පරන songs ඕන අය එන්න..

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - RAN SAMANALAYIN

    රන් සමනළයින් - ක්ලැරන්ස් විජේවර්ධන


    රන් සමනළයින් ඉගිළෙනු දැක මට
    ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැඳවන්නට
    රම්‍යා ගැන සිතුවිලි එනවා

    පොත් මිටියක් ගෙන ළමැද තබා
    කෙටි පියවර මැන තනිව මගේ
    පාසල වෙත යන ගමන ඇගේ
    මතකින් නොමැකී තවම තිබේ

    රන් සමනළයින් ඉගිළෙනු දැක මට...

    සිතුවිලි පොදි බැඳ මහද රැඳී
    සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී
    කවදද මගෙ සෙවණට එන්නේ
    රම්‍යා මට ඔබ සිහි වෙන්නේ

    රන් සමනළයින් ඉගිළෙනු දැක මට
    ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
    රන් සුරපුරකට මා කැඳවන්නට
    රම්‍යා ගැන සිතුවිලි එනවා
    එනවා එනවා එනවා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - ROHINI

    රොහිනි ඔයා වෙතින් - ක්ලැරන්ස් විජේවර්ධන

    රොහිනි ඔයා වෙතින්
    මා එදා දුරස් වෙලා ගියා
    ආදරේ අතීතයේ
    පාළු ප්‍රේම ලොකයේ
    මා නේතින් සිතින් ඇඩු හෑටි නැ ඔයා දන්නේ නැ

    මා ඔයාට මේ තරම්ම අදාරේ කියා
    රෑ දිවා පාවා දෑවී ගියේ
    මා ඔබෙන් වීයෝව වුන්නු ඒ යුගේ තමා
    ඒ කතාව දන්නෙ නැ ඔයා

    රොහිනි ඔයා වෙතින්......

    කාළයක් ගේවී ගියාට වේදනා දිදී
    අදරේ අදත් බලා හිදී
    රොහිනි කියා කෙනෙක් මේ දැනුත් සිතේ
    එවීදෝ ද එවීදෝ එයා

    රොහිනි ඔයා වෙතින්.......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - ANDURA IRA

    අදුර ඉරා සද මිණි මෙලාවේ - ක්ලැරන්ස් විජේවර්ධන



    අදුර ඉරා සද මිණි මෙලාවේ
    පබලු වළා ඉහිරුනු වෙළාවේ
    කදුල පුරා අම රස වැහිලා
    බිදුණු සෙනේ කදුලැලි පාවීලා

    කටුක ලොවේ ගනදුරු සිමාවේ
    සතුට රෑදේ මධු මධු මායවේ
    මනස නිවී සැනසෙන හොරාවේ
    දසත නැගේ හසරෑල් ගී රාවේ

    අදුර ඉරා සද මිණි මෙලාවේ.......

    සොදුරු රෑයේ බොදවුණු චායවේ
    එළිය නිවී ඇගේ රු සිරීයාවේ
    දැහන බැදේ සිතුවිලි මලාවේ
    පැතුම් පී පී මදහස රේකාවේ

    අදුර ඉරා සද මිණි මෙලාවේ.......

    කටුක ලොවේ ගනදුරු සිමාවේ
    සතුට රෑදේ මධු මධු මායවේ
    මනස නිවී සැනසෙන හොරාවේ
    දසත නැගේ හසරෑල් ගී රාවේ

    අදුර ඉරා සද මිණි මෙලාවේ.......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - API RAGA WAYANAWA

    අපි රාග වයනවා අපි බයිල නටනවා - ක්ලැරන්ස් විජේවර්ධන



    අපි රාග වයනවා අපි බයිල නටනවා
    හිතුනොත් පෝයදාට සිලුත් ගන්නවා
    දණුත් බෙදන්වා මස් මාළුත් කනවා
    බණත් අහනවා හිතුනොත් බොරුත් කියනවා//

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ
    දෙව් විමන්වලින් බැහැලා
    සිව් දිගන්තයේ නෙතලා අපි ආවේ නැහැනේ//

    අපි සන්ඩු කරනවා සාමය සොයා දුවනවා
    වරදක් තේරුනාම හිසත් නමනවා
    අපි දුකත් විදිනවා සමහරු සැපත් විදිනවා
    ඊරිසියාව ක්‍රෝධය දෙක අපි හදුනනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ…….

    අපි ප්‍රේම කරනවා අතරේ ව්‍රෛර කරනවා
    අදුරේ වැටුනු වලේ දවල් වැටෙනවා
    කණුත් තියනවා හිතුනම ලණුත් අදිනවා
    බෙලිත් කැපෙනවා ඒවට බෙහෙත් තියෙනවා

    මිනිස්සුනේ අපි මිනිස්සුනේ

    ඉරයි හඳයි පායන්නේ
    අපේ ලෝකෙ පවතින්නේ
    මෙවන් මිනිස් හැඟුම් නිසානේ//
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - DESA WAN DEI HI

    දෑස වන් දැයි හී - ක්ලැරන්ස් විජේවර්ධන



    දෑස වන් දැයි හී පහන් මීණි මල් කැකුළු ලෝකේ
    පිපී සුවද දෙන කාළයට පෙර ඇයි පරවී යන්නේ //

    සෙනහස පිණි කුස දරුවන්ගේ ලොව කෙලෙසන මිනිසුන්ගේ
    සිත් කැළබිලා නෙත් අදවීලා ඇයි තිරිසන් වන්නේ

    දෑස වන් දැයි හී පහන් මීණි මල් කැකුළු ලෝකේ
    පිපී සුවද දෙන කාළයට පෙර ඇයි පරවී යන්නේ

    නෙත් දෙක වන් පොඩි සිත් බදනා මුදු මල් රොන් බිදු වාගේ
    මාලිගාවක රන් මිණි මුතු වැනි දරුවන් තරු වාගේ

    දෑස වන් දැයි හී පහන් මීණි මල් කැකුළු ලෝකේ
    පිපී සුවද දෙන කාළයට පෙර ඇයි පරවී යන්නේ //
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - DUWA MA WAGE

    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ - ක්ලැරන්ස් විජේවර්ධන



    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ
    දඟකාර දූ කාගේදෝ
    දුව මාගේදෝ අම්මගේ දූ නොවේදෝ
    කළු පාට දූ කාගේදෝ

    පාසල් නොයන්නේ වස කම්මැලියිනේ
    කළු පාට දූ කාගේදෝ
    කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ
    මගේ පුංචි දෝණි මාවගේ

    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ..........

    සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි
    පොඩි මල්ලියෙක් ඕනදෝ
    දූ මා වගෙයිලු මා දූ වගෙයිලු
    දෙන්නාට දෙන්නා යාළුවෝ

    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ..........
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - DUWANI

    දුවනි දුවනි සුරතල් හිනහෙනු මැන දුවනි - ක්ලැරන්ස් විජේවර්ධන




    දුවනි දුවනි සුරතල් හිනහෙනු මැන දුවනි
    හිනහි හිනහි හදවත් සනසනු මැන දුවනි //

    පිලිහි මලහි රුවක් ඇතේ ලොවෙහි ඔබ වන් කෙනෙක් නැතේ
    රුවහි මවගේ දෙනෙත් නැතේ මගෙ දුවේ සුරතල්

    දුවනි දුවනි සුරතල් හිනහෙනු මැන දුවනි
    හිනහි හිනහි හදවත් සනසනු මැන දුවනි

    මාගේ මාගේ කියා කියා ලයෙහි ගැඹුරේ ලියා තියා
    සෙවනේ සුවහි පැතුම් කියා මගෙ දුවේ සුරතල්

    දුවනි දුවනි සුරතල් හිනහෙනු මැන දුවනි
    හිනහි හිනහි හදවත් සනසනු මැන දුවනි //
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - ETA EPITA

    ඈත එපිට හිම කන්දෙන් - ක්ලැරන්ස් විජේවර්ධන


    ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
    ආදරයේ පිනි කැට පොදි,
    සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

    නැගුනු සීත වා රැලී, මියුරු මිහිරි ගොපලු ගී... //
    ලිහිනි හඩින් මන්දාරම //
    සිරි සිරි ගා සැලුනා, පිනි කැට දිලුනා... //

    ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
    ආදරයේ පිනි කැට පොදි,
    සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

    ලයට තුරුලු පාලුවෙන්, මීදුමින් වෙලා ගොසින්... //
    හදෙහි ඇඳී පින්තාරුව, //
    බොඳ වෙලා ගොසින්... //

    ඈත එපිට හිම කන්දෙන්, කලු වලාව සමඟින් ආ...
    ආදරයේ පිනි කැට පොදි,
    සිලි සිලි ගා සැලුනා, පිනි කැට බිඳුනා... //

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - ADARAYAKA PI PI MAL

    අදරයකට පී පී මල් සිනහා - ක්ලැරන්ස් විජේවර්ධන



    අදරයකට පී පී මල් සිනහා
    නෙත් අතරේ කදුලැල් තෙමුනා
    සිමා වු රහසක් තිබුණා
    අප දෙදෙනා පමණක් දන්නා
    ඔබ ඒ ලොව අග රෑජිනි.........//

    මතකය මා සතු ඈත නොවේ
    මතකය අප ගේ සිහින ලොවේ
    නොසෙලී නොබීදී අද වන තුරු පවතී
    සමාව්වෙන්න ඇත්නම් වරදක් වෙලා මගේ හංසි

    අදරයකට පී පී මල් සිනහා.......

    මා සිතුවිලි ඔබ හා බැදුණා
    ඉන් අපගේ අදහස් හදුනා හැකි වී ලං වී
    සදාකල් පැතුම් ජිවිතේ
    සමාව්වෙන්න ඇත්නම් වරදක් වෙලා මගේ හංසි

    අදරයකට පී පී මල් සිනහා.......//
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - HADA WILE

    හද විලේ ඔබ පිපුනා - ක්ලැරන්ස් විජේවර්ධන


    හද විලේ ඔබ පිපුනා
    නිසසලේ පෙති සැලුනා
    දුනුකේ මල සේ යාවී............

    ආශා දෑසින් බලා සිනාසී
    ඒ සිත මා සිත වෙලා ගනීවී
    දහසක් වන මල් පිපී සැලේවී
    ජීවන මං පෙත සරසාලා.......

    ආදර ගීතේ තනුව කියා දී
    ජීවන මී විත සතුට සදාවී
    මෝහන ලාලිත බැලුම් හෙලාවී
    මා යන මාවත සරසාලා.......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - HIRI SANDU ATHARE

    හිරු සදු අතරේ - ක්ලැරන්ස් විජේවර්ධන



    හිරු නැගෙන්නෙ කදු අතරින් ඔබේ රෑස් අරගෙන
    වැසි වැටෙන්නෙ වලාකුලින් සීතල අරගෙන
    පොලෝ තලෙ පුද ලබන්න සුවද පඩුරු බැද
    පහද ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද

    හිරු සදු අතරේ බබලන රෑස් පැතිරේ
    ලබනා ඔබේ කරුනා අප සිත් හේ රෑදුණා //

    දුක සැප දෙක එක වගේ තබා ගන්න සිත
    දැනුම නුවන අපේ හදට ලෙබෙනවද
    අතීතයෙන් අනගාතය වෙත යන ගමනට
    ආලෝකය වී ජීවේ අත්වෙල වනු මැන



     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - HIRUGE LOWEDI

    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ - ක්ලැරන්ස් විජේවර්ධන



    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
    සදුගේ රැයේදී යළි හමුවෙමූ
    යළි හමුවෙමූ

    හිරුගේ ලොවේදී ........

    සැකයේ වෙළිලා උදයේ හවා
    රැකවල් නැඟේ අප වටා
    ගොළුවී මුවාවී ඉමූ

    අදුරේ වෙළිලා රැය සීතලේ
    සිහිනේ මුළාවූ ලොවේ
    මුමුණා සිනා සී ඉමූ
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - KANDA SAMINI

    කන්ද සාමිනේ - ක්ලැරන්ස් විජෙවර්ධන




    කන්ද සාමිනේ කොහොමද මේ වීනේ වුනේ
    කරුණාව දක්වලා විසදනු මෙන්න මේ පැනේ
    ආනන්ද වු සිතුන් අමුනා ලන්න ගයනා
    කරණා තවත් මාසිතට දෙන්න සාමිනේ

    දෙන්න සාමිනේ දෙන්න සාමිනේ
    කරණා තවත් මාසිතට දෙන්න සාමිනේ

    හරෝ හරා හරෝ හරා........

    කෙනෙක් යම් දෙයක් තම උත්සායේන් කළා
    තවත් එක් කෙනෙක් එය සොරකම් කළා බලා
    තැනක් කොනක් කිසිවක් නැති අය සොයා බලා
    දෙන්න සාමිනේ ඔවුනට දෙන්න කරණා

    දෙන්න කරණා දෙන්න කරණා
    දෙන්න සාමිනේ ඔවුනට දෙන්න කරණා

    හරෝ හරා හරෝ හරා........

    අපි ජතියයි රටයි රෑක දෙන කන්ද සාමීනේ
    සන්තොසයයි දුකයි ඔබනම් කන්ද සාමීනේ
    සාමයෙන් සැපෙන් ජිවත් වෙන්න සාමිනේ
    මේ පැතුම් අපෙ සපුරා දෙන්න සාමිනේ

    දෙන්න සාමිනේ දෙන්න සාමිනේ
    මේ පැතුම් අපෙ සපුරා දෙන්න සාමිනේ

    හරෝ හරා හරෝ හරා........



     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Clarence Wijewardena

    CLARANCE - KIMADA NAWE

    කිමද නාවේ - ක්ලැරන්ස් විජෙවර්ධන




    කිමද නාවේ ඇයි නාවේ තරහ වී
    කවුද කීවේ බොරු කීවේ මගෙ දයා
    පෙර නූයේ ඇයි වූයේ අද වගේ
    කිමද නාවේ ඇයි නාවේ අද ඔයා

    හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා //
    කවදාවත් නෑ වූයේ මේවාගේ
    කිමද නාවේ...

    මගෙ පැල්පත අද පාළුයි නිහඬයි අඳුරයි ඇත්තේ //
    කවදාවත් නෑ වූයේ මේවාගේ
    කිමද නාවේ...