පරවියො - මෙගා ත්‍රෙඩ්!

topkollek

Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි එකාගෙ උපන්දිනයට නෑදෑ සමහරු සල්ලි දෙනවා. ඌ ඒ සල්ලිවලින් පරවියෝ නිදහස් කරනවා. ඒ නිදහස් කරපු එවුන් රංචුවක් අපේ ගෙවල් ළඟ නිතරම ඉන්නවා.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඉඩම් ගෙවල් බලන්න ආවම අහල පහල පරෙවි හදන කුඩු තියෙනවනන් ගන්නෙත් නෑ මිනිස්සු :baffled:
     
    • Sad
    • Like
    Reactions: Kolama and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කූඩු කරල සත්තු හදන්න හොද නැනෙ
    යකෝ ඔය පරයින්ට කුඩු හදල තියෙන්නේ උන්ට ඉන්න. හිරකරන් නෙවෙයි පරි හදන්නේ. උදේ ඉඳන් කුඩුව ඇරලා තියෙන්නේ. හවසට විතරයි වහන්නේ.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    උබ තවම පරවි හදන එකට අලුත් වගේ කියල හිතෙනවා ලියල තියන විදිය දැක්කම.
    ඕකෙ ආතල් එක ඔයිට වැඩියි. එක බ්‍රීඩ් එකක් විතරක් හදපන්.. ඉන්දියන් උනත් අවුලක් නෑ.

    මන් මුලින්ම පරවි හදන්න අක්මැති උනේ උන් නිකන් කිසි කොලිටියක් නැති වල් සත්තු ජාතියක් වගේ පෙණුන හින්දා. ආය උන් අපිරිසිදුයි වගේ එකක් හිතුණා.. නැත්තන් මන් කුරුල්ලොන්ට කැමතියි.

    කොහොම හරි නිකන් ඕනෙ එකක් කියල පරවි දෙන්නෙක් ගෙදර අරන් ආව 11 වසරෙ ඉද්දින්. ඕ ලෙවල් ලියල එන ගමන් බස් එකේ අරන් ආවෙ අද වගේ මතකයි.
    11 වසරෙ ඉදන් මට වයස 26 වගේ වෙනකන් පරවි හැදුවා. හැබැයි මන් කොහෙවත් කියන්න එහෙම ගිහින් නෑ මන් පරවි හදනව කියල මොකද ගොඩක් උන් ඒකෙන් අපිව judge කරනවා.. නිකන් මුඩුක්කුවල ඉන්න උන් තමයි පරවි හදන්නෙ වගේ එකක් තියනවනෙ.. ගොඩක් එහෙම තමයි ඉතින් ඒත් එහෙම නැතුවත් හදන්න පුලුවන්.

    කොහොම හරි ඒ කාලෙ පරවි ගන්න මන් ලක්ශ හත්‍රකට පහකට එහා වියදම් කරල ඇති. ඉරිඟු වලට යන සල්ලි ඇරුණම.

    මුලින්ම හැදුවෙ ඉන්ඩියන්, ඊට පස්සෙ පකිස්තන් හයි ෆ්ලයර්ස් හදන්න ගත්තා.. උන්ට ගොඩක් උකුස්සො ගහනවා.. ඒ හින්ද එපා උනා.

    ආය පොඩ්ඩක් සල්ලි තියෙද්දි හෝමර්ස් හැදුවා, අන්තිමට හැදුවෙ ටිප්ලර්ස්ල.. ටිප්ලර්ස්ල තමයි මාගෙ ආසම. උන් kit එකක් විදියට fly කරන්නෙ..
    හවසට මන් උන්ව එළියට දාල වහලෙ උඩ හාන්සි වෙලා බලන් ඉන්නව ඉගිලෙන දිහා.

    පැයක් දෙකක් යනව දැනෙන්නෙවත් නෑ.

    මෙගේ ගාව හිටියා ඩබල් ඇස් තියන සුදු පාට කලු තටු තියන කිරිල්ලියක්..
    කොහෙන් හරි කුරුල්ලෙක් අරන්මයි එන්නෙ එළියට දැම්මම..

    හවසට වෙන උන්ගෙ පරවි උඩ ඉන්නව දැක්කොත් මන් ඌව දානව..
    එතකොට එකෙක් බස්සගන්න පුලුවන් අනිවාරෙන්.
    හවස් වෙද්දි පොඩි එවුන් අපේ ගෙදර එනව අයියෙ මගෙ පරවියෙක් නෑ බැස්සුවද අහන් :lol:
    මන් ඉතින් ආපහු දෙනවා.

    ආය පස්සෙ කාලෙක හදන්න හිතන් ඉන්නවා.
    දැන් life එක busy වැඩියි.

    ඕක මනුස්සයෙක්ට වෙන්න පුලුවන් ලොකුම ඇබ්බැහිවීමක්..
    dog person, cat person කියල හිටියට පරවි හදන එකට ඕනෙ එකෙක් ඇබ්බැහි වෙනවා ඌ එක පරවි ජෝඩුවක් හැදුවොත්.

    වයස අදාළම නෑ.

    මිනිස්සු හිනා උනාට කමක් නෑ උබ උබේ ආතල් එක ගනින්.. තත්ව නඩත්තු කරන්න යන්න එපා. අනික කාටවත් කියන්න ඕනෙත් නෑ උබ පරවි හදනව කියලා.
    පරවි හින්ද උන රස කතා ගොඩක් තියනව වෙලාවක දාන්නම්..


    උබේ කතාව අහලා මටත් පරවියො හදන්න ආස හිතුනා😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩු කුලේ කියන්න බෑ මේවා. මෙව් ලනක්වේ උන්ට පුරුදු උනේ එංගලන්තේ සුද්දොන්ගෙන්.
    ඒ වුනාට ලංකාවේ ඔය විනෝදාංශේ වැඩුපුර තියෙන්නේ අඩුකුළේ එවුන් අතර. අපේ ගෙවල් ළඟත් පවුලක් හිටියා පුදුම සාපයක්. උං පරවි උඩ දානවා, පස්සෙන් දුවනවා ගෙවල්වල වහලවලට ආවම ගල් ගහනවා, වතු වලට පනිනව, පස්සේ බඩුමුට්ටු ඉඳලා හොරකං කරනවා, එක එකා මරාගන්නව එක විකාරයයි.

    ටැටූ වගේ ට්‍රෙන්ඩ් එකක් ආවේ නැති නිසා තාමත් ඕක තුන්වෙනි පන්තියේ විනෝදාංශයක් විදියට තියෙන්නේ. මිට්ටොන්ට පොශ් මදි😐
     
    • Sad
    Reactions: Kolama

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබේ කතාව අහලා මටත් පරවියො හදන්න ආස හිතුනා😂
    හදපන් පට්ට,, උබට සුපර් පවර් එනව උඩ බල බල යන්නෙ යද්දි පාරෙ එතකොට.. පරවි හදන උන්ට අහසෙ ඩොට් වෙලා හිටියත් උන්ගෙ පරවියන්ව අනුත්ගෙ පරවියන්ගෙන් වෙන් කරල අදුනගන්න පුලුවන්.

    තව උබට චිකන් කොත්තු කන්න ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට භාවිතා කරන්න පුලුවන්.
    එක පරවි ජෝඩුම මන් 10 පාරක් විතර විකුණල තියනව 11 වසරෙ ඉද්දි 😂
    විකුණනවා උන් ගෙදර එනවා..ආය විකුණනවා. ඒ කාලෙ ඉතින් පොඩිකමට එහෙම වැඩ කරා තේරුමක් නෑනෙ සල්ලිත් නෑනෙ පරවියො ගන්න නැත්තන්,,
     
    • Wow
    Reactions: Chicken Kottu

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    එහා ගෙදර සෝල පැනල් අස්සෙ කූඩු හදල දැන් මගේ ජනෙල් පඩියකටත් එනව බෙටි ගහන්න, ඒ පැත්තෙ බිමත් බෙටි ගහල, බෝම්බයක් ගහන්න තරම් කේන්තියි අප්පිරියයි, මහ වේසම කුරුල්ලො ජාතියක් මුං... :angry:
     
    • Haha
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    man langath hitiya, podi kale karanam gahana un,
    උන් දැන් අඩුයි බන් ලන්කාවේ.. හොඳ rollers ල නෑ. කළවම් ජාන තියන උන් ඉන්නෙ. උන් පිස්සු කෙළිනවා