පද පේළී - EK LYRICS THREAD PART 2

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    වැස්ස නුඹ වාගෙයි
    වැස්ස නුඹ වාගෙයි
    මගේ හිත තව තෙමෙන්න ඉඩ හරින්න
    එක සැරයක් නුඹ තෙමන්න
    වැස්ස නුඹ වාගෙයි .....

    ඉඩොරය යලි ඉරි තලා හිත
    අනේ පිපි මල් පරවුනා තව
    නිවා ලන්නට හිතේ ගිනි කඳ
    සදා සිසිලස නුඹයි
    සදා සිසිලස නුඹම පමණයි .....

    වැස්ස නුඹ වාගෙයි
    වැස්ස නුඹ වාගෙයි
    මගේ හිත තව තෙමෙන්න ඉඩ හරින්න
    එක සැරයක් නුඹ තෙමන්න
    වැස්ස නුඹ වාගෙයි .....

    හිත සිඹින මුදු සිසිල් පවනේ
    දැවටුනේ නුඹේ ලයේ සරයයි
    තව තෙමෙන්නට මගේ සෙනෙහේ ගඟ
    නුඹයි නුඹමයි නුඹම පමණයි
    නුඹයි නුඹමයි නුඹම පමණයි ..
    නුඹයි නුඹමයි .... නුඹම පමණයි ....... !
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මීවිත පිරුණා මැදියම රෑ
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ ..
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...

    සියොළඟ තෙමුනා තුරුලට වී
    සඳ ගිනි ගත්තා උණුසුම් වී
    මතකය පමණි ඈ මියැදී
    මේ තනි යහනේ මා තනි වී ...
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...

    මීවිත පිරුණා මැදියම රෑ


    වාවනු බෑ හිත ගිනි ගද්දී
    මට උණුසුම් විතරයි ඔබ ඉද්දී
    සුදු පාටින් ඇයි ඔබ සැරසී
    ඔය නිල්නෙතු නිහාඞයි අද දියවී ..
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...

    මීවිත පිරුණා මැදියම රෑ .....
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    38.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳවතිය ඔබයි මෘදු සුවය ඔබයි
    මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
    අපි අපේ වෙමු සදා
    හිරු කුමරු ඔබයි මට දිරිය ඔබයි
    මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
    අපි ‍අපේ වෙමු සදා

    මේ භවයේ ඔබ මා සොයලා
    ළංවූවා සෙනෙහේ පුදලා
    කතරට වැහි දිය පොදක් වගේ
    හමුවූවා ඔබ හමුවූවා

    සඳවතිය ඔබයි
    මට දිරිය ඔබයි
    මගෙ ජීවිතේ මගෙ ජීවිතේ
    අපි ‍අපේ වෙමු සදා

    ඔබ හා මා සතුටින් හිඳිමූ
    දිවි ගමනේ අපි එකට යමූ
    සමුගන්න දා ලෝකයෙන් එකට යමූ
    අපි එකට යමූ

    සඳවතිය ඔබයි ..............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිළිණි ප්‍රනාන්දු
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා.....
    ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා.....
    සිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා.....
    ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා.....

    කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්.....
    මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්.....

    නොනිදා නෙතේ නවතී නම්.....
    හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා.....
    අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා.....

    මායම් හිතේ අදර හැගුමන් තවරමින්.....
    සුසුමක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්.....

    රැදෙනා හිතේ සුසුමක් තරම්.....
    සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා.....
    මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා......




    giggling.gif


    gPuCpCR.png
     
    Last edited:

    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා.....
    ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා.....
    සිත පතුලට උනුසුම් සුසුමක් එවිදින් සොයා.....
    ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා.....

    කොලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්.....
    මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්.....
    නොනිදා නෙතේ නවතී නම්.....
    හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා.....
    අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා.....

    මායම් හිතේ අදර හැගුමන් තවරමින්.....
    සුසුමක් දුරින් නැවතුනු හෙටි පුදුමයි ඉතින්.....
    රැදෙනා හිතේ සුසුමක් තරම්.....
    සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා.....
    මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා.....
    giggling.gif


    gPuCpCR.png



     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබේ සෙනෙහේ දැවටෙමින්
    නෙතු පියා එහි රැදවෙමින්
    කදුළු පුරනා දෙනුතු අබියස
    සොදුරු මතකය බොද උනේ..//

    අම්මේ....////
    ඇයිද මා තනි කලේ
    මව්නි කිම හැර ගියේ... //

    පායා එන සදටත් වඩා
    ඔබ මට උණුසුම වූවා..//
    අම්මේ....////
    ඇයිද මා තනි කලේ
    මව්නි කිම හැර ගියේ... //

    නොයෙන ගමන් ගොස්
    ඔබ මා මේ ලොව තනි කලේ
    කුරිරු ලෝකයට බිහි කලේ
    කිමද මා මෙහි තනි කලේ

    ආදරේ නැතිවද අම්මේ....//
    පාළුයි දැන් අත ඇති
    මල් මිට ගිලිහුනා
    පිපී පැතුම් පොඩි වියැකුනා
    ආදරේ නැතිවද අම්මේ.....//
    මව්නි ඔබ මා හැර ගියා.....////

    -Shihan Mihiranga-
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ආරාධනාවක් කළා දෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේ හී
    ආදරෙයි ආදරෙයි සැමදා මා

    මල් යාය පීදේ මට වාසනාවන්ත
    සුවඳින් නැවුම් ගී ලියාදී වගේ
    පෙර අත්භවේදී බැඳුණා වගේ
    ඔබ ආවාද මගෙ රැයට අරුණෝද වී

    මට ආරාධනාවක් ..............

    දිවි නිම්නයේ අතරමං වී සිතින් හඬන
    මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
    රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
    ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නෙහයේ

    මට ආරාධනාවක් ..............


    ගායනය :- වරදත්ත අරවින්ද
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජිවිතයට හිමි අවසන් හුස්මත්

    ජිවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඔ රැගෙන ගියා
    ජිවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඔ රැගෙන ගියා
    මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ නුඹ නැති දා මා තනි වුනු දා

    කදුලින් තෙමී සුසුමින් වේලි
    හදවතින් මා මැරි මැරි
    නැ යලි සතුටක් දැනී
    ඔබේ ආදරෙන් මා යයි දැවී

    තුරුලේ වෙලී මට කීව කතා යලි සවනේ රැව්දෙයි මහද රිදී
    ඔබ නැති ලෝකේක මට මා හිමි නැත මා මියදෙයි සුසුමන් හිරවී
    හැම හුස්මක නුඹේ නම ඇත ලියවී
    හැරයන්නට බෑ කිසිදා

    කදුලින් තෙමී සුසුමින් වේලි...

    -සංක දිනෙත්-

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජිවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඔ රැගෙන ගියා
    ජිවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඔ රැගෙන ගියා
    මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ නුඹ නැති දා මා තනි වුනු දා

    කදුලින් තෙමී සුසුමින් වේලි
    හදවතින් මා මැරි මැරි
    නැ යලි සතුටක් දැනී
    ඔබේ ආදරෙන් මා යයි දැවී

    තුරුලේ වෙලී මට කීව කතා යලි සවනේ රැව්දෙයි මහද රිදී
    ඔබ නැති ලෝකේක මට මා හිමි නැත මා මියදෙයි සුසුමන් හිරවී
    හැම හුස්මක නුඹේ නම ඇත ලියවී
    හැරයන්නට බෑ කිසිදා

    කදුලින් තෙමී සුසුමින් වේලි...

    -සංක දිනෙත්-


    ඇසට නැගුන කඳුලත් එක්ක මම මොනවත් නොලියා ඉන්නම්... :(:(:(:( i really miss you samee...... මේ ලෝකේ ඔයාගේ අදරය , සතුට , සෙනෙහස හිමි කෙනා එක්ක සතුටෙන් ඉන්න.... ඔයා මගෙ මතකයේ ඉඳිවි හැමදාමත්....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුවිසල් රුක් ගොමු දෙරණත රඳවන
    ප්‍රේමයෙ මුල් පස යට සැඟවෙයි
    නන්ඵල මල් දළු පුබුදන මුත් ගස
    මුල් රැස කිසිකෙනෙකුට නොපෙනෙයි..


    ප්‍රේමය ලොව හැම තැනම ඇතී
    හැමදෙනටම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න
    ‍රහසක් තියනව කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න

    ලැජ්ජයි බයයි ගැහෙයි
    හදවත දෙතොල වියලිලා
    දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා
    වැඩක් පලක් කරන්න බැරි
    නින්ද ඇතත් නිදන්න බැරි
    මේ අරුමය ද ආදරේ

    ඔය ඇස් පියාන .....

    ස්නේහෙන් නුවන් සැලෙන
    පිළිතුරු ඔබෙන් එනතුරා
    ප්‍රේම කෝඩුවෙන් තනිවෙයි
    හදත් ගොළුවෙලා
    මාන්නයට හඬන්න බැරි
    තව කෙනෙකුට කියන්න බැරි
    මට නොලැබේ ද ආදරේ

    ඔය ඇස් පියාන .....


    ගායනය :- කිත්සිරි ජයසේකර
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    සිත ඉවසන් නෑ කොමපණ හිතුවත්
    දුක අඩු වී නෑ කොමපණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුලා වු දා ඉදලා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අකල් වැස්සට පතිතවී
    ඔබේ දෙනෙතට හසු නොවී
    ඔහේ සුළ‍ඟේ ගසාගෙන ගිය දෙන්
    ආයෙමත් අපි හමුනොවී..
    ආයෙමත් අපි හමුනොවී..

    වැස්ස දවසක බලාගනු මැන
    ම'සිත ඔබ තනිකල හැටී..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ජිවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඔ රැගෙන ගියා
    ජිවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඔ රැගෙන ගියා
    මේ ලොව එක සැනසුම් සුසුමක් නෑ නුඹ නැති දා මා තනි වුනු දා

    කදුලින් තෙමී සුසුමින් වේලි
    හදවතින් මා මැරි මැරි
    නැ යලි සතුටක් දැනී
    ඔබේ ආදරෙන් මා යයි දැවී

    තුරුලේ වෙලී මට කීව කතා යලි සවනේ රැව්දෙයි මහද රිදී
    ඔබ නැති ලෝකේක මට මා හිමි නැත මා මියදෙයි සුසුමන් හිරවී
    හැම හුස්මක නුඹේ නම ඇත ලියවී
    හැරයන්නට බෑ කිසිදා

    කදුලින් තෙමී සුසුමින් වේලි...

    -සංක දිනෙත්-


    :love::love:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Narada Disasekara.........

    ගමන නොනිමෙයි ලෝකයේ මේ~
    පුරුදු ජීවන මංතලේ..
    ගැටෙන සැප දුක මාරුවී යයි~
    පුරුදු ජීවන මංතලේ..
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    රෑ අහස පුරාවට
    මං හෙව්ව තරු දෑස
    හංඟාන දුර ඈත
    ඔබ සැඟව උන්නාට
    පෙරදාක මට පෑව
    සෙනෙහසේ මුදු සුවඳ
    දැනෙනවා මට තාම
    සිත ගාව පෙර සේම .....

    නෙතු පියන් යට නිදන් වූ මතකයන් පිබිදිලා
    යළි යළිත් ඔබ සොයනවා සිතම අවසඟ වෙලා
    දුරාතීතේ සොඳුරු සැමරුම් අතරේ සැරි සරා
    පරමාදරේ මිහිර මා සිතින් තවම විඳිනවා ...


    ඔබ නික්මිලා ගිහින් ගත වුනත් බොහෝ කාලයක්
    නුඹ උන්නු තැන හිතේ උණුහුමයි තවම ස්නේහයෙන්
    ළං වෙන්න බැරි හින්දාම ඔබ නික්මන් කළත්
    හිමි නැතත් අහිමි වෙන්නෑ අපි අපේමයි අදත් ....

    රෑ අහස පුරාවට.... :dull:


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රුවන් තාරකාවියේ නිශා අම්ඹරේ
    සිනිඳු මෘදු කොපුල්තලේ පහස මට දුරයි ඔබේ
    සුදු හංසියේ ඔබේ පෙම් කැලුම් දිගේ
    කොඳුරන්න අවසරයි ආදරේ මගේ

    පිපිණු සඳලතා කතා ගොලුව ඇත සිතේ
    දකින නෙතේ දසුන් පුරා මවයි රූ ඔබේ
    මේ දුක් සුසුම් කියන පෙම් කතන්දරේ
    පිළිගන්න නෑ කෙනෙක් මේ ලෝ තලේ

    දුරින් සිට නුවන් සලාලා නො‍හඳුනන ලෙසේ
    දිවි ගෙවමු මේ වියෝ දුක් විඳ දරා හ‍දේ
    ආදරෙන් හමුවෙලා මතු ආත්මයේ
    ලියන්නට අවසරයි ආදරේ මගේ
    ලියන්නට අවසරයි ජීවිතේ අපේ

    රුවන් තාරකාවියේ ............


    ගායනය :- දිලුම් නාරද
     

    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    ලන් ලන් වෙලා සිතින් මා
    හොර රහසේ ගොලු වෙලා
    දැන දැනත් අහිමි බෑව්
    මා පෙම් කලා...
    මෙ පාලු ගිම්හානේ
    තනිකමයි මගෙ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා...
     
    • Like
    Reactions: amila_90210

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    සිනා පිපෙනා මේ වසන්තය..
    නෙලා දෝතින් මලක් සේ..
    මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ..
    සිනාසේ..වසන්තය මලක් සේ..

    නිබඳ සුවඳයි ඔබ නිසා මට..
    ගම මැදින් හමනා පවන් සිහිලැල්..

    ගං දොරින් පිටමං නොවේවා..
    නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්..


    නිසල සිතිවිලි,සසල තුරුලිය..
    අතර තනිවෙමි ඔබ නිසා සතුටින්..

    අහස සමුදුර වැළද සැනසෙන,
    තැනෙක සඟවමි හද සෙනේ සුසුමින්..

    :love::love::love::love::love::love::love: