Hate mongering, Envy mongering politics, Sabotaging behaviour, දැන් විපක්ෂෙ කලින් තරම් නෑ. මොකද සමාජවාදි, වාමවාදී Cult Background එක අඩුයි. Cult Level එකේ විපක්ෂ නෙමෙයි දැන් තියෙන්නෙ. උදාහරණ විදියට,
කලින් විපක්ෂෙ JVP තමයි Active. ඒකෙ ප්‍රධාන ලක්ෂණේ Cult එකක් විදියට ඒක දිව්වෙ. (තාමත් දුවන්නෙ එහෙමයි). ඒ Cult එක රන් වෙන්නෙ පක්ෂෙ ලොක්කො සෙට් එක හරහා. ඒ පක්ෂෙ එක තනි තනි සාමාජිකයට ප්‍රසිද්ධියෙ තමන්ගෙ පෞද්ගලික මතය දරන්න බෑ. (වමේ Cancel culture එක පක්ෂෙ ඇතුලෙ ලොකුවට තියනව. කාලයක් හදුන් නිවාස අඩස්සියෙත් හිටිය මතක ඇති.) එක මතේක හැමෝම ඉන්න ඕනෙ. මයික් එක ඇල්ලුවා හැමෝම එකම දේ එකම විදියට කියන්නෙ ඒකයි. පක්ෂ මූලස්ථානයෙන් එවන Script එකෙන් පිට යන්න බෑ. (අදටත් මයික් එකක් ඇල්ලුවම අර "අපි භාරගත්තෙ හිදිච්ච මුකුත් නැති රටක්" කියන බොරුව. බොරුවක් කියල දැනගෙනත් කියන්න වෙනව ඇති පක්ෂෙ Script එක නිසා)
එහෙම උනාම Pros එක තමයි ශක්තිමත් ප්‍රතිරෝධයක් හදන්න පුළුවන්. ඒත් දැන් විපක්ෂෙ පක්ෂ එහෙම ඒව නෙමෙයි. හර්ෂ එකක් කියනව. සජිත් තව එකක් කියනව. ප්‍රසාද් වෙන එකක් කියනව. එහෙම උනාම ප්‍රතිරෝධය දියාරු වෙනව. පක්ෂයක් උනාම Cult Level එකෙන් නැතුව, අසීමිත ප්‍රජාතන්ත්‍රවාදයත් නැතුව, මැද තැනක ඉදන් Organise වෙලා වැඩ කරන්න ඕන. එහෙම කරන්න දැන් විපක්ෂෙ පක්ෂ වලට බෑ අර Cult level organise වෙලා එක Script එකකට වැඩ කරන ගතිය නෑ. මොකද එක එක විපක්ෂ සාමාජිකය ආණ්ඩුවෙ එක එක වැඩ වලට කැමතියි. සමහර අය අකමැතියි. ඔක්කොම එකා වගේ විරුද්ධ වෙලා Sabotage කරන සංස්කෘතිය දැන් නෑ.