒ අංකල් යටතෙ වැඩ කරපු කොල්ලෙක්ට ඇප අරන් දීල තියනවා. යුද්ධ කාලෙ පතුරොම් වගයක් එක්ක මාට්ටු වෙච්ච සිංහල කොල්ලෙක්ට තමයි ඇප දීල තියෙන්නෙ. ඒ කොල්ල කියල තියෙන්නෙ කිලිනොච්චිය පැත්තෙන් ආසාවට ලඟ තියා ගන්න පතුරොම් ටිකක් හොයා ගත්තා කියලලු. මන්නාරමේදි තමයි මාට්ටු වෙලා තියෙන්නෙ. කොහොමහරි අද පොලීසියෙන් මගෙ යාලුවගෙ ගෙදරට ඇවිල්ලා අංකල්ව අරන් ගිහිල්ලා. අර ඇප දීල එලියට ගත්ත කොල්ලා නඩු වාර 5කට විතර ඇවිල්ල නෑලු. ඉතින් ඇප දීපු කෙනාවලු අල්ලගන්නෙ. අංකල්ව රක්ශිත බන්ධනාගාරගත කරලලු. සඳුදට නඩුවට අරන් යනවලු මන්නාරමේ.ඇප දෙන්නත් බෑලු. වැරැද්ද, ත්රස්තවාදීන්ට උදව් කිරීමලු. දැන් අර ඇප දීල එලියට ගත්ත කොල්ලා ආගිය අතක් නෑලු. පොලීසියෙන් හොයනවලු. හම්බ වුනේ නැත්තම් මේ අංකල්ව අවුරුදු ගානකට හිරේ යවයිලු. මේකට කරන්න දෙයක් තියනවද? නීතිය ගැන දන්න කෙනෙක් උදව්වක් කරන්නකො
thanks