පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙන කාගෙවත් වෙන්න මට හිතුනේ ම නෑ
    තව කවුරුවත් හිතට එබිකම් කරල නෑ
    අපි දැක්ක පෙම් හීන වෙනසක් වීල නෑ
    තව කාටවත් දෙන්න ආදරේ ඉතුරු නෑ
    මියයන්න පුළුවන් ද මා තනිකරන්
    පළවන්න බැහැ නේද අපෙ මතකයන්

    මතකයි ද අපි අපිට පෙම් කළ හැටී
    හැම සන්තකේ වටින ඔබට ම දුනි
    ළඟ උන්නු පිරිවර ම විණ කළ හැටී
    එලිවෙද්දි ඔබ හරි ම ඉක්මන් වැඩී

    මියයන්න .............

    ආවාට අත ගන්න රජ සිටුවරු
    හිත තිබුණෙ ඔබ ගාවමයි නිරතුරු
    එක්වෙන්න බැරි පින් මදිද මා කෙරු
    පාරයි මගේ හුස්ම මියෙනා තුරු

    වෙන කාගෙවත් ..............

    විඳවන්න ඉඩ දෙන්නෙ නැහැ කොහොමවත්
    ළඟ ඉන්න පණ කෙන්ද වගෙ රත්තරන්


    ගායනය :- අයෝමි පෙරේරා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නීල දෑස හා දොඩවන්නම්
    වල්ලු හඩට මම මත්වෙන්නම්
    නීල වරල මා සිබගන්නම්
    හීන මවා මට කතාකරන්

    ගලන ගගක රල වාගේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
    ක්ස්තිජයක නිමක් ගානේ නිමාවක් නෑනේ
    ඔබෙ රූ වරුනේ
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නීල නුවන් සනසන්නම්
    රාධාවණී මා එන්නම්
    වීණා සරින් නලවන්නම්
    රාධාවණී මා එන්නම්

    මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා-තුරුලු වෙලා මුව සිප ගන්නම් මා..
    නුරාගිනියේ..නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්..

    දෙඅදර සඳකැන් දහර ඉසින්නී
    සොදුරැ සරාගී නෙත ලෙලවන්නී
    රෑබර රාධා-මා මන බන්දා
    හැරදා යනු බෑ-මා ප්‍රිය රාධා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිතනම් මා ළඟයි ඔය දෑත දුර ඈතයි
    හැකිනම් ඔබ ළඟයි මා ආදරේ නුඹටයි

    ඈත සයුරු මානයේ කීව පෙම් කථා
    දෑසෙ කඳුළු නංවලා ඔබේ පෙම් සිනා
    ඈත සයුරු මානයේ එදා කී කථා
    සිහින ලොවක තනිවෙලා හිට ඇසෙයි මෙදා
    ඔබ හා යන්න එකවී මට දෑත දෙනවා නම්
    හැරදා වුණත් මගෙ ජීවිතේ ඔබ ළඟට මා එන්නම්

    ආසයි මටත් ඔබේ දෑතෙ එල්ලිලා
    වෙරළ කොනක ආදරෙන් ඉන්න නැවතිලා
    මා ළඟම දැවටිලා උරට හිස තියා
    ඉන්න ඔබට මා ළඟින් දෙන්නෙමී සදා
    ඔබ හා යන්න පාවී ඔය දෑත දෙනවා නම්
    හැරදා මේ ජීවිතේ ඔබ ළඟට මා එන්නම්


    ගායනය :- සදීප්ත, සංධපා, සිනෙත්
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    හැමදාම හඩන සිත හදන්න ඔබ ලග නෑනේ
    කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
    ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නැනේ
    මට විතරද දුක දැනෙන්නෙ මං දන්නැනේ…

    සද මඩලට උපමාකර කවි ලියූ කාලේ
    කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
    කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ
    ඔබවම සිත පතනා කරුණ මං දන්නැනේ…

    හැමදාම හඩන සිත …

    නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ
    තාම හිතේ ඔබ ඇරුණම කවුරුත් නෑනේ
    අද නැති මුත් ළග සිටි දා සිත හැදුවානේ
    හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ…

    හැමදාම හඩන සිත …
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Ranidu Lankage............


    හිනැහෙන්නේ මං මේ~
    විල් තීරේ පියමැන්නේ..
    ඔබ එක්ක මං මේ~
    ගංගාවේ පැදයන්නේ..
    ඔබ හින්දා මං මේ~
    සංසාරේ සැනසෙන්නේ..
    අත ගන්න..රැකගන්න~
    මට ඉන්න..නිල් නයනියේ.. :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබට සිත ආදරේ කරයි
    දෙ‍තොල ගොලුවී සිටියි
    නැඟුණු සෙනෙහේ කියනු බැරිවී
    මගේ සිත වේදනා විඳියි

    ලවන් හස කැන් නුවන් කැල්මන්
    හොඳින් හඳුනන්නෙ ආදරේ
    නුවන් රැහැනින් බැඳෙන්නට පින්
    නොමැති‍ දෝ මා කෙරේ
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................

    ඔබේ පෙම් ලොල් හදේ නොකලැල්
    ලැඟුම් සොයමින් නුවන් අයා
    යොවුන් බිඟු දැල් හෙලූ හසරැල්
    මසිත සුසුමන් දවා ගියා
    මගේ විජිතේ සිනා නොමැතේ
    විඩාපත් වේ ද ජීවි‍තේ
    ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
    නවාතැන් වේ ද මා වෙතේ

    ඔබට සිත ආදරේ .................


    ගායනය :- දයාරත්න පෙරේරා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රෑට හීන මන්දාකිණි සඳවත සරසා
    ගැටිස්සියක් මගෙ ලෝකෙට හෙමිහිට වැඩියා
    පාට ගෑව පත්ඉරුවක ගීපද ලියලා
    ගැටවරයෙක් මට මංගල ඇරයුමක් කළා

    මගෙ නළලත සිපගන්නට තරම් ළංවෙලා
    දඟකළ නෙත් දැක්කම මගෙ සුසුම් නැවතුනා
    ඔයනෙත්වල උතුරායන සෙනෙහස දැකලා
    ඉවසුම් නෑ ළංවෙන්නට හද සලිතවෙලා

    රෑට හීන මන්දාකිණි ...............

    කතාකරන ඔය ඇස්දෙක කීව දේ අසා
    හිතාගන්න බැරි ලෙන්ගතු කමක් සැලකළා
    සදානන්ද සෙනෙහසකට ඇරයුමක් නිසා
    හිතාගන්න මං ඔබෙමයි සදහටම කියා

    රෑට හීන මන්දාකිණි ...............


    ගායනය :- සුරින් රතුගම හා රයි‍නි චාරුකා
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    සැමදා ඔබ ළඟ ඉන්නම්
    මගේ කියා ‍රැක ගන්නම්
    නිල්මිණි දෑසින් මදෙස බලන විට
    මගෙ ආදරේ පවසන්නම්
    ඔබට ම සෙනෙහෙ පුදන්නම්..

    දෑඟිලි බැඳ අපි එක ම රන් හුයෙන්
    මතු කවදා හෝ එකතු වෙමූ
    එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
    පැතුම් පුරාගෙන අපි ඉඳිමූ

    සැමදා ඔබ ළඟ ඉන්නම්...

    එකසිත ඇතිනම් අපමණ බාධක
    ආවත් කම් නෑ මුහුණ දෙමූ
    මතු භවයේ නොව මේ භවයේදි ම
    එකට එක්වෙලා සිනාසෙමූ

    සැමදා ඔබ ළඟ ඉන්නම්...


    ගායනය: කුමාරසිරි පතිරණ
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
    සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා

    සොඳුරුයි හදේ දැන් සුපෙම් කල්පනා
    ඔය දෑස මට ආදරේ පැවසුවා
    සඳපාන වාගේ ඔය මූණ ඔබගේ
    සොඳුරුයි ළඳේ සෑමදා
    සෙනෙහේ මැවූ ඒ හසඟන විලාසේ
    මම ආදරෙයි සෑමදා

    දඟකාර සිහිනේ ...........

    සිතුවම් ඇඳී යයි ඔහේ පාවෙලා
    මට ඉන්න ආසයි තවත් ළංවෙලා
    රන්පාට හීනේ හිමිකාරී මාගේ
    හිත රෝස යායක් කළා
    නිල්පාට නෙතඟින් මදහාස මුවගේ
    මට දෙන්නකෝ ළංවෙලා

    දඟකාර සිහිනේ ...........


    ගායනය :- චමිල් හා රිෂාන්
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Api Machan..................



    රෑට දිළිසෙන ඈත තරු කැට~
    මෑත හිඳ ගනිනා හැටී...
    කියා දුන්නා සිඹින හැටි මල්~
    අතින් වත් අල්ලා නැතී.. :love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමන්පිච්ච මලක් තරම් සුවඳ නොවුණට
    මම කැමතියි ඔයාගෙ ඔය සුවඳ ඩිංගට
    මිලින නොවී රැඳේනම් මගේ ළඟින් ම
    මට පුළුවනි හැමදා රැක බලාගන්නට

    කඳුළු පබුලු මිණි මුතු මල් පිපෙන ඉඳුවර
    සිපගන්නම් ඒ අයිතිය ලැබුණු දවසක
    කාසි පඬුරු දෑවැ‍දි හෙම කිසිත් නැතුවට
    ඔය සෙනෙහස මට සෑහෙයි ඉතින් හොඳට ම

    උඩට උඩුවියන් විල්ලුද පලස් කුමට ද
    මැටි ඇතිරූ ගේ පැළක සුව විඳිමු සුන්දර
    ආදරයෙන් දුක හා සැප සමසෙ විඳගෙන
    ජීවිතේ ම ඔයා ඇවිත් ඉන්න මා ළඟ

    සමන්පිච්ච මලක් .................



    ගායනය :- සුදත් නාවලගේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
    ඇළ කණ්ඩියේ ඉඳගෙන අත වැනුවාට
    මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
    නාඬන් මස්සිනේ පෙර පින් නැතුවාට

    හැදුවේ ගෙපැල මට තනියෙන් හිඳින්නද
    බාලේ ඉදන් බැඳි ආලේ බිඳින්නද
    රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
    හීනෙන් මිසක හැබැහින් එක් නොවන්න ද

    නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
    සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
    පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
    කුරහන් කපන දා මා සිහිකරන්නයි

    රෑ පැල් රකින .................


    ගායනය :- අබේවර්ධන බාලසූරිය හා ත්‍යාගා එන්. එඩ්වඩ්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වාගේ හඳ පෑ වූ
    ගිලගන්න එපා රාහූ
    ඔබ හඳ ගිලගන්නා වූ
    හඳ කළ වරද කිමද රාහූ

    ඝණ මේඝ වළාකුළු බේරා
    තව දෙන්න ලොවට රැස්ධාරා
    සැඩ හිරුගෙන් දවාලේ විඩා වූ
    ලොව සුවසේ නිදයි වේදනා වූ
    නොකියා ඒ අතීතෙන් වියෝ වූ
    ඔහු මා පෙම්වතා මේ මගේ දූ

    මේ වාගේ හඳ ...................

    ගොළු මුහුදේ එහා සිට ද එන්නේ
    සුළඟේ දැන් කොහේ ඔහු සිටින්නේ
    ඒ මුවගේ දයාවී සිනාවන්
    රෑ සීනෙන් පවා වාසනාවන්
    මගෙ උණුසුම් තුරුල්ලේ නිදන්නේ
    මේ ඔහුගේ දුවයි ඔහු නොදන්නේ

    මේ වාගේ හඳ ...................


    ගායනය :- ඉන්ද්‍රානි විජේබණ්ඩාර
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි කතා නොකර ඉමු හිනා නොවී ඉමු ටික දවසක්
    අපි දෑසින් දෑසට ලංව බලන් ඉමු එක මොහොතක්
    කල්පයක් සේ දැනේ වී
    කල්පයක් සේ දැනේ වී

    අපි කතා නොකර හිඳිනා ටික දවසට
    මල් පිපී පරව යන අරුමේ
    ඔබ හිනා දකිනට මල් පුසුඹ දිගේ
    කෙලෙස ද නෑවිත් ඉන්නේ

    අපි කතා නොකර ඉමු .....

    අපි ලංව බලන් ඉඳිනා එක මොහොතක
    මල් පුසුඹක් සේ ඔබ දැනුණේ
    මල් පුසුඹ සිබින්නට මා නෙලූ මලේ
    කෙලෙස ද නෑවිත් ඉන්නේ


    ගායනය :- ජානක වික්‍රමසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතට දැනුණේ ඔයාවයි හිතේ රැඳුනෙත් ඔයාමයි
    හිත හොයපු හැමදේම තිබුණේ ඔයා ළඟමයි ඔයාටයි
    මතක් වෙන්නෙත් ඔයාවයි මතක හිටියෙත් ඔයාමයි
    මගෙ ම යැයි හිත කියනමුත් මට හිමිනොවන්නෙත් ඔයාවයි

    නෙතේ අග උණු කඳුළු කැටයක් කතාකළ හැටි නම් කියයි
    ඔයා ගැන සිහිකරන ගානෙම සිතින් හැඬු හැටි මං හොරෙන්
    ලබාගන්නට බෑ ඉතින් ඔයා කෙනෙකුගෙ අත අරන්
    කීවෙ නැතිවට ඔයත් දන්නව මුලු සිතින් අපි ආදරෙයි

    හිතට දැනුණේ ඔයාවයි ...........

    දුරින් යනකොට මා දිහා ඔහොම බැලුවම ඇත්තමයි
    දුවන් ඇවිඳින් තුරුල් කරගෙන ඉන්න හිතෙනව සත්තකයි
    හැඟුම් වැල් හදවත දවයි ආදරේ හිත පාරවයි
    හිනා වෙන්නම් කඳුළු හංඟන් හැඬුවොතින් ඔබ දුක හිතයි

    හිතට දැනුණේ ඔයාවයි ...........


    ගායනය :- මංජුල වැල්ලවත්තගේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    SPvguSt.png


    වසරේ ජනප්‍රියම කණ්ඩායම සඳහා වන සම්මානයට තරඟ වැදීමට "පද පේළී - EK LYRICS" කණ්ඩායමද සුදුසුකම් ලබා ඇත.
    ඔබේ මනාපය දැන්ම පළකරන්න.

    🏆 Elakiri Awards 2018 🏆 Most Popular Group

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැවී තැවුනු සිත් නිවී පහන් වන
    දිනක් උදා වූවා
    කලක් සිතේ පිලිසිඳුණු දොලක් ගැන
    මතක අලුත් වූවා
    සඳක් නැගී තල් වැට ඉහලින් වෙඩි
    හඬක් ඇසෙන් නැතුවා
    මළත් කමක් නෑ මලක් අරන් මම
    නාගදීපෙ ආවා

    නාගදීපයට ඉහළ අහස් කුස
    රන්වන් පැහැය ගනී
    එදා දෙසූ දම් එදා වගේමයි
    තාමත් සුවඳ දැනේ

    දැවී තැවුනු ..............

    පරවි තටුවකින් සිසිල් පැන් දොවා
    සුදු මල් ගෙන ආවා
    අනේ හිමියනේ සාදු නාඳ මිස
    වෙඩි හඬ නොඇසේවා

    දැවී තැවුනු ..............


    ගායනය :- දමිත් අසංක
     
    • Like
    Reactions: IreshMM and Ek buwa

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හුස්මේ සැමදා රැඳුනා සඳනාරී උපමා මැවුණා
    වැස්සේ සිතුසේ තෙමුණා කිඳුරාවී මනසේ ඇඳුනා
    නෙතු යාවී බැඳීලා සදා හීන ගානේ රැයේ පවා
    සඳ සේයා වතේ හි මවා පිණි සීතේ දැනේවී කතා

    සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
    රෑක මදනල ගවසා හැඟුම් රංචු වීලා
    රැයේ පින්න පීරා මීන ඇසිපිය සලලා
    සිතේ හැඟුම කොඳුරා සදා මට ලැබෙනා
    නාරී සදා මාගේ වීලා

    නෙතු යාවී .................

    රැඳී ඉන්න මා හා සුපෙම් බැල්ම පාලා
    සේද රතදර මුමුණා රැයේ නින්දෙ පායා
    මවා දුන්නු සේයා දෑත සසරෙම අමුණා
    සිතේ හැඟුම කොඳුරා සදා මට ලැබෙනා
    නාරී සදා මාගේ වීලා

    නෙතු යාවී .................

    හුස්මේ සැමදා ..................


    ගායනය :- හර්ෂ විතානගේ