පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ වෙලා හීන ගෙනා
    හිත නෑ ළඟ තියා ගන්න
    කඳුලු ගොඩක් දුක වැඩි ලූ
    ආදරේට ඔයා දුන්න
    සංසාරේ අතර මඟදි
    මතක් වුණොත් මගේ වෙන්න
    මේ පපුවේ හරි මැද්දෙන්
    ඉඩ තියෙනව ඇවිත් ඉන්න

    හිත අස්සට ගැලැපෙන්නැති
    මහමෙරකට හීන දීපු
    රවටන්නැති ඔය හිත මං
    පෙර භවයක නුඹෙයි කියපු
    හිතාගන්න බැරි විදියට
    මඟක් ඇවිත් නතර වෙන්න
    වෙන් වෙන බව දන්නව නම්
    නෑවිදින් ම තිබුණ ඉන්න

    කවදාවත් අපිව අපෙන්
    වෙන් කරන්න බැහැයි කියපු
    ඔයා ගියා හිතත් අරන්
    මගේ ළඟින් අරන් තියපු
    හිතාගන්න බැරි විදියට
    මඟක් ඇවිත් නතර වෙන්න
    වෙන් වෙන බව දන්නව නම්
    නෑවිදින් ම තිබුණ ඉන්න

    මගේ වෙලා ..................


    ගායනය :- අතුල අධිකාරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතයේ සිහිනේ හමුවී මහද
    ආද‍රයේ දෙව්දූ පෙනෙනා විලස
    ඔබ එනවා හිනැහී හදෙහී රැඳුන
    මේ හැඟුමේ මධුවී රැඳෙනා නිබඳ

    ආදරියේ ආදරියේ
    වළාපෙලින් ඇදී ඇවිත්
    මගේ මුවේ සිනා නඟන්න

    ඔබ තුරුළේ සැනහී වෙලෙනා ම හිත
    ඒ මතකේ සිරවී රැඳුනේ මගෙ ම
    වී ඔබ මා සසරේ පෙරුමන් පුරන
    සුරඟන මා හදෙහී පිළිරූ සොඳුර

    ආදරියේ .................


    ගායනය :- අනුෂ්ක ගුණසිංහ
     
    • Like
    Reactions: Rex921 and DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    හීරෙනා පපුව දිගේ..
    වේදනා කන්ද වගේ..
    නුඹ ළඟින් උන්නු දිනේ..
    දින පොතේ ලිව්වා මා..
    ආදර වෙඩි උණ්ඩයෙන් මිය යමු තුටින්..
    පෑරෙන මතකය අරන් සමරමු දිනක්..
    ඔබ ඉන්න මානේ ඔහු ඉන්න වානේ..
    අපි මවපු ගින්නේ අපි දැවෙනවානේ..

    මා කළ පවත්
    ඔබ කළ පවත්
    ඔහු කළ පවත්
    සසරේ දිගක්..

    හුස්මට වුනත් පෑරෙනා හිතක උරුමේ..
    ඇති නුඹට මා දුන් එදා..
    ඔහු හා මමත් ඔබට පෙම් කරන අරුමේ
    තැවුනේ ඔබයි සෑම දා....
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ...
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..

    මා කළ පවත්
    ඔබ කළ පවත්
    ඔහු කළ පවත්
    සසරේ දිගක්..

    මිය යමු ඉතින් ආදර වෙඩි උණ්ඩ වැස්සේ
    ඔබ ළඟ එදත් ඉන්නවා...
    ලෝකය කියයි දිනක ආදර කතාවේ..
    අතරේ අපිත් ඉන්නවා...
    විසඳන්න නෑ තව දුකක් ජීවිතේ..
    විඳවන්න බෑ තව ගොඩක් ආදරේ..

    මා කළ පවත්
    ඔබ කළ පවත්
    ඔහු කළ පවත්
    සසරේ දිගක්..
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ආදරයේ පාවෙන හැඟුමක්
    ජීවිතයක් සෙව්වා..
    පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
    මිරිඟුවක් තනිකමක් විතරමයි

    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

    මා ළඟින් ලංවෙලා ඔබ එදා කී කතා..
    මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
    ඒ තැනූ මාළිඟා සුන්වෙලා ගිය දිනේ..
    අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..

    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී

    වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ
    දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි
    නුඹ මගේ හැම භවේ දිව්රලා සෙනෙහසින්
    කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා

    පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
    ඔබ මාගේ සිත රැවටූ මායාවී
     
    • Like
    Reactions: DAMER

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ තරම් දුක දරාගන්නට
    නුඹට හැකි වුණෙ කොයින්දෝ
    ඔබ එදා තුරුලට අරන් මා
    කිවූ කවි අද මතකදෝ...

    මම හිඳී ඔබ දෙස බලා අද
    වාරු දෙන්නට නොහැකි වී
    නෙත් තෙමෙයි මගෙ මතක් වී මා
    උකුළෙ රඳවා වුන් හැටී...

    දිය බිඳක් තොල් මත තබා අද
    කුසට අහරක් නොම වැටී
    මතක් වෙයි මට දුක් විඳන් ඔබ
    මගේ කුස පිරවූ හැටී...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදර මැදුරේ පිණි දිය ඉසිනා
    කෝල නුඹේ සිනහව මනරම්
    ජීවන ගමනේ සරතැස නිවනා
    පාන නුඹේ මදහස මගෙනම්
    ආදර හිත ළඟට නුඹේ තව ළංවෙන්නම්
    මට කියා දියන් ආදරේ තරම්

    සීත රාත්‍රියේ නිදනා තනිව මං
    නේක ජීවිතේ රකිනා පතිවදන්
    නුඹ මං වෙනවානම් මම තවත් බලන්නම්
    රාත්‍රිය ම අඳුරු වුනේ ආලෝකය නැතිව වගේ
    ඒක මගෙ හිතේ දවස ම මම තනිවුණා ම
    නුඹ ගැන මම සිහි කළාම සතුට මගේ මයි

    ආදර මැදුරේ .................

    පාන හිනාවේ තිබෙනා මදහසින්
    දෑස මුලාවී ලැබෙනා සෙනෙහසින්
    නුඹ මගෙ වෙනවානම් පණ වගේ රකින්නම්
    හැම දෙයක් ම මට ලැබුනේ සංසාරෙ ම පැතුව වගේ
    පේන හිත වගේ එක දවසක් නැතිවුණා ම
    නුඹ මා ළඟ නැවතුනා ම සුවඳ මගේ මයි

    ආදර මැදුරේ .................


    ගායනය :- සුමිත් මන්දනායක
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
    පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    සීත අරණේ සුපුල් නාමල සුවද ගැල් වු ජීවිතේ
    සීත හිමගිර සීත නොදෑනේ දැනේ උණුසුම ආදරේ

    ලතාවක් සේ වෙලී සියොලග පතමි රෑකවරණය ඔබෙන්
    සදා දෝතින් මලක්සේ ඔබ වැලද ගන්නෙමි හදවතින්.........හදවතින්

    වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලගයි
    මහා කතරක ගෙවු තනි මග නිමා කල ඉම ඔබ නෙතයි..........ඔබ නෙතයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
    සොයාගන්න බෑ කෙලවරක් කොයිතරම්
    මා නුඹට දුන් ආදරේ ඒ තරම්
    මට වැර්දුනේ ඒකමයි මේ තරම්
    ඒකයි මේ තරම්
    බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
    මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා
    බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
    මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා

    පිස දමන්නට ඕනේ නෑ වේලෙනා කඳුලූ
    සිඳී නොයාවී වේදනා මේ හිතේ පිරුනූ
    රිදි රිදි විඳවපූ වේදනා නිම නෑ
    ආයෙ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ
    බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
    මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා

    දෑස් පියාගෙන මා නුඹේ තුරුලේ හිටි අයුරූ
    කාත් කවුරැවත් අද ලඟ නෑ මිසක නෙතේ කඳුලූ
    රිදි රිදි විඳවපූ වේදනා නිම නෑ
    ආයෙ මගේ ලෝකයේ නුඹ කියා කෙනෙක් තව නෑ

    වින්දේ නුඹයි ආදරේ ඇති තරම්
    සොයාගන්න බෑ කෙලවරක් කොයිතරම්
    මා නුඹට දුන් ආදරේ ඒ තරම්
    මට වැර්දුනේ ඒකමයි මේ තරම්
    ඒකයි මේ තරම්
    බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
    මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා
    බෑ බලන්නට දෑස් දිහා ඈ නුඹේ හින්දා
    මා නොවේ ඈ නුඹේ ජීවිතේ හින්දා
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Hansiye - Iraj..................


    සියුම් සෙවෙනි වු~
    තුනී තටු අතරේ..
    උණුසුමට වකුටු වී~
    තනන්නට මට හිතයි..
    විමානේ මාගේ~
    හංස විල් නිල් තලේ..
    හංසියේ සුදෝ සුදු~
    හංසියේ මගේ.. :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මුළු අහස ම මට මදි ඔබ ගැන
    ‍මෙතුවක් නොලිවූ ගීය ලියන්නට
    පුංචි තාරකාවක් දැල්වෙන තැන
    ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට

    සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
    එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
    ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති
    මට ඔබෙ පිළිරුව සිතුවම් කරනට

    මේ මුළු අහස ම ..............

    සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
    එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
    එක සිතකින් ඒ ගැන සිතියැකි මට
    ආදරයට සිත් දහසක් ලොව නැත

    මේ මුළු අහස ම ..............


    ගායනය :- වික්ටර් රත්නායක හා ශ්‍රීමතී තිලකරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ළඟ මැවෙයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........


    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මූසිලයා
    මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
    ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
    ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
    මූසිලයා

    පවසා නෙක මුසාවාද රවටා ගෙන මතු පරපුර
    මූසිලයා වැජඹෙයි මහ ඇදුරකු අයුරු
    මහමෙර සේ නිසංසලයි ගුත්තිල ඇදුරු
    මූසිලයා

    වයනා තන පදය අනුව රඟනා සිසු පරපුර මැද
    මූසිලයා හිඳියි උඬඟු බැල්මෙන් වියරු
    කුටියට වී තනි ව වයයි ගුත්තිල ඇදුරු
    මූසිලයා

    මූසිලයා .................


    ගායනය - සනත් නන්දසිරි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරෙන් අපි උන්න කාලය
    මයෙ හිතේ තුන් මාසෙකී
    ඒත් කම නෑ ඒ දවස් ටික
    මගෙ හිතට ලොකු කාලෙකී
    හාන්කවිසියකුත් පෙමක් ගැන
    නොදත් මං පොඩි කොල්ලෙකී
    එක වයසෙ මුත් මට වඩා ඔබ
    පෙමටනම් ලොකු කෙල්ලෙකී

    එකවරක් බැලුවොතින් ආයෙත්
    නොබලනා පෙනුමක් ඇතී
    මකාගන්නට බැරිව ලතවෙන
    හැඩක් නැති පෙනුමක් ඇතී
    මට ඔයා කැමතියි කියූවිට
    පුදුමෙනුත් පුදුමක් හිතී
    හිතෙන් මම දවසක් පුරාවට
    පිනුම් ගැහුවා හිතවතී

    කුළුඳුලේ එක කෝඩු හීනෙක
    යාවෙලා නුහුරෙන් වෙලී
    හාදුවක රස මුලින් දැනුන ම
    පපුවෙ මැද දැල්වුණි එළී
    ගොතන් නැති කවි පද ම ඔබ ගැන
    රෑ අඳුරෙ මැද වී ගුලී
    ගැලපුවේ අඳුරේ නිසා මං
    වැරදි වැරදී ඇලපිලී

    ආදරෙන් අපි ...........


    ගායනය :- ගාමිණී සුසිරිවර්ධන
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩ්ඩක් හිනා දෙන්න
    කවි සිතුවිලි උනන්න
    ආදරයෙන් බලන්න
    මට කවියක් ලියන්න
    පොඩ්ඩක් හිනාවෙන්න

    නපුරුම නපුරු කෙල්ල
    ‍පුපුරණ මල් වෙඩිල්ල
    කාටත් නොවල මෙල්ල
    දිලිසෙන ගිනි පෙනෙල්ල

    පොඩ්ඩක් හිනා .........

    ඔබ ළඟ සිටින් කල් ම
    පි‍බිදෙයි සුවඳ මල් ම
    නෙතඟින් බලන බැල්ම
    හිත තුළ වඩයි ඇල්ම

    පොඩ්ඩක් හිනා .........


    ගායනය :- ජානක වික්‍රමසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුණා ද මේ දම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමන් වුණේ කොහොම ද අපේ ජීවිතේ

    සාධුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේ‍වී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙ‍වනේ
    වැඳ වැටුණා ගාථ කියා අපි තුන්සරණේ

    බුදුන් දැක නිවන් දකින්න ............

    භාරහාර වී වැඳ වැඳ අටමස්ථානේ
    කරුණා කෙරුවා පේවී මුණි සිරිපාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැඳුරේ
    මල් පිදුවා ගාථ කියා අපි තුන් සරණේ

    බුදුන් දැක නිවන් දකින්න ............


    ගායනය :- චාමර වීරසිංහ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රේමයේ නාමයෙන්
    ප්‍රේමයේ අනුහසින්
    බිඳුණු හදවත් පෙම්වතුන්ගේ
    යළි සුවපත් වේවා!!

    දෙතැනක තනිවී දෙගොඩ තලා යන
    විරහා කඳුළු ගංගා සිඳේවා
    කුමර කුමරියන් සිරවී සිටිනා
    සිපිරි ගෙවල් සැම ආදර පවනේ
    සැණෙන විවර වේවා!!
    ආදර හදවත් නිවී නිවී සැනසේවා!!!

    දූ දරුවන්ගේ පෙම්ලොව අභියස
    කම්පා වී හසරක් නොම දැන
    ගිනිගත් හදවත් දෙමාපියන්ගේ
    තැතිගත් හදවත් නෑ මිතුරන්ගේ
    යළි සුවපත් වේවා!!
    ආදර හදවත් යළි යළි එක්වේවා!!!


    හඬ මුසුව-බන්දුල විජේවීර
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මා වාගේ ළඟින් උන් මා වාගේ
    සිහිවේදෝ කෙනෙක් උන් මා වාගේ
    ආදරේ බැඳුනේ කවුදෝ මා වාගේ
    කොඳ මල් යහනේ සඳ කැළුමන් සේ රැඳුනේ

    කාගේ මුසා බස් හින්දා ඈ
    මා හා ඈ බිඳී ගියා වාගේ
    මා සොයා එයිදෝ ඈ පෙර සිටියා සේ
    රැජිනක් නැති වූ රජ කුමරෙකි මා ලෝකේ

    පෙරදා උදයේ ඈ මා අසලම රැඳුනේ
    ඊයේ වෙන දෑතක පැටලී උන්නේ
    ලංවී තව කුමරෙකු හා පියමැන්නේ
    හෙට රෑ කොහි නවතියිදැයි නැහැ දන්නේ

    පායාවී තව සඳක් පායාවී
    පීදේවී කුසුම් තව පීදේවී
    ආදරේ ඉල්ලා පෙරදා ඈ මාගේ
    දෙනුවන් අතරේ කඳුලැල් තවරා ආවේ


    පද බැඳුම-කේ.ඩී.කේ ධර්මවර්දන
    තනුව-නිමල් මෙන්ඩිස්
    හඬ මුසුව්- ටී.ඇම් ජයරත්න
     
    • Like
    Reactions: DAMER