මල් මාලතී ලතා
අඳුරේ මිලාන වී
මේ පාළු රාත්‍රියේ
නොපිපී බලා හිඳී
මල් මාලතී ලතා...
හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
හැපී බිඳෙන ප්‍රේමයේ
සෝ සුසුම් ලෙසේ...
කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ
ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
හඬා වැට් ප්‍රාර්ථනා
පෙම් උයන් තෙරේ...
කවදාක සුවඳ යළි දැනේද නැවුම් ස්නේහයේ
ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි
