ඔය ලංකාවෙ stand up comedians ලා කියන උන් මොන ආගමකට වුණත් අපහාස කරන එකට මං නම් එකග නෑ. අනික මුන් කරන ඒවට හිනාවෙන්න නම් කිති කවාගන්න ඕන. අපහාසෙ නෙවෙයි නියම stand up comedian කෙනෙක් නම් කරන්න ඕන සමාජෙක, ජාතියක, ආගමක තියෙන දුර්වලතා උපහාසාත්මකව පෙන්නල දීලා ප්රේක්ෂකයට හිතන්න යමක් දෙන එක උපහාසයත් එක්ක.
එහෙමයි කියලා මේ වගේ පිස්සු ගණයන්ට කුණුහරුප වපුර වපුර මිනිස්සුන්ට අමු තුච්ඡ විදිහට බැනලා බුද්ධ ධර්මෙටයි, සාසනේට හානි කරන්න ඉඩ දෙන්නත් බෑ කොහොමවත්. සිවුරු දාගෙන පිස්සු කෙළින මේ තට්ට කුණුහරුප ගණයටයි, සමන්තබඩ්ඩල වගේ පිස්සු, වංචාකාර හැත්තටයි විරුද්ධව කතා කරන්න අර පින් බත් ගිල ගිල ඉන්න, දේශපාලුවන්ගෙ අත්වල පිරිත් නූල් බදින්නයි, උන්ව නළවන එකයි ප්රධානම රාජකාරිය කරන් ඉන්න මහ නායක උන්නාන්සෙලට කශේරුවක් කියලා දෙයක් නැද්ද කියලා තමයි අහන්න තියෙන්නෙ. ලංකාවෙ බුද්ධ සාසනේ කන්නෙ පිට උන්ට වඩා ඇතුළෙම ඉන්න උන් ටිකයි.