පද පේළී - EK LYRICS THREAD PART 2

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    බස් එකේ දැක්කේ – මා හා සිනා පෑවේ..
    පුසුඹේ බැරුවා – මා ලඟින් වාඩිවුන්නේ..
    ජනේලයෙන් අහක බැලුවේ..
    මා දෙස හොරෙන් බැලුවේ..
    කොටුවට ටිකට් ගත්තේ – ඒ ලඟම හදත් ගත්තේ..

    වංගු ලාල ලාල ලාල ලා…
    වංගු ලාල ලාල ලාල ලා…

    හෝන් සද්දේ ඇසේ සංගීතයක් සේ..
    ට්‍රැෆික් එකේ වෙනස් වේ..
    දැනේවී පෙම් සිසිලේ..
    ඈ ළඟ සිටින වේලේ..
    හෘදේ සාදයක් සේ..
    මං ලෝකේ පාරාදීසේ..
    මැවේවි හයිලෙවල් පාරේ..

    ළඟින් මෙසේ මෙ බස් එකේ මේ
    රූට් එකේ මුණ ගැසෙයි
    කියා සිතා හිතා මතා
    ඇහෙන වෙලාවටම එන්නේ..
    හිටන් යන්නෙ – ඉදන් යන්නෙ
    දුරින් ඉන්නෙ – ලඟින් ඉන්නෙ
    සාරි අදින – ස්කර්ට්ස් අදින
    සුරගනක්ද ඔෆිස් යන්නෙ…

    වංගු ලාල ලාල ලාල ලා…
    වංගු ලාල ලාල ලාල ලා…

    කලින්ම පැනල වෙනද ගෙදර යන්නෙ මං
    ඈ හින්දා කට්ට කාලා ඉන්නෙ මඟ බලන්
    බස් එකේ සුන්දරියේ සඳ වතියේ
    මගෙ හෝල්ට් එකට පෑයුවේ…

    බස් එකේ දැක්කේ…
    Funky Dirts
     
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී

    පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
    පිල මත හිඳ හිමිදිරියේ
    ඇයගේ දෑසින් කියවූ කවියද මුමුනන්නේ
    තනි වී

    නීල නුවන් යුග ....

    රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
    දේදුනු සායම කලතා
    ඇගේ හඳින් දුටු සිතුවම දෝ
    සමරන්නේ තනි වී


    චන්ද්‍රලේකා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

    හද විමනේ බිතු සිතුවම්
    කිලිටි කළේ ඔබෙ දෑතයි //
    නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
    දෑත දෙපය මගෙ සීතයි
    දෑත දෙපය මගෙ සීතයි

    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා

    ඔබ පැමිණී ඔබම ගියා
    නැවතුණ තැන මම ඉන්නම් //
    මගෙ සහයෝගය පතන වෙලාවේ
    කොහි සිට හෝ යළි එන්නම්
    කොහි සිට හෝ යළි එන්නම්

    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා
    සෝකය තාපය පාළුව අතරේ
    ඉකිබිඳ හැඬුවා ඇසුණා
    පායා ආ සඳ අඳුරු වළාවෙන්
    මා ඉදිරියෙදිම වැසුනා


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    නන්නාඳුනන සිහින වෙලා
    තරු ඇස් කොනක හිත නවතලා
    ආඩම්බර කතා ඉඟි පා තියා
    මාගෙ තනි හිතට ඔච්චම් කලා

    මනමාලයි හිතේ පෙම් කතා
    මහමෙර උසට හැඟෙනා නිසා
    කවි හිත යට ලියා නෙත ළඟ හැංඟිලා
    සින්නක්කරම මට හිමි වෙලා

    රෑට අහසට නැගලා
    දඟකාරී හිත අල්ලලා
    කෝල බැල්මක් හෙලලා
    මගෙ හීන ගෙත්තම් කලා

    වැසි වැසෙන කළුවර මකා
    නිල් අහසෙ සිත්තම් කලා
    ඔය හිත තාම මගෙ ළඟ නිසා
    හීන ඇත්තක් වෙලා

    නන්නාඳුනන සිහින....

    Romesh Sugathapala
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දෙනුවර මින්පසු එක නුවරක් මෙනි
    ඔබෙ හදවත මහදෙහි සේවනැල්ලකි
    යළි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු
    අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු

    ළිං තොට ගංතොට ආදී තැනේයා
    මල්මද බිසවුනි ඔබ හමුවූවා
    සෙනෙහස් අරුණලු කිරණ ගෙනාවා
    නොදනිමි ඔබ මගේ හද වෙත ආවා

    දැහැනෙහි ඔබ මගේ හදවත බන්දන
    සෙනෙහස මිතුරෙකි දුක්ගිනි සින්දන
    දිනයක් එළඹෙනු ඇත මන නන්දන
    අසිනිය මල්මද සිරිකත කැන්දන
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
    දොලක් වගේ හැඩකාර වූ ළඳේ
    සුළං වගේ සුවදායකයි ළඳේ
    ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

    ඔබ හින්දයි මා ජීවත් වුණේ
    පෙම හින්දයි මා හෙම්බත් වුණේ
    හිත කැඩිලා කැබලි වෙලා
    කසල ගොඩේ කොන් වීලා

    මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
    දොලක් වගේ හැඩකාර වූ ළඳේ
    සුළං වගේ සුවදායකයි ළඳේ
    ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ

    එනතුරු මා මග බලමින් සිටිමි
    නිරතුරු මා දින ගනිමින් හිඳිමි
    හඬනු එපා තැවෙනු එපා
    රෑ බෝ වී එන්න එපා

    මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
    දොලක් වගේ හැඩකාර වූ ළඳේ
    සුළං වගේ සුවදායකයි ළඳේ
    ගලක් වගේ හිත ගල් වෙලා ඔබේ


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සුළඟ නුඹ වගෙයි
    සිත් මල වටා එතෙයි
    මල් සුවඳ හොර හොරෙන් අරන්
    යන්නටම හදයි

    වැස්ස නුඹ වගෙයි
    සිත් මලට ඇද වැටෙයි
    මලේ පාට නොසේදීම
    පුදුමයක් තමයි

    සිත හැදිනුවෙත් නුඹයි
    පසුපසම එලව එලවාවිත්
    සැනසුවෙත් නුඹයි
    නුඹ මගේ හිත අරන්ගියා
    පුදුමයක් නොවෙයි

    සිත තනි කළෙත් නුඹයි
    මගෙ සිතේ සියුම් තැන් සොයසොය
    රිදෙවුවෙත් නුඹයි
    ඒත් නුඹෙන් සිත නොමිදෙයි
    පුදුමයක් තමයි
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
    හිත ආලෙන් මුදා ගන්න මායම් කලා..
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා..

    මම දෑසෙන් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට, චෝදනා
    මම මෑතින් හිදන්වුන් ලගින් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඬනා

    ආලෙන් වෙලා ගන්න.......

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාළුයි මගේ නැද්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ

    ආලෙන් වෙලා ගන්න.......

    Athula Adikari & Samitha Mudunkotuwa
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි

    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා

    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා

    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි

    උපුල් නුවන් විදහා
    ඔබ සිනාසුණා
    මම සිනාසුණා
    පුළුන් පොදක් කළ මා
    ළඳකි වාසනා
    නම මෝනාලිසා


    ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
     
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ

    එදා ඔබ මට සරා සඳ විය
    කවියකින් දුටු සොඳුරු පියකරු
    අඳුරු හද ගැබ විකළු කරමින්
    උදා විය ගිරි ශිඛර සිරසේ...
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    මී අඹ අත්තේ කොහෝ කොහෝ
    දොලොස් මහේ මගුල් දොහේ ........... //
    රබාන රත්වෙන නැකත් වෙලාවට
    නළාව පිබහන් කොහෝ කොහෝ

    විරා නිවෙන් එලි ගොයම් ලියද්දේ
    උඩින් උඩින් වර පෙත්තප්පූ
    හෝරාවෙන් නොනගතේ ගෙවෙද්දී
    නෑ ගම් එනවද පෙත්තප්පූ
    ගම් මැද්දේ සරු අවුරුදු දා
    පච්ච වඩම් පළඳා

    මී අඹ අත්තේ....

    ඉහතෙල් ගාලා ආදර අතකින්
    ඉහෙන් බහින උවදුරු දුරු වී
    නෙත් දෙක වාගේ අයිය නගාලට
    පින් පල දේ අවුරුදු ජය වී
    එක මව් කුසයේ උප දීවා
    මතු මතු සංසාරේ ...........

    මී අඹ අත්තේ ..///

    ගායනය : මිල්ටන් මල්ලවආරච්චි , නීලා වික්‍රමසිංහ
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    I don't wanna know
    If you're playin' me, keep it on the low
    Causŕe my heart can't take it anymore
    And if your creepin, please don't let it show
    Oh baby, I don't wanna know
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..Twinkle, twinkle, little star,
    How I wonder what you are!
    Up above the world so high,
    Like a diamond in the sky.

    When the blazing sun is gone,
    When he nothing shines upon,
    Then you show your little light,
    Twinkle, twinkle, through the night.

    Then the traveller in the dark
    Thanks you for your tiny spark;
    He could not see where to go,
    If you did not twinkle so.

    In the dark blue sky you keep,
    And often through my curtains peep,
    For you never shut your eye
    Till the sun is in the sky.

    As your bright and tiny spark
    Lights the traveller in the dark,
    Though I know not what you are,
    Twinkle, twinkle, little star.

    ..
     

    Aarya

    Member
    Dec 3, 2006
    523
    30
    0
    Down under
    I was twenty-four years old
    When I met the woman I would call my own
    Twenty-two grand kids now growing old
    In that house that your brother bought ya

    On the summer day when I proposed
    I made that wedding ring from dentist gold
    And I asked her father, but her daddy said, "No
    You can't marry my daughter"

    Ed sheeran
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Yo boys!
    I am singing song
    Soup song
    Flop song
    Why this kolaveri kolaveri kolaveri di
    Why this kolaveri kolaveri kolaveri di

    (Rhythm correct?)

    Why this kolaveri kolaveri kolaveri di

    (Maintain please)

    Why this kolaveri... di

    Distance la moon-u moon-u
    Moon-u color-u white-u
    White background night-u night-u
    Night-u color-u black-u

    Why this kolaveri kolaveri kolaveri di
    Why this kolaveri kolaveri kolaveri di

    White skin-u girl-u girl-u
    Girl-u heart-u black-u
    Eyes-u eyes-u meet-u meet-u
    My future dark

    Why this kolaveri kolaveri kolaveri di
    Why this kolaveri kolaveri kolaveri di

    Maama notes eduthuko
    Apdiye kaila snacks eduthuko

    Pa pa paan pa pa paan pa pa paa pa pa paan
    Sariya vaasi

    Haha Haha Haha

    (Super maama ready?)
    Ready 1 2 3 4

    (Wah! What a change over maama)

    Ok maama now tune change-u

    Kaila glass
    Only english...

    Hand la glass
    Glass la scotch
    Eyes-u full-aa tear-u
    Empty life-u
    Girl-u come-u
    Life reverse gear-u
    Love-u love-u
    Oh my love-u
    You showed me bouv-u
    Cow-u cow-u holy cow-u
    I want u hear now-u
    God I m dying now-u
    She is happy how-u

    This song for soup boys-u
    We don't have choice-u

    Why this kolaveri kolaveri kolaveri di
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ලංවෙලා වස්සානයේ
    උද්‍යානයේ පුරා
    වෙන්වෙලා ගිම්හානයේ
    දුක් වේදනා දරා
    කඳුලින්ම ගී ගැයූ
    සමනල් යාලුවේ අසන්
    හිත්යාය මත අපේ
    මල් යාය යලි පිපේ

    තෙත කඳුලැලි රැඳි
    නෙත මත සායම් රන්ඳා
    සිත සිතුවිලි මත
    සිත සිත සිතුවම් ඇන්ඳා
    රහසින් කොඳුරා හදවත උදුරා
    රහසින් කොඳුරා හදවත උදුරා
    කඳුලින්ම ගී ගැයූ
    සමනල් යාලුවේ අසන්
    හිත්යාය මත අපේ
    මල් යාය යලි පිපේ

    තනියම තනිවී
    තැන තැන තනිකම විඳිනා
    තනි මට තනිකම නැතිවෙන
    දවසක් ඕනා
    හිත ලඟ එතෙනා
    මං ගැන හොයනා
    කඳුලින්ම ගී ගැයූ
    සමනල් යාලුවේ අසන්
    හිත්යාය මත අපේ
    මල් යාය යලි පිපේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    යෙහෙලියක සේ...
    සොයුරියක සේ...
    ඔබ කියන අයුරින්...
    මා කෙසේ ඔබ දෙස බලන්නද...
    පෙම් කදුලු දෑසින්...

    ඈදින ගත්තේ අප උනුන්
    පෙම්වතුන් වීමෙන්...
    අප උපන්නේ ඒ දීනේ...
    ප්‍රේමයේ නාමෙන්...
    ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...

    යෙහෙලියක සේ...

    ඔබම ඔබේ සිත රවටමින්...
    අහක බැලූ දවසේ...
    ඔබ ඉවත හල මා අදත්...
    හඬමි පෙම් පියසේ...
    ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...


    යෙහෙලියක සේ...


    ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි