නොමිලේ නව SLT Megaline සබදතාවයක්... (SLT - WINBACK Promotion)
යාලුවනේ, ඉස්සරවෙලාම කියන්න ඕනි මම SLT වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. ඒ වගේම මේ THREAD එක දාන්නේ SLT PROMOTE කරන්නවත් නම් නෙමෙයි. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලයි...මේක මම අද දැනගත්තේ, මගේ දුරකතනයේ ප්‍රශ්නයක් සදහා TELE-SHOP එකකට ගිය වෙලාවේ එතන පාරිභෝගික සේවා නිලධාරිනියකගෙන්.
මෙහෙමයි මේක වෙනවා කියන්නේ. යම් කෙනෙක් SLT නොවන ජාලයක් හරහා තම ස්ථාවර දුරකථන සේවා ලබාගන්නවා නම්, ඒ අය වෙනුවෙන් SLT ආයතනය නොමිලේ SLT Megaline ස්ථාවර දුරකථන සම්බන්දතාවයක් ඔහුට/ඇයට/ආයතනයට ලබාදෙනවා. මෙහිදී ලබාදෙන එම නව SLT සබදතාවය, දුරකථනයද ඇතුලත්ව සියල්ල නොමිලේවීම විශේෂයි. මා හට දැනුම් දුන් ආකාරයට ඔවුන්ගේ කොන්දේසි පහත සදහන් වේ.
ඒ වගේම පෞද්ගලිකව මම දන්නවා SLT කියපු ගමන් කන් දෙකෙන් දුං පිටවෙන සොයුර සොයුරියන් සිටිනා වග. ඔවුන් මා කෙරේ වෛරයක් හෝ අමනාපකමක් ඇතිකර නොගනී යැයි මා සිතමි.
ඔබට නොවුනද, වෙනයම් කෙනෙකුට මෙයින් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතා BUMP එකක් දමා යාමට කාරුණික වන්න.

- තමන් දැනට භාවිතා කරන ස්ථාවර (CDMA) දුරකථන සම්බන්දතාවය (SLT-නොවන හෝ SLT) බිල් පත් ගෙවීමක් නොහොත් පසු ගෙවුම් සබදතාවක් (POST PAID) බව තහවුරු කල යුතුය . (මෙහිදී එම සබදතාවය පෙර ගෙවුම් සබදතාවයක් (PRE PAID) වන්නේ නම් එය මෙම ප්‍රවර්ධන වැඩසටහනට අදාළ වන්නේ කෙසේද යන්න ගැන එම පාරිභෝගික සේවා නිලධාරිනිය හට නිල දත්ත හරි හැටි ලැබී තිබුනේ නැත.)
- මෙම වෙළද ප්‍රවර්ධන වැඩසටහනට දායක වී නව SLT Megaline සබදතාවක් නොමිලේ ලබා ගන්නේ නම් ඔහු/ඇය/ආයතනය අනිවාර්යයෙන්ම දැනට පවත්නා සම්බන්දතාවය විසන්දි කල යුතුය.
- මෙම වෙළද ප්‍රවර්ධන වැඩසටහනට දායක වී නව SLT Megaline සබදතාවක් නොමිලේ ලබා ගන්නේ නම් ඔහු/ඇය/ආයතනය අනිවාර්යයෙන්ම වසරක කාලයක් තමන් ලබාගත් SLT Megaline සබදතාවය විසන්දි වීමකින් තොරව භාවිතා කල යුතුය (Commitment).
ඒ වගේම පෞද්ගලිකව මම දන්නවා SLT කියපු ගමන් කන් දෙකෙන් දුං පිටවෙන සොයුර සොයුරියන් සිටිනා වග. ඔවුන් මා කෙරේ වෛරයක් හෝ අමනාපකමක් ඇතිකර නොගනී යැයි මා සිතමි.
ඔබට නොවුනද, වෙනයම් කෙනෙකුට මෙයින් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතා BUMP එකක් දමා යාමට කාරුණික වන්න.

BALU SLT HORA HATHTHA