You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අමර එන්න
සල් මල් කඩන්න
නයනා එන්න
ඒ සල් ගස යට
පොත් පාඩම් කරන්න
කමල් චමරී එන්න
අඹ ගස යට
පොත් කඩයක් දමන්න
ඒ ගමන් විගහට
මාධවන්ගේ වත්තෙ
ජම්බු ටික
හොරෙන් හොරෙන්
හොරෙන් කන්න
ඉබ්බෙක් නොවුනට
මාධවන්….
දන්නව දැන්
සිංහලයගෙන් බේරෙන්න
බේරිලා තමන්ගෙකම රැකගන්න
කමල් එන්න ඉක්මනට එන්න
මගෙ පන්ති පෝස්ටර්
අඟල් තුනේ ඇණයකින්
සල් ගහේ අමුණන්න
රිදෙන් නෑ ගහට
හරියට ඇණ ගහන්න…
මහවැලියෙ හරි නැතුවද
සමන් ආයෙම ගමට එන්නෙ
කපමු අපි සල් ගහ
ලීවලට විකුණන්න
චමරි නයනා එන්න
මේ සල් ගස් ඉපල්
දරට අරගෙන යන්න
අපි ඉගෙන ගත් ගස
අපි මල් කැඩූ ගස
මල් සුවඳ බැලූ ගස
මුදු සෙවණ දුන් ගස
මැරෙයි ටික ටික
මැරුණු දාටත්
සතපවයි අප
යහනක්ව
සීතලට ගිනි මැලයක්ව