පද පේළී - EK LYRICS THREAD PART 2

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබ එක්ක ඔබ නැති හීනයේ...

ඔබ එක්ක ඔබ නැති හීනයේ
මං තාම තනිවෙලා
හිත තාම ඔබ මාගේ කියා ඔය දෑස හොයනවා
ඔබ මාගේ පණවාගේ කියා සුරතේම දිව්රාලා
අද මාව නොදුටුව සේ ඔයා යනවාද තනිකරලා...

දැනුනේ මගෙ පපුව පුරා
හිතුනේ ආදරේ කියා
හීනෙක මං ඔබේ වුණා
ඔබ මගෙ නොවෙනා
අද මාව නොදුටුව සේ ඔයා යනවාද තනිකරලා...

යන්නට ඔබ මා හැරදා
හීනෙක මා තනිකරලා
හිටියේ ඇයි මගෙම වෙලා
මෙතරම් ලං වෙලා
අද මාව නොදුටුව සේ ඔයා යනවාද තනිකරලා...

-විජිත කුමාර-

 
  • Like
Reactions: thilihare

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආදර හසුනක් හෙමින් ඇවිල්ලා...

ආදර හසුනක් හෙමින් ඇවිල්ලා
මුමුනනවා නුඹ ගැන වදනක්
නොනිමි කවක් මා ගතේ වෙලෙනවා
පන්හිඳ අද්දර ඉකිබිඳිමින්
...

සරසවි සෙවනේ ආදර මංපෙත
වැසී ගිහින්දෝ සුවඳ මලින්
පෙමින් බැඳුනු ඒ සුපෙම්වතුන්
සක්මනින් වඩීදෝ ඇයව අරන්
...

දහසක් ලීවද ගී පද මාලා
රැය නිදිවරමින් අඳුර ඉරන්
සැළලිහිණියො නම් නෑ ගෙන යන්නේ
මගෙ සංදේශය නුඹට හොරෙන්...

-අමරසිරි පීරිස්-
 
  • Like
Reactions: DAMER

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    This is a story that I have never told
    I gotta get this off my chest to let it go
    I need to take back the light inside you stole
    You're a criminal
    And you steal like you're a pro

    All the pain and the truth
    I wear like a battle wound
    So ashamed, so confused
    I was broken and bruised

    Now I'm a warrior
    Now I've got thicker skin
    I'm a warrior
    I'm stronger than I've ever been
    And my armor, is made of steel, you can't get in
    I'm a warrior
    And you can never hurt me again

    Out of the ashes, I'm burning like a fire
    You can save your apologies, you're nothing but a liar
    I've got shame, I've got scars
    That I will never show
    I'm a survivor
    In more ways than you know

    There's a part of me I can't get back
    A little girl grew up too fast
    All it took was once, I'll never be the same
    Now I'm taking back my life today
    Nothing left that you can say
    Cause you are never gonna take the blame anyway

    You can never hurt me again..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
    කඳුලක් නෙත තනියට නැගුනා :(:(:(

    මතකද හැම රෑ පහන් වනතුරා
    පැතූ පැතුම් කෙලි සිනා වදන්
    දින ගෙවෙනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්///......:(

    ඉරණම ලියැවී අප වෙන් කලදා
    දෙගුරුන් හමුවේ සිත නිහඬයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි වුවත් මට සොඳුරු වරම්
    අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින් :(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: DAMER

    chutte malli

    Member
    Mar 2, 2013
    15
    3
    0
    කණක මිණක තරුවක රුව
    නොපෙණුනි ඔබ දකින තුරා
    ලොවක සිරිය නොදුටිමි මා
    ඔබෙ සෙනෙහස ලබන තුරා

    විලක දොලක සුව නොලදිමි
    ඔබ මා හා රැඳෙන තුරා
    මලක සුවඳ ඇත මසිතේ
    ඔබ මා ලඟ සිටින තුරා

    අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
    ගහක් කොලක් දියක් නොමැති කාන්තාරයක්
    ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...
    ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක්
    නැහැනෙ තනිකමක්...
     
    • Like
    Reactions: ^Buddhika^

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගණන් කාර කෙල්ලෝ එක්ක......එකට උන්න කාලෙ ඉවර‍යි......
    සිතේ නැතුව බොක්ක දුන්න......කොල්ලො එක්ක අපි සාමෙ තම‍යි......
    ලොරි කතා ඇද බබා.....ඉන්න එවුන් කඩ‍යක් තමා.......
    කටු කකා ගුටි කකා.....ඉන්න කොල්ලො සුපිරිම හින්දා......

    එල්ලුම් ගහ ‍යට සෙල්ලම් අපි කෙරුව‍යි......අපිට නඩුත් විසි හ‍ය‍යි......
    පරක්කු නෑ අපි තාමත් නලුවොත් තම‍යි......
    Try කල කෙල්ලගෙ කොල්ල රවල බැලුව‍යි......දුකක් නැතුව නොවෙම‍යි......
    හිත හදාගන්න වෙලාව මේක තම‍යි.....

    වංගු දාන අපිත් එක්ක.....චන්ඩි කෙල්ලො හිටි‍යා මතක‍යි......
    කකුල් දෙකට අඩි‍ය ඇලුන......සෙරෙප්පු දෙක තාමත් මතක‍යි......
    Sorry වෙලා worry වෙලා ඉන්න අපිට දැන් ටොපි එපා......
    කොර වෙලා බොර වෙලා......දාපු disco ඉවරද මන්දා......

    -Daddy-


     
    • Like
    Reactions: rcccc

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Luxman Wijesekara & Nirmala Ranathunga...............



    සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි~
    බිඳුවක් ඔබගෙන් ලබන නියා..
    සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි~
    වෙරළක් වී ඔබ දකින නියා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සෙනෙහේ අම්මාගේ...

    සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරි
    අහසේ හිරු සේ අම්මා නිවසේ
    සුව සෑදූ හිරු සඳු අප හැම ලංකෙරූ
    සෙනෙහේ අම්මාගේ
    සෙනෙහේ අම්මාගේ...

    රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
    මව්ගෙන් බෙදිලා නාභි නික්මන් කලත්

    නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
    සෙනෙහේ අම්මාගේ...

    සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
    වරදින් මුදවා ඔවදන් දුන්නා
    නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
    සෙනෙහේ අම්මාගේ...


    සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරි
    අහසේ හිරු සේ අම්මා නිවසේ
    සුව සෑදූ හිරු සඳු අප හැම
    ලංකෙරූ
    සෙනෙහේ අම්මාගේ
    සෙනෙහේ අම්මාගේ...

    -Kasun,Shihan,Nirosha & Umaria-

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවසාන ප්‍රේමයයි මාගේ
    නෑ පතන්නේ කෙනෙක් ආයේ
    ඉවරයක් නෑ කඳුළු දෙනෙතේ
    මාව හැරදාල ඔයත් යන්නට ගියා
    කවුරුත් ම එන්නෙපා
    රවටන්න ආයෙ මේ මා
    තනිකම හොඳයි පාලුවේ
    මේ උණන කඳුළට වඩා

    හීන අතරේ සෙනේ සොයලා
    හිතට වෙහෙසයි දුක ම විඳලා
    කවුරුත් ම නෑ මට පෙම් කළේ
    මම ම විතරයි ආදරෙ කළේ
    ආයෙ රැවටෙන්න බෑ
    කවුරුවත් ඕනෙ නෑ
    තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා

    කවුරුත් ම එන්නෙපා .................

    ඔබේ මත්තේ නැහිල නැහිලා
    මගේ හිත දැන් නොමැරි මැරිලා
    හඳුනන්නෙ නෑ ආයෙ ඔබ මා
    මතක පොත දැන් හොඳට පිරිලා
    ආයෙ රැවටෙන්න බෑ
    කවුරුවත් ඕනෙ නෑ
    තනිවෙලා ඉන්න හිතට පුළුවනි සදා

    කවුරුත් ම එන්නෙපා .................

    අවසාන ප්‍රේමයයි ............


    ගායනය :- දිමංක වෙල්ලලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉවසන්න බැරි තරම්
    කඳුළු නෙත හිරකරන්
    පෙම් කළේ නෑ ඔයා
    සත්තකින් මං තරම්
    වැටෙන හුස්මක් ගිහින්
    අඬන හිත තනි කරන්
    මම නොවෙයි ඔය හිතයි
    පළිගන්නෙ රත්තරන්

    මතක සැමරුම් ලියා
    සිහින සිතුවිලි පුරා
    අමතක ද කී කථා
    උණුහුමේ ගුලිවෙලා
    බැඳුණු හදවත පුරා
    හිමි හිමින් අඩි තියා
    ළංවෙන්න බැරි දුරින්
    ඔබ ගිහින් නැවතිලා

    තනිය දුරකින් තියා
    හිතට එබිකම් කළා
    කාටවත් නැති තරම්
    ආදරෙන් ළංවෙලා
    සිහින අතරින් ඇවිත්
    කඳුළු තනියට තියා
    ඔබ ගියපු දා ඉඳන්
    මේ හිත ම ගොලුවෙලා

    ඉවසන්න බැරි ...........


    ගායනය :- දිල්ෂාන් වීරසිංහ
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    B n S.................


    මේ සංසාරයේ~
    ඔබයි මගේ ආදරේ..
    මා පැතූ ලෝකයේ~
    ආලෝකය දැල්වූයේ..
    මගේ ජීවිතේ..
    මා පැතූ ලෝකයේ~
    සෙනෙහස තවම දැනේ.. :love:
     
    • Like
    Reactions: ^Buddhika^

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
    මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
    හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
    ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

    නුහුරු නුපුරුදු හීන අරන්..
    ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
    රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
    ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
    අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

    පෙනෙන නොපෙනෙන...

    ගායනය : ආත්මා ලියනගේ
    පද රචනය : රකිත වාකිෂ්ට
    සංගීතය : තිලිණ රුහුණගේ
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නිසල වෙලා හද
    නොසැලේ හසරැල්
    ආදර රතදර යුගෙන් ඔබේ...
    සසලව යයි සිත
    මැළවුනු ඔබෙ වත
    දෝවමි කඳුළැල්ලකින් මගේ
    ඔබ නැතිදා.. මේ ලොකේ
    තනිවේ මා... දැවෙන සිතින්... :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රන් තාරුකා දිළී නිවී ගියා
    පෙම් වේදනා හදේ මවා තියා
    මල් මාළිගා කැඩී බිඳී ගියා
    මේ වේදනා සදා හදේ තියා... :(
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Mata thahanam mal kakulen - මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
    මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
    මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන
    වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල
    සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල....//

    උස අත්තක උඩට වෙලා පිපුනු නුබ ගැන
    බලා ඉන්න සදරු තලේ සිටුවරුන් මැද
    ඔච්චම් කර අතු වහලින් පිරුව දෙන මට
    මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට

    මට තහනම් මල් කැකුලෙන්...

    දැනෙනා දුක කවියක් වී නුබට කියන දින
    උඩු මහලේ කවුලු දොරින් නුබට ඇසේ විද
    වැට කොටු බැදි උයන් තෙරක හැඩට පිපුනු මල
    මැදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට
    සැඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් හෙට

    මට තහනම් මල් කැකුලෙන්...
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සදතරැ දිලිහෙයි දැසේ
    මුළුලොව හිනැහෙයි රහසේ
    සතුටු ගගේ රගන රගේ
    බලන් අපේ සිනහා

    ඔබෙ යෞවනේ වනසන් එපා
    මත් පානයෙන් තෙමිලා
    ඔය මීවිතේ කිමිදෙන් එපා
    මොහොතේ සැපක් පතලා

    සදතරැ දිලිහෙයි.....

    නෙත් අදකල රැදු සිහිනේ
    මත්දුම් රැල්ලක වෙලුනේ
    හිතමිතුරේ අසනුමැනේ
    වදන් මෙමා කියනා

    ගායනය: රාඡ්‍ සෙනෙවිරත්න
    සංගීතය: රෑකාන්ත ගුණතිලක
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබගේ දෙතොල් පෙති මත මා...

    ඔබගේ දෙතොල් පෙති මත මා
    දෙතොලින් පෙම් හැඟුම් ලියනා
    මොහොතේ ඔය දෙනෙත් තුල මා
    සෙනෙහේ මා නමින් දුටුවා...

    පෙනෙනා දුරින් හිඳිනා
    ඇසෙනා දුරින් රැඳෙනා
    උණුසුම් පෙමින් බැඳිලා
    ඔබ මා තුරුලේ හිඳිනා
    ඔබගේ පෙම් මහදේ රැඳිලා
    ලඳුනේ අපි අපේ සැමදා...


    ගයනා ගීයේ රැඳෙනා
    හැඟුමන් ඔබෙන් දැනුණා
    ඔබගේ කොපුල් මත මා
    දෙතොලින් පෙම් කවක් ලීවා
    ඔබගේ පෙම් සිහිනේ ළඟ මා
    ලඳුනේ පේවී සැමදා රැඳෙනා...

    -Dushyanth-
     
    • Like
    Reactions: ^Buddhika^ and EPCO

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha

    ඔබ ආයෙමත් ඇවිදින්...
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්... :(

    උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
    නුඹ නොදැක සිටි දිගුකාලයේ
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපි සැලුනත් කොයිතරම්
    එක මලක්වත් සුවද නැතිවිය ඔබ තරම්
    ඔබ නොදැක සිටි දිගු කාලයේ
    නෙතු කඳුළු මැකුනා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    ඔබ ආයෙමත්......

    Singer : Amarasiri Peiris
    Lyrics : Dhammika Bandara
    Music : Denister Perera
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
    කුමුදු මල මගේ
    නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
    සඳ එලිය වගේ
    සඳවතිය මගේ

    අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
    එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
    මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
    සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
    සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

    කුමුදුනිය ඔබයි මගේ...

    මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
    සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
    දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
    භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
    සඳවතිය මගේ සොඳුරු විජිතයේ


    ගායනය - ඉන්දු අමරනාත්
    සංගීතය - රංග දසනායක
    ගී පද - කසුන් ගුණතිලක