පද පේළී - EK LYRICS THREAD PART 2

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    මල් මාලතී ලතා
    අඳුරේ මිලාන වී
    මේ පාළු රාත්‍රියේ
    නොපිපී බලා හිඳී
    මල් මාලතී ලතා...

    හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
    හැපී බිඳෙන ප්‍රේමයේ
    සෝ සුසුම් ලෙසේ...
    කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ

    ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
    හඬා වැට් ප්‍රාර්ථනා
    පෙම් උයන් තෙරේ...
    කවදාක සුවඳ යළි දැනේද නැවුම් ස්නේහයේ


    ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    රෑ තාරකාවෝ බැලුවා එබී
    කිමදෝ නුවන් ඔබගේ කඳුළින් පෙඟී
    ඊයේ දවාලේ අපගේ ලොවේ
    ආශා ගඟුල් යා වුණා....

    කඳුලැල් සලාලා නොහඬන් ළඳේ
    මමමයි කෙදා හෝ ඔය දෑත ගන්නේ
    ආශා විශාලයි ඉවසීම හීනයි
    දෙදෙනා කෙනෙක් වී බැඳුණා සිතේ...

    හඳුණන්නෙදෝ ඔබ මාගේ සෙනේ
    ඉවසන්නෙදෝ ඔබ ඊයේ වගේ
    හදවත කොණේ මා කඳුලක් තියෙනවා
    කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ...


    ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
    4ncnpUG.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මටම පෙම් කර
    නෙතග නිවසන
    සදා නොසිඳෙන
    සුනිල උල්පත
    කඳුළු බිංදුව

    සමනලිය නෙත ලැගුම් ගෙන හුන්
    නුඹව පළවා හැරිය දා මං
    උන්හිටිය තැන් අහිමි වීමෙන්
    මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
    කඳුළු බිංදුව

    මටම පෙම් කර
    නෙතග නිවසන
    සදා නොසිඳෙන
    සුනිල උල්පත
    කඳුළු බිංදුව

    නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය
    මගේ විජිතෙන් වහන් වුණු සඳ
    කොහේදෝ හිඳ ජීවතුන් මැද
    මවෙත පෙම් බැඳ පැමිණි සකි සඳ
    කඳුළු බිංදුව

    මටම පෙම් කර
    නෙතග නිවසන
    සදා නොසිඳෙන
    සුනිල උල්පත
    කඳුළු බිංදුව
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සඳ ඕනා
    නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා
    උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා

    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ

    මාෂා සොයා තාමත් නොයා
    බලා හිඳී මේ දෙනෙත් විදාලා

    දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ
    තාමත් කාගෙද නෑ
    ඒ මුහුණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ
    කිඳුරන් වාගෙම නෑ

    නවතාලා හිත විමසාලා තරු ඉඟි පානා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා

    ඈ නේනා රෑ ඕනා නෑ
    තාමත් ඈ දුර නෑ
    ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ
    තාමත් ඈ ළඟ නෑ

    කොඳුරාලා රහසින් කීවා තව ලං වීලා සිප ගන්නෝනා
    ඈ කොදුරාලා රහසින් කීවා තව ලං වීලා

    මාෂා
    වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
    සැලුනේ නෑ
    වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ

    අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ

    මාෂා සොයා සියොතුන් පවා
    ඔහේ ගියා පියාපත් විදාලා
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුළින් තුරන් වූ ප්‍රේමයක්

    සතුටේ උපත කඳුළයි සදා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා

    පිපි මල් මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්


    ගායනය - සුනිල් එදිරිසිංහ
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින්

    පමා වෙවී හිඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි - ඉගිලී යයි
    සුපුල් දෙතොල් රත් පැහැයෙන් තවරා
    මී විත උතුරා යයි උතුරා...

    අවුල් දුහුල් වල සිහිල් පහස් මැද
    රඟනා රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඬ මුළු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි - සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගෑ සැපතක් සේ
    හෙට දින එය මිය යයි - මිය යයි...


    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    4ncnpUG.png
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
    අදින් පසු මියේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

    ඈත් බව දැනීලා ඔබේ හා මගේ
    දුරක්‌ ආ නිසා දැන් දුකක්‌ මේ වගේ //
    මහා සාගරේ සේ තිබුණත් හිතේ
    කුමට හිමි වුණාදොa අහිමි ආදරේ

    රකින්නට සෙනේහේ හඬන්නට එපා
    නිමාවක්‌ නොවේ මේ ඇරඹුමක්‌ නිසා

    පතන්නට පවා මා වරම් අහිමිවූ
    හැඟීමක්‌ රිදුම් දේ හෙටට උරුම වූ //
    දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතූ
    මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු

    නෙතින් නෙත බලාලා.....
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    සියල්ල ඉදිරී ග‍රා වැටුණු දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා‍ හැරයන්නට සිදුවෙයි නැවතත්

    ප්‍රේම තාපයෙන් පර මල් යහනට
    තවත් ළඳක් ‍එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ

    ඇ‍ය ‍හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා

    හිටපන් තනිකම ම‍ගෙ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නො‍යා...


    ගායනය - සුනිල් එදිරිසිංහ
    4ncnpUG.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    I used to try
    To set aside
    Some Time for being lonely

    So many times
    I prayed to find
    Someone like you to hold me

    All I know is that when I think of you
    I'm not alone
    I just simply close me eyes
    And sing my song
    And I am home
    Loving where I belong

    Do you believe in loneliness
    I do now that's where I found you and I'll never let you go
    When all I knew was onlyness
    There you were
    With you around
    Who's lonely now

    I feared the night
    But now it's mine
    'Cause something's out there for me

    Let's take our time
    I'm satisfied
    With having you to own me

    All I know is that when I think of you I'm not alone
    I just simply close my eyes
    And sing my song
    And I am home
    Loving where I belong
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    පෝයට ඇවිලෙන හඳක් වගේ උන්
    දියණියනේ කිම මේ
    මලක් පර වුණා වාගේ
    මලේ සුවඳ උඩු හුළඟේ ගියා වගේ......

    ඉහිරුණු කිරකට නාඬන් වැළහින්නක සේ
    අකුරු කරන් යළි පිබිදී හිරු මඬලක් සේ
    අකුරින් ජය ගෙන නුඹ රැජිනක් වන දවසේ
    මවක් වෙයන් නුඹ රිදවූ නුවරුන් හමුවේ...

    ගිලිහුණු කඳුළයි මතු මුතු වී බබළන්නේ
    වැලක හැදුණ ගෙඩි වැලකට නෑ බරවෙන්නේ
    අකල් අනෝරා නින්දා වැහි වැටුණාවේ
    නොසැලී හිනැහෙන් යසෝදරාවන් වාගේ....


    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    4ncnpUG.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නුඹේ නමින් මා දුක් වී ගොතනා කවිවැල්
    නුඹට සොඳුරු ගිතයක්ය සලනා රසුදැල්
    උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
    නුඹට සිහිල් පැන් පොදක්ය වඩනා මනලොල්

    මා හැර ගිය දුකින් තැවී
    නුඹට සාප කරනු බැරි
    නුඹේ නපුරුකමට කිපී
    සිතේ වෛර බඳිනු බැරි

    නිදි නැති රෑ දෑස තෙමි
    මතක සුවඳ වැළඳ ගනී
    මා තනි වූ අයුරු පෙනී
    නුඹ සැනහෙන් මට හිනැහී
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ නගරය අලුත් වෙලා
    වැව් දිය රැලි ගිලන් වෙලා
    අත් අල්ලන් ඔහේ ඇවිද ගිය
    පටු මාවත් පුලුල් වෙලා...

    එදා අප දුටු පෙම්වතුන්
    වෙලා අද හොද පිංවතුන්
    අකුරු පොත් පත් පිරුණු අත් වල
    එල්ලිලා අද පොඩි පුතුන්

    පෙම් කරපු තැන් පුරුදූ
    වසා සුවිසල් මැදුරූ
    පෙම්වතුන් අද සිර වෙලා
    පාලු කුටිවල අදුරූ
     
    Last edited:

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    සිහින ලොවක් දුටුවා මතකයි
    සිහින ලොවෙන් ආවා මතකයි

    සොඳුරු මිහිර සුව පහස ගෙනෙන ඒ
    ආදර බර උණුසුම මතකයි
    ඉර සඳු තරු කැට
    පායන මිහිපිට
    ආදරයෙන් බැඳුණා මතකයි

    අප හදවත් එහි නොමියෙන ලෙස බැඳි
    ආදරයෙන් පිරුණා මතකයි
    සිතට දැනෙන දැනෙන සුව
    ගතට දැනෙන බව
    ඔබ රහසේ කීවා මතකයි


    ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
    4ncnpUG.png
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    රෝස කුසුමක් පිපේවී
    රතු රෝස කුසුමක් පිපේවී
    සොහොන් බිම මා වළ දැමූ තැන
    රෝස කුසුමක් පිපේවී.....🌹

    ජීවිතේ කිසිදාක මෙ ලොවින්
    ආදරේ දිය බිඳක් නො ලැබුව
    ගැහැණියක පෙර දවස විසු වග
    පිපුණු ඒ මල කියාවී.....🌹

    ම්ලාන වූ සිරුරින් තැනින් තැන
    ආදරේ සරණක් සිඟා ගිය
    අන්ත අසරණ යුවතියක ගැන
    පිපුණු ඒ මල හඬාවී....🌹


    ගායනය - විශාරද නන්දා මාලිනී
    4ncnpUG.png
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රව්මක්...
    ඔබ එනකොට ඇදන් එන්න මල් පිරිච්ච ගවුමක්..
    මල් පිරිච්චි ගවුමක්..

    බේරේ වැවත් සුන්දරවී ඔබත් සුවද පියුමක්..
    දකින දකින සැවෙම කියයි අන්න රෝස කුසුමක්...
    අන්න රෝස කුසුමක්...

    බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ...
    තරුමුතුකැට වෙලා පෙන‍ේ නෙතු පැටලී පහසේ...
    හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසිස‍ේ...
    සුවද රොදට එකතුවෙලා ඔබේ මුළු ලොවටම රහසේ...

    මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ..
    රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ..
    ඒ ලස්සන පෙනෙන්නෙ නෑ නෙතු ඔබටම හිමිවේ...
    ජීවිත කාලෙම ඉන්නම් මුළු ඔබමයි මගෙ සිහිනේ..
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මිදි ඇඹුලයි කියලා
    කියූ කතාවේ මා තනිඋනා එදා..
    චංචල ළඳක් උනාද ඔබ මා
    ඇසුරු කලා කියලා..

    මායිම් නැති ලෝකයක් කරා
    අප පියවර මැනලා..
    ජීවිතයේ මුල මැද අග සෙවුවා
    හදින් හදක් පුබුදා..

    සලා වැ‍ටුම් දහසක් ගෙවලා
    මී වද පැණි පිරුවා..
    රුචි රුචි කුසුමේ පෙති දිග හැරුනා
    සිතුම් පැතුම් සනහා..
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කඳුළු නැති නිසා හඬන්න
    කඳුළු ගෙනාවද කියන්න
    සුසුම් නැති නිසා හෙලන්න
    සුසුම් ගෙනාවද කියන්න

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ ගී එදා ඇගේ හඬින්
    මා ඇසූ රාවයයි
    මා ඇසූ රාවයයි

    ඇගෙ පිළිරුව සිත ඇඳී
    ජීවමාන වී හිඳී
    මම හඬගා විමසමි
    එපමණදෝ මට හිමි

    ලොව සුවහස් දරුවනේ
    දරු සෙනෙහස මට දැනේ
    ඈත ඉඳන් අත වනා
    මට අඬගසනුය පුතේ
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    4ncnpUG.png

    තනි වෙන්නට මගේ ලොවේ
    පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ
    සුවඳ මා ළඟින්...

    සිව් වසරක පෙම් ගීතය
    ගොළු වෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින්
    කිරුළු පැළඳුවාදෝ

    මායාවකි ප්‍රේමය මා
    හදවත රිදවූයේ.....
    සෝ ගීයකි දුක්‌බර වූ
    සැනසුම කොහි වේ දෝ.....


    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    4ncnpUG.png
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අසුරු සැනින් එක මොහොතකදී
    කාලය නැවති යලි ඇරඹී
    විශ්වය අලුතින් බිහිවේවා
    ඔබේම වී මා මගේම වී ඔබ
    අපේම වී අප ඉපදේවා.....

    What a song.. :(