පනික්කියා_ගූ_කාපන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ගැන පුදුම කනගාටුවක් ඇති වෙනව උබේ අම්ම තාත්ත හප්පගෙන ගියත් දුවගෙන ඇවිත් ඒක හරි කියයි ඒ තරන් පහත් තිරිසන් අමන ගති තියෙන්නෙ උබට :oo::oo:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    උබ ගැන පුදුම කනගාටුවක් ඇති වෙනව උබේ අම්ම තාත්ත හප්පගෙන ගියත් දුවගෙන ඇවිත් ඒක හරි කියයි ඒ තරන් පහත් තිරිසන් අමන ගති තියෙන්නෙ උබට :oo::oo:

    මුනේද බන් සන්ද්‍යා එක්නැලිගොඩ සුද්ද කරන්න ගියේ ත්‍රෙඩ් එකක? සෝස් ඉල්ලුවේ.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    dan KP koo hitan :P
    dannenathi nisa ahuwe
    :lol::lol: සුජිවයයි චම්පිකයයි ඒ දවස් වල කෑගැහුවෙ හරියට ගෑනි KP එක්ක පැනල ගිහින් වගේ. දැන් නම් මීක් නෑ:rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    gBx9vN.jpg


    :lol::lol:

    අර සෝභිත හාමුදුරුවෝ අපවත් වුනාම රොටිය කරවුනා කිවේත් ඔය වගේ සක්කිලි බන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    අර සෝභිත හාමුදුරුවෝ අපවත් වුනාම රොටිය කරවුනා කිවේත් ඔය වගේ සක්කිලි බන්

    බලය ගන්න සෝභිත හාමුදුරුවෝ පාවිච්චි කරලා ඊට පස්සේ නොසලකා හැරලා හාමුදුරුවන්ගේ හිත කඩලා, හාමුදුරුවෝ ලංකාවේ ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නවත් නොගිය, ඒ උනාට හොර තක්කඩියෙක් සිංගප්පුරුවේ ගිහිල්ලා එහෙ පාටි දාලා ඉස්පිරිතාලෙක ලැගලා ඉන්නකොට උව බලන්න යන සක්කිලියෙකුත් මේ රටේම ඉන්නවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුනේද බන් සන්ද්‍යා එක්නැලිගොඩ සුද්ද කරන්න ගියේ ත්‍රෙඩ් එකක? සෝස් ඉල්ලුවේ.
    :yes::yes: ඔව් ඔක තමා ,මු 1600ට කඩේ යන එකානෙ බන් පොනිලට.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෙදි නැතුව කඩේ යන අපූරුව බලහන්කො. චම්පකයා තාත්තා වාගේ.

    :lol::lol::lol::lol::lol:
    :yes::yes::yes: ඔය වගේ කාලකන්නින්ට තාත්තල හැම තැනම බන්.;)
     
    • Like
    Reactions: kinkon and KDH

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ȜMA X;19805886 said:
    ජොලියට තමා උඹේ අම්මටත් කැපුවේ මං :lol: පොනිල්ගේ බෙට්ට ලොවන ගු බල්ලා.

    ඇයි බන් මේ කේන්ති ගිහින් ?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අර කොල්ල කියන කතාවේ හෑටියට නම් පාටලී ලොක්ක තමයි වාහනේ ඉදල තියෙන්නෙ. කොහෙද දන්නේ නෑ බුවා රෑ තනියම ගියෙ :P:P:P:P:P
     

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    අර කොල්ල කියන කතාවේ හෑටියට නම් පාටලී ලොක්ක තමයි වාහනේ ඉදල තියෙන්නෙ. කොහෙද දන්නේ නෑ බුවා රෑ තනියම ගියෙ :P:P:P:P:P

    මංගල සමර වීර ගේ ඇටේ උරන්න ගිහින්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    machan oka 1000 nemei 990 bike ekak..
    and oka tamai kiyanne bik ekak padiddi DVR ekakut oluwe gahagena yanna kiyala.
    oya prashna monawat na video proof tibba nam

    990 වුනත් එකයි 1000 වුනත් එකයි ලංකාවේ 1001 CC වෙනකන් රෙජිස්ටර් කරන්න පුලුවන් ඒත් 600ට වැඩි ඒව පාරෙ පදින්න තහනම් (රේස් වලට විතරයි පුලුවන්)
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පුදුමෙ කියන්නෙ
    යූඇම්පී ජේවීපී ටොයි බුකී ගොබ්බ බැටෑලියන් එකේ එකෙකුටවත්
    කොළඹ පැත්තෙන් කිසිම වෙඩි සද්දයක් නෑහෙන එක නේ..

    නැත්නම් මේ වෙඩි කන උන්ටත්
    අර තාජුදීන් කෙරෙහි
    එක්නැලිගොඩයන් කෙරෙහි
    කැකෑරිලා හිටං... දෝරෙ ගලන මෙව්වා එක
    නොලැබෙන්න හේතුවක් තියෙයිද හිටං...
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Acting IGP seeks report over allegations on Champika

    දෙසපාලුවන්ට කඩේ යාමට පෙර දෙවරක් සිතන්න

    Two eyewitnesses of the controversial Rajagiriya accident had arrived at the Police Head Quarters today and handed over a written complaint where they had stated that the driver of the jeep at the time of the accident was Megapolis and Western Development Minister Patali Champika Ranawaka.

    Police Spokesman ASP Ruwan Gunasekara said Acting IGP Senior DIG S.M.Wickremesinghe had informed the police to send the written statements to Western Province Senior DIG Pujith Jayasundara. He said the Acting IGP Wickremesinghe had also informed Senior DIG Pujith Jayasundara to submit a report into the accident and allegations levelled against Minister Champika Ranawaka by the two eye witnesses.

    The two eye witnesses had arrived at the police HQ with their lawyers, police said. The accident took place on February 28 night in Rajagiriya, leaving two youths critically injured. The jeep which was involved in the accident had fled the scene and a person who claimed to be the driver of the jeep had surrendered to the Borella Police after about 20 minutes of the accident, said ASP Gunasekara. The person who apparently claimed to have been driving the jeep was produced in court and released on surety bail. Speaking at an event, Minister Ranawaka had said it was the driver of his ministry who had driven the ministry’s jeep at the time the accident took place last Sunday.

    Police investigations have not yet found whether there had been a change of driver in the jeep involved in the accident before it reached the Borella Police and that the driver had surrendered to the Welikada Police. (Piyumi Fonseka) -

    http://www.dailymirror.lk/106422/Acting-IGP-seeks-report-over-allegations-on-Champika
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම චම්පික වරද පිළිගන්නවා
    මම චම්පික වරද පිළිගන්නෙ නැහැ
    * ප්‍රසිද්ධ නිළියක්‌ ගැනත් සඳහනක්‌


    දිනය පසුගිය විසිඅට (28) වැනි ඉරිදාය. වෙලාව රාත්‍රී 9.30 පසුවූවා පමණි. රාත්‍රී කාලය උදාවී තිබූ නිසා රාජගිරිය වැලිකඩ මාර්ගයේ වැඩි රථවාහන තදබදයක්‌ද නොතිබුණි. එම මාර්ගයේ කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක්‌ අධික වේගයෙන් ගමන් කළේය.

    ගතවූයේ නිමේෂයකි. මුළු රාජගිරියම දෙවනත් වන සේ "දඩාං" කියා ශබ්දයක්‌ පිටවුණි. සිදුවූයේ කුමක්‌දැයි දැනගත්තේ තත්ත්පර ගණනකින් පසුවයි. වේගයෙන් පැමිණි කළු පැහැති ජීප් රථය යතුරුපැදියක ගැටී තිබුණි. මෝටර් සයිකලය පැද ආ තරුණයා බරපතළ තුවාල ලබා මාර්ගය අයිනේ වැටී සිටියේය. යතුරුපැදියේ ඉදිරිපස කොටස කුඩුපට්‌ටම් වී තිබුණි.

    වරද කාගේ වුවත් ශිෂ්ට සම්පන්න පුද්ගලයකු එම කළු පැහැති ජීප් රථය පැදවූයේ නම් අනතුර සිදුවූ වහාම රථය නවත්වා තුවාලකරු ගැන සොයා බැලීමට පියවර ගත යුතුව තිබුණි. නමුත් එම රථය පැදවූ පුද්ගලයා කළේ මිනිසකු විසින් නොකරන මහ පහත් ක්‍රියාවකි. එනම් ජීප් රථයේ වේගය තවත් වැඩි කරමින් එම ස්‌ථානයෙන් පැන ගැනීමයි.

    බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා වේදනාව ඉවසා ගැනීමට බැරිව ප්‍රදේශය දෙවනත් වන සේ විලාප තැබුවේය. ඒ සමඟම එම ස්‌ථානයට එක්‌ රොක්‌වූ පිරිසක්‌ තුවාලකරු මෝටර් රථයක නංවා කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට කටයුතු කළේය.

    කළු පැහැති රථය පැදවූ පුද්ගලයා සිතුවේ පූරුවේ පිනකට මෙන් තමා එම ස්‌ථානයෙන් බේරී පළා ආ බවයි. අනතුරට ලක්‌වූ පුද්ගලයාගේ පිටුපසින් යහළුවෝ දෙදෙනෙක්‌ පැමිණ තිබුණි. ඔවුන් පැමිණ තිබුණේද යතුරුපැදියකිනි. සිදුවූ සියල්ල ඔවුන් දෙදෙනා දැක තිබුණි.

    යහළුවා යටකර දමා තිරිසනෙකු මෙන් පළායන කළු පැහැති ජීප් රථය පිටුපස ඔවුන් දෙදෙනා ලුහුබැන්දාහ. අධික වේගයෙන් ධාවනය වන ජීප් රථය ඔවුන් දෙදෙනා ලුහුබැන්ඳේ ජීවිතය ගැනද නොසිතමිනි. සැලකිය යුතු දුරක්‌ ගිය පසු එම තරුණයෝ දෙදෙනා යතුරුපැදිය හරස්‌කර පළායන ජීප් රථය නවත්වා ගත්හ.

    අධික කෝපයෙන් සිටි තරුණයෝ දෙදෙනා තර්ජනය කර රියදුරු අසුනේ සිටි පුද්ගලයාගෙන් හැඳුනුම්පත ඉල්ලූහ. මහ පුදුමයකි. රියදුරු අසුනේ සිටියේ එසේ මෙසේ පුද්ගලයකු නොව යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා විශාල කැපකිරීමක්‌ කළ පාඨලී චම්පික ඇමැතිවරයායි. තරුණයන් දෙදෙනාට එක්‌වරම ඇමැතිවරයා හඳුනා ගැනීමටද අපහසු වූහ.

    වහාම ඇමැතිවරයා කටහඬ අවදි කළේය. "මම ඇමැති චම්පික. වරද මම පිළිගන්නවා. අපි යමු බොරැල්ල පොලිසියට. ගිහින් පැමිණිල්ලක්‌ දාමු" චම්පික ඇමැතිවරයා එසේ සඳහන් කළේ යෑයි එම තරුණයෝ දෙදෙන පැවසූහ. තරුණයෝ දෙදෙනා ඇමැතිවරයා සමඟ බොරැල්ල පොලිසියට යැමට බියවී තිබේ. ඒ කුමන හේතුවක්‌ මතද යන්න නොදනී. පසුව එම තරුණයෝ දෙදෙනා තම මිතුරා බැලීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ තිබේ.

    යතුරුපැදි අනතුරින් බරපතල තුවාල ලැබුවේ සදිසි සම්පත් නමැති විසිහතර හැවිරිදි තරුණයෙකි. ඔහු අවිවාහකයකු වන අතර මීපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ලිපිය ලියන විටත් එම තරුණයා කොළඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර හදිසි ශල්‍ය කර්මයකටද භාජනය කර තිබුණි. ඒ ඔහුගේ ගෙලට බටයක්‌ ඇතුළු කිරීම සඳහායි.

    ජීප් රථය ලුහුබැඳි එක්‌ තරුණයකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විනුරයි. විනුර ඉන්පසු රථය ලුහුබැඳීමට පැමිණි අනෙක්‌ තරුණයා සමඟ වැලිකඩ පොලිසියට පැමිණියේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක්‌ දැමීමටයි. පොලිසිය වෙත පැමිණි එම තරුණයෝ දෙදෙනා සිදුවූ සියල්ල පවසමින් ඇමැතිවරයාගේ නමද සඳහන් කර පැමිණිල්ලක්‌ දැමූහ.

    එම තරුණයන් පැමිණිල්ල නැවත කියවන ලෙසට පොලිසියෙන් ඉල්ලා ඇත. නමුත් එම අවස්‌ථාවේ වැලිකඩ පොලිස්‌ නිලධාරීහු එයට ඉඩදී නොමැත. සටහන් කරගත් ප්‍රකාශය නැවත නොකියවාම ඔවුන්ට අත්සන් කරන ලෙස දන්වා තිබුණේය.

    ඒ අනුව තමා දුන් ප්‍රකාශය යළි නොකියවාම ඔව්හු එය අත්සන් කළහ.

    ඔවුන් දෙදෙනා පවසන අන්දමට ජීප් රථයේ ගමන් කර ඇත්තේ ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. ඇමැතිවරයා වැරැද්ද පිළිගත් බවද ඔවුන් දෙදෙනා පුන පුනා පැවසූහ. නමුත් සිදුවී තිබුණේ වෙන දෙයක්‌ය.

    අනතුර සිදුවූ ජීප් රථය සමඟ රියදුරෙකු බොරැල්ල පොලිසියට ඉදිරිපත් කර තිබුණි. එම මොහොතේ ඇමැතිවරයා එම ජීප් රථය ධාවනය කර නොතිබූ බව සඳහන් වී තිබුණි. සිය රථය ධාවනය කර අනතුර සිදුකර තිබුණේ එම රියෑදුරුය.

    නමුත් තරුණයන් දෙදෙනා දැක තිබුණේ පාඨලී චම්පික ඇමැතිවරයා එම අවස්‌ථාවේ ජීප් රථයේ සිටි බවකි. වණ වැලිකඩ පොලිසියට ඒ බව සඳහන් කර තිබුණි. නමුත් බොරැල්ල පොලිසියට ජීප් රථය සමඟ ඉදිරිපත් වූයේ ඇමැතිවරයා නොව ඔහුගේ රියෑදුරෙකි.


    සමහර විට තරුණයන් දෙදෙනා ඇමැතිවරයාට මඩ ගැසීම සඳහා මෙම සිද්ධියට ගාවන්න ඇත. එසේ නැතිනම් එම මොහොතේදී උණ විකාරයෙන් මෙන් ඇමැතිවරයාගේ රූපය දැක ඇත. ඇමැති පාඨලී ජනතාව වෙනුවෙන් උපරිම සේවයක්‌ කිරීමට පැමිණි පුද්ගලයෙකි. අසාධාරණය පෙන්නන්න බැරි ඇමැතිවරයෙකි. එවන් ඇමැතිවරයකු මෙතරම් බරපතළ වරදක්‌ කර කිසි දිනක පළා යන්නේ නැත.

    බොරැල්ල පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කර තිබුණි. ජීප් රථය සමඟ ඉදිරිපත් කළ රියෑදුරු පරීක්‍ෂණයකට යොමු කළේය. ඒ ඔහු මත්පැන් පානය කර ඇත්දැයි සොයා බැලීම සඳහාය. ඉන්පසු එම සිද්ධිය තම පොලිස්‌ වසමට අයිති එකක්‌ නොවන නිසා ජිප් රථය සමඟ වැලිකඩ පොලිසියට භාරදි තිබුණි. පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ පසු ලක්‍ෂ 5 ක ශරීර ඇප මත මුදාහැරුණි.

    කොයි කවුරුත් සිතුවේ සිද්ධිය එතැනින් අවසන් වේය කියාය. නමුත් එය එසේ නොවුණි. පසුදින මේ පිළිබඳව බොහෝ අය විවිධ කතා පැවැත්වූහ. ඒ අතර සමහර අය පැවසුවේ ඇමැතිවරයා ප්‍රසිද්ධ නිළියක්‌ සමඟ යැමේදී මෙම අනතුර සිදුවූ බවත් පසුව වෙන පුද්ගලයකු ඉදිරිපත් කළ බවත්ය.

    ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල උතුරු මැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා මේ පිළිබඳව පැවසුවේ මෙවන් දෙයකි.

    තම රියට තරුණයකු යටකර බරපතළ තුවාල සිදුකර පළායැමේ සිද්ධියේදී ඇමැති චම්පික නීතිය අතට ගෙන ක්‍රියා කරන බවත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම ඇමැති මණ්‌ඩලයේ සාමාජිකයකුගෙන් වූ මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලිය යුතු බවත්ය. පසුගිය ආණ්‌ඩුව පැවැති සමයේ නීතියට පයින් ගහනවා යෑයි ඇතැමුන්ට චෝදනා කරමින් ඉහළින්ම සිටි ඇමැතිවරයා අද නීතිය තම අතට ගෙන ක්‍රියා කරන බවයි.

    ඇමැති බලතල පාවිච්චි කරමින් පාඨලී ඇමැතිවරයා සිදුකර තිබෙන්නේ බරපතළ වරදක්‌. ඔහු රටේ නීතියට පයින් ගහලා තියෙනවා. අගතියට පත්වූ පිරිසට මෙම නිසා විශාල වරදක්‌ සිදුවී තිබෙනවා. එමනිසා ඔවුනට සාධාරණය ඉටුවන තෙක්‌ අපි බලා සිටිනවා යන්නයි.

    සමරසිංහ මහතා එසේ ප්‍රකාශ කරද්දී ඇමැති සුජීව සේනසිංහ මහතා මේ සිද්ධිය පිළිබඳව සඳහන් කළේ මෙසේය.

    යහපාලන ආණ්‌ඩුවෙන් රටේ ඇමැතිවරුන්ටත් නීතිය එකසේ ක්‍රියාත්මක වනවා. එමනිසා පාඨලී චම්පික ඇමැතිවරයා එම වරද කරලා තියෙනව නම් ඇමැතිකම් පැත්තකට තියලා ඔහුට නීතිය ක්‍රියාත්මක කරනවා. දැනටත් මේ පිළිබඳව පරීක්‍ෂණ සිදු කරනවා යන්නයි.

    තමන්ට එල්ලවී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් ඇමැති පාඨලී චම්පික මහතා මෙලෙස සඳහන් කළේය.

    අප අමාත්‍යාංශයට අයත් ජීප් රථයක්‌ අපේ අමාත්‍යාංශයටම අනුයුක්‌ත වෙලා ඉන්න රියදුරෙකු අතින් අනතුරකට භාජනය වෙලා තිබෙනවා. නමුත් ඒ ප්‍රවෘත්තිය විකෘති කරලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා තියෙනවා. නමුත් ඇත්ත සිද්ධිය ඒක නොවෙයි.

    මෙම යතුරුපැදිය එන්ජින් ධාරිතාව දාහක පමණ අධිවේගී යතුරුපැදියක්‌. මෙම සිද්ධිය වුණ වෙලාවේ දහදෙනෙක්‌ පමණ යතුරුපැදිවලින් එම මාර්ගයේ එහාට මෙහාට ගිහින් තිබෙනවා. පොලිසියත් ඒක හොඳට දන්නවා. එයින් එක්‌කෙනෙක්‌ තමයි අපේ වාහනය පස්‌සෙන් ඇවිත් හප්පලා තියෙන්නේ.

    අපි මේ පිළිබඳව සියලුම දේ කිරීමේ බලය පොලිසියට පවරලා තියෙනවා. එමනිසා අපි හිතනවා ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක්‌ පැවැත්වෙයි කියලා. ඒ වගේම මම පොලිසියට කියනවා සිලින්ඩර් ධාරිතාව දාහකට අධික යතුරුපැදි මිලදීගෙන ප්‍රධාන මාර්ගවල පදින බාලවයස්‌කාර කාණ්‌ඩායම් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට.

    පාඨලී ඇමැතිවරයා එසේ සඳහන් කර තමා මෙම සිද්ධියට කිසිසේත් සම්බන්ධ නැති බව ප්‍රකාශ කළේය. නමුත් අනතුරක්‌ සිදුකර පළා යැමද විශාල වරදකි. ඒ පිළිබඳව ඇමැතිවරයා කිසි දෙයක්‌ සඳහන් කළේ නැත.

    මෙම සිද්ධියේ විශාල ගැටලුවක්‌ ඉතුරුවී ඇත. අනතුර සිදුවූ තරුණයාගේ යහළුවෝ ඇමැති පාඨලී චම්පික මහතාට මෙම චෝදනාව එල්ල කරනුයේ කුමක්‌ අරභයාද යන්න විශාල ගැටලුවකි. වහාම ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වා ඇමැතිවරයාව එම චෝදනාවෙන් නිදහස්‌ කරගත යුතුය. ඒ මන්ද ඇමැති පාඨලී රටක්‌ වටින පුද්ගලයකු වන නිසාය.

    ගයාන් සමරසිංහ