පද පේළී - EK LYRICS THREAD PART 2

Ashvind

Member
Nov 6, 2014
34
1
0
ඔන්න මගේ ගානේ දෙමළ සින්දුවක්.....මම කොටි‍යෙක් නම් නෙවෙ‍යි හොඳේ......:rofl::rofl::rofl:
(මේකේ කි‍යන්නේ වැස්ස ගැනලු......)


அடடா மழைடா அட மழைடா
அழகா சிரிச்சா புயல் மழைடா
அடடா மழைடா அட மழைடா
அழகா சிரிச்சா புயல் மழைடா
மாரி மாரி மழை அடிக்க
மனசுக்குள்ள குடை பிடிக்க
கால்கள் நாலாச்சு கைகள் எட்டாச்சு
என்னாச்சு ஏதாச்சு ஏதேதோ ஆயாச்சு
மயில் தோக போல இவ மழையில் ஆடும் போது
ரயில் பாலம் போல என் மனசும் ஆடும் பாரு
என்னாச்சு ஏதாச்சு ஏதேதோ ஆயாச்சு


பாட்டு பாட்டு பாடாத பாட்டு
மழை தான் பாடுது கேட்காத பாட்டு
உன்னை என்னை சேர்த்து வெச்ச
மழைக்கொரு சலாம் போடு
என்னை கொஞ்சம் காணலயே
உனக்குள்ளே தேடி பாரு
மந்திரம் போல இருக்கு
புது தந்திரம் போல இருக்கு
பம்பரம் போல எனக்கு
தல மத்தியில் சுத்துது கிறுக்கு
தேவதை எங்கே என் தேவதை எங்கே
அது சந்தோஷமா ஆடுது இங்கே

உன்னப்போல வேறாறும் இல்ல
என்னவிட்டா வேறாறு சொல்ல
சின்ன சின்ன கண்ணு ரெண்ட
கொடுத்தென்ன அனுப்பி வெச்சான்
இந்த கண்ணு போதலயே
எதுக்கிவள படைச்சி வெச்சான்
பட்டாம்பூச்சி பொண்ணு
நெஞ்சு படபடக்கும் நின்னு
பூவும் இவளும் ஒண்ணு
என்னை கொன்னுப்புட்டா கொன்னு
போவது எங்கே நான் போவது எங்கே
மனம் தள்ளாடுதே போதையில் இங்கே

பின்னி பின்னி மழை அடிக்க
மின்னல் வந்து குடை பிடிக்க
வானம் ரெண்டாச்சு பூமி துண்டாச்ச்சு
என் மூச்சு காத்தால மழ கூட சூடாச்சு
குடையை நீட்டி யாரும்
இந்த மழையை தடுக்க வேணாம்
அணைய போட்டு யாரும்
என் மனச அடக்க வேணாம்
கொண்டாடு கொண்டாடு கூத்தாடி கொண்டாடு




:rofl::rofl:
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0




ජීවිතය ඹබෙන් දැන ආදරයෙන් සිඹ
ලඟම තබාගෙන මුතු කැටයක් ලෙස
මේ කුළකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ළඳුනි දයාබර..........

කාලයක අයාලේ පාවී ගිය සිත
ලැගුම් සොයයි උණුසුමින් කැදැල්ලක
ආදරය තරම් සුවයක් මිහිමත නැත
කියා ගයයි දුර ඉඳන් ලිහිණියක........

සාගරය තුරුල්ලේ යාවී ගං දිය
විඩා නිවයි සිඳු රළින් හැඟුම්බර
ස්නේහයක උපන් කවියක් කැට තලයක
ලියා තබමි නුඹ නමින් සදාතන........
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සඳළු...

සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ
නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ
මට පිළිගන්න බැරි තරම් පුද දුන් සෙනේ
මම රැකගනිමි කුමුදිනිය පණ මෙන් මගේ

සඳළු..සඳළු..සඳළු...ඒ පුර සඳ නුඹලු...

සිතත් එක්ක ගිය වන්දනා ගමනේ
සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ
රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ
රැය එකළු කළ සඳවතිය නුඹනේ...

පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ
සංසාර පුරුද්දට මුණගැහුණු පුදුමේ
විඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ
මගෙම වී ළඟ ඉන්න සඳවතියේ
සඳළු..සඳළු..සඳළු...


-Damith Asanka-
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
සිහින ගෙනෙන ඔබ කවුරුන්දෝ
අලුත් සිහිනයක් මට නැතිදෝ
සුපුරුදු එක සිහිනෙම දැකලා
සිතේ සතුට මගෙ ඇත මැකිලා

ගත වෙහෙසා මම යහනට ආ විට
දෙනෙත් වැසී යයි නොදැනී මා හට
සිසිලක් දැනෙයි මට ඒ මොහොතේ
සුපුරුදු සිහිනය පෙනෙයි සිතේ

පැහැදිලි නැති එක රුවක් ඇතේ
සිහිනෙන් දැකුමට පැතුම් සිතේ
සිහිනෙන් ඒ රුව දැකගන්න
මටත් වරක් අවසර දෙන්න
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Jude Rogans..................

~හිමාලෙට වඩා උසයි~

father-son-walking.jpg


~කරදර ආ මගේ~
..නොබියව ලඟ හිඳී..
~දියුණුව දැක මගේ~
..ආශිර්වාද දේ..
~නොදකින දෙවියන් වැන්ඳද~
..ඔබමයි දෙවියන් වුනේ..
~උපදින හැම භවයකදිම~
..වෙන්නද මම පුතු ඔබේ..
~හොඳ මිනිහෙක් වෙයන්~
..නිතරම මට කියූ..
~මතු සසරෙත් පතන්නේ~
..ඔබමයි තාත්තේ..


~හිමාලෙට වඩා උසයි~
..සෙනෙහස පපු කඳේ..


 
Last edited:

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහේ හෝ නුඹ නතර වී
    කාට හෝ ජීවිතය දී
    තුටින් නම් මට ඒ ඇතී
    මගේ නොවුණට කම් නැතී නුඹ
    මගේ නොවුණට කම් නැතී

    උන්න දා අපි අපේ වී නුඹ
    දුන්නු සෙනෙහස අරුමැතී
    ලෝභ නෑ හිත අහිමි දා අද
    මමත් දැන් මට හිමි නැතී

    නුඹ ළඟත් මතකය ඇතී
    නමුදු අපි වෙන්වී ඇතී
    එපා රිදවුම් ගන්න දිවියට
    අපිට හිමි ජීවිත ඇතී

    කොහේ හෝ .......


    ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ

     
    • Like
    Reactions: DAMER

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    කන්දේ...ලන්දෙ... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මනබැන්දේ...වින්දේ.. සුව පහසෙ වාසෙ ගම්මානේ...

    කන්දේ.. ලන්දෙ.. ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මන බැන්දේ... වින්දේ.. සුව පහසෙ වාසෙ ගම්මානේ...

    වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවෙ

    වෙල් යායේ දොල පාරේ නිල් වන් ජලාසේ
    ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවෙ

    ඒ මව්න් තුරුල්ලෙ සුරූපී යොව්න් ලාලනී...
    සංකේත වූ වාසනාවේ... ගම්මානේ....

    කන්දේ...ලන්දෙ... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මන බැන්දේ...වින්දේ.. සුව පහසෙ වාසෙ ගම්මානේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙර නාදේ ගැමි ගිත රාවේ...

    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැලේ විහාරේ
    පුජාවේ බෙර නාදේ ගැමි ගිත රාවේ...

    මා පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ...
    යයි දෝ නවොදෙන් මැකීලා... ගම්මනේ...

    කන්දේ.. ලන්දෙ... ගගු ලැල්ලෙ පෙනා තෙක් මානේ...
    මනබැන්දේ..වින්දේ.. සුව පහසෙ වාසෙ ගම්මානේ...


     
    Last edited:
    • Like
    Reactions: DAMER

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    දමිත් අසංකගේ අලුත්ම සින්දුව ඇහුවද....:love:
    ෆට්ටයි නේද මචන්ලා...



    සඳ පායන්නේ නැති කලෙක මගේ ජිවිතේ
    නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ
    මට පිළිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ
    මම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේ
    සදළු.... සදළු.... සදළු.... ඒ පුර සඳ නුඹලු

    සිතත් එක්ක ගිය වන්දනා ගමනේ
    සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ
    රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ
    රැය එකළු කළ සඳවතිය නුඹනේ

    පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ
    සංසාර පුරුද්දට මුණගැහුණු පුදුමේ
    විඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ
    මගේම වී ළඟ ඉන්න සඳවතියේ
    සදළු.... සදළු.... සදළු....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දවසක මා හමුවෙලා...

    දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා
    භාවනවක් වාගේ ඔබ දෙසම බලා සිටියා
    කල්පයක් කල් වාගේ අපි නිහඬ වෙලා සිටියා

    දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා...


    හේතුවක් නැති වෙන් වු දිනේ
    රෑ තරුද හැඬුවා රාත්‍රියේ
    සිනිදු සියුමැලි කම්බුල් ඔබේ
    තාම අමතක නෑ මේ භවේ
    යන්තම් බලන්න දෑස් මගේ
    දැන්වත් කියන්න ආදරේ

    දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා...


    ආ දුරත් බොහොමයි ජීවිතේ
    නො‍ලැබ ඔබ හද පුජාසනේ
    සිතුව පැතුවේ බොඳවී ගියේ
    ලෝකයම මට නැති වී ගියේ
    යන්තම් බලන්න දෑස් මගේ
    දැන්වත් කියන්න ආදරේ

    දවසක මා හමුවෙලා යනවද ආයේ ලං වෙලා
    යලි එනදා සිහිවෙලා සිත මගෙ නෑ හිලෑ වෙලා...


    -කවීශ කවිරාජ්-
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Waradatta Aravinda...............


    දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන~
    මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ..
    රැකගන්නෙමී ඔබව නිකැලැල් මලේ~
    ඔබ පේ‍්‍රමාදරේ මියෙන තුරු ස්නේහයේ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ...

    පෙම් පුරාණේ සිහින දෙව්දුව දෝ
    මාගේ ලෝකේ සවි ගෙනා හිරුදෝ
    සිත දැවුනා තැවුනා හැඬුනා
    ඔබ ගැන ප්‍රියේ...

    ගෙවුනු දිවියේ සියලු සැප හැරදා
    මාගේ සෙවනේ කම්කටොළු ඉවසා
    සිත දැවුනා තැවුනා හැඬුනා
    ඔබ ගැන ප්‍රියේ...

    මැව්වේ ඉන්නයි මා ඔය තුරුලේ සැනහී
    සැබෑ නොවූ ඒ සිහින ලෝකේ නොඉල්ලු කුමරි
    එනෙන දුක් හමුවේ එකදු මොහොතක් හෝ
    තනි නොකර මා හුස්ම විලසේ ලඟම සිටි සොඳුරී
    සිත දැවුනා තැවුනා හැඬුනා
    ඔබ ගැන ප්‍රියේ...

    -Roony-
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Just for fun

    ඒ කාලෙ ඉඳල කි‍යන කතාවක් මේ......
    අපිට කොරනවා කි‍යල‍යි කි‍යන්නේ......
    දින්න දාට ඒ කට්ටි‍ය උඩින් ‍ය‍යි......
    දුන්න ඈ‍යො කොර ඇන ඇන බිමින් ‍ය‍යි......

    තාප්පවල එල්ලීගෙන සිටින්නේ......
    ආප්ප වගෙ මූනු සුදට ති‍යෙන්නේ......
    කෙප්ප හර උන් කතිර‍ය ගහන්නේ......
    රීප්පෙකින් දෙන්න තම‍යි හිතෙන්නේ......


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වසන්තයේ මල් සුපිපුන...

    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඬලට කවුදෝ ආවා...


    මල් පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳ බිඳ යන්ට ගියා
    හද දුක ගාවා කවුදෝ ආවා...

    හස අංගනාවන් සේ සඳ දිය මැද එමිනේ
    කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
    නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
    මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ...

    හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
    මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
    නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
    මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ...

    -ඉමාන් පෙරේරා-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි...

    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
    ක්ෂිතිජයක් සේ රවටලා සිත
    සිතින් විතරන් එක්වෙලා
    අතීතය දෝතට අරන් අපි
    අහස් ගඟටම විසි කළා
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි...

    එදා අප පියමං කරපු මග
    වියෝවක ගී ඉතිරි වී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි...

    පහන නිවුනත් පහන් පැල මත
    ඒ සුවඳ තාමත් රැඳී ඇත
    එපා සුළඟේ අරන් යන්නට
    ඔහේ තිබුණාදෙන්
    සැබෑ නොවෙනා හීන හරි මිහිරියි...

    -කසුන් කල්හාර-


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා...

    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා
    නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඇයි කියා
    සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
    මට හිතවත් වේවීදෝ රූ ළඳේ...

    ඔබ මගේ සිහිනයයි
    මතකයේ රුව ඔබයි
    ගීතයක් වෙලා මුවින්
    පාවෙලා යන්නේ
    ආදරේ හදවතේ
    නිහඬවී තැවෙන්නේ
    ලස්සන.. ලස්සන ඇස් දෙක...


    ලස්සන ඇස් දෙක මා දෙස...

    -Gypsies-
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මෙලෝකේ සියල්ලෝ - සිනහවෙන්නෙ ඇයිදෝ
    බීල යයි කියා මන් – හිතා ඉන්න හොඳ නෑ
    බොන්න යයි කියාලා - මට බල කරලා
    මේ උසස් සමාජේ - සුරා පානෙ පෙව්වා
    මෙලෝකේ සියල්ලෝ.....

    මගේ ජීවිතේ මේ - ගෙවී හොඳම කාලේ
    ලැබූ පුහු විනෝදේ – දැනුයි මට දැනෙන්නේ
    මුලින් ගෙවපු කාලේ - අලුත් ජීවිතේ මේ
    වෙනස හොඳට තේරේ – පලක් නෑ එයින් නම්
    මෙලෝකේ සියල්ලෝ.....

    නැටීමෙන් ගැයීමෙන් - සුරාවෙන් විනෝදෙන්
    හොඳක් නම් නොවේ ඉන් - ලොවේ හැටි දැනේ දැන්
    මැරුණදාට ලෝකේ – නෑ නැටුම් විනෝදේ
    පෙම් කෙරූ සියල්ලන් – දමා තනිව යන්නේ
    මෙලෝකේ සියල්ලෝ.....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රෝමාන්තික ඔපෙරාවේ
    ඉසියුම් නාද සංරචනයේ
    හැම ස්වරයකින්ම මැවෙන්නේ
    ඔබෙ මගේ නොහිම් ප්‍රේමයයි..
     
    • Like
    Reactions: rcccc