නීතිය_ඇත්තටම_අන්ධද

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    නීතිය_ඇත්තටම_අන්ධද

    නීතිය ඇත්තටම අන්ධද ?

    gavel3.jpg

    1.
    සිව්දෙනෙකුට මරණ දඬුවම.

    පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට මහනුවර පළාත්බද විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මරණ දඬුවම නියම කළේය.

    පුස්සැල්ලාව පලාගොල්ලාව ප‍්‍රදේශයේ දී 1999 සැප්තැම්බර් මස 02 වන දින රියැදුරු සමග වෑන් රථයක් පැහැරගෙන ගොස් රියැදුරු වූ බාලසූරිය ආරච්චිගේ චානක පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධියට මොවුන් වරදකරුවන් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණත් නඩු විභාගය අතරතුර දී එක් සැකකරුවෙක් මිය ගොස් ඇත. මෙසේ මරණ දඬුවම නියම වූයේ රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන ඞී. වී රුවන් පෙරේරා, ඩබ්ලිව්. එන් රයන් අබේසිංහ, බාලයලාගේ අනුර ප‍්‍රසන්න උදය කුමාර හා එච්. රොෂාන් යන අයටයි. නඩු විභාගය අතරතුරදී මිය ගොස් ඇත්තේ නුවන්ජිත් ප‍්‍රියදර්ශන තැනැත්තා ය. සරත් සමරනායක.

    2.
    තවීෂගේ ඝාතකයන් දිවි ඇති තෙක් හිරේට.

    එංගලන්තයේ දී ඝාතනයට ලක්වු ශ‍්‍රී ලාංකික තරුණයකු වන තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුවේදී චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදී තිබේ.

    ෂෙෆීල්ඞ් ක‍්‍රවුන් අධිකරණය විසින් ඊයේ මෙම තීන්දු ලබාදී තිබිණ.

    එංගලන්ත නීතියට අනුව තවීෂ පීරිස් ඝාතන නඩුවේ 26 හැවිරිදි ෂර්මාස් ඛාන් නමැති පළමු සැකකරු වසර 24ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර නියම කර තිබුණි.

    එමෙන්ම එම නඩුවේ දෙවැනි සැකකරු වූ 18 හැවිරිදි කසීම් අහමඞ් වසර 23ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදීමට අධිකරණය නියෝග කර ඇත.

    ෂෙෆීල්ඞ් අධිකරණය හමුවේ වසරකට ආසන්න කාලයක් විභාගයට ගත් මෙම නඩුවේ දී තවීෂගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප‍්‍රමාණවත් සාක්ෂි තහවුරු වීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබිණ.

    ශ‍්‍රී ලංකාවේ කොස්වත්ත, නාගොඩ පදිංචිකරුවෙකුව සිට තොරතුරු තාක්ෂණ උපාධිය ලබාගැනීම සඳහා එංගලන්තයට ගිය තවීෂ එය සම්පූර්ණ කර අර්ධ කාලීන රැුකියාවක් ලෙස කරන ලද පීසා ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු අවසන් දිනයේ අවසන් රාජකාරිය ඉටුකරන අතරතුර මෙලෙස ඝාතනයට පත්වුයේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේ 27 වැනිදායි.

    පසුදින ඔහු සිය දිගු කාලීන අපේක්ෂාව වූ තොරතුරු තාක්ෂණික උපදේශක තනතුරෙහි වැඩභාරගැනීමට නියමිතව තිබිණ.

    3.
    කුරාම් ෂෙයික් ඝාතනය: තංගල්ල සභාපතිට දඬුවම වසර 20යි.

    මහත් ආන්දෝලනයට තුඩුදුන් කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු තංගල්ල ප‍්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු 1,2,3 සහ 4 සැකකරුවන්ට වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට අධිකරණය අද නියෝග කළේ ය.

    ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය විසින් මෙම නඩු තීන්දුව ලබාදුන්නේ ය.

    ඊට අමතරව කුරාම් ෂෙයික්ගේ පෙම්වතිය වන වික්ටෝරියා වෙත වන්දි ලබාදීම සඳහා ඉහත සැකකරුවන් සිව්දෙනාට රුපියල් ලක්ෂ 2 බැගින් වූ වන්දි මුදල් ලබාදීමට ද නියෝග කෙරිණ.

    මෙම නඩුවේ 4 හා 5 වැනි සැකකරුවන් මෙහිදී නිදොස් කොට නිදහස් කෙරිණ.

    1. ශ්‍රී ලංකාවේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම - වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.

    2. එංගලන්තයේ දී ඝාතනයට ලක්වු ශ‍්‍රී ලාංකික තරුණයා - චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදී තිබේ.

    3. ශ්‍රී ලංකාවේදී කුරාම් ෂෙයික් ඝාතන සහ පෙම්වතිය කෙලෙසීම - සැකකරුවන්ට වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම කළේ ය.

    මේකට උබලා දෙන නිගමනය මොකක්ද බන් ? :rolleyes:

    ladyofjustice-300x1851.jpg
     
    • Like
    Reactions: Fox Mulder89

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකට උබලා දෙන නිගමනය මොකක්ද බන් ? :rolleyes:

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්...........:baffled::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම මරණීය දණ්ඩනයට විරුද්ධයි ඒ වගේම බන්ධනාගාර ක්‍රමයටත් විරුද්ධයි මම විශ්වාස කරන්නේ පුනුරුත්තාපන ක්‍රමයයි මනුෂ්‍යයෙක් වශයෙන් අපිට තවත් මනුෂ්‍යයෙක්ට දඩුවම් දෙන්න අයිතියක් නෑ ඒකෙන් වෙන්නේ දෙන කෙනාත් අකුසල කර්ම රැස් කරන එකයි අපි ස්භාවධර්මයාගේ භූමිකාව රගපාන්න ඕනේ නෑ
    නමුත් අපරාධකාරයන්ව සාමාන්‍යය සමාජයෙන් වෙන් කරලා තියාගන්න ඕනේ නැත්නම් වෙන අයටත් හානි වෙන නිසා. මිනිස්සු කියන්නේ හදන්න පුලුවන් ජාතියක් අවශ්‍යය වෙන්නේ ක්‍රමය දැනගැනීමයි ඉතින් අදාළ ක්‍රමය අදුන ගෙන පුනුරුත්තාපනය කරාම හරි.

    ඉතින් දඩුවම් නැතුව පුනුරුත්තාපය කරන්න ඕනේ ඒක මානසික ,කායික වශයෙන් කරන්න ඕන දෙයක් ඒ වගේම පුනුරුත්තාපනය කරන මධ්‍යස්ථානයේ වාසය කරන්නන්ට ඇතුලේම රැකියා අවස්ථා දිය යුතුයි එහෙම කරලා ඒ මිනිස්සුන්ට සල්ලි හොයන්න කියලා තමන්ගේ වියදම සපුරාගන්න කියන්න ඕනේ එතකොට මධ්‍යස්ථානයෙන් සිරකරුවන්ව නඩත්තු කරන්නෙ නෑ. ඒ වගේම පුනුරුත්තාපනය කරන්න බැරි අයව එළියට යවන්න නරකයි හැදෙනකම්, හැදිලා අවුරුදු කිහිපයක් හොද චරිතයක් පවත්වාගන්නවා පමණක් යවන්න ඕනේ ඒ වගේම මධ්‍යස්ථානයේ ඉන්න අනෙක් වාසය කරන්නන්ට තර්ජනයක් වෙන පුද්ගලයන්ව වෙනම කොටු කරලා තියන්න ඕනේ තත්වය සමනය වෙන කම්. එතකොට මධ්‍යස්ථානය ඇතුලේ නගරය වගේ තියෙන්න ඕනේ රැකියා කරන්න, අවශ්‍යය දේවල් මිළදි ගන්න, දෛනික විදියට කටයුතු කරන්න්න මිනිස්සුන්ට අවකාශය දෙන්න ඕනේ මේ හැම එකම තමන්ගේ වත්කම අනුව තමයි තීරණය වෙන්නේ නමුත් මේ වත්කම එළියේ වත්කමට සමාන නෑ ඒ කියන්නේ ඇතුලට ගිය ගමන් අළුතෙන් මොනවා හරි කරලා සල්ලි හොයන්න ඕනේ (මුළ ඉදලා) එතකොට හැමෝම සමානයි දක්ෂතාව අනුව මධ්‍යස්ථානයේ ඇතුලේ සල්ලි හොයන්න පුලුවන් නමුත් මේ සල්ලි එළියට ගේන්න බෑ නිදහස් වෙච්ච දවසට ඒක රජයට අයිති වෙනවා ඒ වගේම ඇතුලේ සල්ලි හොයන්න නැතුව ඉන්නත් බෑ මොකද මධ්‍යස්ථානයෙන් පුද්ගලයන්ව නඩත්තු කරන්නෙ නෑ (මුල් අවුරුද්දේ පමණක් නොමිළේ කරනවා ඊට පස්සේ සල්ලි ඕනේ) ඉතින් කන්න සල්ලි ඕනේ සල්ලි හොව්වේ නැත්නම් මැරෙන්න වෙන්නේ.

    ඇතුලේ රැකියා අවස්ථා ඕන තරම් හදන්න ඕනේ පරිඝණක, ජූකි, මේසන් වැඩ, කුණු ශුද්ධ කරන වැඩ එතකොට මේවායේ ප්‍රතිඑල එළියට දාන්න මධ්‍යස්ථානයට පුලුවන් (යම් ලාභයක් ඇතුව ඇතුලේ ඉන්න අයට දෙන්නේ අඩු ගාණක් නමුත් ඒක ඇති ජීවත් වෙන්න සහා හොද ජීවිතයක් ගෙනියන්න) Internet, cellphones ඇතුලේ තහනම් කරන්න ඕනේ නමුත් Intranetwork එකක් හදලා limited sites ටිකක් net එකෙන් download කරලා filter කරලා අපරාධකාරයන්ට දෙන්න ඕනේ එතකොට ඒ ගොල්ලන්ට ඒවා browse කරන්න පුලුවන් උදාහරණයකට News වගේ.

    මේ ක්‍රමයේ වාසි ගොඩයි.

    -අපරාධකාරයන්ගේ දක්ෂතා වලින් රටට ප්‍රයෝජනයක් ගත හැකි වීම (උදාහරණයට සල්ලි අච්චු ගහන, ආයුධ හදන කෙනෙක් අල්ල ගත්තොත් රජයට පුලුවන් මේ පුද්ගලයන් මගින් රජයට අවශ්‍යය සේවය ගන්න)
    -රජයට අපරාධකාරයන්ගේ වත්කම අපරාධකාරයා මධ්‍යස්ථානයෙන් නික්ම යනකොට ලැබෙනවා (උඩ කියවලා බලන්න) ඒක සමහර විට ලක්ෂ ගණන් වෙන්න පුලුවන් එතකොට අපරාධකාරයන් වැඩි තරමට රජයට වාසියි නමුත් දැන් ක්‍රමයේදි අපරාධකාරයන් වැඩි තරමට රජයට පාඩුයි මොකද නඩත්තු වියදම වැඩි නිසා
    -රජයට අපරාධකාරයන්ව නඩත්තු කරන්න වැඩියේ වියදම යන්නේ නෑ පුනුරුත්තාපනය කරන්න වියදමක් ගියත් ඒක ඒ තරම් වියදම් සහගත නෑ මොකද පුනුරුත්තාපනය කරන නිළධාරින්ට ස්ථීර මාසික පඩියක් විතරක් ගෙවන නිසා
    -රජයට පුලුවන් අපරාධකාරයන් නිපදවෙන, ලබාදෙන සේවයන්ගෙන් ලාභ ලබන්න (උදාහරණයට ජූකි ගෑණු ටිකක් අල්ලගත්තා නම් උන්ව දාලා මැස්සෙව්වොත් රජයට ලාභ ලබන්න පුලුවන් ඒ ඇදුම් විකුණලා)
    -සමාජයට යහපත් පුරවැසියන් නිරතුරුවම එකතු වෙනවා යම් කිසි දෙයකට දක්ෂ පුද්ගලයෙන් අපරාධකරත් සමාජයට ඒ පුද්ගලයාගේ සේවය අහිමි වෙන්නේ නෑ (උදාහරණයට මහාචාරයය කෙනෙක් වැරදිලා මිනියක් මැරුවොත් හිරේ ගිහින් එල්ලයි දැන් පවතින ක්‍රමයේදි නමුත් මම යෝජනා කරන ක්‍රමයේදි එහෙම වෙන්නේ නෑ ඒ සේවය දිගටම සමාජයට හම්බ වෙනවා)
    -රටක මානව හිමිකම් උපරිමයට රැකෙනවා
    -සිරකරුවන්ට මනුෂ්‍යයන් ලෙස සැලකීමේ අවස්ථාව ලැබෙනවා

    තව තියෙනවා නම් දාන්න මට දැන් හිතන්න බෑ මීට වඩා.

    මේකේ අවාසි තමයි
    -අපරාධකාරයන්ට තමන් වැරදි දෙයක් කරා කියලා දැනෙන එකක් නෑ මොකද ඇතුලට ආවාම එළියේ වගේම ඉන්න පුලුවන් නිසා නමුත් මේ තත්වය පුනුරුත්තාපන techniques මගින් වෙනස් කරන්න ඕනේ.

    තව තියෙනවා නම් දාන්න මට දැන් හිතන්න බෑ මීට වඩා.
     
    • Like
    Reactions: king_pandukabaya

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Mr.ගොටුකොළ;16932975 said:
    උසාවි තීන්දුවක් විවේචනයට ලක්කිරීමට උබට අයිතියක් නැහැ. එය දැඩි දඩුවම් ලැබිය හැකි වරදක්.
    prajatantrawadi rataka adahas prakasa karanna puluwan macan
    matayak idiripat karanna puluwan
    ai ara anduwe set aka akatu wela lokka auntywat gadara ariye
    kisima daduwamak na
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නීතිය අන්ධ නෑ මචන් තරාදියට දාන පඩි වෙනස්
    :baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේක දැක්කේ එලකිරියෙමයි..

    නීතියේ වෙසඟන කියල කවි සෙට් එකක් තිබ්බා...

    ඒකම තමා කියන්න වෙන්නේ..

    නීතියේ වේස ගෑනි තමා...

    ලංකාවෙ බල්ලො එලියට එයි මිනී මරයි රජවෙලා ඉඳී...

    නීතියේ වේස ගෑනි උන්ට දීගෙන පස්සෙන් යයි.

    අපි කාට කියන්නද උන් දෙගොල්ලො අහවල් වැඩේ කරගනී අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි.

    ඔය ටික තමා මෙහෙ වෙන්නේ.

    නීතියට සම්භන්ද බහුතරයක් ඔහොම තමා.
     
    thanujaka

    Well-known member
  • අහ්හ් ඒ මචං දඩුවම ලැබෙන්න charges වැටෙන විදිහ අනුව...
    murder charges වැටුනොත් death sentence කියන එකට වැටෙනවා...
    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ section 294 යටතේ තමයි murder කියන offence එක ගැන කතා කරන්නේ...
    section 294 යටතේ මචං exceptions 4ක් එහෙමත් නැත්තන් ව්‍යතිරේක 4ක් තියෙනවා....
    ඒ exceptions වලදී මචං කතාකරන්නේ මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය ගැන...
    මිනීමරුමකදී මචං දණ්ඩ නීති සංග්‍රහයේ section 296 අනුව මරණ දණ්ඩනය නියම වෙනවා....
    නමුත් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකදී මචං දණ්ඩ නීති සංග්‍රහයේ section 297 අනුව හිමිවෙන්නේ උපරිම 20 අවුරුද්දක සිරදඩුවමක්...
    ඔතන ඔය තුන්වෙනි අවස්ථාවේදී charges ගිහින් තියෙන්නේ මචං culpable homicide not amounting to murder එහෙමත් නැත්තන් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යටතේ මචං...
    එකයි ඔය ඔතන තියෙන කේස් එක...
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම මරණීය දණ්ඩනයට විරුද්ධයි ඒ වගේම බන්ධනාගාර ක්‍රමයටත් විරුද්ධයි මම විශ්වාස කරන්නේ පුනුරුත්තාපන ක්‍රමයයි මනුෂ්‍යයෙක් වශයෙන් අපිට තවත් මනුෂ්‍යයෙක්ට දඩුවම් දෙන්න අයිතියක් නෑ ඒකෙන් වෙන්නේ දෙන කෙනාත් අකුසල කර්ම රැස් කරන එකයි අපි ස්භාවධර්මයාගේ භූමිකාව රගපාන්න ඕනේ නෑ
    නමුත් අපරාධකාරයන්ව සාමාන්‍යය සමාජයෙන් වෙන් කරලා තියාගන්න ඕනේ නැත්නම් වෙන අයටත් හානි වෙන නිසා. මිනිස්සු කියන්නේ හදන්න පුලුවන් ජාතියක් අවශ්‍යය වෙන්නේ ක්‍රමය දැනගැනීමයි ඉතින් අදාළ ක්‍රමය අදුන ගෙන පුනුරුත්තාපනය කරාම හරි.

    ඉතින් දඩුවම් නැතුව පුනුරුත්තාපය කරන්න ඕනේ ඒක මානසික ,කායික වශයෙන් කරන්න ඕන දෙයක් ඒ වගේම පුනුරුත්තාපනය කරන මධ්‍යස්ථානයේ වාසය කරන්නන්ට ඇතුලේම රැකියා අවස්ථා දිය යුතුයි එහෙම කරලා ඒ මිනිස්සුන්ට සල්ලි හොයන්න කියලා තමන්ගේ වියදම සපුරාගන්න කියන්න ඕනේ එතකොට මධ්‍යස්ථානයෙන් සිරකරුවන්ව නඩත්තු කරන්නෙ නෑ. ඒ වගේම පුනුරුත්තාපනය කරන්න බැරි අයව එළියට යවන්න නරකයි හැදෙනකම්, හැදිලා අවුරුදු කිහිපයක් හොද චරිතයක් පවත්වාගන්නවා පමණක් යවන්න ඕනේ ඒ වගේම මධ්‍යස්ථානයේ ඉන්න අනෙක් වාසය කරන්නන්ට තර්ජනයක් වෙන පුද්ගලයන්ව වෙනම කොටු කරලා තියන්න ඕනේ තත්වය සමනය වෙන කම්. එතකොට මධ්‍යස්ථානය ඇතුලේ නගරය වගේ තියෙන්න ඕනේ රැකියා කරන්න, අවශ්‍යය දේවල් මිළදි ගන්න, දෛනික විදියට කටයුතු කරන්න්න මිනිස්සුන්ට අවකාශය දෙන්න ඕනේ මේ හැම එකම තමන්ගේ වත්කම අනුව තමයි තීරණය වෙන්නේ නමුත් මේ වත්කම එළියේ වත්කමට සමාන නෑ ඒ කියන්නේ ඇතුලට ගිය ගමන් අළුතෙන් මොනවා හරි කරලා සල්ලි හොයන්න ඕනේ (මුළ ඉදලා) එතකොට හැමෝම සමානයි දක්ෂතාව අනුව මධ්‍යස්ථානයේ ඇතුලේ සල්ලි හොයන්න පුලුවන් නමුත් මේ සල්ලි එළියට ගේන්න බෑ නිදහස් වෙච්ච දවසට ඒක රජයට අයිති වෙනවා ඒ වගේම ඇතුලේ සල්ලි හොයන්න නැතුව ඉන්නත් බෑ මොකද මධ්‍යස්ථානයෙන් පුද්ගලයන්ව නඩත්තු කරන්නෙ නෑ (මුල් අවුරුද්දේ පමණක් නොමිළේ කරනවා ඊට පස්සේ සල්ලි ඕනේ) ඉතින් කන්න සල්ලි ඕනේ සල්ලි හොව්වේ නැත්නම් මැරෙන්න වෙන්නේ.

    ඇතුලේ රැකියා අවස්ථා ඕන තරම් හදන්න ඕනේ පරිඝණක, ජූකි, මේසන් වැඩ, කුණු ශුද්ධ කරන වැඩ එතකොට මේවායේ ප්‍රතිඑල එළියට දාන්න මධ්‍යස්ථානයට පුලුවන් (යම් ලාභයක් ඇතුව ඇතුලේ ඉන්න අයට දෙන්නේ අඩු ගාණක් නමුත් ඒක ඇති ජීවත් වෙන්න සහා හොද ජීවිතයක් ගෙනියන්න) Internet, cellphones ඇතුලේ තහනම් කරන්න ඕනේ නමුත් Intranetwork එකක් හදලා limited sites ටිකක් net එකෙන් download කරලා filter කරලා අපරාධකාරයන්ට දෙන්න ඕනේ එතකොට ඒ ගොල්ලන්ට ඒවා browse කරන්න පුලුවන් උදාහරණයකට News වගේ.

    මේ ක්‍රමයේ වාසි ගොඩයි.

    -අපරාධකාරයන්ගේ දක්ෂතා වලින් රටට ප්‍රයෝජනයක් ගත හැකි වීම (උදාහරණයට සල්ලි අච්චු ගහන, ආයුධ හදන කෙනෙක් අල්ල ගත්තොත් රජයට පුලුවන් මේ පුද්ගලයන් මගින් රජයට අවශ්‍යය සේවය ගන්න)
    -රජයට අපරාධකාරයන්ගේ වත්කම අපරාධකාරයා මධ්‍යස්ථානයෙන් නික්ම යනකොට ලැබෙනවා (උඩ කියවලා බලන්න) ඒක සමහර විට ලක්ෂ ගණන් වෙන්න පුලුවන් එතකොට අපරාධකාරයන් වැඩි තරමට රජයට වාසියි නමුත් දැන් ක්‍රමයේදි අපරාධකාරයන් වැඩි තරමට රජයට පාඩුයි මොකද නඩත්තු වියදම වැඩි නිසා
    -රජයට අපරාධකාරයන්ව නඩත්තු කරන්න වැඩියේ වියදම යන්නේ නෑ පුනුරුත්තාපනය කරන්න වියදමක් ගියත් ඒක ඒ තරම් වියදම් සහගත නෑ මොකද පුනුරුත්තාපනය කරන නිළධාරින්ට ස්ථීර මාසික පඩියක් විතරක් ගෙවන නිසා
    -රජයට පුලුවන් අපරාධකාරයන් නිපදවෙන, ලබාදෙන සේවයන්ගෙන් ලාභ ලබන්න (උදාහරණයට ජූකි ගෑණු ටිකක් අල්ලගත්තා නම් උන්ව දාලා මැස්සෙව්වොත් රජයට ලාභ ලබන්න පුලුවන් ඒ ඇදුම් විකුණලා)
    -සමාජයට යහපත් පුරවැසියන් නිරතුරුවම එකතු වෙනවා යම් කිසි දෙයකට දක්ෂ පුද්ගලයෙන් අපරාධකරත් සමාජයට ඒ පුද්ගලයාගේ සේවය අහිමි වෙන්නේ නෑ (උදාහරණයට මහාචාරයය කෙනෙක් වැරදිලා මිනියක් මැරුවොත් හිරේ ගිහින් එල්ලයි දැන් පවතින ක්‍රමයේදි නමුත් මම යෝජනා කරන ක්‍රමයේදි එහෙම වෙන්නේ නෑ ඒ සේවය දිගටම සමාජයට හම්බ වෙනවා)
    -රටක මානව හිමිකම් උපරිමයට රැකෙනවා
    -සිරකරුවන්ට මනුෂ්‍යයන් ලෙස සැලකීමේ අවස්ථාව ලැබෙනවා

    තව තියෙනවා නම් දාන්න මට දැන් හිතන්න බෑ මීට වඩා.

    මේකේ අවාසි තමයි
    -අපරාධකාරයන්ට තමන් වැරදි දෙයක් කරා කියලා දැනෙන එකක් නෑ මොකද ඇතුලට ආවාම එළියේ වගේම ඉන්න පුලුවන් නිසා නමුත් මේ තත්වය පුනුරුත්තාපන techniques මගින් වෙනස් කරන්න ඕනේ.

    තව තියෙනවා නම් දාන්න මට දැන් හිතන්න බෑ මීට වඩා.

    අපේ රටෙත් පුනුරුත්තාපනය තියෙනවා බන්, ගොඩක් අයව ඔය පිට රට යවන්නේ එක කරන්න තමයි, අර වෙඩි තිබ්බ කුඩු කාරයවත් පිටරට යවලා සිංගප්පුරුවේදී පුනුරුත්තාපනය කරලා ගෙනාවේ. එකගේ නම මමමමමමමම "මට මතක නැහැ". තව කී දෙනෙක්ව නම් ඔය වගේ කලාද ?ලංකාවේ නම් ගොඩක් කරන්නේ පිට රට යවලා පුනුරුත්තාපනය කරන එක තමයි අණ්ඩුවේ සල්ලි වලින්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අහ්හ් ඒ මචං දඩුවම ලැබෙන්න charges වැටෙන විදිහ අනුව...
    murder charges වැටුනොත් death sentence කියන එකට වැටෙනවා...
    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ section 294 යටතේ තමයි murder කියන offence එක ගැන කතා කරන්නේ...
    section 294 යටතේ මචං exceptions 4ක් එහෙමත් නැත්තන් ව්‍යතිරේක 4ක් තියෙනවා....
    ඒ exceptions වලදී මචං කතාකරන්නේ මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය ගැන...
    මිනීමරුමකදී මචං දණ්ඩ නීති සංග්‍රහයේ section 296 අනුව මරණ දණ්ඩනය නියම වෙනවා....
    නමුත් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකදී මචං දණ්ඩ නීති සංග්‍රහයේ section 297 අනුව හිමිවෙන්නේ උපරිම 20 අවුරුද්දක සිරදඩුවමක්...
    ඔතන ඔය තුන්වෙනි අවස්ථාවේදී charges ගිහින් තියෙන්නේ මචං culpable homicide not amounting to murder එහෙමත් නැත්තන් මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යටතේ මචං...
    එකයි ඔය ඔතන තියෙන කේස් එක...

    මම ඔය ගැන එච්චර දන්නේ නැහැ මචන් එත් නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ වෙච්ච රටක පොලිස් පොතේ මොනා ලියන්න බැරිද බන්. පොර රාජපස්සගේ පොරක් වෙච්ච නිසානේ ඔතන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක උනේ, අනික දූෂණයට මොකද උනේ, මම හිතන්නේ DNA වලිනුත් ඔප්පු උනා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    අපේ රටෙත් පුනුරුත්තාපනය තියෙනවා බන්, ගොඩක් අයව ඔය පිට රට යවන්නේ එක කරන්න තමයි, අර වෙඩි තිබ්බ කුඩු කාරයවත් පිටරට යවලා සිංගප්පුරුවේදී පුනුරුත්තාපනය කරලා ගෙනාවේ. එකගේ නම මමමමමමමම "මට මතක නැහැ". තව කී දෙනෙක්ව නම් ඔය වගේ කලාද ?ලංකාවේ නම් ගොඩක් කරන්නේ පිට රට යවලා පුනුරුත්තාපනය කරන එක තමයි අණ්ඩුවේ සල්ලි වලින්.

    මම කිව්වේ serious එකක් ඒක joke එකට ගන්න එපා මචන් ඔය ජිල්මාට් වැඩත් එක්ක සම්බන්ධ කරලා.