ලමයි පන්ති ගාස්තු ගෙවාගන්න බැරුව suicide කරගන්න වෙලාවෙ, අහිංසක දුප්පත් දෙමව්පියන්ගෙ රීරි මාංස මිරිකලා ගන්න හැබැයි යූටියුබ් එකේ බණ කියන ලංකාවෙ ටියුෂන් ගුරාලා youtube interview එකකට ගියාම :-
කෝනාර පොන්ස්:-
මෙන්න අපේ මුතුගල සර් බස්සපු කෝටි 9යෙ Land cruiser Sahara v8 එක. කොහොමද ගැම්ම?? ඇත්තටම සර් ඇයි මෙච්චර ගානක් දීලා මේ වාහනේ ගන්න හිතුනෙ?
මුතූ:- දැන් BMW 520 එකයි, ප්‍රාඩෝ එකයි පැදලම ඇතිවෙලා හිටියෙ. ඒනිසා සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ අරං දැම්මා

ජීවිතේ තියෙන්නෙ විදින්නනෙ මල්ලි. ඉස්සරහට හෙලිකොප්ටර් එකකුත් ගන්න ඉන්නෙ
කෝනා පොන්ස් :- මුතුගල සර් චිත්‍රපටි නිෂ්පාදනයටත් එනවා කියන්නෙ ඇත්තද?
මුතූ:- ඔව් අපි අපේ සිංහල සිනමා කර්මාන්තයට අත දෙන්න ඕන නේ? ඒහින්දා මම වැඩේට බැස්සා. නැතුව මේ සිනමා කර්මාන්තෙට ටැක්ස් වදින්නෙ නැති නිසා ටැක්ස් වලට වංගු ගහන්න එහෙම නෙවෙයි
කෝනා පොන්ස්:- සර් යූටියුබ් එකේ බණ කියනවා වගේම ලමයින්ට ෆ්‍රී කාඩ් එහෙමත් දෙනවද?
මුතූ:- ඒක මෙහෙමයි මල්ලි යම්කිසි ප්‍රමාණයක් දෙනවා හැබැයි අදාල ආයතනයෙන් තමා තීරණය කරන්නෙ අවුරුද්දකට දෙන ෆ්‍රීකාඩ් ගාන ඒ වෙලාවට ඉතිං අපිත් අසරණයි.
කෝනා පොන්ස් හිතින්:- ඉතිං ඒ ක්ලාස් කරන ආයතනෙත් තොගෙනෙ පොන්නයො. ඔච්චර අමාරුනං ඒ ගාන වැඩිකරපන්කො
මුතූ:- හැබැයි මල්ලි මම මහමෙව්නාවෙන් සංවිධානය කරපු බෝ මලුවෙ රන් ගඩොල් ඇතිරීමේ පිංකමටම කෝටි පහක් දුන්නා. ස්වාමින්වහන්සේලාට එහෙම මොකෙක් හරි බැන්නොත් මට යකා වැහෙනවා