පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් මල් හිනා ඔ‍බේ මුවේ
    හද විල මල් සුවඳ සැලේ
    ඒ මල් විලේ ඔබේ මගේ
    හද පෙම් මල් විකසිත වී

    තාරුකා සඳ පායලා
    එළිය දී මේ රැයේ
    ඔබ මගේ සඳ තාරකාවී
    එන්න පායාලා

    මල් මල් හිනා ............

    පායනා සඳ වාගෙ හිනැහී
    එන්න මහදේ වෙලී
    ඔබ මගේ මිහිරාවියක වී
    ඉන්න සැමකල්හි

    මල් මල් හිනා ............


    ගායනය :- ශර්ලි වෛජයන්ත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ සිරියාවයි ආකාසේ
    වාසනාවට ආදරේ
    සඳ තරු පායයි ආකාසේ
    වාසනාවට ආදරේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු වගේ
    ප්‍රීතියක් ඇත්තෙ නෑ
    මගෙ හද පෙම් රස උතුරන්
    මෝරලා එයි සෙනේ

    මින් මතු කිසිම දිනේ
    වේදනා දෙන්නෙ නෑ
    දිවිහිමියෙන් ඔබ ළඟ මන්
    ඉන්නෙමී පා සෙනේ

    රැල්ලයි වෙරළයි වාගෙනේ
    ඈත යන්නේ නෑ සෙනේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු ............

    නෙතු අඟ ඇඳුණ ඔබේ
    රූ මැකී යන්නෙ නෑ
    එක හිතකින් ඔබ වෙත මං
    සෑමදා ළංවුණේ

    හොඳ සිරියාවයි ................


    ගායනය :- එච් ආර් ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක
     
    කිරිලිය සේ දුර පියාසලා
    අත්තටු රිදුනා පමණයි..
    දෑල විදාහල දෑත මගේ
    ඔබටත් ඔහුටත් උරුමයි..
    හිරු සඳු එකවර දෙපස නැගේ
    කළුවර ඇයි විජිතයම මගේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය රූ සෝභා දැක මනමාල හිත කැළඹුනා
    ‍හෘදේ ආශා ඉටුවී සිහින මල් පීදුනා
    මගෙ හිත බැන්ඳ දඟකාර මනමාලියේ
    ඔය රූ සෝභා දැක මනමාල හිත කැළඹුනා

    පින්වන්ති මාගේ සුරළඳුනි මාගේ
    ඔය දෑසේ කැල්මන් නුරා
    මගෙ පුංචි ලෝකේ මට සුව ගෙනාවේ
    ඔබ සුන්දරයි සෑමදා
    දෙනුවන් සෙවූ අංගනා
    නුඹ මගෙමයි මගේ අංගනා

    ඔය රූ සෝභා ................

    සුකුමාලි මාගේ දඟකාරි වාගේ
    සසරේ පුරා වාසනා
    සඳවතිය මාගේ තරු දිළෙන යාමේ
    නුඹ සනසවන්නම් සදා
    දෙනුවන් සෙවූ අංගනා
    නුඹ මගෙමයි මගේ අංගනා

    ඔය රූ සෝභා ................


    ගායනය :- සතිෂ් පෙරේ‍රා
     
    y_1e337f34.jpg


    ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
    තවමත් මගේ මතකයේ රැදේ
    නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
    කුමක් කියන්නටද සැරසුනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දවස උපදින්නට
    වරම් ‍නොලැබුණත් මා හට
    මෙතේ බුදුන් උපදින රට
    උපදීවා මිනිසකු ලෙස

    එදා මෙතේ බුදුමුව ඇර
    දෙසා වදාරණ බණ පද
    අසා සිටිමි දෑඟිලි බැඳ
    විදා නුවන් කවුළුව ළඟ

    බලා කතර තව දුර දිග
    සොයා සසර මං කෙටිකර
    මුදා දෑත් භව බැමි සිඳ
    සොයා ඇදෙමි නිවනට මඟ


    ගායනය :- අජිත් ආරියරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ සුසුම් හෙලන්න
    ඒ සුසුම් සිහිල මට විඳගන්න
    රැය ගුලිවී ඉන්න
    ළය යහන් ත‍ලේ උණුසුම දෙන්න

    ඔබ පුරහඳ වෙන්න
    ඒ පුරා හඳේ ගුලිවී ඉන්න
    මම තරුවක් වෙමි
    රාත්‍රියට අහසේ පිපෙන

    ඔබ සුසුම් ..................

    ඔබ කවියක් වෙන්න
    ඒ කවිය මිහිරි හඬින් ගයන්න
    මම මිහිරක් වෙමි
    ඒ කවියේ රසතැන් පුරන

    ඔබ සුසුම් ..................


    ගායනය :- ප්‍රින්ස් උදය ප්‍රියන්ත
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලියූ කවි පද දහක් අතරේ
    ලියාගන්නට බැරිව ලැතැවුණු
    එක ම එක දිග පුංචි කවියක්
    තවම ලියනව මං
    නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ
    කියාගන්නට බැරිව සිරවුණු
    එක ම එක දිග පුංචි පැතුමක්
    තවම පතනව මං

    උණුසුමක් රැඳි පළල් උරයක
    වෙලී සැතපී නිදන යුගයක
    නුඹේ සුසමක් සමඟ මියැදී
    යන්න තිබුණා නම්
    මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
    කඳුළු නෑ එහෙනම්

    සඳවතක රැඳි සඳළුතලයක
    තරු කැටක් වී වැටුණු දවසක
    ලතෙක් සෙනෙහස නුඹේ සිත ළඟ
    රැඳී නොතිබුණි නම්
    මගෙ දරදඬු පිරිමි හිත යට
    කඳුළු නෑ එහෙනම්

    ලියූ කවි පද ...................
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ගඟට කපන ඉනි ගඟ දිය රැගෙන යතී
    සැපට වැඩුණු කය පොලවට දිරා යතී
    අපට නොවේ බඹුටත් මරු ලඟාවෙතී
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙතී

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුනාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයා ගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වානෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආවිට එලවන්න එපා
    අනුවන කමෙන් පවු සිදු කරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    You've been runnin' 'round, runnin' 'round, runnin' 'round throwin' that dirt all on my name
    'Cause you knew that I, knew that I, knew that I'd call you up
    You've been going 'round, going 'round, going 'round every party in LA
    'Cause you knew that I, knew that I, knew that I'd be at one, oh

    I know that dress is karma, perfume regret
    You got me thinking 'bout when you were mine, oh
    And now I'm all up on ya, what you expect?
    But you're not coming home with me tonight

    You just want attention
    You don't want my heart
    Maybe you just hate the thought of me with someone new
    Yeah, you just want attention
    I knew from the start
    You're just making sure I'm never gettin' over you, oh

    You've been runnin' round, runnin' round, runnin' round throwing that dirt all on my name
    'Cause you knew that I, knew that I, knew that I'd call you up
    Baby, now that we're, now that we're, now that we're right here standing face to face
    You already know, 'ready know, 'ready know that you won, oh

    I know that dress is karma (dress is karma), perfume regret, yeah
    You got me thinking 'bout when you were mine, oh
    (You got me thinking 'bout when you were mine)
    And now I'm all up on ya (all up on ya), what you expect?
    (Oh, baby)
    But you're not coming home with me tonight, oh no

    You just want attention
    You don't want my heart
    Maybe you just hate the thought of me with someone new, someone new
    Yeah, you just want attention, oh
    I knew from the start, the start
    You're just making sure I'm never gettin' over you, over you, oh

    What are you doin' to me?
    What are you doin', huh? (What are you doin'?)
    What are you doin' to me?
    What are you doin', huh? (What are you doin'?)
    What are you doin' to me?
    What are you doin', huh? (What are you doin'?)
    What are you doin' to me?
    What are you doin', huh?

    I know that dress is karma, perfume regret
    You got me thinking 'bout when you were mine
    And now I'm all up on ya, what you expect?
    But you're not coming home with me tonight

    You just want attention
    You don't want my heart
    Maybe you just hate the thought of me with someone new
    Yeah, you just want attention
    I knew from the start
    You're just making sure I'm never gettin' over you, over you

    What are you doin' to me? (hey)
    What are you doin', huh? (what are you doin', what?)
    What are you doin' to me?
    What are you doin', huh? (yeah, you just want attention)
    What are you doin' to me? (I knew from the start)
    What are you doin', huh?
    (You're just making sure I'm never gettin' over you)
    What are you doin' to me?
    What are you doin', huh?
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83

    Love that once hung on the wall
    Used to mean something, but now it means nothing
    The echoes are gone in the hall
    But I still remember, the pain of December

    Oh, there isn't one thing left you could say
    I'm sorry it's too late

    I'm breaking free from these memories
    Gotta let it go, just let it go
    I've said goodbye
    Set it all on fire
    Gotta let it go, just let it go

    You came back to find I was gone
    And that place is empty,
    Like the hole that was left in me
    Like we were nothing at all
    It's not what you meant to me
    Thought we were meant to be

    Oh, there isn't one thing left you could say
    I'm sorry it's too late


     
    Last edited:

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අහස ගුගුරා
    අකුණු පුපුරා
    මගේ හිත වැන්දඹු වුනා

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි

    ආලයක් නැතී
    තාලයක් නැතී
    විජිතයේ
    කටුඔටුනු හැර යමී

    කාළයක් අපි
    ආදරෙන් සිටි
    සොදුරු මතකය
    අරං යන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි

    බැන්ද රන්දම්
    මගේ ගෙල වට
    මුදා විසි කොට
    අඩන අහසට

    මගේ සිහිනයේ
    නුඹ නිදන්කොට
    කුරුටු ගී
    දහසක් ලියන්නෙමි

    වසාගන් දොර මගේ හිමියනි
    නුඹට රිසි නම් යන්ට යන්නෙමි

    - සුමිත්‍රා රාහුබද්ධ - අග පිපි මල් -
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා
    මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා
    අහසක් වගේ පෙනුනා
    තරුවක් සිතේ පිපුනා..

    තනිකම සිත යට ඉකිගසනා
    හෙමිහිට හැමවිට නුඹ පැතුවා
    කෙලිලොල් නුවන් මවනා
    නොයිඳුල් සිතුම් පිරුනා...

    දෙව්සිරියෙන් වැඩ සිටි ඒ..
    මා සිත නුඹට බැදී...
    හද කුටියේ සීගිරියේ..
    ගී ඇත කුරුටු ගැසූ...

    නුඹ මාගෙ හද අරගන්
    ලඟ පාත ඉද හිනහෙන්
    පුර පෝය සද විලසින්
    සිත් යාය මත පායන්

    සිත් පතුලේ දිය සුලියේ
    සිතුවිලි නුඹට රිසි
    ආල රැයේ සිහින පිපේ
    හීලැ නොමැති සිතේ...

    ඔය දෑස කවි දහසක්
    මුතු සීන මල් යායක්
    තොල් සිඹින තත්පරයක්
    රතු රෝස අක්කරයක්

     
    • Like
    Reactions: amoeba2576

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සංසාර සිහිනේ පෙර මග මා සිටියා…
    කවදාද නුඹ එන්නේ…
    ආදර දේදුන්නේ
    අඩවන් නෙතු විහිදා...
    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ…
    මා නුඹේ.. කුමරා…
    මා නුඹේ කුමරා…

    පියමැන එන්න
    මේ.. සිහිනේ සිරකාරිය වන්න…
    තුරුලට එන්න
    පවසන් නුඹ මගෙමයි කියා කුමරී…
    පියමැන එන්න
    මගේ සිහිනේ සිරකාරිය වන්න…
    තුරුලට එන්න
    පවසන් නුඹ මගෙමයි කියා
    සංසාර සිහිනයේ…
    මා නුඹේ කුමරා…
    මා නුඹේ කුමරා……
    මා නුඹේ කුමරා…
    මා නුඹේ කුමරා…….

    සිහින දකින්න…
    මේ සිහිනේ හිමිකාරිය වන්න
    දිවියට එන්න…
    පවසන් නුඹ මගෙමයි කියා කුමරී
    සිහින දකින්න…
    මගේ සිහිනේ හිමිකාරිය වන්න…
    දිවියට එන්න…
    පවසන් නුඹ මගෙමයි කියා…
    සංසාර සිහිනයේ…
    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනේ
    පෙර මග මා සිටියා…
    කවදාද නුඹ එන්නේ…
    ආදර දේදුන්නේ
    අඩවන් නෙතු විහිදා…
    මා නුඹේ කුමරා…
    සංසාර සිහිනයේ
    මා නුඹේ කුමරා…
    මා නුඹේ කුමරා……
    මා නුඹේ කුමරා…
    මා නුඹේ කුමරා……

    ගායනය- සනුක
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Kasun/ Nirosha/ Shihan/ Umariya...........


    සතුටින් ඉතිරී~
    සෙනෙහේ මිහිරී..
    අහසේ හිරු සේ~
    අම්මා නිවසේ..
    සුව සෑදූ හිරු සඳූ~
    අප හැම ලංකෙරූ..
    සෙනෙහේ අම්මාගේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් වඩා මං ගැන හිතන
    සැරෙන් සැරේ මුළු හිත හදන
    තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
    පිරුණා මුළු හිතම

    අලුත් වුණා දවසින් දවස
    ඔබෙන් ලබා මුළු ජීවිතය
    මට කියාගන්න බෑ ආදරේ තරම්
    ඔයා ගෙනත් දුන්න

    මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා
    පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා
    මටත් හොරා මගෙ හිත හදපු නිසා
    තුරුල් වුණා සතුටේ මල් පිපිලා

    අදත් මගේ හැම සුසුමක් පාසා
    මං ගැන කිවුවේ කොහොම ද මන්දා
    මටත් මගේ ලෝකය නුඹ හින්දා
    සුසුමක් ගානේ නුඹව ම දැනුනා

    මටත් වඩා මං ගැන හිතන ...............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිලිණි ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සා‍ගරේ තරම් ආදරේ අරං
    සරා සිහිනයේ නැවතිලා
    පිරූ මතකයෙන් සිනා මල් හොයන්
    පැතු සේ මා සිතුම් පූදලා
    නුරා මල් හැඟුම් ඇහැරලා
    සදා ජීවිතේ නුඹ වෙලා

    ආදර කවියේ දුරක ගිහිල්ලා
    ජීවිත හීනෙට පාටක් දුන්නා
    හී සර හිත යට කොනකින් තියලා
    සුළඟට ඒ පෙම් කථාව කිව්වා
    තනිකම රෑ තුරුළේ උන්නා
    හො‍රෙන් ම ඇවිදින්
    හිතිල ද මන්දා

    සාගරේ තරම් ..........

    පාවෙන සුසුමේ උණුහුම හංගා
    හීතල දෙතොලින් දෙකොපුල ඉම්ඹා
    සාගර රළ හා තනුවක රන්දා
    ආදරනීය ව කවියක් ලිව්වා
    ඇසිපිය ගෑ ඒ හීනේ දුටු දා
    සෙනෙහෙට ගැඹුරක්
    කොහෙන් ද මන්දා

    සාගරේ තරම් ..........


    ගායනය :- තිලිණ R.හා ධම්මික
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට හිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට හිතබැදි කාරනේ මම තවම සොයන්නෙමි

    කතරේ වැලිකැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පනමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්

    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම්
    පුදුම වෙයි නුඹනම්

    Artist : Karunarathne Diwulgane
    Lyrics : Yamuna Malini Perera
    Composer : Gunadasa Kapuge
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ඇයි හොරැහින් මදෙස බලන්නේ
    නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ
    ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

    නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
    ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
    බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට
    මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද
    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    Artist : Apsara De Silva
    Lyrics : Charuka Suraweera
    Composer : Priyantha Direx