දැන් මේ ප්‍රශ්නේ පරලොවක් තියෙනවා නැ කියන එක. ලෝජිකල් නෑ දෙකෙන් කොකක් ගත්තත්
හෙළයෙක්ට තරමක් දිග රිප්ලයි එකක් ලිව්වා. නමුත් ලියල ඉවර වෙනකොට රොන්ට්මර් ග්‍රීන්තන්ඩර් දරණ මතය කියවෙන රිප්ලයි එකක් කෙටියෙන් දාලා තිබ්බ නිසා රිප්ලයි එක පෝස්ට් කලේ නැහැ. විශේෂයෙන්ම නිපුන්ඩී ඊට පසුව දාලා තිබ්බ පැහැදිලි කිරීමත් ප්‍රමාණවත් කියලා හිතුනු නිසා නිකම් හිටිය. මට කියන්න තියෙන්නෙත් ඒ රිප්ලයි දෙකේම දිගුවක් තමා. ඊට වෙනත් දෙයක් මතුකරගන්න පුලුවන්වෙයිද කියලා බලන්න තමා හෙළයෙක්ට තවත් පැහැදිලි කරන්න කිව්වෙ. නමුත් එතන මතු වෙන්නෙ ග්‍රීන්තන්ඩර් මුලින් හිතපු කාරණයම තමා. ඒ නිසා පෝස්ට් නොකරපු රිප්ලයි එක මෙතන පෝස්ට් කරන්නම්. ඊට අමතරව බ්‍රහ්මජාල සූත්‍රයෙනුත් මේක ගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.
රිප්ලයි එක.
අපි මතවාද (දිට්ඨි) මත පදනම් වෙන සත්වයොනෙ හෙළයෙක්. අපි තුල පැලපදියම් වෙන නානාවිධ මතවාද (දිට්ඨි) තියනවා . ඒ මතවාද අනුව යමින් අපි තුල විවිධ අදහස් (සංකප්ප) සකස් වෙනවා. මෙන්න මේ අදහස් තමා උත්සහය (වායාම) සිහිය (සති) ඒකග්‍රතාවය (සමාධි) වලින් වරනැගිලා ක්‍රියාත්මක වෙන්න පුලුවන් මට්ටමකට සකස් වෙන්නෙ. ඊටත් පසුව තමා ඒවා ආජීව (දිවි පැවැත්ම), කම්මන්ත (ශරීරය පැවැත්ම), ශබ්දය/වචනය (වාචා) විදිහට මනසතා තුලින් විද්‍යාමාන වෙන්නෙ.
ඔය තමා අෂ්ටාංගික මාර්ගයට අනුව සාමාන්‍ය සත්වයෙක් ක්‍රියාකාරී වෙන විදිහ. ඔතන පිලිවෙලින් බලන්න තියෙන්නෙ ප්‍රඥා, සමාධි, සීල කියන පිලිවෙල. ඒ කියන්නෙ මනුසතෙක්ගෙ සාමාන්‍ය ජීවිතය විශ්ලේෂණට ලක් කලහම ක්‍රියාත්මක වෙනවා දකින්න පුලුවන් ප්‍රඥා, සමාධි, සීල කියන පිලිවෙලට.
බුදුන් කියනවා ඕක කරලා මම කියන දේ තේරුම් ගන්න බැහැ. නුඹලාට තථාගතයන් කියන දේ තේරුම් ගන්න නම් ඔය තුන පිලිවෙලින් සීල, සමාධි, ප්‍රඥා විදිහට පෙලගස්වා ගන්නට සිදුවෙනවා කියලා. ඒ කියන්නෙ බුදුදහම අවබෝධ කරගන්න නම් මුලින්ම වචනය, කය පැවැත්ම, දිවි පැවැත්ම බුදුන්ට අවශ්‍ය විදිහට පෙලගස්වන්න ඕනෙ. සීලය එසේ සකස් වුනායින් පසුව සමාධියට අයිති කොටස් ටික සකස් කරගන්න ඕනෙ. බුදුන්ට අවශ්‍ය විදිහට උත්සහය, සිහිය, ඒකග්‍රතාවය දියුණු කරගන්න ඕනෙ. ආන්න එහෙම පුරුදු කරනකොට පමණයි අර ඉහත කියපු අපේ අදහස් (සංකප්ප) සහ මතවාද (දිට්ඨි) දියවෙලා යන්නෙත් බුදුන්ට අවශ්‍ය සංකප්ප සහ මතවාද අපි තුල ඇතිවෙන්නෙත්.
ඔය කියන දිට්ඨි වෙනස සිදුවෙන්නෙ බුදුන් කියන ක්‍රමය අනුගමනය තුල ලැබෙන අත්දැකීම් නිසා. අර කාලාන්තරයක් තිස්සේ මුල් බැහැගෙන තිබුණු අදහස් සහ මතවාද වලට සමාධිය තුලින් පහර වැදිලා වැදිලා ඒවා අඩපණ වීමත් ඒ සමාධිය තුලින් ලැබෙන අත්දැකීමට අනුව නව සංකප්ප සහ දිට්ඨි සකස්වීමත් සිදුවෙනවා.
දැන් ග්‍රීන්තන්ඩර්ට හිතෙනවා මේ ක්‍රමය අපේ ඕනෑම විශය ක්ෂේත්‍රයකට අදාලයි කියලා (මේක ග්‍රීන්තන්ඩර් දරණ පෞද්ගලික මතයක්). ඒ කියන්නෙ යම් කිසි විශයක ඉගනුම ලබලා ප්‍රත්‍යක්ෂ කරන්නෙත් මේ විදිහටමයි කියන එක. සීලය සමාධිය බුදුන්ට අවශ්‍ය විදිහට සකස් කරගත්තා වගේ පරීක්ෂණකට අවශ්‍ය විදිහට කරුණු කාරණා සකස් කරලා ලැබෙන නිරීක්ෂණ අනුව උගතුන් නිගමනවලට එහෙමත් නැතිනම් ප්‍රඥ්ඥාවකට එළඹෙනවා. ඒ නිගමනය පිලිගන්නවා. ඊට පස්සෙ ඔවුන් යම් මතයක් ප්‍රකාශ කරනවානම් කරන්නෙ ඒ නිගමයට අනුව යමින්. තර්ක කරනවා නම් කරන්නෙ ඒ නිගමනය පදනම් කරගෙන.
ඉතින් අපි විවිධ නිගමන වල ඉන්න කොට තර්ක නිකං යා දෙක නොරත රත වගේ වෙන්න පුලුවන්. ඔය ගැටළුව විසඳන්න ගොඩක් උගතුන් විසින් ගත් උත්සහයක් තමා බටහිර සහ පෙරදිග තර්ක ශාස්ත්‍රය විදිහට අද දියුණු වෙලා තියෙන්නෙ කියලා අනුමාන කරනවා. නමුත් ග්‍රීන්තන්ඩර් දකින විදිහට ඉහත නිගමන (දිට්ඨි) වල ෆන්ඩමෙන්ටල් වෙනස නිසා ඔය දේ අපිට සියයට සියයක් සාර්තකව කිසිදු සැකයක් ඉතිරි නොවෙන පරිදි කරගන්න බැරි දෙයක්. ආන්න ඒ නිසා පිලිවෙලින් සීල සමාධි ප්‍රඥා වඩා බුදුන් කියාදුන් දේ තේරුම් ගන්නවා ඇරෙන්න අප දැනටමත් සන්නද්ධ ප්‍රඥාවක් භවිතා කර දැනට නැති ප්‍රඥාවකට තර්කයෙන් පමණක් යාම ලොකු ගැටළුවක්.
*එල්ලාවල විජිතනන්ද ස්වාමීන්වහන්සේගෙ ආර්ය අෂ්ඨාංගික මාර්ග පැහැදිලි කිරීම තමා මේ පෝස්ට් එකට පදනම. කාටහරි මේ පැහැදිලි කිරීම ප්‍රියයි නම් උන්වහන්සේගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳව තිබෙන දේශනා මාලාව අහලා බලන්න.



