නෝර්වේ සර්පිලය (2009)

mulder123

Member
Aug 23, 2013
89
25
0
නෝර්වේ සර්පිලය (2009)

2009 දී නෝර්වේ අහසේ අලංකාර සර්පිලාකාර ආලෝකයක් දැකීමෙන් මිනිසුන් විමතියටත් බියටත් පත්වුනා. පහත දැක්වෙන්නේ NBC ප්‍රවෘත්ති මගින් මෙය වාර්ථා කළ ආකාරයයි.

LINK: http://www.youtube.com/watch?v=IyWrxY15s6Y&list=TLAA-eJyEyxHtaTrQEU6WchE5JR1YLNH3c



මෙම සර්පිලය පිළිබද මත කීපයක් ම තිබෙනවා. එයින් කීපයක්:

* මෙය රැසියානු මිසයිල අත්හදා බැලීමක්.

* මෙය වෝම්හොල් එකක්. (වෝම් හෝල් එකක් යනු කාලය සහ අවකාශය හරහා ගමන් කළ හැකි ෂෝට් කට් එකක් ලෙස හැදින් විය හැකි අතර, එය සොයා ගත්තේ ඇලබට් අයින්ස්ටයින් සහ නේතන් රෝසන් යන විද්‍යාඥයින් දෙදෙනායි)

* ඇමෙරිකාවේ HARRP ආයතනය මගින්, කාලගුණ විපර්යාස සිදු කිරීම සම්බන්ධයන් සිදුකල පර්යේෂණයක ප්‍රතිපලයක්.

* HARRP ආයතනය මගින් කල හෝලෝග්‍රෑම් (ආලෝකය මගින් සජීවී ත්‍රිමාණ රෑප මවා පෙන්වීම. මෙම තාක්ෂණය මගින් මේ ලගදී, මියගිය ටූපැක් ෂකූර් ගායකයා සජීවීව වේදිකාව මත ගායනා කරන ආකාරය ප්‍රසිද්ධියේ මවා දැක්වුවා. Link: http://www.youtube.com/watch?v=TGbrFmPBV0Y) පර්යේෂණයක්.

මෙවැනි තවත් නොයෙකුත් අදහස් මෙම සර්පිලය ගැන තිබෙනවා.
 
Last edited: