පර්ල් වරාය ප්‍රහාරයේ අමතක නොවන ඡායාරූප
1941 දෙසැම්බර් මස 7 දා එක්සත් ජනපදයේ පැසිෆික් නාවුක බලඇණිය පිහිටා තිබූ පර්ල් වරායට ජපානයෙන් දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල විය.ප්‍රහාරය එදින පෙ.ව.7.48 ට ආරම්භ විය.ඉන් ඇමෙරිකානුවන් 2,402 මියගිය අතර විශාල පිරිසක් තුවාල ලැබීය.යුද නැව් 4ක් ගිල්වා දැමීමටද ජපනුන් සමත් වූ අතර ප්‍රහාරවලින් ගුවන් පථයන් සහ පහසුකම්වලටද හානි සිදුවිය.
එක්සත් ජනපද නාවික හමුදාව වනසා දැමීමට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන්නට අද්මිරාල් ඉසොරොකු යමමෝටා සැලසුම් සකස් කරන ලදි.ප්‍රහාරය 1941 දෙසැම්බර් මස 7 දාට යොදාගෙන තිබිණි.රූපයේ දැක්වෙන ආකාරයේ ගුවන් යානා 180ක් පමණ ප්‍රහාරයට යොදාගෙන තිබිණි.
එදින උදෑසන 7ට පමණ ජපන් ගුවන් යානාවල පළමු රැල්ල රේඩාර් තිරය මත සටහන් විය.නමුත් එය වාර්ත කල වහාම ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකානු නිලධාරීන් පියවර ගත්තේ නැත.මෙම ප්‍රහාරයේ මුල් අවධියේ ලබාගත් ගුවන් ඡායාරූපයක් පහත දැක්වේ.
ප්‍රහාරය අතරතුර ජපන් ගුවන් යානා පර්ල් වරාය ඉහළින් පියාසර කරන අයුරු
ආරක්ෂක විධිවිධාන ගැනීමට පෙර ජපනුන් ඇමෙරිකානු ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ.වරායට එල්ල කරන ප්‍රහාරයට සමගාමීව ගුවන් හමුදාවටද ප්‍රහාර එල්ල කලේ ඇමෙරිකානු ගුවන් යානා ගුවනට නැගීම වැලැක්විමටයි.
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ වරායේ නෞකා 90කට වඩා තිබුණු බව සඳහන් වේ.ජපනුන්ගේ මූලික ඉලක්කයන් වූයේ යුද නෞකා 8කි.
පෙරවරු 8.10 USS Arizona නෞකාවේ පතොරම් ගබඩාව පුපුරා ගියේය.මිය ගිය ඇමෙරිකානුවන්ගෙන් භාගයක්ම මෙම නෞකාව විනාශ වීමෙන් මරණයට පත්වූ බව සඳහන් වේ.
USS Arizona නෞකාවේ තවත් ඡායාරූපයක්
USS Shaw නම් Destroyer වර්ගයේ නෞකාව පැය 3ක ජපන් ගුවන් ප්‍රහාරයෙන් පිපිරී යන අයුරු
හානිවූ USS Nevada නෞකාව විවෘත මුහුදට පළා යන්නට උත්සාහ දැරුව මුත් එය ජපනුන්ගේ දෙවන ප්‍රහාරයේ ගොදුරක් බවට පත්විය.ජපනුන්ගේ අරමුණ වූයේ නෞකාව මුහුදත් වරායත් අතර මාර්ගයේ ගිල්වා දමා වරාය අවහිර කිරීමයි.නෞකාවේ හුන් 60දෙනෙක් ජීවිතක්ෂයට පත්විය.
ඇමෙරිකානු නෞකාවල ගුවන් යානා නාශක තුවක්කුවල ප්‍රහාරයට ලක්වූ ජපන් ගුවන් යානයක් .ජපන් ගුවන් යානා 30 පමණ මෙම ප්‍රහාරයේදී ජපානයට අහිමිවිය.
ජපන් ප්‍රහාරවලින් ඇමෙරිකානු ගුවන් යානා 188ක් පමණ විනාශ විය.තවත් ගුවන් යානා 159කට හානි සිදුවිය.
ගිනිගෙන දැවෙන PBY Catalina ගුවන් යානය බේරාගන්නට උත්සාහ කරන ඇමෙරිකානු නාවිකයන් පිරිසක්
ජපන් ප්‍රහාරය ගැන කියවෙන පුවත්පත් සහිතව නිව්යෝක් නගරයේ ටයිම්ස් චතුරස්‍රයේ සිටින ඇමෙරිකානුවන්.මෙම ප්‍රහාරය ඇමෙරිකා එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වීමට ප්‍රධානතම හේතුව බවට පත්විය.
ජපානයට එක්සත් ජනපදයේ ගුවන් යානා රැගෙන යන නෞකාවලට කිසිදු හානියක් කිරීමට නොහැකිවූයේ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඒවා පර්ල් වරායේ නොතිබූ නිසාය.
ජපානයේ ගුවන් යානයක් වරායෙන් ගොඩ ගත් අවස්ථාවක්.ජපන් ගුවන් යානාවලින් 10%ක් දෙසැම්බර් මස 7දා විනාශ විය.
USS Oklahoma නෞකාවේ අවරපෙති ජලයෙන් ඉහලට මතුව පෙනෙන අයුරු.මෙම නෞකාව පිළිසකර කර නැවත් භාවිතයට ගැනීමට තරම් නොවූයේ එය පැරණි නෞකාවක් වූ නිසාය.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඇමෙරිකානු සෙබලෙක්
ප්‍රහාරයෙන් මිය ගිය ඇමෙරිකානු සෙබලුන්ගේ සොහොන් කොත්
Source:Businessinsider.com
-HarshaLulzSec-

USS West Virginia (වම්පස)ප්‍රහාරයෙන් ගිලී ගිය පළමු යුද නෞකාවයි.දකුණුපස USS Tennessee.ජපනුන් එහි තිබූ යුද නෞකා 8ටම හානි කරන්නට සමත්විය.