නීතිය_ඇත්තටම_අන්ධද
නීතිය ඇත්තටම අන්ධද ?
1.
2.
3.
1. ශ්‍රී ලංකාවේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම - වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
2. එංගලන්තයේ දී ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකික තරුණයා - චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදී තිබේ.
3. ශ්‍රී ලංකාවේදී කුරාම් ෂෙයික් ඝාතන සහ පෙම්වතිය කෙලෙසීම - සැකකරුවන්ට වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම කළේ ය.
මේකට උබලා දෙන නිගමනය මොකක්ද බන් ?
නීතිය ඇත්තටම අන්ධද ?
1.
සිව්දෙනෙකුට මරණ දඬුවම.
පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට මහනුවර පළාත්බද විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මරණ දඬුවම නියම කළේය.
පුස්සැල්ලාව පලාගොල්ලාව ප්‍රදේශයේ දී 1999 සැප්තැම්බර් මස 02 වන දින රියැදුරු සමග වෑන් රථයක් පැහැරගෙන ගොස් රියැදුරු වූ බාලසූරිය ආරච්චිගේ චානක පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධියට මොවුන් වරදකරුවන් විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණත් නඩු විභාගය අතරතුර දී එක් සැකකරුවෙක් මිය ගොස් ඇත. මෙසේ මරණ දඬුවම නියම වූයේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඞී. වී රුවන් පෙරේරා, ඩබ්ලිව්. එන් රයන් අබේසිංහ, බාලයලාගේ අනුර ප්‍රසන්න උදය කුමාර හා එච්. රොෂාන් යන අයටයි. නඩු විභාගය අතරතුරදී මිය ගොස් ඇත්තේ නුවන්ජිත් ප්‍රියදර්ශන තැනැත්තා ය. සරත් සමරනායක.
2.
තවීෂගේ ඝාතකයන් දිවි ඇති තෙක් හිරේට.
එංගලන්තයේ දී ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකික තරුණයකු වන තවීෂ ලකිඳු පීරිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුවේදී චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදී තිබේ.
ෂෙෆීල්ඞ් ක්‍රවුන් අධිකරණය විසින් ඊයේ මෙම තීන්දු ලබාදී තිබිණ.
එංගලන්ත නීතියට අනුව තවීෂ පීරිස් ඝාතන නඩුවේ 26 හැවිරිදි ෂර්මාස් ඛාන් නමැති පළමු සැකකරු වසර 24ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර නියම කර තිබුණි.
එමෙන්ම එම නඩුවේ දෙවැනි සැකකරු වූ 18 හැවිරිදි කසීම් අහමඞ් වසර 23ක අවමයකට යටත්ව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදීමට අධිකරණය නියෝග කර ඇත.
ෂෙෆීල්ඞ් අධිකරණය හමුවේ වසරකට ආසන්න කාලයක් විභාගයට ගත් මෙම නඩුවේ දී තවීෂගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තහවුරු වීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබිණ.
ශ්‍රී ලංකාවේ කොස්වත්ත, නාගොඩ පදිංචිකරුවෙකුව සිට තොරතුරු තාක්ෂණ උපාධිය ලබාගැනීම සඳහා එංගලන්තයට ගිය තවීෂ එය සම්පූර්ණ කර අර්ධ කාලීන රැුකියාවක් ලෙස කරන ලද පීසා ප්‍රවාහනය කිරීමේ යෙදුණු අවසන් දිනයේ අවසන් රාජකාරිය ඉටුකරන අතරතුර මෙලෙස ඝාතනයට පත්වුයේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේ 27 වැනිදායි.
පසුදින ඔහු සිය දිගු කාලීන අපේක්ෂාව වූ තොරතුරු තාක්ෂණික උපදේශක තනතුරෙහි වැඩභාරගැනීමට නියමිතව තිබිණ.
3.
කුරාම් ෂෙයික් ඝාතනය: තංගල්ල සභාපතිට දඬුවම වසර 20යි.
මහත් ආන්දෝලනයට තුඩුදුන් කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ සැකකරුවන් වන හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු 1,2,3 සහ 4 සැකකරුවන්ට වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට අධිකරණය අද නියෝග කළේ ය.
ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය විසින් මෙම නඩු තීන්දුව ලබාදුන්නේ ය.
ඊට අමතරව කුරාම් ෂෙයික්ගේ පෙම්වතිය වන වික්ටෝරියා වෙත වන්දි ලබාදීම සඳහා ඉහත සැකකරුවන් සිව්දෙනාට රුපියල් ලක්ෂ 2 බැගින් වූ වන්දි මුදල් ලබාදීමට ද නියෝග කෙරිණ.
මෙම නඩුවේ 4 හා 5 වැනි සැකකරුවන් මෙහිදී නිදොස් කොට නිදහස් කෙරිණ.
1. ශ්‍රී ලංකාවේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම - වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
2. එංගලන්තයේ දී ඝාතනයට ලක්වු ශ්‍රී ලාංකික තරුණයා - චූදිතයන්ට ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ලබාදී තිබේ.
3. ශ්‍රී ලංකාවේදී කුරාම් ෂෙයික් ඝාතන සහ පෙම්වතිය කෙලෙසීම - සැකකරුවන්ට වසර 20 බැගින් වූ සිර දඬුවම් නියම කළේ ය.
මේකට උබලා දෙන නිගමනය මොකක්ද බන් ?







