පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ රැවටුව හිත ඇතුළේ කකියාගෙන එන දුක නම්
    තව නෑ කවුරුත් දන්නේ විඳවන හැටි මා තනියෙන්
    වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතුවේ
    හදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ

    නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කළා
    හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා
    තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
    ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා

    ආදරේ ඔබට නම් නොදැනුණේ ඇයි ඉතින්
    මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින්
    තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
    ඔයා හඬයි සත්තකින් මං හැඬුවටත් වඩා

    ඔබ රැවටුව හිත ..........


    ගායනය :- ලක්ෂ්මන් හේවාවිතාරණ
     
    • Like
    Reactions: Rex921

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිරු වඩින මාවතේ
    කොතැන හෝ මුණ ගැසී
    පැතුම් මල් පුබුදුවා
    නෙත ගැටෙන වෙලාවේ
    කුරිරු වූ දහස් නෙත්
    එක ඇසිල්ලෙන් වසා
    හිතේ දුක් තැවුල් හැර
    සිනාසෙමු දෝ කෙසේ..



    ලොව ම අමතක වෙලා
    හිත් බැඳුණු වැරැද්දෙන්
    දඬුවමක් ලෙස නැඟෙයි
    වේදනා හැමදිනේ.......



    අහස මෙන් අනන්තව
    කොතෙක් තිබුණ ද හිතේ
    දිනන්නට බැරි පෙමින්
    කිම ද හෙට ඇති පලේ...



    ඔබ මගෙයි කියන්නට
    මට දිනක් ලැබෙයි දෝ
    එයයි මා නොලද දේ
    මේ මහා විශ්වයෙන්...


    පද රචනය : දයා ද අල්විස්
    තනුව සහ සංගීතය : චන්ද්‍රදාස බෝගොඩ
    ගායනය : ඉන්ද්‍රානි බෝගොඩ

     
    • Like
    Reactions: Rex921 and DAMER

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
    තාරුණ්‍යයේ කඩයිමත් පසුවී යතත්
    ඔබ ඔතැනමද..... මම මෙතැනමද..... හැමදාම
    හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න

    දිය රළපෙලකි ඇස කඳුළු හිත දවනා
    මහා සමුදුරක කිමිදී සෙනේ පුරනා
    රැයක් දවාලක් නොබලා
    ඔබම සෙවූ පෙම්වතියයි මා.... පෙම්වතාණනේ

    සඳු හිරු මැදට සිරවී තැවුල් විඳිනා
    ඔබ අද එතැයි හෙට එතැයි දින ගනිනා
    පැනක් නිනව්වක් නැතුවා
    ඔබම සෙවූ පෙම්වතියයි මා.... පෙම්වතාණනේ
     
    • Like
    Reactions: Rex921 and DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑ දෙව්දූ ඈ පැළඳූ
    ආදරයේ නිල් තරු ගැලපූ
    පෙම් කරපූ ඔබ සැඟවූ
    මාගේ හිත විතර ද මියුරූ

    හීන සැනසූ මා ළඟ වූ
    ජීවිතයේ මදනල රැන්ඳූ
    හද පිරුණූ මල් ඇතිරූ
    ආදර කවියක ඔබ සොඳුරූ

    රෑ දෙව්දූ ............

    සඳ දුන්නු පෙම මියුරු
    එනමුත් සිත නම් නැත රුදුරු
    මල් නෙලපු මා සැතපු
    මේ නෙත විතර ද පෙම ඉතිරූ

    නෙතඟේ රැඳුණූ සිහිනෙකි පියුණූ
    ආදර මලවල පැහැ ගැන්වූ
    හද රැඳුණූ පියමන් නොකෙරූ
    ඔබනම් ජීවේ හුස්ම බඳූ

    රෑ දෙව්දූ ............


    ගායනය කසුන් :- හෙට්ටිආරච්චි හා ජිත්මි අබේරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නව ද මං දුකින්
    ඔබ වෙන්වෙලා මගෙන්
    නවතින්න බැරිමනම්
    නවතන්නෙ නෑ ඉතින්
    දන්නව ද මං දුකින්
    අපි වෙන්වෙලා අපෙන්

    ඔබෙ සුරත මගෙ කරන්
    ආ ම‍ඟ දිගේ
    ඈතින් ම යන්නෙ ඇයි
    නුහුරෙන් වගේ

    දන්නව ද .............

    ළංවෙලා හීන දුන්
    මං පිට කෙනෙක්
    හෙට ඉඳන් වේවි මං
    හඳුනන කෙනෙක්

    දන්නව ද .............


    ගායනය :- ගාමිණී සුසිරිවර්ධන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ ඇහැට ළංවෙලා ගියත් මගහැරී
    වාවගන්න බෑ දුක වැඩියි
    අහිම ඔබ හිතාන මං
    පෙම් කරන්නෙ මේ තරම්
    ඔයා ලබා ගන්නට හිතී
    ඔබ හැර කෙනෙක් මට එපා දැන්
    මගෙ සෙනෙහෙ ඔබටයි ‍මියෙනකල්
    සිහෙනන් පවා මා හට මැවූ
    සංසාර සිහිනෙකි ඔයා

    පෙම් හීන රහසේ ම හිත ගොඩ ගහන්
    ඇවිදින් ඇවිත් පාලු මතකෙට හොරෙන්
    ඔබ දෙන්න බෑ වෙනත් හිතකට ඉතින්
    හැමදා ම ‍මගෙමයි ඔයා

    ඔබ හැර කෙනෙක් .............

    උණු කඳුළු වෑහෙද්දි දෙනෙතට හොරෙන්
    ඔබ නැතුව මා ඉන්නෙ කොහොම ද ඉතින්
    ඈතට වෙලා ඉන්න මට බෑ ඔබෙන්
    අපි දෙන්න අපගෙයි සිතින්

    ඔබ හැර කෙනෙක් .............

    මේ ඇහට ළංවෙලා .............


    ගායනය :- යමුනා විමලසේන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇසුරු කරේ අත දුරක ඉඳන්
    දිනෙක මෙසේ වෙන් වෙන්න හිතන්
    අප හිතවත් ව නොවුණා වගේ
    කොහොම හිතකින් ගියේ
    කවදාවත් ම නෑ සැලකුවේ
    ඔබ ව පිට කෙනෙකු සේ

    පපුව පුරා ගැහෙනා මතකේ
    තාමත් රිද්දනවා
    බිඳුවක්වත් මට නැති ද කළේ
    ආදරෙ ඔබ පෙරදා

    අප හිතවත් ව .........

    දුක දැකලා මගෙ ඔබ ලැබුවේ
    සතුටක්මයි හිතලා
    නතර කළා කඳුළැල් නෙතගේ
    ඔබට ම සුභ පතලා

    අප හිතවත් ව .........

    ඇසුරු කළේ ...........


    ගායනය :- ඩිලාන් සොලමන්ස්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    අතැර යන්නට දෙන්න අවසර
    අපේ විසිතුරු අතීතේ
    නෑ ඉතින් අප කිසි දිනෙක හමු වී
    අදින් පසු අපි ඉමු අමුත්තන් වී...

    වසන්තය කැප වුණා කලකට
    නිමා විය හදවතේ ගී...
    එවන් ගී කිසි දිනෙක නැත ලිය වී...
    අදින් පසු අපි ඉමු අමුත්තන් වී...

    විටෙක දැල්වුණු ගැටලු නොදුටිමි
    ඔබට හිමි කළ බැති නෙතින්...
    හිතට එකඟ ව දැන් කියමි හිනැහී...
    ඔබ ම ඔබ හට පෙම් කළා පමණී...


    ගී සංකල්පනාව : දයා ද අල්විස්
    තනුව සහ සංගීත නිර්මාණය : සිසිර සේනාරත්න
    ගායනය : ඉන්ද්‍රානි සේනාරත්න
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආදර‍යේ......පාවෙන හැඟුමක්......
    ජීවිත‍යක් සෙව්වා......
    පුරාණේ මගේ වූ......ඔබේ ආදරේ......
    මිරිඟුවක් තනිකමක් විතරම‍යි......

    පෙම් සිහිනේ.....සිත සැනසූ සේ‍යාවී......
    ඔබ මාගේ.....සිත රැවටූ මා‍යාවී......

    මා ලඟින් ලංවෙලා......ඔබ එදා කී කතා.....
    මගෙ දිලිඳු ලෝකෙ මාලිගාවක් කලා......
    ඒ තැනූ මාලිගා......සුන්වෙලා ගි‍ය දිනේ......
    හඬන්න කඳුලු ඉතිරි නොකර ‍යන්න ඔබ ගි‍යා.......

    වස්සාන‍යේ තනිවෙලා......තුරුලු වී උණුසුමේ......
    දෑඟිල්ලෙ පැටලි උන් සැඳෑව සුන්දර‍යි......
    නුඹ මගේ හැම භවේ.....දිව්රලා සෙනෙහසින්.....
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගි‍යා.....

    -Pradeep Rangana-
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පපුවට හුරු නැති ආදරේ
    ඔබ මට හුරු කරලා
    තනිවුණු තරමක් ජීවිතේ
    පෙර ඇති පවු පිරිලා
    හිතුවක්කාර ආදරේ
    තවමත් මගෙ හිතනා
    හිතුවෙන් නෑ මං මේ වගේ
    දාල යයි කියලා
    පපුවට හුරු කර ආදරේ
    ඇයි ගියේ මිදිලා

    දෑසින් යාව ඔබ ඉඳියාම
    දැනෙයි මහමෙර වගේ
    වෙන්වුණු දාම අන්සතු වීම
    හිත දරන්නේ කෙසේ
    මට හීන පොකුරක් තියා
    වෙන කාගෙවත් වී ඔයා
    මේ වාගෙ ගින්නක් සදා
    තව කාටවත් දෙන්නෙපා

    තනිකඩ පාළු පපුවම කැවෙනු
    හිත හඬයි තව මගේ
    වෙන් වී ගියමුත් සතුටින් හිඳිමු
    එය සැපයි මට ළඳේ
    කවදාකවත් මගෙ වෙලා
    යලි එන්නෙ නෑ මයි ඔයා
    මේ වාගෙ ගින්නක් සදා
    තව කාටවත් දෙන්නෙපා

    පපුවට හුරු නැති .............


    ගායනය :- කසුන් රණසිංහ
     
    • Like
    Reactions: rcccc and DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    WD Amaradewa........


    ඉර හඳ පායන ලෝකේ~
    ආලෝකය අතරේ..
    සැප දුක සමබර වේ~
    මේ ජීවින කතරේ..
    සැප දුක සමබර වේ..
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින්
    මගේ පුංචි නගේ රවටා දෙගුරුන්
    නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ
    කිරි සුවඳ මුවින්

    සෙල්ලම් ගෙදරින් සමුගත් පමණින්
    ඔය බින්ද සිතේ අනුරාග හැඟුම්
    කෙලෙසින්ද නගේ පෙම් පත් ලිව්වේ
    මුදු සිනිඳු අතින්

    පාසල් සෙවනින් සමුගන්න කලින්
    සිත මන්ද නගේ අඳුරේ මෙතරම්
    අවලාද හඬින් ගම්මානේ පිරේ
    දැන් හොඳද ඉතින්
     
    • Like
    Reactions: rcccc and DAMER

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සුසුම්ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
    එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුළු බිඳක් වැටෙයි
    බැරිවුණම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
    ආදරයට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි
    රණ්ඩු කරන කිරිල්ලී යන්න හදයි ඉගිල්ලී
    රණ්ඩු නොකර කිරිල්ලී නොයා ඉඳින් ඉගිල්ලී...

    මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
    විරසකයෙන් මුහුණ නොහොක් කරගෙන කල් ගෙවයි
    යලි මදහසක් හෙලා
    යලි මදහසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
    ලෙන්ගතු කම වැඩි උනාම මමත් එහෙම තමයි...

    සුසුම්ලමින්...

    මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
    ඒත් හිතේ යටින් ඇත්තෙ ආඩම්බර කමයි
    නුඹ යලිත් ළං වෙලා
    නුඹ යලිත් ළං වෙලා කවනා බත් කට මට රසයි
    අහින්සකයි රණ්ඩු කරත් කිරිල්ලි මට අගෙයි...

    සුසුම්ලමින්...
     
    • Like
    Reactions: DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පැතුමක තුරුලුව තනිකඩ ඒ හිත...

    පැතුමක තුරුලුව තනිකඩ ඒ හිත
    හොයන තරම් ඔබ දැනුනෙම නැතිනම්
    රහසේම දවසක නැවතී නෙතූ යට
    හීන තියන්නම් අවසර හිමිනම්
    නොසිතූ තරමට ලංවී ළඟටම
    දෙනෙත් කතන්දර කීවත් රහසින්
    වියැලුනු නෙතු ලඟ ඉතිරිව නෑ පෙම
    ලෙන්ගතු පැතුමක දැවටෙන තරමින්...

    නුහුරු වදන් මට ගලපාගන්නට
    බෑ එක පෙළකට තාමත් හරියට
    නුපුරුදු ඒ හැම වදනම එක්කර
    ගලපා දෙනු මැන ඔබ වෙන හිතකට
    මං වත් නොදැනිම හදවත ඉපදුන
    ඒ පොඩි පැතුමට ලඟ ඉඩ නැතුවද...

    කඳුලක රිදවන පෙර මතකයකට
    පිදුවෙමි සන්තක හැම පැතුමම මම
    මතකය අමතක කර මතු දවසක
    එනතුරු ඉන්නද මං තනිකඩවම
    මතු එක දවසක මේ හිත් මළුවට
    එන්නට අවසර නෑ වෙන හිතකට...


    -Chathura ft Manjula Dilrukshi-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උකුලේ ළමැදේ ඉඳ උනුසුම ලැබු කාලේ...

    උකුලේ ළමැදේ ඉඳ උනුසුම ලැබු කාලේ
    නැලවිලි ගී වල තාලෙන් නැලවුනු කාලේ
    තාමත් එහෙමයි.. මට අමතක නෑ...
    තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ...
    යං යං යං යං.. අපි සැනසිල්ලේ...
    යං යං යං යං.. අපි නැලවිල්ලේ...

    දුව පැන ඇවිදලා සෙල්ලම් කල ඒ කාලේ
    ඇළ දොල ගංගා වැව් වල පීනපු කාලේ
    තාමත් එහෙමයි.. මට අමතක නෑ...
    තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ...
    යං යං යං යං.. අපි සැනසිල්ලේ...
    යං යං යං යං.. අපි නැලවිල්ලේ...


    අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ
    රංචු ගැහිලා කවි සින්දු කියපු ඒ කාලේ
    තාමත් එහෙමයි.. මට අමතක නෑ...
    තාමත් එහෙමයි.. කිසි වෙනසක් නෑ...
    යං යං යං යං.. අපි සැනසිල්ලේ...
    යං යං යං යං.. අපි නැලවිල්ලේ...

    -Wayo-

     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    hqdefault.jpg


    දුර ඈත උවද දකිනා
    ලඟපාත නොවෙද සිටිනා
    ඇළපාත මුදලි මං
    මදහාස නගන් ගජමන් නෝනා
    මදහාස නගන් ගජමන් නෝනා

    පුන්සඳ ලෙද කළුවර යහනේ
    පුන්සිසි වත කඳුලින් තෙමුනේ //
    තහනම්ද සතුට ලඳුනේ
    මේ දුකද සැපයු නුඹෙ හිතට කැපයි
    මදහාස නගන් ගජමන් නෝනා

    රන්රස සේ ගැලපෙන සේමා
    දුන් රස කවි රස විඳ බෝමා //
    නොබැදෙම්ද පෙමින් කෝමා
    අමනාප කිමැයි උදහාස කිමැයි
    මදහාස නගන් ගජමන් නෝනා

    දුර ඈත උවද දකිනා
    ලඟපාත නොවෙද සිටිනා
    ඇළපාත මුදලි මං
    මදහාස නගන් ගජමන් නෝනා
    මදහාස නගන් ගජමන් නෝනා


    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


    ❤™

     
    Last edited:
    • Like
    Reactions: rcccc and DAMER

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ඒ වගේ දිනක් නෑ එන්නේ
    ඈ කොහේ ලඳක් දෝ නෑ දන්නේ
    පෑ රිදී සිනා කැන් ඒ දෑසේ
    මා සිතින් මැකීලා යා නොයේ...

    වෑහිලා වැසී ඈ තෙමී තෙමී
    වීදියේ සෙමින් ආ හැටී
    සීතලේ වෙලී ඈ මුවා වෙවී
    ඈ මුවේ සිනාවෙන් මා සැලී...

    යා යුතුයි සිතූ ඒ රියේ නැගී
    මා ගියා සැණින් ඈ දමා
    ඒ වෙලාවෙදි මා දිහා බලා
    ඈ හෙලූ සිනාවෙන් මා දවයි...


    මිල්ටන් මල්ලවආරච්චි
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ සිතකින් නොව&#3546






    රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ
    සිතකින් නොවේ කිසිදා හැරයන්නේ මා
    අද මෙන් ළ‍ඳේ හෙට නෑ හමුවන්නේ මා
    ගෙන යමි ඔබේ ආදරේ ආදරේ

    :love::love::love::love:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    H R Jothipala...................



    පායන දේදුනු කුමටද පල නැත~
    ඇහි බැමි ඇත ඔබ වතේ..
    මා ලඟ ඈ ඇත ඒ වත මට ඇත~
    නොනැඟෙනු මැන සඳවතේ..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඈ මානවිකාවකී
    පාසැල් සමේ රැඳී
    කොතැනේ සිටියාදෝ
    සැඟවී මිහිතලයේ...

    අඩවන් වූ දෑසින්
    නොබලන් කුමාරියේ
    ඇයි පෙර මා දුටුවාදෝ
    ඔබ කෝල බැලුම් සැලුවේ
    සැඟවෙන්නද හදට මගේ

    අඳුරක ඔබ සිරවීදෝ
    අන්සරණක් නැතිවීදෝ
    අමතනන්ද ඔබ හමුවේ
    අවසර දෙනු මැන ලඳුනේ
    යළි හමුවෙමු හෙට දිනයේ....
     
    • Like
    Reactions: DAMER