Questions ### නෙලුම් අල කන එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    නෙලුම් අල කන එක කේස් ද
    ආසනික් බැර ලෝහ සීන්
    උබල කන්නේ නැද්ද

    රස කෑමක් බන්
     
    • Like
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    රසයිලු නේද. පොඩි කාලෙදි කිරි අම්මා උයල දීලා තියනවා මතකයි, රසක්නම් මතක නෑ.
    මොකක්ද බැරලෝහ කතාව?

    ඉස්සර කෑවා.... දැන් නම් බයයි.
    කොහිල කාපන්
    ඇයි බය?
    කොහිල අලත් නියමයි දලුත් නියමයි. කොහිල දලුයි පරිප්පුයි එකට දාලා ඉව්වම 😋😁
    ------ Post added on Aug 11, 2026 at 5:32 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,343
    113
    35
    Spain
    මන් ආස තම්බලා සම්බලේ හදන්න. රට ළූණු කපල අමු මිරිස් කපල තක්කාලි කපල දාල හදන්න. මාර රසයි. ඔය නෙලුම් අලේ ගැන මෙහෙ කවුද විද්‍යාඥක් පරීක්ෂණ කරලා තිබ්බ. ආසනික් ප්‍රෂ්න නැහැ කියල.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,434
    4,874
    113
    මන් ආස තම්බලා සම්බලේ හදන්න. රට ළූණු කපල අමු මිරිස් කපල තක්කාලි කපල දාල හදන්න. මාර රසයි. ඔය නෙලුම් අලේ ගැන මෙහෙ කවුද විද්‍යාඥක් පරීක්ෂණ කරලා තිබ්බ. ආසනික් ප්‍රෂ්න නැහැ කියල.
    කොහමද හදන්නේ තම්බල සම්බල්...???
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,343
    113
    35
    Spain
    කොහමද හදන්නේ තම්බල සම්බල්...???
    නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.
    ඔය විදිහට කොහිලත් හදනවා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,910
    13,343
    113
    35
    Spain
    ඔය විදිහට කොහිලත් හදනවා. 🤷🏻‍♂️
    ඔවු බන්, කොහිල සම්බලේ නම් තම්බන්නේ නැතිව හදන්න. එතකොට හොඳට හැපෙනව. මමත් ආසයි ඒ හැපෙන ක්රිස්පී ගතියට.

    කොහිල අල සම්බලේ හදනකොට කපන්නේ ගිණිකූරු වගේ සයිස් එකට කූරු. කොහිල පොත්ත එහෙමත් රැහ ගන්න ඕන.
    ------ Post added on Aug 11, 2026 at 8:50 PM
     
    • Love
    Reactions: Candid-B

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ehenam itin ala , batal walat ආසනික් බැර ලෝහ සීන් tiyenne epai

    පලාතම හේදිලා වැවට එකතුවෙන වතුරේ තියෙන බැර ලෝහ (Heavy metals) නෙළුම් අලවල තැන්පත් වෙන්න ඉහළ හැකියාවක් තියෙනවා.
    නෙළුම් ශාකය කියන්නේ ජලයේ තියෙන අපද්‍රව්‍ය සහ බැර ලෝහ තමන්ගේ කොටස්වලට උරාගැනීමේ ඉහළ හැකියාවක් තියෙන ශාකයක් (Phytoremediation). මේ සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙන්න:
    • මුල් සහ අලවල වැඩිපුර තැන්පත් වීම: නෙළුම් ශාකය ජලයෙන් සහ පසෙන් උරාගන්නා ඊයම් (Lead), කැඩ්මියම් (Cadmium), ආසනික් (Arsenic) සහ ඇලුමිනියම් වැනි බැර ලෝහ මුලින්ම එකතු වෙන්නේ එහි මුල් සහ මඩේ තියෙන නෙළුම් අල (Rhizomes) තුළයි. කොළ සහ මල්වලට වඩා වැඩි බැර ලෝහ සාන්ද්‍රණයක් අලවල තැන්පත් වෙන බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.
    • කෘෂිකාර්මික හේදී ඒම්: වගාබිම්වලින් සෝදාගෙන එන කෘමිනාශක, රසායනික පොහොර සහ කාර්මික අපද්‍රව්‍ය මගින් වැව් ජලයට බැර ලෝහ එකතු වේ.
    • මඩ තට්ටුවේ තැන්පත් වීම: බැර ලෝහ වැඩිපුරම රැඳෙන්නේ වැවේ යට තියෙන මඩ තට්ටුවේයි. නෙළුම් අල වැවෙන්නේ මේ මඩ තට්ටුව අතර නිසා ඒවා සෘජුවම බැර ලෝහවලට නිරාවරණය වෙනවා.
    මේ නිසා රසායනික ද්‍රව්‍ය සහ අපජලය අධික ලෙස එකතු වන වැව්වලින් ලබාගන්නා නෙළුම් අල ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්.

    මම ගාමිණී
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    කිරට හින්දල පට්ට රසයි බන්. මේ ලගදිත් කෑව.
    අම්මෝ බන් මතක් වෙනකොටත් කටට කෙල උනනව.
    නෙලුම් අල වලට ගහන්න කෑමක් නෑ බන්.


    නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.

    ඔය විදිහට කොහිලත් හදනවා. 🤷🏻‍♂️

    ලංකාවෙ කෑම තමයි බන් කෑම. මාර variety එකක් තියෙන්නෙ. දැන් මිනිස්සු ඕවා වැඩිය හදන්නෙ නෑ ඒත්.
    ------ Post added on Aug 11, 2026 at 10:54 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,221
    8,047
    113
    Galaha
    ඊයා ගොඩයෝ නෙලුම් අලද කන්නෙ. කිරියෙ ඉන්න පොසි පීපල්ස්ලටත් හරි නෑ උඹල නිසා. 😒