මට එපා ආයෙත් ඒ සිනා
එපා ආදරයෙන් කථා
මතකයන් යලි රැගෙන යනු මැන
එදා නුඹ ඒ ගිය දිහා
කොහේ කොතැනක හෝ එදා
බලා සිටියේ නුඹ දිහා
අසන්නට හඬ යලි යලිත්
පෙරුම් පිරුවේ නුඹ නිසා
සොඳුරු දසුනින් අපි එදා
මැවූ පෙම් සිතුවිලි රටා
දියේ ඇඳි ඉරි ලෙස මැකී
නොපෙනි යන්නම නුඹ ගියා
ගායනය : රෝහණ වීරසිංහ
පද රචනය : බ්‍රිගේඩියර් ලක්නාත් ද සිල්වා
සංගීතය : රෝහණ වීරසිංහ