පද පේළී - EK LYRICS THREAD PART 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වස්සාන සෘතුව පුරා
    පෙම් හැඟුම් හිත අවුලුවා
    අපූරුම නිමැයුමක් ලෙස ඔබ
    ප්‍රේමයට මගෙ ළංවුණා
    මටත් නොදැනි ම අකීකරු සිත
    ඔබේ ළඟ කීකරු වුණා

    ඉඩෝරය මඟ නැවතිලා
    අනෝරා වැහි ඇතිවුණා
    අහඹු නුඹ වෙනුවෙන් ම හද තුළ
    අලුත් පිටුවක් පෙරලුනා
    මටත් නොදැනි ම අකීකරු සිත
    ඔබේ ළඟ කීකරු වුණා

    ලසෝ ලතැවිලි නිමවෙලා
    කිලිටි හිත පිරිසිඳු වුණා
    ඔබෙන් ලද ආදරය හමුවේ
    ආත්මය සුන්දර වුණා
    මටත් නොදැනි ම අකීකරු සිත
    ඔබේ ළඟ කීකරු වුණා

    වස්සාන .............


    ගායනය :- අමිල පෙරේරා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    රූ තෝරනා
    නෙතේ ඈඳිලා
    උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා
    මන්දාර සුවඳේ හමා
    සංසාර සිහිනේ ඔයා

    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා

    කොපුලේ පුරා
    සිතුසේ සරා
    කෙහෙරැල්ල සුළැඟිල්ලෙ සෙල්ලම් කලා
    ළමැදේ පවා
    සුවසේ නිදා
    නළරැල්ල ඔච්චම් කළා
    මන්දාර සුවඳේ හමා
    සංසාර සිහිනේ ඔයා

    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    රූ තෝරනා
    නෙතේ ඈඳිලා
    උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා
    මන්දාර සුවඳේ හමා
    සංසාර සිහිනේ ඔයා

    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රූ තෝරනා
    නෙතේ ඈඳිලා
    උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා
    මන්දාර සුවඳේ හමා
    සංසාර සිහිනේ ඔයා

    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා
    ඉබේ හැරිලා

    කොපුලේ පුරා
    සිතුසේ සරා
    කෙහෙරැල්ල සුළැඟිල්ලෙ සෙල්ලම් කලා
    ළමැදේ පවා
    සුවසේ නිදා
    නළරැල්ල ඔච්චම් කළා
    මන්දාර සුවඳේ හමා
    සංසාර සිහිනේ ඔයා

    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    රූ තෝරනා
    නෙතේ ඈඳිලා
    උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා
    නොකී ආදරේ පීදිලා
    මන්දාර සුවඳේ හමා
    සංසාර සිහිනේ ඔයා

    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා
    ඉබේ හැරිලා..

    Report :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹේ හා මගේ දෛවේ විසඳෙනා හැටී
    එයයි අපි පතා ආ හැටී
    හැරගියේ එදා නොකියා හේතු බොහො ඇතී
    නුඹට මා එපාවෙන්නැතී
    නුඹට වැටහුනේ නෑ මේ හිතේ හැටී

    පෙරදාක යටගියාව නුඹෙයි මගෙයි
    නුඹ හිඳින්නේ නොදන්නව වගේ
    කැලලක් තියන්නෙ නෑ කිසිදිනේ
    විඳගන්න ජීවිතේ එය නුඹේ
    ඔබෙ නිහඬබව තරම් නෑ ලොවේ රිදුම්
    නිහඬබව තරම් තව නෑ රිදුම්

    නුඹේ හා මගේ ...................

    ගලපන්න කිසිදෙයක් නුඹෙයි මගෙයි
    තව ඉතිරි වී නැතත් ජීවිතේ
    අලුතින් උපන්න සේම නුඹ වගේ
    හිඳින්න බැරි එකයි දුක මගේ
    ඔබෙ නිහඬබව තරම් නෑ ලොවේ රිදුම්
    නිහඬබව තරම් තව නෑ රිදුම්

    නුඹේ හා මගේ ...................


    ගායනය :- නාමල් උඩුගම
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අප හමුවුනු තැන තනියෙන්
    මම විතරමයි ඉන්නේ...
    ඔබ හැර ගිය තැන සතුටින්
    ඉන්නවද නෑ දන්නේ...
    කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
    එකපාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ

    මතකේ අපගේ මැවිලා මනසේ
    සුසුමන් නිතැතින් පිරුණත් දෙහදේ
    කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
    එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ

    අප හමුවුනු තැන......

    පැතුවත් හැමදා උපදින සසරේ
    එක්වන්නට බෑ මගෙ රත්තරනේ
    කවදාවත් ඔබ නාවත් තරහා නෑ හිතුනේ
    එකපාරක් දුටුවා නම් කඳුළු නෑ දෙනෙතේ

    අප හමුවුනු තැන......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිනා පෑවේ හදේ පෑරී
    රිදුම් දුන් වේදනා අතරේ
    ඔබේ දෑසේ ගැලී ස්නේහේ
    දුමාරය මා වෙලීලා සේ
    ඔබේ ලෝකෙන් මිදුණා වූ ඒ
    නිමේෂය කල්පයක් වාගේ
    තුහින අහසේ නුරාගී
    නෙත් තුළ තනිවී
    හීන සිඹිමී මං සරා සඳ පරදාවී
    සිනා සේලෙන් යශෝරාවී

    හදේ කොණකින් දිස්නේ දේ
    ඔබේ පෙම් ප්‍රාර්ථනා අඳුරේ
    දෙතොල් පහසින් මිදිලානම් ග්‍රීෂ්මයක්මයි
    ප්‍රේම වර්ශාවේ
    රහසේ පායවී අහසේ
    හීන දුන්න තාරුකා මගේ
    තුහින අහසේ නුරාගී
    නෙත් තුළ තනිවී
    හීන සිඹිමී මං සරා සඳ පරදාවී
    සිනා සේලෙන් යශෝරාවී


    ගායනය :- නිලුපුල් චාමිකර
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    මගේ කියා ඔයා මතකද
    මට කීවා පෙරදා
    තාම හිතේ පොරකා හඬන්නේ
    ඔයා කිව් ඒ වදන්
    හිත හඬගා ඉල්ලන්නේ
    ඔය සෙනෙහස පමණි සදා
    දැවටෙන්නේ හිත පතුලේ
    ඔය ලෙන්ගතුකමයි සදා

    මගෙ රිදුණු හිත ළඟ ඔච්චම් කළා නුඹ
    එ් අතේ පැටලිලා
    මා දන්නෙ නෑ තව කෙලෙසින් සිතන්නද
    නුඹ මගේ නොවෙ කියා
    හිත හඬගා ඉල්ලන්නේ
    ඔය සෙනෙහස පමණි සදා
    දැවටෙන්නේ හිත පතුලේ
    ඔය ලෙන්ගතුකමයි සදා

    මේ හඬන අහසට තව කඳුළු මදිවද
    අැස් මගේ හඬවලා
    නුඹ යන්නෙ අැයි අද දුක දන්නෙ නැතිවද
    මා මෙසේ හැර දමා
    හිත හඬගා ඉල්ලන්නේ
    ඔය සෙනෙහස පමණි සදා
    දැවටෙන්නේ හිත පතුලේ
    ඔය ලෙන්ගතුකමයි සදා

    මගේ කියා ඔයා මතකද
    මට කීවා පෙරදා
    තාම හිතේ පොරකා හඬන්නේ
    ඔයා කිව් ඒ වදන්
    හිත හඬගා ඉල්ලන්නේ
    ඔය සෙනෙහස පමණි සදා
    දැවටෙන්නේ හිත පතුලේ
    ඔය ලෙන්ගතුකමයි සදා

    -Maneesha Chanchala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ සිරියාවයි ආකාසේ
    වාසනාවට ආදරේ
    සඳ තරු පායයි ආකාසේ
    වාසනාවට ආදරේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු වගේ
    ප්‍රීතියක් ඇත්තෙ නෑ
    මගෙ හද පෙම් රස උතුරන්
    මෝරලා එයි සෙනේ

    මින් මතු කිසිම දිනේ
    වේදනා දෙන්නෙ නෑ
    දිවිහිමියෙන් ඔබ ළඟ මන්
    ඉන්නෙමී පා සෙනේ

    රැල්ලයි වෙරළයි වාගෙනේ
    ඈත යන්නේ නෑ සෙනේ
    අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ

    පෙම් සුව විඳිමු ............

    නෙතු අඟ ඇඳුණ ඔබේ
    රූ මැකී යන්නෙ නෑ
    එක හිතකින් ඔබ වෙත මං
    සෑමදා ළංවුණේ

    හොඳ සිරියාවයි ................


    ගායනය :- එච් ආර් ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටත් වඩා මං ගැන හිතන
    සැරෙන් සැරේ මුළු හිත හදන
    තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට
    පිරුණා මුළු හිතම

    අලුත් වුණා දවසින් දවස
    ඔබෙන් ලබා මුළු ජීවිතය
    මට කියාගන්න බෑ ආදරේ තරම්
    ඔයා ගෙනත් දුන්න

    මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා
    පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා
    මටත් හොරා මගෙ හිත හදපු නිසා
    තුරුල් වුණා සතුටේ මල් පිපිලා

    අදත් මගේ හැම සුසුමක් පාසා
    මං ගැන කිවුවේ කොහොම ද මන්දා
    මටත් මගේ ලෝකය නුඹ හින්දා
    සුසුමක් ගානේ නුඹව ම දැනුනා

    මටත් වඩා මං ගැන හිතන ...............


    ගායනය :- රොෂාන් ප්‍රනාන්දු හා තිලිණි ප්‍රනාන්දු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුපෙම් වී සිතිනා
    සඳ කථාව මා පතනා
    හැඟුම් දී පෙමිනා
    ඔබ නිසා ම මා නිවෙනා
    පෙම වෑහීලා නැහැවීලා
    සිත මාගේ සුව විඳිනා

    සීතේ රහසින් ළංවීලා
    මා හා දෑසින් යාවීලා
    ආශා දහසින් මත්වීලා
    මාගේ දෑතින් අල්ලාලා
    සීමා මායිම් නෑ කීවා
    මා හා ළංවී ඔබ ආවා

    පෙම වෑහීලා ..............

    මාගේ සිහිනේ ඉටුවීලා
    ගියෙනා හැඟුමන් උතුරාලා
    පාවී ඇවිඳින් සිත දීලා
    මාගේ පැතුමන් සරසාලා
    සීමා මායිම් නෑ කීවා
    මා හා ළංවී ඔබ ආවා

    පෙම වෑහීලා ..............

    සුපෙම් වී ....................


    ගායනය :- උපේකා නිර්මාණී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වස්සාන සිහිනය පුරා
    පෙම් හොරෙක් රහසෙ අඩිතියා
    මහ රෑ තිස්සෙ හිරිහැර කළා
    මගෙ උන්මාද පෙම ඇහැරවා
    ඔබෙ සෙවනට වෙලා දිවිතුරා
    ඉන්නම් ඔබට ඇප කැප වෙලා
    හීනයක් ද මේ ඔබෙන් ලද සෙනේ
    ආත්මය ම මේ ඔබටයි භවයෙන් භවේ
    ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුනේ
    ජීවිතය ම පුදුමාකාරයි හීනයක් ද මේ

    පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ
    හැඟුම් කිති කැවුනා නිස්කාරනේ
    මේ පිරිමි පපුවේ නුඹට මිස ළඳුනේ
    නෑ පෙම උපන්නේ සංසාරයේ
    පෙරුම් පුරා ළංවෙලා ආත්මය ම හැඩ කළා
    උපදිනා භවයක් පුරා අපි අපේ වේවා සදා

    හීනයක් ද මේ ...................


    ගායනය :- අශාන් ප්‍රනාන්දු හා දිල්කි උරේෂා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෝවිල් බිමට හඳක් පායා ආයෙත් මුහුණ මතක්වූවා
    හිත ලෙන්ගතු කම් බෝමා .....
    රෑ සිල් සුවඳ ගෙටත් ආවා පන්සල් යන්න අපිත් ආවා
    නෑකම් අමතක නෑ .....

    තල් වැට අයිනෙ පොල් රුප්පාවේ නැ සිමා පවුරු
    කොවිල් මිදුලේ එකට හිනාවෙමු යාලුවෙලා මිතුරු
    ආදරේයි සොයුරියෙ..අපි එකමුතු වි හිදිමු
    මව් බිමේ නාමයෙන් අපි යුද ගිනි දැල් නිවමු

    වෛරය නිවලා සාමය පතුරා මිනිසත් කම හදුනා
    දවසක් එනවා එකමුතු විලා මුතුපොටකට බැදෙනා
    ආදරෙයි සොයුරනේ අපි එකමුතු වි හිදිමු..
    මව් බිමෙ නාමයෙන් අපි යුද ගිනිදැල් නිවමු.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙ දුවේ ඔබ අවදියෙන්නම්
    මේ රැයේ මිහිරි ම වෙලාවයි
    දොර ඇරන් එළියට ආවොතින්
    මේ මිහිරි දේවල් නුඹටමයි

    සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාවයි
    නිල් තාරකා බිම බලාගෙන
    වැව් දියට පෙම් බැඳි වෙලාවයි
    මේ පොළොව කෙතරම් සුන්දර ද
    මගෙ දූත් තනියෙම හිනාවෙයි

    මගෙ දුවේ ..................

    ඝණ කළුවරට අප පෙම් කළොත්
    ඉර හඳ තරුවලට ණය ගැතියි
    ලොව දුන්නු දේවල් අද අපිට
    හෙට ලොවට පෙරලා දිය යුතුයි
    ඔබ මේ ලොවට ආදරේනම්
    මුළු ලොව ම ඔබටත් ආදරෙයි

    මගෙ දුවේ ..................


    ගායනය :- කරුණාරත්න දිවුල්ගනේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන
    සඳ සාවිය ‍වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර
    පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල
    ආද‍රයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට

    සුළං රොදක දැවටීවත් එන්න රෑක මගේ ළඟට
    ඔබේ සුවඳ හොරෙන් විඳිමි නිදි නැති රෑ තනි යහනට

    පසලොස්වක පෝය දාට ...............

    කල්ප කාල ළඟින් ඉන්න අ‍ප හිත් හරි අවිහිංසක
    සතුටු නෙතට කඳුළු එපා ඒ ටික ඇති පවු පිරෙන්න

    පසලොස්වක පෝය දාට ...............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    සීමාවකි පනවා ඇත්තෙ මට
    වෙරලෙන් ඔබ්බට ඇවිදින් යන්නට
    සුන්දර වූවට පෙරලෙන රල පෙල
    ගැබුරුයි නිල් දිය දහර නුබේ..................

    ආසයි උනත් ඇවිදින් යන්නට
    හැම හැන්දෑවක වෙරල දිගේ
    සෙවනැල්ලක් සේ නුබව පෙනෙනවා
    වැටකේ පදුරේ සෙවන දිගේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇසට අසුවෙන මායිමේ
    බඹර සැනකෙලි මල් විලේ
    ලසෝ ලැව් ගිනි ඇවිලුනා සිත
    ඔබ මගෙන් වෙන්වු දිනේ //

    සියපතක් මත විසුල පිණි කැට
    සැඩ සුළං වැද සර සරින් හෙට //
    මගෙන් රිදවුනු දෙවුන මොහොතක
    ඔබේ වත මට නැගෙයි සිහියට

    ඇසට අසුවෙන ....

    සතර අත පෙති විහිද විකසිත
    මලේ මල් මී මමණ යුරු දැක //
    ඔබේ ලවනත සැදුනු මිවිත
    මත් කලා මතකයි මගේ සිත

    ඇසට අසුවෙන ....

    Singer : Karunarathna Divulgane
    Lyrics : Mahinda Dissanayake
    Music : Gunadasa Kapuge
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සංසාර හීනයට සඳ පායලා
    සඳවතට දුර අහසෙ යහනක් සදා
    පිපි කුමුඳු තරු මල් ගෙනවිත් ගසා
    අපි තුරුලේ යමු හිනැහිලා

    නුඹ දිවි රකින්නම්
    පණ සේ හිඳින්නම්
    ඔයා හා තුරුලේ නිදන්නම්
    දෙකපුල් සිඹින්නම් සදා
    සංසාරයේ උරුම සෙනෙහස සොයා
    අපි තුරුලෙ ඉමු සැනසිලා

    ලතැවුල් නිවන්නම්
    ඇසුරේ හිඳින්නම්
    ඔයා හා සිත සිල් රකින්නම්
    නුඹ ළඟ රැඳෙන්නම් සදා
    මතු භවෙක හෝ අපිට අපි ළංවෙලා
    අපි තුරුලෙ යමු හිනැහිලා

    සංසාර හීනයට ...................


    ගායනය :- ජයමුතු මඳුරංග