පද පේළී - EK LYRICS THREAD PART 2

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    He doesn't fight crime
    Or wear a cape..
    He doesn't read minds
    Or levitate..
    But every time my world needs saving
    He's my Superman..
    Some folks don't believe in heroes
    'Cause they haven't met my dad..

    He loves his workshop
    And rock 'n roll..
    He's got a hot rod
    And a heart of gold..
    And you could say he's a man of few words
    But he talks a lot within..
    And even though I'm a little taller
    I still look up to him..

    He built me a house in the arms of a tree..
    He taught me to drive and to fight and to dream..
    When he looks in my eyes I hope he can see that
    My dad's a hero to me..

    Rust ridden fenders
    And doors full of dings
    Somehow he can fix about anything..
    I didn't think he knew how to cry
    'Til our dog died that year..
    He doesn't always say I love you
    But I can hear him loud and clear..
     
    • Like
    Reactions: Arthur Curry

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    වසන්තයේ මල් පොකුරු නෙළා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා
    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා..

    අහස පොළොව ගිනියම් අව්වේ
    ගහකොළ මැලැවෙන ගිම්හානේ//
    අවසානේ ඔබ ආවා

    ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
    සුළඟේ විසිරෙනු මා දුටුවා
    සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා..
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මධුර වසන්තේ මල් ලියකම් බබලා...

    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    සතර දිගන්තේ ඔබෙ පිළිරූ පිපිලා
    කුමරියනේ වසන්ත සමයේ
    මලින් මලේ ලලිත ලතා..
    මධුර වසන්තේ මල් ලියකම් බබලා
    සතර දිගන්තේ පෙම් පණිවුඩ ඇසෙනා
    කුමරුවනේ මා ඒ වසන්තයයි
    වසත් සමේ ඔබෙ ළඟමයි...

    දේදුණු පාටැති මල් සිඹ සමනළ සේනා
    උයන සරාලා
    මලකින් මලකට හෙමිහිට මුණු මුණු ගානා
    මුව කොඳුරාලා
    මොනවාදෝ උන් මුමුණන්නේ...

    කියඹු ලතා මැද චන්දන තිලකය ඔබගේ
    දිලි දිලි දිලිහේ
    මා දෙතොලින් බොඳ වේවිද පෙම් කුමරියනේ
    සුන්දර උදයේ
    සැරසරමු අපි පෙම් නගරේ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    දෙනෙත් අගින් කඳුලැලි පිරෙද්දී...

    දෙනෙත් අගින් කඳුලැලි පිරෙද්දී
    සිතට මගේ තව දුක දී
    නැවතත් ඔබ මා තුරුලේ
    නපුරුද ඔබගේ ආදරේ...

    ආදරේ මටමයි කියා
    කිවා මතකයි දිවුරා එදා
    හැරයයි කියලා සිතුවේ නෑ මෙමා
    මා හැරදමා ඔබ ගියා
    මා හැරදමා...

    සුන්දරයි එදා වගේ
    බොළඳ වදන් තවමත් ඒ වගේ
    වෙනසක් මට නෑ දැනුනේ
    තනිකම පමණයි ඇත්තේ...
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83


    On different ways
    You want to walk, I'd rather spring
    When you talk, I want to sing
    You're putting roots, I need to fly
    We hushed-up the silence around us
    Where has the love gone..

    I'm feeling young, you're feeling old
    So we're falling over, we're lacking hold
    We need to move..
    I agree, you refuse
    We're going on different ways..

    My heart beats faster than yours,
    They stopped beating as one..
    We shine brighter alone,
    Maybe it has to be this way..

    We are a ritual that got stuck,
    burning stronger and stronger
    I'm not asking anymore
    What keeps us together or apart
    Because I know, we're going in circles
    We need to breathe, to grow again
    Until the old shells burst
    And where we meet our self
    We're falling straight into life
    We're going on different ways

    My heart beats faster than yours,
    They stopped beating as one..
    We shine brighter alone,
    Maybe it has to be this way..

    I let you go..
    I will love you..
    You have stayed a part of me..
    I let you go..
    I will love you..
    Free - I will love you..

    My heart beats faster than yours,
    They stopped beating as one..
    We shine brighter alone,
    Maybe it has to be this way..

     
    • Like
    Reactions: Arthur Curry

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සමනොළ සිරිපා පියුම දොවාගෙන පියුම දොවාගෙන
    සීත ගඟුල් රට වට යනවා
    සිංහ රාජ වන කුංච නාදයෙන් මේඝ වලාකුළු රජ වෙනවා

    (තුරුලිය) මල් ඵල විහඟ ගීතයෙන්
    (ආදම්) උයනක් සැඟැවෙනවා
    රාවණ ලංකා ඉසුරු පුරාණය
    ගොලු මුහුදින් මුතු මතු වෙනවා

    ගංඟා හරවා වැව් පෙළ අමුණා
    මිහි රස මතු කල පරම්පරාවේ
    අනුර පොළොන්නරු සිගීරි අවුකන
    විසිකම් පෑ ගුරු පරම්පරාවේ
    පැතිරේ කිතු රාවේ

    පිරිසිදු බුදු බණ
    පොත් කොට රැකගෙන
    ලොවට බෙදා දුන් පරම්පරාවේ
    වැදි යුග නව යුග ගොවි යුගයෙන් නව යුගයක් පෑ හිරු පරම්පරාවේ
    පැතිරේ කිතු රාවේ

    එක අම්මාගෙන් කිරි බිව් අපි හැම
    එක ලේ මස් ඇති සොහොයුරුවෝ
    පන්සල් කෝවිල් පල්ලි ගියත් අපි
    එකම පියාගේ දූ දරුවෝ

    පරිසරයට සුව සුවඳ බෙදා දෙන
    සැපතෙහි විපතෙහි සුමිතුරුවෝ
    එක ධජයේ යට එකටම යන අපි ලංකා මවගේ දූ දරුවෝ
    ලංකා දූ දරුවෝ
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සිතත් එක්ක යන්න යං...

    සිතත් එක්ක යන්න යං
    වන්දනා කරන්න නම්...
    ඔබේ සුවඳ මගේ හදවතේ
    තාම රැදෙයි හඬ හඬා මේසේ...

    සුසුම්වැල් සිනා කැලුම්
    පූදීනා සිතුම් පැතුම්
    කොතෙක් ඇද්ද මගේ ආදරේ...
    එත් රංගනාවියේ
    නොලබෙනා පෙමක් දිගේ
    ඇවිත් හිඳී තනිව මං මේසේ
    ඔබට ආදරේයි පණ වගේ..

    හිරුත් සඳු තරුත් අරන්
    ඒවි රෝස මල් ලියන්
    අරන් යන්න මගෙන් ආදරේ...
    නින්දෙ තනිවෙලා වගේ
    ඉන්නේ නෙතු පියා ඔහේ
    ඔබෙන් තොරව ලොවක් මට කොහේ
    සදා ඔබයි මගේ ආදරේ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    තරහාද සඳු හා මේ සඳු හා සොඳුරේ...

    තරහාද සඳු හා මේ සඳු හා සොඳුරේ
    තරහාද මා හා ඔබ එහෙනම් අඳුරේ..
    මීදුම් කුණාටු ආවත් නොසැලී ඉදින්
    විරහා ලසෝ වෙස් ගත් සුසුමන් මැදින්
    දේදුනු පිහාටු පොබයා ආවත් තදින්
    මොනවා කලත් සමනලියේ පල නෑ ඉතින්...

    ඔබ මගේ සතුටයි මගේ සතුටයි හදේ
    තටු සළා ඉගිලී සරනා
    එහෙව් මා ඔබ හා නෑ තරහා ළදේ
    මේ සසර වසනා තුරා...

    කම් නෑ ඉතින් එහෙත් තරහෙන් කලොත් යමක්
    තටු බිඳෙනවා මිසක් තරහාවු සමනලියේ
    පල නෑ ඉතින් එහෙත් තරහා ගියත් තවත්
    කල හැකි දෙයක් නොවේ පෙම්වන්ත සමනලියේ...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මතකයි එදා අප හමු වූ දිනේ...

    මතකයි එදා අප හමු වූ දිනේ
    දෙනුවන් අපේ හමුවී හිනැහුනේ
    කිසිවක් නොදොඩා පා කර
    ඒ හැඟුමන් රහසේ
    අද මගේ වෙලා උතුරයි ආදරේ..
    අද අපේ වෙලා උතුරයි ඒ ආදරේ...

    බාධක හමුවේ නොසැලී උන්නා
    ආදර සිතුවම් මැවුනා
    එක හද ගැස්මේ සෙනෙහස විඳලා
    මේ පෙම් සයුරේ කිමිදුනා...

    ජීවිත ගමනේ එක් වී සරනා
    දෑතට දෑතක් බැඳුනා
    එක හද පැතුමේ
    දුර යමු දෙදෙනා
    මේ පෙම් සයුරේ කිමිදිලා...

     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    නිල් අහසට පායන පුන්සඳ...

    නිල් අහසට පායන පුන්සඳ
    තරු නැතුවම වැලපිලා අද
    ගැලු පිනි කඳුළු විසිරී මල් මත
    සොයන්නේ අපේ ආදරේ...

    මල් ගොමුවක වෑහෙන රොන් සුව
    විඳගන්නට පියඹනා බිඟු කැළ
    වසන්තේ පුරා බලමින් දස අත
    සොයන්නේ අපේ ආදරේ...

    ආදරියේ මගෙ සෑමදා මා හදේ
    රෑදෙන්නම් කියා කීලෙසේ
    සුන්දරියේ මගේ මට හිමි ආදරේ
    රකින්නම් කියා දිවුරමි...

    රෑ තුන්යම මෑවෙනා පෙම් ලොව
    මා තනියම කල්පනා ලොව
    ලියු පෙම් හසුන් ගයනා ගී නද
    කියන්නේ අපේ ආදරේ...

    ආදරියේ මගෙ සෑමදා මා හදේ
    රෑදෙන්නම් කියා කීලෙසේ
    සුන්දරියේ මගේ මට හිමි ආදරේ
    රකින්නම් මාගේ දිවිතුරා...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අඳුරේ ගිලී තනි වීලා මෙසේ...

    අඳුරේ ගිලී තනි වීලා මෙසේ
    නාඩන් ඉතින් සොඳුරී මගේ
    නොසිතා සිතා අතීතේ එදා
    බිඳුනාට මණිමේඛලා...
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා...

    ගංඟා තරංගා පරදන්නෙපා
    ඔය දෑස කඳුලින් තෙමා
    පාවී ගියාවේ අතීතේ කතා
    සැඩ මාරුතේ රැලි හමා...
    නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා
    කියාවී මගේ ප්‍රාර්ථනා..
    ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා
    පින්සාර ළඳ නුඹ නිසා
    පිලිගන්නෙ මා නුඹ සීතාව සේ
    හද මන්දිරේ සරසලා...

    ඔය දෑසෙ පා ඒ මනබන්දනා
    පෙම්වන්ත සුරතල් සිනා
    සැනසෙන්න මාගේ ළයේ සැතපිලා
    නව සඳ දිහා බල බලා...
    භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා
    සංසාර පතිනිය වෙලා...
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අනේ හිමියනි..

    අනේ හිමියනි ඉතින් නවතිනු
    සෙබළු බෝමයි ගැන්සියේ
    නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
    කෙරුව එකෙකුට වන්නියේ...
    එකම පාරක දෙපිල බෙදිලා
    සටන් කෙරුවත් හන්දියේ
    බංකරේ මා අන්තරේ නුඹ
    ඒත් අපි එක පංතියේ...

    ගැටලු ඇතිබව මටද වැටහේ
    හොදයි නිසි උද්ඝෝෂණේ
    ඒත් විසදුම මෙහෙම පතුරන
    එකද පාරේ භීෂණේ...
    කසාවතකට උරුම දේ නම්
    රකිනු මිස බුදු සාසනේ
    ගලක් ගැහුවම වැහෙයි SAITM
    එයද සම්බුදු දේශනේ...

    දෑත් එක්කොට කියමි අන්තිම
    වරට පෙන්නා ආදරේ
    යන්න පසුබැස තවම ඉස්සී
    නොමැත කඩු පොලු තෝමරේ...
    පිරෙයි පව් මට තවත් අඩියක්
    පැන්නතින් නුඹ බෝඩරේ
    අරන් ආවේ මමත් නුඹ මෙන්
    මට උඩ්න් දුන් ඕඩරේ...


     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    paalu_anduru_nil_ahasa_mamai.png
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා...

    මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
    තනියේ ගැලී මා ගයමී මෙසේ
    කඳුළයි සිනාවයි ඔබගේ කතාවයි
    ගමනේ ලතාවයි සිහිවේ හදේ...

    මගේ ජීවිතේ ඔබ නිසා ඇත වෙන්වී
    කවදත් ඔබයි ආදරේ මට ළංවී
    මාගේ සිතේ සැනසුමක් ඇතිවේනම්
    ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්...

    ඔබ කී ගොතා රස කතා අද වාගේ
    සිහිවේ ළයේ සැනසුමයි දුක මාගේ
    සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
    ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැමදාම ඔය දෑස හමු නොවෙන විට..
    නොසන්සුන් හිත තාම වාරු නෑ මට..💜
    ❤️නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..💜

    ❤️නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..💜

    තරු දෑස මගෙ නේද අතරමං උන..💜
    හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද..
    ❤️මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..💜


    ❤️මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..💜

    අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී..
    හිතක් තවරා පෙමක ඔබත් නිහඩව හිදී..

    මටත් නොකියා ඔහොම ඉතින් දගකාර වී..
    හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී..💜

    ❤️නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..

    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..


    අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී..
    රැක ගත්තේ නුබ තමයි පෙලා යන්නට නොදී..

    මලක් වී ගසක් යට සුවද දී වැටී වැටී
    ඔයා හිනහී ඉන්න හඩා කදුලක් නොවී..


    ❤️නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..

    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..💜

    නුබ ගැන හිත හිතා මිය යනවා හැර..
    සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට..

    මං එක්ක යං කිව්ව ගමන එනවද..
    සොදුරු මාවත ළගට ඇවිත් ඉන්නද..💜
     
    • Like
    Reactions: Arthur Curry

    ~ThaRu~

    Member
    Jun 22, 2009
    55
    5
    0
    සෙනෙහසින් බැඳී...
    සිත ගිමන් නිවී..
    පෙම් කවක් ලියයි මිහිරි..

    නෙතු දැහැන් බිදී..
    :love:
     
    • Like
    Reactions: Arthur Curry

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සුසුමක පහස දුන් දෙව්ලිය මට කියන් ...

    සුසුමක පහස දුන්
    දෙව්ලිය මට කියන්
    බැදුනේ ඔබ හා
    මුලු සන්සාරෙන්
    මල් දහසක් මතින්
    ඉගිලෙන සමනළුන්
    සිහිවේ හැමදා
    ඔබේ මුව දුටු සැනින්...

    හැගුමන් හිර කරන්
    ඉන්නෙමි ඔබ ලගින්
    සිනහව ඔබගේ
    මා හද තුරුලේ
    සගවා ගනිමි මන්
    හදවත කිතිකවන්
    ඔබ එන විලස දැන්
    ආදරයේ අරුතෙන්
    සැමදා විදිනෙමි
    ඔය නිල් නුවන්...

    කී කතා ඒ විදුලතින්
    හසරැලි මතින් මතකයේ
    සීතලේ ගැහෙනා වෙලේ
    ආදරෙන් ලන් උනේ
    දෙකුපුල් සිහිනයේ
    සිතුනේ සිපගන්න සැමදා ඔබේ
    එනමුත් මේලෙසේ
    ඉන්නම් සෙවනැල්ල වී ඔබ‍ෙ හදේ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ හිත තනියෙන්
    නුඹ එනකන්
    හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවුරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්
    කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
    දුරකට යවමින්
    හුස්මත් මට අමතක කරවන
    මතකය හොයමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ජීවිතේ අලුතෙන් ලියන තරම්
    වරුවක් ළඟ මුමුණන ඔය හිත
    මගෙමද හිතමින්
    තනියක් නැති දවසක් එනකන්
    තව මඟ බලමින්
    ආයේ හීනේ මැද්දෙන්
    ආදරේ අමුණා තියෙන තරම්
    මේ හිත තනියෙන්
    නුඹ එනකන්
    හිටිය තරම්
    නෑ මං දන්නා
    වෙන කවුරුත් නුඹව තරම්
    ආදරයෙන් එදා ඉදන්
    ආදරයෙන් එදා ඉදන්
    ආදරයෙන්

    :love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: Arthur Curry

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ හිමියනි ඉදින් නවතිනු
    සෙබලු බොහොමයි ගැන්සියේ..
    නුඹව ලොකු නැත ගොඩක් කල් යුද
    කෙරුව එකෙකුට වන්නියේ..
    එකම පාරක දෙපිල බෙදිලා
    හිටන් හිටියට හන්දියේ..
    බංකරේ මා අන්තරේ නුඹ
    ඒත් අපි එක පන්තියේ..

    ගැටලු ඇති බව මට ද වැටහේ
    හොඳයි නිසි උද්ගෝසනේ..
    ඒත් විසඳුම මෙහෙම පතුරන
    එක ද පාරේ බීසනේ..
    කසාවතකට උරුම දේ නම්
    රකිනු මිස බුදු සාසනේ..
    "ගලක් ගැහුවම වැහෙයි සයිටම්"
    එය ද සම්බුදු දේසනේ..

    දෑත් එක්කොට කියමි අන්තිම
    වරට පෙන්වා ආදරේ..
    යන්න පසු බැස තාම ඉස්සී
    නොමැත කඩු පොලු තෝමරේ..
    පිරෙයි පවු මට තවත් අඩියක්
    පැන්නොතින් නුඹ බෝඩරේ..
    අරන් ආවේ මමත් ඔබ මෙන්
    උඩින් මට දුන් ඕඩරේ...

    -Sadara Bandara-