නොමිලේ නව SLT Megaline සබදතාවයක්... (SLT - WINBACK Promotion)

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    නොමිලේ නව SLT Megaline සබදතාවයක්... (SLT - WINBACK Promotion)

    යාලුවනේ, ඉස්සරවෙලාම කියන්න ඕනි මම SLT වැඩ කරන කෙනෙක් නම් නෙමෙයි. ඒ වගේම මේ THREAD එක දාන්නේ SLT PROMOTE කරන්නවත් නම් නෙමෙයි. ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලයි...මේක මම අද දැනගත්තේ, මගේ දුරකතනයේ ප්‍රශ්නයක් සදහා TELE-SHOP එකකට ගිය වෙලාවේ එතන පාරිභෝගික සේවා නිලධාරිනියකගෙන්.

    මෙහෙමයි මේක වෙනවා කියන්නේ. යම් කෙනෙක් SLT නොවන ජාලයක් හරහා තම ස්ථාවර දුරකථන සේවා ලබාගන්නවා නම්, ඒ අය වෙනුවෙන් SLT ආයතනය නොමිලේ SLT Megaline ස්ථාවර දුරකථන සම්බන්දතාවයක් ඔහුට/ඇයට/ආයතනයට ලබාදෙනවා. මෙහිදී ලබාදෙන එම නව SLT සබදතාවය, දුරකථනයද ඇතුලත්ව සියල්ල නොමිලේවීම විශේෂයි. මා හට දැනුම් දුන් ආකාරයට ඔවුන්ගේ කොන්දේසි පහත සදහන් වේ.


    • තමන් දැනට භාවිතා කරන ස්ථාවර (CDMA) දුරකථන සම්බන්දතාවය (SLT-නොවන හෝ SLT) බිල් පත් ගෙවීමක් නොහොත් පසු ගෙවුම් සබදතාවක් (POST PAID) බව තහවුරු කල යුතුය . (මෙහිදී එම සබදතාවය පෙර ගෙවුම් සබදතාවයක් (PRE PAID) වන්නේ නම් එය මෙම ප්‍රවර්ධන වැඩසටහනට අදාළ වන්නේ කෙසේද යන්න ගැන එම පාරිභෝගික සේවා නිලධාරිනිය හට නිල දත්ත හරි හැටි ලැබී තිබුනේ නැත.)

    • මෙම වෙළද ප්‍රවර්ධන වැඩසටහනට දායක වී නව SLT Megaline සබදතාවක් නොමිලේ ලබා ගන්නේ නම් ඔහු/ඇය/ආයතනය අනිවාර්යයෙන්ම දැනට පවත්නා සම්බන්දතාවය විසන්දි කල යුතුය.

    • මෙම වෙළද ප්‍රවර්ධන වැඩසටහනට දායක වී නව SLT Megaline සබදතාවක් නොමිලේ ලබා ගන්නේ නම් ඔහු/ඇය/ආයතනය අනිවාර්යයෙන්ම වසරක කාලයක් තමන් ලබාගත් SLT Megaline සබදතාවය විසන්දි වීමකින් තොරව භාවිතා කල යුතුය (Commitment).
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, මේක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම්, තමන්ට මෙයින් වාසියක් අත්වේයැයි සිතෙන්නේනම් ලගම තියන SLT ප්‍රාදේශීය කාර්යාලයකට හරි TELE SHOP එකකට හරි ගිහින් කථා කරන්න. මේ වෙළද ප්‍රවර්ධන වැඩසටහනේ නම "SLT - WINBACK PROMOTION".

    ඒ වගේම පෞද්ගලිකව මම දන්නවා SLT කියපු ගමන් කන් දෙකෙන් දුං පිටවෙන සොයුර සොයුරියන් සිටිනා වග. ඔවුන් මා කෙරේ වෛරයක් හෝ අමනාපකමක් ඇතිකර නොගනී යැයි මා සිතමි.

    ඔබට නොවුනද, වෙනයම් කෙනෙකුට මෙයින් ප්‍රයෝජනයක් වනු ඇතැයි සිතා BUMP එකක් දමා යාමට කාරුණික වන්න. :)

     

    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    information ekata thaankx machan, mama slt guu heragen ayin une giya awurudde,
    kaalakanni ballo paaribogikayanta salakanna danne nathi paahara ballo,
    okunge kisi deyak aye ganne naha,
    phone line ekath ada hetama disconnect karannai inne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොමිලෙ ගන්ඩ ගිහින් කෙල උන එකෙක් ඉන්නව මම දන්න,අන්න උට තාම කනෙක්සන් දිල නැ,ඒත් මේ මාසෙ බිල ඇවිත්. :lol::lol: මිනිහ කුනුහරපෙන් බැන බැන ඉන්නව. :lol:
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    නොමිලෙ ගන්ඩ ගිහින් කෙල උන එකෙක් ඉන්නව මම දන්න,අන්න උට තාම කනෙක්සන් දිල නැ,ඒත් මේ මාසෙ බිල ඇවිත්. :lol::lol: මිනිහ කුනුහරපෙන් බැන බැන ඉන්නව. :lol:

    :rofl::rofl: kari seen eka oi
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    information ekata thaankx machan, mama slt guu heragen ayin une giya awurudde,
    kaalakanni ballo paaribogikayanta salakanna danne nathi paahara ballo,
    okunge kisi deyak aye ganne naha,
    phone line ekath ada hetama disconnect karannai inne

    200% agreed! okunta kiyanna kunuharapa madi:growl: