පද පේළී - EK LYRICS THREAD PART 2

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    රෝස තොල් සිබිමි තොල් මත කදුලු බිදු රැදී....
    ඔබ ආදරේ කියා කිවුවෙත් ඒ වගේ තමයි...
    මේ රැයයි සදයි හරියට ඒ නුබයි මමයි...
    හීනයක් වගේ මගෙ හිත පාරවයි රිදෙයි....
    :):):)
     
    • Like
    Reactions: rcccc and DAMER

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්..
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්..

    නොයිඳුල් තොල්පෙති අතරෙන්
    උදුරාගෙන සිනාව..
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳූලැලි ගෙනාව..

    එක්ටැම්ගෙයි සිරගත කල
    සමනලියක අනාත..
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව..

    ගායනය - නන්දා මාලිනී

    පරණ සින්දුවක් වුනාට මට ලඟදි අහන්න ලැබුනේ :yes: ලස්සන තේරුමක් තියෙනවා!
     
    • Like
    Reactions: rcccc

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මා සඳට කැමති බව දැනගෙන
    ඔබ සඳ අයින් කලා අහසින්..
    මා මලට කැමති බව දැනගෙන
    ඔබ මල අයින් කලා නටුවෙන්..

    නොයිඳුල් තොල්පෙති අතරෙන්
    උදුරාගෙන සිනාව..
    හදවත නැති මිනිසා ඔබ
    නෙත කඳූලැලි ගෙනාව..

    එක්ටැම්ගෙයි සිරගත කල
    සමනලියක අනාත..
    ජීවිතයම ඔබ අරගෙන
    ඇති දුන් වේදනාව..

    ගායනය - නන්දා මාලිනී

    පරණ සින්දුවක් වුනාට මට ලඟදි අහන්න ලැබුනේ :yes: ලස්සන තේරුමක් තියෙනවා!



    හිරු එකේ යනව හැමවෙලේම
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කිරි අම්මාවරු දනට වඩිනවා
    කිරි සුවඳයි මුළු ගම්මානේ
    අම්මා ඇයි ඒ දනට නොයන්නේ
    නො අසන් පුතනුවනේ
    මා සිත රිදෙන නිසා

    නෙත නිදි වරමින් කැත කුණු අතගා
    මම නුඹ හැදුවෙමි දුක් විඳලා
    එනමුදු කුසයේ හොවමින් බිහිකර
    ඇඟ ලේ කිරි කර නැත පොවලා

    කිරි අම්මාවරු......

    නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
    මව් පදවිය නැත මා පතලා
    මතු භවයේ මා දනට වඩින්නම්
    නුඹ බිහි කර කිරි මව වීලා

    කිරි අම්මාවරු.......
     
    • Like
    Reactions: rcccc

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    In this world you tried
    Not leaving me alone behind
    There's no other way
    I'll pray to the gods: let him stay

    The memories ease the pain inside
    Now I know why

    All of my memories
    Keep you near
    In silent moments
    Imagine you'd be here
    All of my memories
    Keep you near
    The silent whispers, silent tears


    Made me promise I'd try
    To find my way back in this life
    I hope there is away
    To give me a sign you're okay
    Reminds me again
    It's worth it all
    So I can go home

    Together in all these memories
    I see your smile
    All the memories I hold dear
    Darling you know I love you till the end of time

    259035.png


     
    • Like
    Reactions: rcccc and DAMER

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙනෙන නොපෙනෙන මානයේ...

    පාට දේදුණු කෝ කියාලා
    අහස ගිගුරුම් දේ
    දී හැඩූවත් අහස කළුවර ඇයි
    කෙදිනදෝ දේදුණූ ඇසූවේ...

    පෙනෙන නොපෙනෙන මානයේ ඔබ සොයන මා
    දෙනෙත් තනියට කදුළු බිදු පිරුණා
    පෙනෙන නොපෙනෙන මානයේ ඔබ එනතුරා
    මට දකින්නට මට දකින්නට...
    ඔබ එනතුරා...

    පුංචි සමනළුන් රහස් කිව්වත්
    ඈත මලකට ඒ
    ඒ ඇසේවිද ඔබ මාගේ
    මහිත කිව්වාට ඔබ හිතාවිද...
    මා ඔබේ...

    නිදා නොනිදා පහන්වූ රෑ
    හඬයි ඔබ හා එක හීනයකට
    ඒ හීනේ ඔබේ තුරුලේ...
    රැඳෙන්නම් මා මියෙනා මොහොතේ...

    -Centigradz-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටිකක් පරණ සින්දුවක් upload කලා :rolleyes:...

    https://soundcloud.com/dasunamadoru/kawulu-piyanpath-kasun-kalhara:love:


    full lyrics තියෙනවනම් දාන්න :D....
    කවුලු පියන්පත් වහන්න සඳළු තාලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා
    ලවැලි තලවේ...

    විලක දුරක මල් පිපුනේ අපට නොවේමෙයි
    ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කෝමැයි
    සඳළු තලාවට පැල්පත දුරනම් බෝමයි...

    කවුලු පියන්පත්...

    කිරි සිනා සලන සඳවත අහසෙම රුඳුනාවේ
    ඉඟි මරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
    කවුලු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ...

    කවුලු පියන්පත්...

    -කසුන් කල්හාර-

     
    Last edited:
    • Like
    Reactions: D@sun

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    [FONT=&quot]සුපෙම් හැගුම් ඔබෙන් එපා[/FONT]
    [FONT=&quot]මිතුරු දම් විනා[/FONT]
    [FONT=&quot]නෞකාවකි ඔබ ඈත සමුදුරේ[/FONT]
    [FONT=&quot]මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ[/FONT][FONT=&quot]....[/FONT]

    [FONT=&quot]තරු එළියෙන් රුදු රාත‍්‍රී කාලයේ[/FONT]
    [FONT=&quot]දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්[/FONT]
    [FONT=&quot]කිසි දින අප හමු නොවන බව දනිම්[/FONT]
    [FONT=&quot]සිහිනය මිය යා යුතුය මේ ලෙසින්[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]දිවයුරු සැගවෙන මොහොතක තනිවී[/FONT]
    [FONT=&quot]ඉකි බිඳිනෙමි වියරු වී පාළුවෙන්[/FONT]
    [FONT=&quot]පි‍්‍රය දසුනකි තනි සිතට නොමැකෙනා[/FONT]
    [FONT=&quot]නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්...
    :love::love::love::love:
    [/FONT]
     
    • Like
    Reactions: rcccc

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    විසිරුණු මල් පෙති දෝතට ගත් තුණු වී
    ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමි
    විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැඟණී

    වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
    වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවළක් ලැබුනත්
    අහසෙ දෙකෙළරක නුඹට දිනනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නුදුටුවොතින්
    නුඹේ සුසුම් ගිණි බොල් අහසම නොවෙදෝ

    ~අතුල අධිකාරි~
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සිත නිදි නෑ මගෙ ලඟ නෑ...

    සිත නිදි නෑ මගෙ ලඟ නෑ
    ඔබ දුර ඈත ගිහිල්ලා...
    සිත දන්නෑ ඉවසුම් නෑ
    ඔය හිත තාම හොයනවා...
    දුරක ඔබ ඉගිලිලා...

    හිතේ නවතින්න ඉඩක් මට නැද්ද
    එදා ඔබ කී කතා...
    වෙනතකට යන්න ගිහින් සැනසෙන්න
    හිතුනෙ කොහොමද මෙදා...
    තනිව උහුලන්න බැරි දුකක් එක්ක
    සදා මා තනිවෙලා..

    ඔබේ ලඟ ඉන්න වරම් මට නැද්ද
    හිත තවත් අහනවා...
    මගේ නෙතු ගාව කඳුලු බිඳු සේම
    ඔයා තව ඉන්නවා...
    ගියත් නුඹ ඈත යලිත් එනදාක
    මං බලන් ඉන්නවා...

    -SJS-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ හැබහින්ද නෑ සිහිනෙන්ද මා...

    මේ හැබහින්ද නෑ සිහිනෙන්ද මා
    නෙතු ඇහැරුනේ
    හිත ගාව දැවටිලා මුදු සුවඳ ගෑ
    ආදරය දිවුරලා
    හීනයද මේ...

    ඈගේ වතමඩල සේ සඳ පෑයුවේ හදේ
    රහසින් වගේ
    රූසිරි මැවී මැවේ
    මා සතපවා චන්දන හිමව්කුලේ
    සුව දී මේ රෑයේ...

    සෙනෙහේ විල්තෙරට වී මා සනසනු ලඳේ
    සැමදා මෙසේ
    විලිකුන් දෙතොල් ඔබේ
    මතකයි සදා රහසකි සුරත් පලේ
    මේ පෙම් ලොවේ...

    -සංක දිනෙත්-

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා...

    මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
    රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා...
    කෙසේදෝ කියම් ඉන්නේ මා තනිවෙලා
    කඳුළු මා නෙත් අඟින් වැටෙනවා වැටෙනවා...

    බැඳුනත් ආලෙන් ඔබ
    හා මා
    සැඟවී ගියා සැඟවී ගියා...
    එක මෝසම් වැස්සෙන් නුඹ සැඟවී ගියා
    නුඹ ආයෙ එන්නේ නැතිදෝ තුරලට මාගේ...

    පැතූ ඒ පැතුම් මගේ මීදුමෙන් වැසී අහසේ
    බොඳවී ගියා නොපෙනී...
    එපා යන්න හැරදා කෙසේ ඉන්නේ මා ඉතින්
    හැම හුස්මක් පුරා
    මගේ හිත නුඹේ ගැන මුමුණනවා...

    -රහල් අල්විස්-
     
    • Like
    Reactions: hmhm95

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ඇය යන්න ගියා මැකිලා
    වන සිරසක තුරු සෙවණැලි අතරේ
    ගී ගයමින් හිඳ මා තුරුලේ
    ඇය යන්න ගියා මැකිලා
    පිනි කඳුළක් මල් පෙති අග තවරා
    මීදුම් සළුවෙන් මුහුණ වසා

    නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
    සඳඑළියේ මං පෙත පාදා
    රහසක් සඟවා
    ගොළු වූ හදකින්
    යන්න ගියා මැකිලා
    ඇය යන්න ගියා මැකිලා

    යළි කවදාවත් හමු නොවනා බව
    මඳ පවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර


    පද රචනය - සුනිල් සරත් පෙරේරා
    සංගීතය - එච්.එම්. ජයවර්ධන
    ගායනය - අමරසිරි පීරිස්
     
    • Like
    Reactions: DAMER

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    වියැලී යන සුළඟේ..
    ඔබේ සුවඳ විදගන්නට දැනෙන..
    ගිනි මද්දහනේ තනි මට හති අරින්න ඉඩදෙන්න..
    ඔබ සැගවුනු සිහිනයේ ඔබ දකින්නවත් දෙන්න..
    ආදරයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...
     
    • Like
    Reactions: DAMER and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මා දැක්කාම දෑස් පාලා...

    මා දැක්කාම දෑස් පාලා ඔහුත් දැක්කාම දෑත් පාලා
    රහසේම මා පාරලා...
    රහස් රැක්කාද වහන් වීලා දෑස් රිද්දාලා ඈත් වීලා
    මේ හීන දේ වේදනා...

    පෑහේනා කාරනා රිදේවී බෝමා
    රෑක ඈ දෑස බෝ සිහිවෙනා...
    මා හා යාවෙලා ඈ පාව ආවා
    මාව දාලා යාවිදෝ වෙන්වෙලා...

    රැඳුනා වෙලූනා ඈ මා ගාව විමසා බැලූවා සැමදා මාව
    ඒ නාරී මාගේ වෙලා...
    දෑත ආයේ පාමිනා ඈ ආයේ මා සොයා
    හීන හිත ගාව ඒදෝ ගෑවිලා...

    සිඳදා බිඳදා මාගේ හීන නොසිතූ විලසේ රැඳිලා ඈත
    නෑ තේරී ප්‍රේමේ සදා...
    දෑස මානේ රූරනා පාට හීනේ සේදනා
    මාගේ සඳ සාවී වේදෝ මංමුලා...

    -Romesh Sugathapala-
     
    • Like
    Reactions: DAMER and precious