පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මගේ සිත් පුරා අහසේ පායා...

මගේ සිත් පුරා අහසේ පායා
සඳ කිරණ සේ දිස්නේ දීලා
මා ලොවට ඔබ ඇවිල්ලා සුර කුමරියේ...
මට සිත් පුරා ආලේ දීලා
ඔබේ පෙමින් මං දැන් වෙලීලා
මගේ ලොවේ ඔබ පායලා හිරු කුමරුනේ...

ඔබ නැති මගේ ලෝකේ
සඳ නැති අහස වගේ
බැස යන්නෙපා වෙන් වෙන්නෙපා සුර කුමරියේ
බැස යන්නේ නෑ වෙන් වෙන්නේ නෑ හිරු කුමරුනේ...

ඔබ වේ මගේ සිහිනේ
මගේ හද සන්තානේ
ගිලි හෙන්නෙපා තනි වෙන්නෙපා හිරු කුමරුනේ
ගිලි හෙන්නේ නෑ වෙන් වෙන්නේ නෑ සුර කුමරියේ...

-Vidurangi & Wishmitha-


Great Lyrics
11.gif
Thanks for the Song
:D
11.gif
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
 

dj knight

Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Rewatuwe daiwayai apa dedenawa
    himinethi apawa muna gesuwe daiwayai
    apa weradi netha
    weradi daiwayai
    apa apata uruma netha.
    Itin samugami sadahata
    denna awasara ma hata.
    Piyanagannata nawa lowata oben thora
    namuth depa waru netha oba hera yannata
    oba netat ma laye konaka oba semada jiwath wei
    netiwat pina me bawe kawada ho sansaraye
    ek wi ath wel benda gannata berinam asurusenak ho kalpayakin oba ha idimata patha mata yanna awasara denu mena me bawe
    oba tani nowanata poröndu wi mata jiwaya wannata obada duk nowi sidinna yeheliye
    ahasai polawai ekwana dinak uda wu dina apa wen kirimata daiwayatat beriya
    ewan dinak patha oben wenwimata denna awasara yeheliye
    samugami oben
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්...

    පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්
    මුමුණන්නම් සනසන්නම් පාවෙලා නොයනවනම්
    ගිලිහෙන්නම් නුඹ ලඟින් ඈතට යනවානම්
    පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්...

    දුර යනවානම් ඈතට ලඟින් ඉන්නෙපා
    හිත තවනා පෙම් සෙනෙහස යළිත් දෙන්නෙපා
    කවි කියනා ඔය ඇස් දෙක ඉවත ගන්නෙපා
    පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්...

    පාවෙන සිතූවිලි එක් කළ සෙනෙහස විඳින්නෙපා
    හැරදා වෙනතක දිව ගිය මතකය ගෙනෙන්නෙපා
    අහසක් තරමට පෙම් කළ ඇස් දෙක තෙමන්නෙපා...

    -තීක්ෂණ අනුරාධ-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ රාජිනියේ මා සනසන්න...

    සඳ රාජිනියේ මා සනසන්න
    සුවඳට තුරුලේ උණුහුම දෙන්න
    නීල වළා සළු ඉරා දමන්න
    සඳවතියේ මුව හාදු තියන්න...

    නිල් තරු කැට ගෙන මාල ගොතන්නම්
    ගෙල වටලා සත් මාල බඳින්නම්..
    දේදුනු පැහැ රන් සළුව වියා මං
    සඳ මනමාලි නුඹ සරසන්නම්...

    අනෝතත්ත විල පැන් ගෙන එන්නම්
    සඳ දෙව්දුව මා නුඹ දෝවන්නම්..
    ඉරබටු තරුවේ එළිය අරන් මං
    නුඹේ නළලතේ තිලක තියන්නම්...


    -නලින්ද රණසිංහ-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතුමතේ කෝඩු හිත්
    සැරසුනත් මල් දමින්
    දවාවී කඳුළකින්
    වෙන්වෙනා මොහොතකින්
    මගෙ හිතේ ගැඹුරු තැන්
    නුඹෙ නමින් පේ වුණත්
    යන්න වෙයි රත්තරන්
    කවද හෝ නුඹ ළඟින්

    වැතිරෙන්න ආකාසෙ ඉඩ මදි නිසා
    නුඹෙ හිතට ගොඩවෙන්න එන්නම් සොයා
    මාගේ මුළු ජීවිතේ සොඳුරු කවියක් වගේ
    යන්න වෙයි රත්තරන් කවද හෝ නුඹ ළඟින්

    ගුලිවෙච්ච තනි හීන රෑනට ඔබින්
    සනසන්න ඉන්නම්කො ඉහ ඉද්දරින්
    මාගේ මුළු ජීවිතේ සොඳුරු කවියක් වගේ
    යන්න වෙයි රත්තරන් කවද හෝ නුඹ ළඟින්

    හිතුමතේ‍ කෝඩු හිත් ............


    ගායනය :- නාමල් උඩුගම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවසාන ප්‍රේමයේ කඳුළේ
    උණුහුමට මේ දෙනෙත් තෙමුනේ
    වරද මාගේ අතේ තිබුනේ
    හිත සැකෙන් පෙලිල කඳුළු ඉස්සර වුණා
    මට සමාවෙනව දෝ
    ආයෙමත් එන්නකෝ ඔයා
    මගෙ බොළඳ ආදරය වැඩි කමට
    මං ආයෙ කලබල වුණා

    මතක සැමරුම් එකතු කරලා
    පපුව ගැඹුරේ නිධන් කෙරුවා
    වැටහුණෙ අදයි ඔබගෙ සෙනෙහේ
    මියදෙයි ද මා කඳුළු අතරේ
    ඉක්මනින් එන්න දැන්
    බෑ තනිව ඉන්නනම්
    තවත් විඳවන්න දෙන්නෙපා මට ඉතින්

    මට සමාවෙනව දෝ ............

    කඳුළු ගැරහුම් තනිව විඳලා
    හිතට නුහුරුයි තනිව ඉඳලා
    ඔබ ම විතරයි ඇත්තෙ මනසේ
    මියදෙන්න බෑ සිහින අතරේ
    ඉක්මනින් එන්න දැන්
    බෑ තනිව ඉන්නනම්
    තවත් විඳවන්න දෙන්නෙපා මට ඉතින්

    මට සමාවෙනව දෝ ............

    අවසාන ප්‍රේමයේ කඳුළේ ............


    ගායනය :- ඔෂානි සංදීපා
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හිතුමතේ කෝඩු හිත්
    සැරසුනත් මල් දමින්
    දවාවී කඳුළකින්
    වෙන්වෙනා මොහොතකින්
    මගෙ හිතේ ගැඹුරු තැන්
    නුඹෙ නමින් පේ වුණත්
    යන්න වෙයි රත්තරන්
    කවද හෝ නුඹ ළඟින්

    වැතිරෙන්න ආකාසෙ ඉඩ මදි නිසා
    නුඹෙ හිතට ගොඩවෙන්න එන්නම් සොයා
    මාගේ මුළු ජීවිතේ සොඳුරු කවියක් වගේ
    යන්න වෙයි රත්තරන් කවද හෝ නුඹ ළඟින්

    ගුලිවෙච්ච තනි හීන රෑනට ඔබින්
    සනසන්න ඉන්නම්කො ඉහ ඉද්දරින්
    මාගේ මුළු ජීවිතේ සොඳුරු කවියක් වගේ
    යන්න වෙයි රත්තරන් කවද හෝ නුඹ ළඟින්

    හිතුමතේ‍ කෝඩු හිත් ............


    ගායනය :- නාමල් උඩුගම
    aluth ekak neda... shape
     
    • Like
    Reactions: rcccc

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    අවසාන ප්‍රේමයේ කඳුලේ........

    උණුහුමට මේ දෙනෙත් තෙමුනේ........
    වරද මාගේ අතේ තිබුනේ.........
    හිත සැකෙන් පෙලිලා..... කඳුළු ඉස්සර වුණා......

    මට සමාවෙනවදෝ............
    ආයෙමත් එන්නකෝ ඔයා...........
    මගෙ බොළඳ ආදරේ වැඩිකමට.......
    මං ආයේ කලඹල වුණා............

    මතක සැමරුම් එකතු කරලා.......
    පපුව ගැඹුරේ නිදන් කෙරුවා.........
    වැටහුනේ අදයි ඔබගේ සෙනෙහේ.........
    මියැදෙයිද මා කඳුළු අතරේ..........

    ඉක්මනින් එන්න දැන්..........
    බැහැ තනිව ඉන්නනම්...........
    තවත් විඳවන්න දෙන්නෙපා මට ඉතින්.......

    මට සමාවෙනවදෝ..........,

    කඳුළු ගැරහුම් තනිව විඳලා.........
    හිතට නුහුරුයි තනිව ඉඳලා.........
    ඔබම විතරයි ඇත්තේ මනසේ.........
    මියැදෙන්න බැහැ සිහින අතරේ...........

    ඉක්මනින් එන්න දැන්..........
    බැහැ තනිව ඉන්නනම්...........
    තවත් විඳවන්න දෙන්නෙපා මට ඉතින්.......

    මට සමාවෙනවදෝ..........,

    -Oshani Sandeepa-

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිහිණියේ...

    ලිහිණියේ කියන්න
    පාර වැරදුනිද කියන්න
    ගැබ්බරයි නබෝ ගැබ
    සීත හිරිකඩ හමයි
    ලිහිණියේ කියන්න...

    හිරිකඩට නොතෙමන්න
    සීතලට ගුලිවෙන්න
    යන ගමන් නවතින්න
    ආවදෝ හිත තුලට
    ලිහිණියේ කියන්න
    මම බයයි තනිකමට...

    ඇහෙනකොට හඬ
    කවුලුළුට එහාවෙන්
    ඉවසන්න බෑ තවත්
    ලිහිණියේ නවතින්න
    ලිහිණියේ නවතින්න...

    නුඹ ආයේ ඉගිලෙයිද
    මට බයයි තනිකමට
    නෑ කමක් නෑ ලිහිණියේ
    දවසකට නවතින්න
    ලිහිණියේ නවතින්න...

    ලිහිණියේ නවතින්න
    එකම එක දවසකට හිඳින්න
    ලිහිණියේ නවතින්න...

    -කසුන් කල්හාර-


    :love:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මං නුඹෙමද අහන හිතින්... නුඹ මගෙමද හිතනව නම්...
    මං විතරද අහන මුවින්... මගෙ විතරද කියනව නම්...
    සාගරේ හඬ දිගේ... මේ ගඟ ගලනව නම්...
    මං නුඹේ නුඹ මගේ... අපි අපේ විතර නම්...

    සඳ අහසට රළු පොලොව දුරයි කියනවා...
    එක ඉවුරේ... දෙතැනක ඇයි අහනවා...
    කිසිවක් නොඅසා ගං දිය පහළට ගලා යනවා නම්...
    අපි ගැන දන්නා කවුරුත් තව නෑ අපි අපේ විතර නම්...
    අපි අපේ විතර නම්........

    මං නුඹෙමද අහන හිතින්... නුඹ මගෙමද හිතනව නම්...
    මං විතරද අහන මුවින්... මගෙ විතරද කියනව නම්...
    සාගරේ හඬ දිගේ... මේ ගඟ ගලනව නම්...
    මං නුඹේ නුඹ මගේ... අපි අපේ විතර නම්...


    -Jagath Wickramasinghe-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ සතුටින් දිවි ගෙවනු කියා
    මා පතනව දිවි තියෙන තුරා
    හිමි නැති ඔබ මතකෙන් සඟවා
    මා මියැදෙන්න ද දුක් විඳලා
    පෙර භවයක කළ පවු නිසා
    ඔබ මට හිමිවෙන්නෑ සදා
    රැකගන්නට මටමයි කියා
    තිබුණු මැණික ඔයා
    තිබුණු මැණික ඔයා

    සසර පුරා මගෙ ම වෙලා
    ඉන්නවා දිවුරා කියා
    ඔබ ම තමා කීවෙ මුසා
    නැති වැරදි පවසා
    කොතැනක හෝ ඔබ නිදුකින්
    ඉන්න හිනැහීලා
    මගෙ සතුටත් එය ම තමයි
    ගියත් වෙනවීලා

    උරුම කළා දුක ම ඔයා
    කඳුළු මට දීලා එදා
    මාව දමා නොයන් කියා
    දහස්වර කීවා
    කොතැනක හෝ ඔබ නිදුකින්
    ඉන්න හිනැහීලා
    මගෙ සතුටත් එය ම තමයි
    ගියත් වෙනවීලා

    ඔබ සතුටින් .............


    ගායනය :- සඳුන් පෙරේරා
     
    • Like
    Reactions: rcccc