පද පේළී - EK LYRICS THREAD PART 2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා
    දැන් ඔබ සොයා ඇසේවි මෙසේ ගීතයක් වෙලා
    මා වින්ද වේදනාව ප්‍රියේ

    පෙම් බැන්ද දාම පටන්ම ඔබෙ දෑත ළංවෙලා
    මා වින්ද වේදනාව ප්‍රියේ නෑ නිමක් කියා

    දුක් ගීතයක්ම වේවි මගේ ජීවිතේ සදා
    මා වින්ද වේදනාව ඔබෙ ආදරේ නිසා

    රෑ නිදි ලොවේ මැවෙන්නේ ඔබයි සිහිනයෙන් පවා
    ඔබ නැති දුකින් තෙමේ නුවන් කඳුලු වැල් ගලා

    දැන් සැනසුමක් නොවේවි සිතේ රෑ උදේහවා
    මා වින්ද වේදනාව ඔබෙ ආදරේ නිසා
     
    • Like
    Reactions: Sub Zer0 and DAMER

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ..
    දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ ... සංසාර සිහිනේ
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සුනිල්වන් නුවන් යුග වසා උතුට උතුරා
    ගැලූ කඳුලු ගංගාවේ ඇය දැන් කිඳීලා
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
    හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා

    මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
    සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
    සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
    සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

    රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
    මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
    මගේ ජීවනේ ගීයේ ඇගේ හඬ නොවේ නම්
    හද වෙනෙහි සත්සර සදා ගොළු උනාදෙන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිංවන්ත වූ ඔයා අමනාප වී එදා
    අවලංගු කාසියක් වගේ
    වෙන් කෙරුවෙ ඇයි මෙමා
    මතකයි අද වගේ මැරුවා මගේ සෙනේ
    මං ලබා උපන් විදියට මේ
    පූජා කරන්නම් මලක් ඔයා නමින්
    ඉන්නවාටත් වඩා ඉන්න සතුටින් හොඳින්

    හිමිවුනේ නැතත් ඉහටත් උඩින් ආදරේ
    තාම තියෙනවා පෙරවාගෙ මේ හිතේ
    දෛවයෙන් පවා ගැරහුම් ලැබූ ආදරේ
    එක්කරන්න බෑ දෙවියන්ටවත් අපේ

    මතකයි අද වගේ .............

    පාපයක් ද මේ පහුගිය භවේ මා කෙරූ
    වෙන් කළේ ඔයා පණවාගෙ පෙම් කෙරූ
    ආයෙ ‍වෙන්නෙපා හමුවෙන්න මියෙනාතුරූ
    හයිය නෑ හිතේ විඳවන්න නිරතුරූ

    මතකයි අද වගේ .............

    පිංවන්ත වූ ඔයා ...............


    ගායනය :- සඳුන් පෙරේරා
     
    • Like
    Reactions: DAMER

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගඟන සරන්නට කියා..
    සිඳුනු අත්තටු හඬයි..
    දිරාපත් කොළ තිබෙයි..
    විඩාපත් මං වගෙයි..
    විඩාපත් මං වගෙයි..

    කඳු කිණි රුපු වගේ..
    රැයට ඉඩ දී යලි
    කල් කුසුම් ගෙනෙනා
    සුවඳ සුළඟක් වී ඇවිත්
    ඒ වුනත් සුහදේ..
    විඩාපත් මං වගෙයි..///

    සමනලුන් යන මගේ...
    සිහින විසිරී ගියේ..
    බිඳුනු සිත් ගෙනෙනා...
    මිහිරි ගීයක් වී ඇවිත්
    ඒ වුනත් සුහදේ...
    විඩාපත් මං වගෙයි..///

    ගඟන සරන්නට කියා..
     
    • Like
    Reactions: DAMER

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    නන්නාදුනන ලෙසේ
    මගතොට යලිත් හමු වෙලා.........
    මහමෙර හිසින් දරාගෙන
    අපි යමු දුරස් වෙලා............
     
    • Like
    Reactions: DAMER

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අතීතයේ එක සොදුරු සැදෑවක
    සුපිපුනු මල් ඇති උයන් තලාවක
    නෙතට නෙතක් මුන ගැසුනු වෙලාවක
    මතකද ඔබ ඉගි කෙරුවා ආලය
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතුවක් දුර ගෙවලා
    මෙතැකින් අපි දෙදෙනා
    සමුගන්න නොවේ
    මම පෙම් කෙරුවේ

    ඔබගෙන් ලද හසරැල්
    කඳුළක් වී දෙනෙතින්
    ගැලුවත් හොර රහසින්
    ඔබ නෑ මගෙ අසලින්
    ඔබමයි තාම විමසන්නේ
    සත්තයි හිතින් මගේ

    මෙතුවක් දුර .............

    මගෙ සෙනෙහේ මදිනම්
    අද ඇති තැන හොඳනම්
    අපෙ ඇසුරට වැඩියෙන්
    ඔබ අද සතුටින්නම්
    මම නෑ හිරිහැර කරන්නේ
    ඉන්නම් දුරින් ඔබේ

    මෙතුවක් දුර .............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු
     
    • Like
    Reactions: ^Buddhika^

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නෙතින් නෙත බලා ලා
    හිතේ දුක නිවා
    අදින් පසු මියේ වී
    අපේ ඒ කතා...
    රකින්නට සෙනේහේ
    හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ
    ඇරඹුමක් නිසා

    ඈත් බව දැනී ලා
    ඔබේ හා මගේ
    දුරක් ආ නිසා දැන්
    දුකක් මේ වගේ....

    මහා සාගරේ සේ
    තිබුණත් හිතේ
    කුමට හිමි වුණා දෝ
    නොහිමි ආදරේ......

    රකින්නට සෙනේහේ
    හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ
    ඇරඹුමක් නිසා...

    පතන්නට පවා මා
    වරම් අහිමි වූ
    හැඟීමක් රිදුම් දේ
    හෙට ට උරුම වූ...

    දිනන්නට කිසිත් නෑ
    ලොවේ මින් මතූ
    මගෙන් ඔබ ඈත් වී
    ගියායින් පසූ...


    ගී සංකල්පනාව : දයා ද අල්විස්
    තනුව සහ සංගීත නිර්මාණය : ස්ටැන්ලි පීරිස්
    ගායනය : රෝහණ බෝගොඩ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Narada Disasekara...............



    ගමන නොනිමෙයි ‍ලෝකයේ මේ~
    පුරුදු ජීවන මංතලේ..
    ගැටෙන සැප දුක මාරු වී යයි~
    පුරුදු ජීවන මංතලේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අහිමි උනත් නුඹ ලඳේ
    මට හඬන්න අවසර නෑ
    වෙලෙන් එහා හිඳ නුඹේ සුවඳ වත
    එතී ආ සුළං මගෙ මුව සිම්බා

    නොපැතූ අතකට අත දුන් දවසේ
    හෙලූ දුක් සුසුම් මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ
    මට හඬන්න අවසර නෑ
    නුඹ කැන්දන් ගිය මංගල රියෙ නැගි
    දූලි වළාවෝ මගෙ මුව සිම්බා

    කියාගන්න බැරි දුකක් නිමන්නට
    නෙත හෙලු කඳුලක් මගෙ මුව සිම්බා
    අහිමි උනත් නුඹ ලඳේ
    මට හඬන්න අවසර නෑ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :( සුබ ගමන් මාස්ටර්


    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...




    සුබ ගමන් මාස්ටර්:(:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මළ ඉර බසිනා සැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී මම යන්නම්

    නිදි නැති යහනේ රෑ යාමේ
    කාන්සියේ ඔබ හිඳිනා වේලේ
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    මම ඔබ වෙත එන්නම්
    සියුමැළි දෑතින් ඔබ හිස අතගා
    ඔබ නිදි කරවා මම යන්නම්

    අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
    මල් පෙති අග පිණි කඳුළක් රඳවා
    සුසුමක් වාගේ ඉන් පිටවී
    සුසුමක් වාගේ ඉන් පිටවී
    ඔබගෙන් වෙන් වෙන්නම්
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී මම යන්නම්

    14883407_1358499797524194_991163975514579156_o.jpg

    ඒ මැතිණියට දීර්ඝායුෂ පතමි.
     
    • Like
    Reactions: DAMER