පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැරහැලි හැඳ අඩු කුලියට සළු මැසුව කුමාරී
    ඉඳිකටුව අතේ ඇණුනා දෝ නිදන කුමාරී

    තණ පලසේ බිම උවින දිරාවී
    ළැම ගිනි සිට්ටක් ඇණුන කුමාරී
    කණකර ගලවා රැයට මුවාවී
    මරු රැගෙන ගියේ කොයි ද කුමාරී

    වැරහැලි හැඳ ............

    බිම යකඩ කඳන් වලට මුවාවී
    සුදු මිණීමලක් නඩුව කියාවී
    සත් පතිනි මවුන් අවදිව ඒවී
    උන් උදුරාගත් සළඹ ගෙනෙවී

    වැරහැලි හැඳ ............


    ගායනය :- ගුණදාස කපුගේ
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිකුරු තරුව රැයේ
    අඳුර මකන අගේ
    හඳට අහස හිමිවන පෝදා
    ලොව හඳටම නතුවෙනවා
    තරුවද අමතක වෙනවා

    අහස ඉමේ තුරු මුදුනේ මල් හිනැහෙනවා
    නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
    අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ
    පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා

    සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
    දිළිදු මගේ හද අරණේ එළිය නිමෙනවා
    ඔබනෙත් සඳපහනේ සඳළුතලේ සඳ සැඟවේ
    ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා


    ගායනය එඩ්වඩ් ජයකොඩි සමගින් චරිතා ප්‍රියදර්ශනී
     
    • Like
    Reactions: robaiya

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සිකුරු තරුව රැයේ
    අඳුර මකන අගේ
    හඳට අහස හිමිවන පෝදා
    ලොව හඳටම නතුවෙනවා
    තරුවද අමතක වෙනවා

    අහස ඉමේ තුරු මුදුනේ මල් හිනැහෙනවා
    නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා
    අහසට පිපි මල් සේ පොළවට පරමල් හිමිවේ
    පිපිමල් පරමල් වෙනවා ඒ මල් දුක සඟවනවා

    සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා
    දිළිදු මගේ හද අරණේ එළිය නිමෙනවා
    ඔබනෙත් සඳපහනේ සඳළුතලේ සඳ සැඟවේ
    ඔබ යලි සඳවත වෙනවා මිහිරිව ඔබ රිදවනවා

    :love::) ++
     
    • Like
    Reactions: shaminda peiris

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අනාත මාරුතේ කුණාටු සාගරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ ..
    අතීතයට වඩා පැරණි අපේ ආදරේ
    අපි දෙන්නා හැඩු හැඩුම් දනී සාගරේ
    සදා වෙනස්‌ වෙන්න එපා මැණික මා කෙරේ
    දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ

     

    Apsara.N95

    Member
    Apr 4, 2017
    33
    16
    0
    In a Dream...
    සඳ තනියම
    රෑ තුන්යම
    ඔබ හා මම
    හැම භවයෙම...

    ගිම්හානය මා මඟ හැර
    යළි නො එනා ලෙස ගියේද
    වසන්තයේ මල් පියවිලි
    යන එන මඟ තොට තියේ ද...

    මිහිදන්වු ප්‍රාර්ථනා
    යළි අවදිව හිනැහුනේ ද
    ඒ පැතුමට නව අරුතක්
    ළං කෙරුවේ ඔබ නොවේ ද...

    Voice: Nirosha Virajini
    Lyrics: Bandara Eheliyagoda
    Music: Dilup Gabadamudalige
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ
    අහිංසක දෙනෙත්වලින් ඇයි මා රැවටුවේ
    හිතක් එකක් මේ වගේ ඇයි සෙල්ලම් කළේ
    ඉඩක් නැද්ද ආයෙ එන්න පණ වී මගේ

    හිත දන්නවා ඇතී මගෙ ආදරේ හැටී
    කඳුළක් නොදී ඔයා මං බලාගත් හැටී
    වරදින්නෙපා ඔයාට මට වේදනා දුන්නට
    මං ප්‍රාර්ථනා කරන්නෙ හැමදා මගේ බුදුන්ට

    ඔබ දන්නෙ නැතුවැතී මම විඳවනා හැටී
    නොමැරී මැරී ඉන්නෙ එනකල් හැරී
    නැතිවෙන්නෙපා ඔයාව මට විතරමයි ඔයාව
    මං ප්‍රාර්ථනා කරන්නෙ හැමදා මගේ බුදුන්ට

    මතක් වෙන්නෙ ............


    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටික කලක සිටන් මා අමතක වන බව දැනුණා
    අද මට නොදැනිම මගෙ දෙනෙතට කඳුළු පිරෙනවා
    පිපි මලක් එලෙස මහ වන මැද පරවී යනවා
    ළංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

    දුක සෝකය මා හටනම් පුරුදුයි හැමදා ම
    ආදර වදනින් මා හද පෙලුවේ ඇයි මෙලෙස
    සමුගන්නටනම් අහිමිවු ආදරයෙන් මෙලෙස
    ඉවසම් ද මා කෙසේ සොඳුරියෙ මේ දුක කෙලෙස

    මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසි දාක
    ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදා ම
    ආදරයක ඇති වේදනාව ‍දැනෙනවු දාක
    සිහිවෙයි ද මගේ සොඳුරියෙ බිඳුවක් යලි මතක


    ගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    කලා වැව හිදෙනවා
    ආයෙමත් පිරෙනවා
    මගේ හිත බිදෙනවා
    ආයෙමත් හැදෙනවා

    හිදුන වැව් පතුලේ
    කටු කොහොලු පෙනෙනවා
    රිදුන හිත් මඩලේ
    සෝ සුසුම් දැවෙනවා

    පිරුණු වැව් ජලයේ
    සුදු නෙළුම් සරනවා
    හැදුන හිත් මදලේ
    පෙම් සුවද දැනෙනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Bandara Athauda.............


    නිසල රැයේ නැගෙන සඳේ~
    සිසිල වූ ඔබේ..
    සෙවණ ඇගේ සුවය ගෙනේ~
    නිබඳ මා වෙතේ..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    හන්තානට පායන සද ලස්සනයිද කියන්න...
    මා නොදකින එ් පුරසද නුබට හැකිද දකින්න....:)
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    These four lonely walls have changed the way I feel
    The way I feel, I'm standing still
    And nothing else matters now, you're not here
    So where are you? I've been calling you, I'm missing you

    Where else can I go? Where else can I go?
    Chasing you, chasing you
    Memories turn to dust, please don't bury us
    I got you, I got you..
     
    • Like
    Reactions: DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    When I wake up to your footsteps
    As you get up out of bed
    They make a song that sounds so simple
    But it dances in my head
    A melody so perfect
    That it gets me through the day
    And the thought of us forever
    Is one that won't ever go away

    All I need to know is
    Where to start
    Take my hand and show me forever
    So never will I ever let you go

    So let's hold on together
    To this paper and this pen
    And write down every letter
    To every word we've ever said

    All I need to know is
    Where to start
    Take my hand and show me forever
    So never will I ever let you go

    Let's write our story
    And let's sing our song
    Let's hang our pictures on the wall
    All these precious moments
    That we carved in stone
    Are only memories after all

    Memories after all
    Memories after all

    You know, you gave me hope
    But I've got to let go
    I've got to let go

    It's taking its toll
    Deep in my soul
    Now I've got to let go

    We wrote our story
    And we sang our songs
    We hung our pictures on the wall

    Now those precious moments
    That we carved in stone
    Are only memories after all
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මේ නගරය අලුත් වෙලා~
    වැව් දියරැලි ගිලන් වෙලා..
    අත් අල්ලන් ඔහේ ඇවිද ගිය~
    පටු මාවත් පුළුල් වෙලා..
    එදා අප දුටු පෙම්වතුන්
    වෙලා අද හොඳ පින්වතුන්
    අකුරු පොත්පත් පිරුණු අත්වල
    එල්ලිලා අද පොඩි පුතුන්

    පෙම් කරපු තැන් පුරුදු
    වසා සුවිසල් මැදුරු
    පෙම්වතුන් අද සිරවෙලා
    පාලු කුටිවල අඳුරු

     
    • Like
    Reactions: precious

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හන්තානට පායන සද ලස්සනයිද කියන්න...
    මා නොදකින එ් පුරසද නුබට හැකිද දකින්න....:)

    එදා අප දුටු පෙම්වතුන්
    වෙලා අද හොඳ පින්වතුන්
    අකුරු පොත්පත් පිරුණු අත්වල
    එල්ලිලා අද පොඩි පුතුන්

    පෙම් කරපු තැන් පුරුදු
    වසා සුවිසල් මැදුරු
    පෙම්වතුන් අද සිරවෙලා
    පාලු කුටිවල අඳුරු

    සුන්දර පදවැල් :love:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    වසත් මල් පිපුණාට
    සුවද නෑ ජීවිතේ
    විහග කැල උන්නාට
    ගී නොවති පාළුවේ
    අදත් නැති හෙටත් නැති
    කදුළු පිරි ජීවිතේ
    ඉදින් නුබ නොවඩින්න
    මගේ දිවි මාවතේ......
    කවුද ලිවේ කාටද ලිවේ යන්න අබිරහසකි....
    (කවුද ලිවේ කියල නම් දන්නේ නැ පොත් ගොඩ අස් කරද්දී හම්බුනේ....... )
    17991850_1495713937126214_8956973021870872025_n.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සෙනෙහස දෙවොලකි පුදනු හැකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි
    ආයාචනයට මසිත ගැයූ
    ඔබ දෙසවන ඇයි අඟුලු වැටී

    සසරින් සසරට එකට බැඳී
    මෙතුවක් ආ මග අද නැවතී
    ආදරයට හිමි කඳුළු බිඳූ
    සාගරයට මුසුවේද මතූ

    කඳුලට සුසුමට ලෙන්ගතු වී
    සැනසෙන්නද මා කෙලෙස යලී
    ජීවිතයම එක රැයක දුටූ
    සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසූ​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොල්පිණි වෑහෙන මේ යාමේ
    ඔබගෙන් සමුගෙන යා යුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ
    බොල්පිණි වෑහෙන මේ යාමේ

    ගැලපිට නැගලා ඈත ගම් බලා
    පියමන් කරවන්නේ
    තවත් නිවහනෙක ගිමන් නිවන තුරු
    ඔබ සිහියට එන්නේ
    ඔබගෙන් සමුගෙන මා යන්නේ

    ඔබ අවදිව මා සොයනු එපා
    ඇතයි මා ඉන්නේ
    තවලම්කරුවෝ කවරමදාකදෝ
    එකම තැනක උන්නේ

    බොල්පිණි වෑහෙන වේලාවේ
    ඔබගෙන් සමුගෙන යායුතු වේ
    තාමත් ඔබ ඇත සුව නින්දේ
    ඒකයි මා නොකියා යන්නේ
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Milton Perera.............



    විමන් ඉඩ ඇතේ~
    පැල්පත් වලද ඉඩ ඇතේ..
    එයින් ඵල නැතේ~
    සැතපෙමි ඔබගේ හදවතේ..